අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සිරකරුවන්ගේ අයිතින් දඩුකදේ ගැසූ මෙරට බන්ධනාගාර

ජූඩ් ආර්. මුතුකුඩ

ලාංකීය බන්ධනාගාර සම්බන්ධයෙන් අප රටට ඇත්තේ කළු පැල්ලම් සහිත අපකිර්තිමත් ඉතිහාසයකි. අවස්ථා කිහිපයකදි දරුණු ලේ වැගිරිම් තුළින් බන්ධනාගාර සිරකරුවන් විශාල පිරිසකට දිවි අහිමිවිය. ලාංකීය බන්ධනාගාර ඉතිහාසයේ දරුණුම ඛේදවාචකය සිදු වන්නේ 1980 කළු ජුලියත් සමගයි.කොටි ත්‍රස්තවාදින් විසින් උතුරේ හමුදා සාමාජිකයන් පිරිසක් ඝාතනය කිරිමත් සමග රටම දරුණු බෙදුම්වාදි යුද්ධයකට තල්ලු කරමින් දකුණේ නිරායුධ දෙමළ වැසියන්ට එල්ලවු ප්‍රහාරයන්ට සමගාමිව වැලිකඩ බන්ධනාගාරය තුළ  රදවා සිටි ටෙලෝ සංවිධානයේ නායක කුට්ටුමනි ඇතුළු දෙමළ සිරකරුවන් 30 දෙනෙකුට බන්ධනාගාරය තුළ පහරදීමෙන්  ඝාතනය විය. ඉන් අනතුරුව වර්තමාන ආණ්ඩුවේ ඉකුත් පාලන සමයේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් බන්ධනාගාරයේ තුවක්කු පැහැරගෙන දියත් කල කැරැල්ලෙන් අනතුරුව තවත් රැදවියන් පිරිසකට දිවි අහිමි විය. කිසිදු සිරකරුවෙකු ඝාතනය  කොට දඩුවම් කිරිමට බලයක්  කිසිවෙකුටත් නොමැති අතර  දඩුවම් කළ යුත්තේ නිසි අධිකරණ ක්‍රියාමාර්ගයකිනි එය රටේ පවතින නිතිය වන නමුත් ඉහත සිදුවිම් වලනින් පැහැදිලි වනුයේ එය කඩවි ඇති බවය.  මෙරට බන්ධනාගාරය උණුසුම්කල ආසන්නතම ප්‍රවෘත්තිය වුයේ සිරකරු සැමරුම් දිනයේදි බන්ධනාගාර විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා බීමතින් අවේලාවේ ආයුධ සන්ද්ධව බලහත් කාරයෙන් වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට කඩා වැදි සිරකරුවන්ට තර්ජනය කොට අයුතු බලහත්කාරයක් කිරිමේ නීති විරෝධි  කල බවට එල්ල වු චෝදනාවයි. එකි චෝදනාවට මුලික වන්නේ බන්ධනාගාර අමාත්‍යාංශය දිවිහිමයෙන් සුරකින බවට ප්‍රතිඥාදුන් ඇමතිවරයාය.

මෙම සිදුවීමෙන් පළමු සිදුවීම වාර්තා වෙන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළින්ය. ඒ ඉකුත් 05 වෙනිදා පස්වරුවේය.වැලිකඩ බන්ධනාගාරයේ  ඇති එල්ලුම් ගහ පෙන්විම සදහා බීමතින් කොට කලිසමක් ඇද බන්ධනාගාරයට ඇතුළුවිමට නියමිත වේලාවෙන් බැහැරව පැමිණ ඇති බව වාර්තා වේ. බන්ධනාගාර ආඥා පණතට අනුව උදේ 5.30 ත් පස්වරු 5.30ත් අතර කාල සිමාවකදි සිර ගෙදරට  පැමිණිය හැක.නමුත් ඇමතිවරයා පැමිණෙන්නේ අවේලාවේය. බන්ධනාගාර නීතිය අනුව ආයුධ සන්නද්ව බන්ධනාගාරයට ඇතුළුවිමට අවසර නැත. නමුත් බනධනාගාර ඇමති  තම පුද්ගලික ගිනිඅවියද අතැතිව බන්ධනාගාරයට පිවිස තිබේ නම් එය නීතියට පටහැනිය.බන්ධනාගාර ඇමතිවරයාට අදාල දෙවන සිදුවීම වාර්තා වෙන්නේ අනුරාධපුර බන්ධනාගාරය තුළිනි.අනුරාධපුර බන්ධනාගාරයේ දමිළ සිරකරුවන් රදවා සිටින මැදිරියක සිටි මති අරසන් සුලක්සන් සහ වේලන් නැමති සිරකරුවන් බලහත්කාරයෙන් සිර කුටි තුළින් පිටතට ගෙන ගිනි අවිය පෙන්වා ඇමතිවරයා තර්ජනයකොට දනගස්වා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබින. 

මෙම සිදුවිම  දේශියව මෙන්ම ජාත්‍යාන්තරවද මහත් ආන්දෝලනයක් ඇති කලේය.  ඉකුත් 13 වෙනිදා ජිනිවාහිදි එක්සත් ජාතින්ගේ සංවිධානයේ  42 වෙනි සැසිවාරයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ සිය දේශනය පැවත්විමට නියමිතව සිටින මොහොතකය.එහිදි සංහිදියා ක්‍රියාදාමය හා ත්‍රස්තවාදි සිරකරුවන්ට එරෙහි නඩු විභාග කඩිනම් කිරිමේ අවශ්‍යතාවය ඉස්මතු කිරිමට නියමිතව තිබුණි. මේ පිළිබදව රජයේ පාර්ශවයයෙන්  ජනාධිපති සමාව යටතේ ත්‍රස්තවාදි සැකකරුවන් කිහිපදෙනෙකුට සමාව ලබාදිමක්ද සිදුවිය. එවැනි ආකාරයේ ධනාත්මක ප්‍රතිචාර සංහිදියාව වගවීමේ කටයුත්තට රජයේ පාර්ශවයෙන් ලැබෙමින් පවතින වකවානුවක සාමය හා සංහිදියාවට එල්ලවූ මැර පහරක් බවට බන්ධනාගාර සිද්දිය හැදින්විය හැකිය

තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙරට එක්සත් ජාතින්ගේ නේවාසික නියෝජිත හනා සිංගර් මහත්මියද ප්‍රකාශයක් නිකුත්කරමින් සදහන්කර සිටියේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිම රජයේ වගකීම බවත් සිරකරුවන් පිළිබද මැන්ඩෙලා නිතියට අනුව කටයුතු කිරිමේ අවශ්‍යතාව යයි.එමෙන්ම සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති නිතිඥ සේනක පෙරේරා මහතාද ඇමතිවරයාට අදාල සිද්ධිය පිළිබද අපක්ෂපාති පරික්ෂණයක් ඉල්ලා සිටියේය.ඔහු තවදුරටත් පවසා සිටියේ සිරකරුවන් තර්ජනය කර බිය වැද්දිම 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පණත උල්ලංඝනය කර ඇති බවයි.දේ සිංහල ,දෙමළ ,මුස්ලිම් සිරකරුවන් රාශියක් සිටියදි දෙමළ සිරකරුවන්ට තර්ජනය කිරිම ඔවුනට වෙනස්කොට සැලකිමකි. මෙම සිද්ධිය තවද  ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ 12(2) ව්‍යවසථාවට අනුව කිසිදු පුරවැසියෙකුව සිය වර්ගය, ආගම, භාෂාව,කුලය,ස්ත්‍රී පුරුෂභාවය ආදි කරූණු මත වෙනස්කමකට හෝ විශේෂයකට ලක් නොකල යුතුය යන මුලික අයිතිය උල්ලංඝනය විමක් නොවේද‍?දේශියව ජාත්‍යන්තරව ආ බලපෑම මත බන්ධනාගාර ඇමතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්විමට සිදුවිය.බන්ධනාගාර විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්වූ පමණින්  බන්ධනාගාර පිළිබද ගැටළු විසදේද? 

මෙරට බන්ධනාගාර පද්ධතිය මුහුනදෙන බරපතල ගැටළු රාශියක් පිලිබදව අවදානය යොමු කලයුතුය.එයින් ප්‍රධාන වන්නේ දැනට පවතින බන්ධනාගාරවල ධාරිතාව ඉක්මවා රැදවියන් රදවා ඇති බවයි.සැමන් පැක් ක්‍රමය ලෙස සිරකරුවන් හදුවන්නේ ඒ නිසාය. බන්ධනාගාර තුළ ඇති අධික තදබදය නිසා සිරකරුවන් නිසි වාතාශ්‍රයක්, පිරිසිදු ජලය සපයා ගැනිමේ පහසුකම්, සනිපාර්ෂක පහසුකම් ලබා ගැනිමේ අවස්ථා අහිමිව ඇති බවයි.සමහර වාට්ටුවල පවතින අධික තදබදය නිසා නිදා ගැනිමට ඉඩක් නොමැති අලුතින් පැමිණි සිකරුවන්ට රාත්‍රි කාලයේ සිටගෙන සිටිමට සිදුව ඇති බව වාර්තා වේ.එසේම බන්ධනාගාරය සිරකරුවන් රදවා ඇති වාට්ටු තුළ වැසිකිලි පහසුකම් නොමැත. ඒ සදහා රාත්‍රි කාලයෙදි  සිරකරුවන් පාවිච්චි කරනුයේ පොලිතින් බෑග් හෝ ප්ලාස්ටික් භාජනවේ.මෙය සිරකරුවන් මනුෂ්‍යෙයා්ය. ඔවුනට අමනුෂ්‍ය ආකාරයෙන් සලකන බවට එක් නිදසුනක් පමණි. 

මෙරට බන්ධනාගාර තුළ ඇති තදබදය අවම කිරම සදහා වවිධ පාර්ශව යොජනා හදුන්වා දි තිබුණි. ඒ අතර දිර්ඝකාලීන සිර දඩුවම් විදින සිරකරුවන් බලපත්‍ර ලාභි  ක්‍රමයකට මුදා හැරිම හා සුළු වැරදි වලට හසු වන්නන් බනධනාගාර ගත නොකට විශෝධන මධ්‍යස්ථානවලට යොමු කොට පුනරුත්පානය කර නිදහස් කිරිම. මරණ දණ්ඩනය ලද සිරුවන්ගෙන් දඩුවම් කාලය වසර 50 හෝ 60ට වැඩි කාලයක් දඩුවම් විදිනන්ගේ ශාරිරික රෝග පීඩා සලකා මානුෂිය හේතුන් සලකා ජනාධිපති සමාව හෝ වෙනත්  නෛතික අණ පණත් සකස් කර  නිදහස් කිරිමට යාන්ත්‍රනයක් සැකසීම ඉන් සමහරකි.

මෙරට අපරාධ යුක්තිය පසදලිමේ යාන්ත්‍රණයේ දුර්වලතා හා ප්‍රමාදයන් වලකා ගැනිම. බොහෝ සැකකරුවන් සුළු වැරදි වලට පවා  නීතිපති උපදෙස් ප්‍රමාදවිම්,රසපරික්ෂක වාර්තා ප්‍රමාදවීම්,පොලිස් පරික්ෂණ ප්‍රමාදවීම්,අධිකරණ වාර්තා ප්‍රමාදවිම් හේතුවෙන් සමහර රිමාන්ඩ් බන්ධනාගාර  සිරකරුවන්ට විශාල කාලයක් බන්ධනාගාර ගතවීසිටිමට සිදුවේ. ඇතැම් අවස්ථා වල චෝදනා ලබන වරදට  ලැබෙන දඩුවමට වඩා වැඩිකාලයක් රිමාන්ඩ් බන්දනාගාරයේ සිටිමට සිදුවේ.එවැනි සිරකරුවන් අපරාධ දඩුවම් ලබාදෙනු වෙනුවට ඔහු හෝ ඇය සමාජගත කල හැකි පුනරුත්ථාපන ක්‍රමවේදයකට අපේ බන්ධනාගාර ක්‍රමවේදය වෙනස් කිරිමට කාලය පැමිණ ඇත.ලාංකිය බන්ධනාගාර තුළ වැරදිකරුවන් මුලික කරගෙන ලබා දෙන සාම්ප්‍රදායාක අත්වැඩ පුහුණු කිරිමේ ක්‍රමවේදයෙන් මිදි යාවජිව අධ්‍යාපනයකට ඔවුන් හුරුකරන අධයාපනයක් ලබාදීම හා රැකියා නිපුණතා ලැබෙන නූතන රැකියා අවස්ථා වලට පිවිසිය හැකි තාක්ෂණික පාදක වෘත්තීය  අධ්‍යාපනයක් ලබාදිම සිදුකල යුතුය.තවද  අවධානම් කාණ්ඩවල සිටින එනම් මරණ දණ්ඩනයට හා අවසන් වන දින නියමයන් නොමැතිව බන්ධනාගාරයන් තුළ  රදවා සිටින සිරකරුවන් අවධානම් කාණ්ඩවල රැදවියන්වේ. ඔවුනට තම පවුලේ අය සමග සන්නිවේදන පහසුකම් මසකට වරක් හෝ ලබාදිමට අවසර තිබුනද ඊට ඇති තාක්ෂනික පහසුකම් ඉතා අල්පය.මේඅනුව මෙරට බන්ධනාගාර පද්ධතිය සිරකරුවන් පිළිබද මැන්ඩෙලා නීතියේ මූලික කාරණාවත් නිසි ලෙස සම්පූර්ණ කොට නැති බව පැහැදිලිවේ. එසේනම් වහාම සිදවිය යුත්තේ මෙරට බන්ධනාගාරවල සිරකරුවන් පුනරුත්තාපනය කිරිමට ප්‍රථමව බන්ධනාගාර  යටත් වන නීති පද්ධතිය පූර්ණ  සංශෝධනයකට ලක්කොට පුනරුත්ථාපනය කලයුතු බව නොවේද?එවිට සිරකරුවෝද මනුෂ්‍ය යෝය.සිරකරුවන්ට මනුෂයත්වයෙන් සැලකිමේ මැන්ඩෙලා නීතිය  යාථාර්ථයක් බවට පත්වනු ඇත.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts