කසුන් කුමාරගේ ‘’මම ව්‍යාපාරිකයෙක්. මම මූල්‍ය කටයුත්තක් සඳහා පෞද්ගලික මූල්‍ය ආයතනයක් සමඟ සම්බන්ධ වුණා. ඒකට මට මගේ ආදායම් පිළිබඳ විස්තර ලබාදෙන්න සිදුවුණා. එම ගනුදෙණුවෙන් පස්සේ මට ලිපි මගිනුත් දූරකථන හරහාත් විවිධ ව්‍යාපාර සඳහා ආයෝජනය කරන ලෙස ඉල්ලීම් ලැබෙන්න පටන් ගත්තා. ඉල්ලීම් දෙක තුනක් නෙවෙයි;
වත්සලා සමරසිංහ “ඇයි නිර්මාණයක් විදිහට සමාජය භාරගන්නැති වෙයිද? නැත්නම් අපායේ යයිද?” සිගරැට්ටුවක් දල්වාගත් ලොයිඩ් අයියාගේ මුවගෙහි වූයේ සරදම් සිනාවකි. දුම් රැල්ලක් නිදහසේ බෝඩිං කාමරය තුළ පියාසලන්නට විය. “මේක සිංහල බෞද්ධ රටක්…” මට කියවුණේ ඉබේම ය. ශක්තික සත්කුමාර සිදුවීමට පාදක වූ ‘අර්ධ’ කෙටිකතාවේ එන ඉහත උධෘතය එම කෙටිකතාවෙහිම ඉරණම වනු ඇතැයි කතුවර
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මෙතෙක් ලොව සිදු වූ විශාලතම රසායනික නෞකා අනතුර. මුහුදුබත් වූ ටොන් 31,000කින් ගොඩ ගෙන ඇත්තේ ටොන් 2000යි. ටොන් 29,000ක් තවම මුහුදු පතුලේ!. සිදු වූ හානිය තවම තක්සේරු කර නෑ. නීතිමය පියවර ගන්න තවමත් ලිපි ගොනු හදනවා. නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී විශාල හානියක් වෙන්න පුළුවන් – පරිසර සංවිධාන. රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ඉතිහාසයේ […]
ධනුෂ්ක සිල්වා ලෝකයේ වනජීවී සම්පත සංරක්ෂණය කරන රටවල් අතරින් ලංකාව ඉදිරියෙන්ම පසුවන රටකි. වනජීවී සම්පත් ගැන කෙරෙන කතාබහේදී ඉදිරියට එන මාතෘකා ගොනුව අතර වන අලි සුවිශේෂී මාතෘකාවකි. කලාපීය වන අලි (Elephant Maximus) ගහනයෙන් 10% ක් සංරක්ෂණය වන්නේ ලංකාවේ නිසා වන අලියාගේ පැවැත්මට අප රට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව සඳහන් කළ හැකියි. එහෙත් වන අලි […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ස්වභාවික පරිසරය හා මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වයෙහි යහපැවැත්ම සහ ආරක්ෂාව උදෙසා සෘජුව හා වක්‍රව බලපාන්නා වූ විවිධ නීතීන් හැත්තෑවකට අධික ප්‍රමාණයක් වර්තමානය වන විට ලංකාව තුළ බල පැවැත්වේ. මෙම නීතීන් බොහෝ ප්‍රමාණයක් යම් විශේෂ කොට්ඨාසයක් තුළ පවතින ගැටලු පිළිබඳව ආමණ්ත්‍රනය කරන අතර සමස්තයක් වශයෙන් පරිසරය දූෂණය හා පරිසර ආරක්ෂණය පිළිබඳ ව මූලික අඩිතාලම […]
ධනුෂ්ක සිල්වා විල්පත්තුව මෙරට ජාතික වනෝද්‍යානයක තත්වය ලබන විශාලතම හා පැරණිතම ස්වභාවික වනාන්තරයයි. මීට ශතවර්ෂයකටත් පෙර විල්පත්තුව ජාතික රක්ෂිතයක් ලෙස නම් කරන අතර ජාතික වනෝද්‍යානයක තත්වය ලබන්නේ 1938 පෙබරවාරි 25 වැනි දිනය. යම්කිසි භූමියක් වනසත්ව හා වෘක්ෂලතා අඥාපනතට අනුව ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කළ පසු එම ප්‍රදේශයේ පාලනය ගැන නෛතික වගකීම භාරවන්නේ වනජීවී සංරක්ෂණ
ප්‍රියන්ත කරුණාරත්න කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග මුඛ ආවරණ වෙනදාට වඩා වැඩියෙන් භාවිත කරන්න ජනතාව හුරුවි සිටිති. සාමාන්‍යයෙන් එක් වරක් භාවිතයට ගෙන ඉවත දැමිය යුතු මුඛ ආවරණ (Single-use facemask) නිසි ආකාරයට බැහැර නොදැමීම අප අද වන විට මුහුණ දෙන ප්‍රධාන පාරිසරික අභියෝගයකි. ඒවා ජල මූලාශ්‍රවලට, සමුද්‍රීය, හා වනජීවී ප්‍රදේශවලට මුදාහැරීම දැවැන්ත පරිසර ප්‍රශ්නයක් ලෙස ඉස්මතු වෙමින්
කමණී හෙට්ටිආරච්චි සමස්ත ශ්‍රී ලංකාවම ගිලුණු නැවකට සමාන වු සමයක එක්ස්ප්‍රස් පර්ල් නෞකාව රටවැසියන්ටත් රටේ මාධ්‍යයටත් අමතක වීම සාමාන්‍ය සිදුවීමකි. නමුත් පසුගිය 2021 වසරේ ජුනි මස 02 දා ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේදී පුපුරා ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විසින් මෙරට ආර්ථිකයට සහ මුහුදට කළ හානිය පරම්පරා කිහිපයකට වන්දි ගෙවීමට වන බරපතල සිදුවිමකි. සිංගප්පූරු ධජය යටතේ […]
ධනුෂ්ක සිල්වා භූමි ප්‍රමාණය අතින් කුඩා වුවත් පාරිසරික වටිනාකමක් හා ජෛව විවිධත්වයෙන් අනූන රමණිය භූමි ප්‍රදේශ රාශියක් ශ්‍රි ලංකාවට හිමිය. නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වෙරළ බඩ මායිමට යාව පිහිටි සල්ලිතිව් දූපත් ප්‍රදේශය ද එවැනි මනරම් බිම් පෙදෙසකට නිදසුනකි. මෙම දූපත් ප්‍රදේශය දිගින් කි.මි. 2.7ක හා පළලින් මී. 155ක තරම් කුඩා භුමි භාගයක් පුරා දිවුනත් […]
ධනුෂ්ක සිල්වා ආසියානු සමාජය අලි-ඇතුන් දිහා බලන්නේ ලෝකයේ අනෙකුත් කලාපවල වගේ එතිහාසික හා සංස්කෘතිමය සළු පිළි උනා දමා නග්න දෘෂ්ටියකින් නෙවෙයි. ආසියානු සමාජයේ ඓතිහාසික හා සංස්කෘතිමය වැනි සෙරමොනික කරුණුත් එක්ක මේ සතුන් ගැටගැසීම ඒකට හේතුවක් වෙනව. ඒ නිසා ඇතෙකු දිහා සමාජය බලන්නේ කුඩා කාලයේ අපට ඉගැන්වූ මහාමායා දේවියගේ කුසට ඇතුල් වූ සුදු ඇත් පැටවා, එළාර […]