Home Archive by category Uncategorized
Uncategorized

ජෛව විවිධත්වය මත යැපෙන ශ්‍රී ලාංකික කාන්තාවන් මුහුණ දෙන ආර්ථික අභියෝග

අරුල් කාර්කි    ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රමිකයෝ ජාතික ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරති. වතුකරයේ, කෘෂිකර්මාන්තයේ, සේවා සහ කර්මාන්ත යන අංශවල කාන්තා ශ්‍රමිකයන්ගේ අනුපාතය වැඩිවෙමින් පවතී. විශේෂයෙන්ම පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ප්‍රමාණයක් කෘෂිකාර්මික හා වැවිලි අංශවල සේවය කරන අතර එම
Uncategorized

‘මෝරා‘ නම් සමුද්‍ර පාලක නිලධාරියා!

මහේශ්වරී විජයානන්දන් සෑම වසරකම ජූලි 14 වැනිදා ‘ලෝක මෝරුන් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය‘ සමරනු ලැබේ. මෝරුන්ගේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමුද්‍ර ජීවී සහ සමුද්‍ර පරිසර සංවිධාන විසින් එම දිනය නම් කර තිබේ. මෝරුන්ගේ පැවැත්ම සහ සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීමටත් මෙම ආකර්ෂණීය ජීවීන් පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමට සහ ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියා කිරීමටත් එමගින් දිරිගැන්වේ. […]
Uncategorized

පරිසරයට විශාල හානියක් සිදු කරන ‘සායනික අපද්‍රව්‍ය’.

හයා  අර්වා 2020 වසර ආරම්භයේදී ශ්‍රී  ලංකාවේ නගර සහ ගම් අලංකාරකරණය  සහ සුරැකීමත්, පරිසරය පිරිසිදුව තබා ගැනීමත්අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වූ විවිධ ක්‍රියාමාර්ග රැසක් දක්නට ලැබිණි. එවැනි කටයුතු සඳහා පොදුවේ ජනතා සහයක් ලැබුණ අතර විශේෂයෙන්ම තරුණ පිරිසගේ සහයෝගය කැපී පෙනෙන මට්ටමක පැවැතිණි. ශ්‍රී   ලංකාව තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය උග්‍රවීමත්
Uncategorized

රාත්‍රියේ ඉන්ද්‍රජාලිකයෝ

සජීව විජේවීර පුරු පුරු ගාමින් අප අතර නිතර ගැවසෙන පූසන් හඳුන්වන්නේ බළලුන් හෙවත් බිළාලයන් යනුවෙනි. මේ පූසන් අයත්වන බිළාල පවුල යනු ලෝකයේ ඉතාමත් අවධානයට ලක් වූ සත්ව කොට්ඨාසයකි.  ලෝකයේ බළල් පවුලේ විශේෂ සංඛ්‍යාව 40කි. ඒ විශේෂ 40න් 04ක්ම හෙවත් 10%ක්ම ශ්‍රී ලංකාවේ දැකිය හැකි වීම විශේෂිතය. එයින් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ වැදගත්කම නිහඬව ප්‍රදර්ශනය වෙයි.  මේ […]
Uncategorized

 කට නිසා නහින කකුළුවෝ

සිරංගිකා ලොකුකරවිට කඩොලාන පරිසර පද්ධතියක් යනු අතිශය සංවේදී පාරිසරික කලාපයකි. ජෛව විවිධත්වයෙන් අනූන එවැනි පරිසරයක ජීවී විශේෂ  සිය ගණනක් ජීවත්වන්නේ අන්තර් සම්බන්ධතා රැසක් පවත්වාගනිමිනි.  ශාක මෙන්ම සත්ත්ව විශේෂද ඒ අතර බහුලය. කිවුල් ජලය සහිත කඩොලාන පරිසර පද්ධතිවල මසුන්, බෙල්ලන්, කකුළුවන් විශේෂ ගණනාවක් ජීවත්වෙති.  ගාල්ලේ රූමස්සල කන්ද අසලින් මුහුදට එකතු වන බම්බගල
Uncategorized

ජලය කළමනාකරණය නොකළොත්?

සජීව විජේවීර “අහසින් වැටෙන එක ම දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යන්නට ඉඩ නොදෙනු“ යැයි කීවේ මහා පරාක්‍රමබාහු රජතුමාය. ඔහු සිදුකළ මහා වාරිකර්මාන්තය එදා අතීත රාජධානි යුගයේ දී ජලය කොතරම් ප්‍රයෝජනයට ගත්තේ ද යන්න මනා  සාක්ෂියකි.  අතීතයේ මහ වැව් තැනූ වාරි ශිෂ්ඨාචාරයක් සහිත ශ්‍රී ලංකාවේ වර්තමානයේ ජලය කළමනාකරණය පිළිබඳ නිරන්තර වාද විවාද ඇතිවෙමින් පවතී. 
Uncategorized

මහ සමුදුර මියයමින් පවතී!

සජීව විජේවීර මහපොළව මත ජීවය ආරම්භ වූයේ සාගර පත්ලෙනි. සාගරය පොළෝ මතුපිට 70%කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිර ගොස් ඇත. එමෙන්ම ලොව ජෛව ස්කන්ධයෙන් 90%කටත් වඩා ප්‍රමාණයක් දරා සිටින්නේද සාගරයයි. මේ නිසාම සාගරය යනු මිනිසුන්ගේ පමණක් සමස්ත ජීවයේ පැවැත්මට තීරණාත්මක බලපෑමක් ඇති කරන සාධකයකි. මිනිසාගේ පරිනාමයේ ආරම්භක අවදියේ පටන් සාගර සම්පත් මත යැපුණු බවට ලංකාවේ මෙන්ම […]
Uncategorized

මිරිදිය මසුන් වඳ වී යෑම අත ළඟ

සජීව විජේවීර දිය පහර ගල්වල හැපී චිරි චිරි හඬ නගමින් බැස යන ශබ්දය කනට මිහිරක් ගෙන දෙන අතරම එය නෙතට රසඳුනක් මවයි. බොරළු මතින් ගලා යන විනිවිද පෙනෙන ජල පහර තවත් තැනකින් පෙන කැටි විහිදමින් ගලා බසියි.  ගලා යන ජල පහරේ කඩිසරව ඒ මේ අත පිහිනා යන මත්ස්‍යයෝ මේ ජල පහරට තවත් වටිනාකමක් එක්කරති. ශ්‍රී […]
Uncategorized

‘හරිත කාන්තාර’ වෙනුවට පරිසර හිතකාමී විකල්පයක්

ඉන්දු පෙරේරා අපේ අතීත ගැමියෝ වර්ෂාපතනය වැනි ස්වභාවික සංසිද්ධීන් තමන්ට ආවේණික රටාවකට මැනවින් හඳුනාගෙන සිටියහ. යල් වැස්ස, මහ වැස්ස, අක් වැස්ස, කඳන් පළන වැස්ස, ඉල් වැස්ස ආදී වශයෙන් ඔවුන් එම වැහි වර්ගීකරණයකටද ලක් කරගෙන තිබිණි. සංචාරක කුරුල්ලකු වන අවිච්චියා මෙරටට පැමිණ නාද කරන විට ‘ඔන්න අවිච්චියත් ඇඬුවා’ ‍යැයි ගැමියන් කියන්නේ ‘හෙට අනිද්දම වැස්ස පටන් ගනී’