අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

මහර සිදුවීමෙන් අනතුරුව: සමාජයේ ආරක්ෂාව පිළිබඳ වාර්තාකරණය

විහඟ පෙරේරා

හරියටම සතියකට පමණ පසුව, මහර බන්ධනාගාර සිදුවීම අතරවාරයේ වෙඩි වැදීමෙන් මිය ගිය රැඳවූවන් 11 දෙනකු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් හඳුනා ගන්නා ලදී. ඊට පෙර, විශේෂ බලකායන් යොදවනු ලැබුවේ දැඩි ගණත්වයකින් යුතු බන්ධනාගාර පරිශ්‍රයේ කොවිඩ් වෛරසය පැතිරීම පාලනයට නිලධාරීන් දැක්වූ අසමත්කමට එරෙහිව උද්ඝෝෂණයෙන් පසු නොවැම්බර් 30  මහර බන්ධනාගාර සංකීර්ණයේ ඇති වූ බාධා කිරීම් මැඩපැවැත්වීමටය. එතැන් සිට හෙළි වූ ආකාරයට, ඇති වූ කලබලයෙන් පසු  බන්ධනාගාර සංකීර්ණයේ කොටසක් ගිනි තැබීමට ලක්විය. දින කීපයකට පසු රැඳවූවන් පිරිසක් අතර සිදු වූ ගැටුම විකාශය කෙරිණි. ප්‍රචණ්ඩත්වයේ පළමු දින සංසරණය වූ කරුණුවලට වෙනස්ව, පසුව කෙරුණු විමර්ශනවලින් පෙනී ගියේ රැඳවූවන් ආයුධ රහිතව සිටි බවයි. වෙනත් අයුරකින් පවසතොත්, මහර වෙඩි වැදීමෙන් මිය ගිය සිරකරුවන් 11දෙනා අනාරක්ෂිත බව සොයා ගැනීම්වලින් පෙනෙන්නට විය. 

දෙසැම්බර 03 වැනිදා, කලම්බු ටෙලිග්‍රාෆ් වාර්තා කරන්නේ ධුරාවලිය අනුගමනය කිරීමට අසමත් වූ බන්ධනාගාර අධිකාරීන්ගේ නොසැලකිලිමත්බව නිසා අභ්‍යන්තර ගැටුම පැන නැඟි බවයි. කලම්බු ටෙලිග්‍රාෆ් වාර්තාවට අනුව, මාධ්‍ය මඟින් පසුව විකාශය කෙරුණු මූලාශ්‍රවල නිලධාරීන්ගේ හඬින් හෙළි වන්නේ නීතිය තහවුරු කිරීමට මැදිහත් නොවීමට තීරණය කළ බවයි. විශේෂ බලකායන් කැඳවනු ලැබුවේ තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමට ආ පසුවය. තුවාල ලබා රෝහල්ගත කළ සිරකරුවන් 120කට අධික පිරිස අතරින් අඩු වශයෙන් 26 දෙනකුවත් වෙඩි වැදීමෙන් ලත් තුවාල සහිත වූ බව අන්තර්ජාතික මාධ්‍යවල ඇස ගැටී තිබිණි. දෙසැම්බර් මුල සතිය තුළ මහර බන්ධනාගාර ප්‍රචණ්ඩත්වය පිළිබඳ විවිධ කෝණවලින් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කෙරිණි. එවක බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පිළිගත්තේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රැඳවියන් ගහණය සීමාව ඉක්මවා ඇති අතර රැකවරණය දිය හැකි ධාරිතාව මෙන් තුන්ගුණයක් රඳවා තබා ඇති බවයි. ඒ අතර දඩ මුදල් ගෙවීම පැහැර හැරීම නිසා දඬුවම් විඳින බොහෝ දෙනකු සිටින බවද ඇය පිළිගත්තාය. මේ සංඛ්‍යාව 20,000 ඉක්මවන අතර එය වරදකරුවන් ගහණයෙන් සියයට 70ක් පමණ වෙයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන උපුටා දක්වන විශ්ලේෂණ මඟින් බන්ධනාගාරගත කිරීම්වලින් සියයට 78-82ත් අතර ප්‍රතිශතයක් රක්ෂිත බන්ධනාගාරගත (රිමාන්ඩ්) සිරකරුවන් – හුදෙක් සැකකරුවන් බව පෙන්වා දෙයි. 

මහර බන්ධනාගාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළුණු විට ඇතැම් මාධ්‍ය කර්මාන්තශාලා සහ නව මාධ්‍ය අන්තර්ගත සකසන්නන් උත්සාහ කළේ මහජන අවධානය දෙපසකට යොමු කරවීමටය. එක් මට්ටමකින්, සටහන් සංසරණය වූයේ සාපරාධි අපරාධවලට සම්බන්ධ අතීතයක් සහිත සිරකරුවන් නොමනා බැවින් ඔවුනොවුන්ට පහර දුන් බවටයි. දෙවැනුව, ප්‍රවෘත්තියක් සංසරණය වූයේ බන්ධනාගාරයේ දූෂණ වසන් කිරීම සඳහා නොසන්සුන්තාව අවුළුවන බවට යෝජනා කරන කුමන්ත්‍රණ න්‍යායන් උපුටා දක්වනමිනි. ගින්නට ලක් වූ ගොඩනැඟිලි අතර ලිපි ලේඛන සහ ලෙජර සහිත පරිපාලන ගොඩනැඟිල්ලද විය. දෙසැම්බර් 6 වැනිදා දිවයින පුවත්පතට සමන් ගමගේ ලිපියක් ලියමින් උපකල්පනය කරන්නේ  ඊට පෙර සතිය දක්වා මහර බන්ධනාගාරයේ රැඳවා තැබූ – හිටපු අපරාධ විමර්ශන නිලධාරී – ශානි අබේසේකර ඝාතනයට උත්සාහයක් ලෙස මෙවැනි අපහැදිලි ප්‍රචණ්ඩකාරීත්වයක් සැලසුම් කළේද යනුවෙනි.

ගමගේ පැවසුවේ මොන යම් හෝ ආකාරයකින් අබේසේකරට හානියක් සිදුවන්නට ඇති බවයි, එය රජයට එරෙහි දේශපාලන සටන් පාඨයක් ගෙනෙන බැවිනි. ගමගේ ගේ වචනයෙන්ම පැවසුවහොත් (මගේ පරිවර්තනයට අනුව) “කවුරුන් හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන්තර්ජාතික මට්ටමේ විත්තිකරුවකු කොට දං‌ගෙඩියට යැවීමට තනනවාද?” මේ දුරදිග නොබලා විනෝදයට මෙන් කරන උපකල්පනවලට අමතරව “”අන්තර්ජාතික මට්ට‌මේ විත්තිකරුවකු” සහ (ශ්‍රී ලංකාවේ) “ජනාධිපති දංගෙඩියට රැගෙන යෑම” වැනි සංකල්පවල ඇති හාස්‍යජනකබවද යමෙකුට සලකුණු කළ හැකිය. ජනතාවගේ දේශප්‍රේමී උත්තේජක නිලවලට සංවේදීවාදී පැටවුන් ආකර්ෂණය වන මුත් එමඟින්  රාජ්‍යතාන්ත්‍රික හෝ නෛතික බලපෑමක් ඇති නොකරයි.

මේ ඇතැම් සිද්ධාන්ත පැහැදිලිවම කාල්පනික වන අතර අනෙක්වා ආඛ්‍යානයට ගොඩනඟන්නාට අවශ්‍ය පරිදි  අසම්පූර්ණ තොරතුරු කොටස් ගැළපීම අනුගමනය කරයි. එහෙත් එවැනි කාල්පනික ප්‍රබන්ධවලට ප්‍රමුඛතාව දීමෙන් මේ වාර්තාකරුවෝ සැබෑ සිදුවීමෙන් අවධානය ඉවත් කරති: බන්ධනාගාර පද්ධතිය තුළ වේගයෙන් වෛරසයක් පැතිරෙන මොහොතක පවතින අවාසනාවන්ත තත්ත්වය වැනි. 

සමහර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බන්ධනාගාර තුළ භයානක කොවිඩ් සංඛ්‍යාලේඛන පිළිගනිමින් වාර්තා කරන්නේ සිත්ගන්නාසුලු ආකාරයටය. එහෙත් ඒවා ඉදිරිපත් කෙරෙනුයේ හුදෙක් වාර්තාව සම්පූර්ණ කිරීමේ ප්‍රවේශයක ආකාරයෙනි. රෝගීන්ගේ වැඩිවීම, අවම පහසුකම්වල අසමාන බෙදීයාම හෝ නිලධාරීන්ගේ නොසැලකිලිමත්බව පිළිබඳ විවේචනාත්මක මැදිහත් වීමක් හෝ ප්‍රශ්න කිරීමක් ‌බොහෝ විට සිදු නොවේ. එයට පටහැනිව, ඇතැම් නව මාධ්‍යවල බෙදාහැරීම් – සිංහල භාෂාවේ නින්දාසහගත පාරිභාෂික වචන යොදාගනිමින්- සිරකරුවන් සමාජයේ පන්තියක් ලෙස  ‌‌ගෙන ඔවුන්ට එරෙහිව අගතියක් ඇති කරන බවක් පෙනෙන්නට තිබූ අතර වෙනත් පන්තියක් වෙනුවෙන් පෙනී සිටියි: බන්ධනාගාර අවකාශයේ ස්වෛරී බලය ඇති පුද්ගලයන් වෙනුවෙනි.

ඇතැම් දේශපාලනඥයන්ගේ නිසරු කතා- කිසිදු වටිනාකමක් නැතත් –  ඔවුන්ගේ ඡන්ද කොට්ඨාසයේ අන්ධ ජනයා වෙනුවෙන් කළ පිරිනැමීමක් ලෙස තර්කයක් ගොඩනැඟිය හැකි වුවද,  පුවත්පත්වල තීරණාත්මක හුදෙකලාබව සමාජයේ ප්‍රගතියට හානිදායක විය හැකිය. ඊටත් වඩා භයානක තත්ත්වය නම්, පහත් දේශපාලන උගුල්වලට මාධ්‍ය දක්වන  අනුකූලතාවයි – ඇතැම්විට දෘෂ්ටිවාදීමය හේතු නිසා විය හැකිය- එහෙත් දිගු කාලීනව අනතුරුදායක පුරුද්දක් විය හැකිය. එහෙත් ඇත්තෙන්ම, මිනිසා සැමවිටම දේශපාලන සත්ත්ව විශේෂයක් වන නිසා, ප්‍රවෘත්ති සපයන්නා ද ආයතනික දේශපාලනය හා බැඳී ඇත. එය සීඑන්එන් (CNN),බීබීසී (BBC), අල් ජසීරා හෝ අපේ කොළඹ මාධ්‍ය ආයතනවලින් එකක් වුවද ආයතනයේ නහරවැල්වල දිවෙන දේශපාලන පක්ෂපාතීත්වයක් ඇත. එහෙත් එවන් තෝරාගැනීම් වෙත ළඟාවීම යනු සමාජයේ පදනම තනන සමාජ සංවිධාන, සිවිල් අවකාශ සහ අයිතිවාසිකම් ලෙස පිළිගත යුතුව ඇත. මාධ්‍යය “සිවුවැනි ආණ්ඩුව” (හෝ සිවුවැනි බලය) ලෙස සැමවිටම එහි සම්ප්‍රදායික ලක්ෂණවලට අනුකූල විය යුතු අතර සමාජය රැකගත යුතුය. දේශපාලනයෙන් මෙහෙයවෙනවා වෙනුවට පුවත්පත් කිරුළු දරා ඇත්තේ ප්‍රජා මනසකින් යුතුව දේශපාලනය මෙහෙයවීමේ වගකීම වෙනුවෙනි. 

නිශ්චිතවම කැලඹිලිසහගත වූ වසරක අවසානයේ එක් අතකින් අපි බිඳුණු ආර්ථිකයකට මුහුණ දී සිටින්නෙමු. පිළිගත් (ප්‍රතීතනය ලත්) ආයතන විසින් ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආකාරයෙන් පහත හෙළා ඇති අතරතුර ණය ආපසු ගෙවීම වෙනුවෙන් තව තවත් විදේශ සංචිත  අඛණ්ඩව යොදා ගැනීමේ සැබෑ අවදානමක රට පවතී. රජයේ ඉදිරි ගමන්මඟ අවිනිශ්චිත එකක් සේම අදාළ ගැටලු සඳහා ස්ථිරසාර ප්‍රවේශයක් ගන්නා බවක්ද නොපෙනේ. ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග දෙස ඇලී ගැලී බලා සිටීම බෙල්ලට තොණ්ඩුව වැටුණු අපේ රටේ ජනතාවට සහනයකි. එහෙත් මේ උදා වී ඇත්තේ මාධ්‍ය මඟින් පහත් වින්දනයක් ලබාදිය යුතු මොහොතක් නොවේ. පිළිවෙළ වූ අපක්ෂපාතී සංශෝධනයක්  තිබේ: කෙනකුගේ පටු දේශපාලන දැනුම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළද සමාජයට, සමාජ සංවිධානවලට, සහ මනුෂ්‍යත්වය පාලනය කරන අයිතිවාසිකම්වලට යහපතක් වන අන්දමින් යමෙකු විශේෂයෙන් සංවේදී පුවත් රාමුගත කළ යුත්තේ කෙසේද යන්න යළි සිතා බැලීමක් වෙනුවෙනි. 

සමාන හෝ ඉහළ වැදගත්කමක් ඇත්තේ වගවීමටය: වාර්තාකරු සිදුවීමක් අතිශයෝක්තියෙන් කියා ඇත්නම් හෝ යටගසා ඇති විට එයට මාධ්‍ය මඟින් ප්‍රායෝගික මිනුම් දඬු යොදාගත යුතුය. අපදන්නා සංස්කෘතිය තුළ සම්මත භාවිතය වන්නේ  සමාව ඉල්ලීම අපැහැදිලිව මුද්‍රණය කිරීමය. දැනට පවතින භාවිතය වන්නේ කෙසේ හෝ කිසිවක් නොකියාම ඉදිරියට යෑමයි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts