දේශපාලන පලිගැනීම් කොමිසම හා සංහිදියාවේ අනාගතය
ප්‍රියන්ත කරුණාරත්න
2019 නොවැම්බර් 16 වැනි දින ,2015 ජනවාරි 8 සිට 2019 ඔක්තෝම්බර් යහපාලන ආණ්ඩු සමය ඇතුළත සිදු වී ඇතැයි කියන දේශපාලන පලිගැනීම් පිලිබද පරීක්ෂාකර තොරතුරු ලබා ගැනීම සඳහා දේශපාලන පලිගැනීම් සම්බන්ධ කොමිෂන් සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළේය .2020 ජනවාරි නව වැනිදා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකින් මෙම කොමිසම පත් කළේය .විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මෙම කොමිසමේ අනිත් සාමාජිකයන් ලෙස කටයුතු කළේය .
මෙම ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිලි භාර ගැනීම 2020 පෙබරවාරි විසි වෙනි දින අවසන් වූ අතර විශේෂ පැමිණලි 305 ක් ලැබී ඇති බව වාර්තා විය .රාජ්‍ය නිලධාරීන්ට,රාජ්‍ය සංස්ථා සේවකයන්ට ,සන්නද්ධ හමුදා හා පොලිස් සේවයේ සාමාජිකයන්ට විඳින්නට සිදුවී ඇතැයි කියන පලිගැනීම් සඳහා පත් කළ මෙම කොමිෂන් සභා වාර්තාව අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ .මෙම කොමිෂන් සභා වාර්තාවෙන් යහපාලන ආණ්ඩුව කාලයේ තමන්ට හිතවාදී පිරිසක් දේශපාලන දඩයමක ට හෝ පළිගැනීමකට යටත්ව තිබේද යන පිළිගැනීමට යටත්ව මේ වන විටත් මෙරට අධිකරණ වල විභාග විභාගවන අල්ලස් ,දූෂණ හා අක්‍රමිකතා නඩු හතලිහකට ආසන්න ගනනක් ඉල්ලා අස්කර ගැනීමට නිර්දේශ ලබා දී ඇති බව ප්‍රකාශ විය .
එකී නිර්දේශ මගින් ශ්‍රී ලංකා ආණ්ඩුව නීතියේ යුක්ති ධර්මය අපහරණයට ලක් කරන ආකාරය හා එමගින් මෙරට අනාගත සන්හිදියා කාර්යයට සිදුකරන බලපෑම විමසා බැලිය යුතුය .
යම් කරුණක් සම්බන්ධයෙන් වඩාත් නිවැරදි අවබෝධයක් ලබාගැනීමට ජනාධිපතිවරයාට විශේෂ කොමිසමක් පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හැකියාව තිබේ .එහෙත් මෙවැනි කොමිසමක් පත් කිරීමේ අරමුණ අධිකරණය ඉදිරියේ විභාග වන නඩු කටයුතු ඉදිරියට ගෙන යාම වැළැක්වීම නම් එය යුක්ති ධර්මය මෙරට තුළ තුළ ක්‍රියාත්මක වන ආකාරය බරපතළ ලෙස ප්‍රශ්න කරයි .කොමිෂන් සභා වාර්තාව අධිකරණය ඉදිරියේ චෝදනාවන්ට ලක් වූ පුද්ගලයන්ට එලෙව්ව විභාග වන නඩු සියල්ල ඉල්ලා අස්කර ගැනීමට යෝජනා කර තිබෙන්නේ එම නඩු බොරු සාක්ෂි මත ගෝතා ඇතැයි හෝ දේශපාලනික පළිගැනීමට ලක්කර ඇතැයි යන අදහසිනි .එහෙත් අප්‍රේල් 23 වැනිදා ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි විග්නේෂ්වරන් නිදහස් කිරීමට නිර්දේශ කර ඇති පුද්ගලයින් දේශපාලනිකව පලි ගැනීමට ලක්ව තිබේ නම් අධිකරණය මාර්ගයෙන් ඔවුන්ට ගත හැකි ක්‍රියා මාර්ග තුනක් පෙන්වා දුන්නේය .පළමුවෙන්ම එවැනි අපරාධ නඩු විභාගයේ දී මූලික විරෝධතාවයක් ගෙන ඒම ,දෙවැන්න ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම ,තුන්වැන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තිය යටතේ අධිකරණයට රීට් ආඥාවක් යොමු කිරීමයි .
එවැනි ක්‍රියාමාර්ග ගණනාවක් ගත හැකිව තිබියදී පැවති රජය යටතේ සිදු වූ දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිෂන් සභා හෝ කමිටු හරහා සොයා බැලිය යුතු යැයි සිතීම ම නීතියේ ආධිපත්‍යයට හිතකර නොවන බව සි.බි.විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා අවධාරණය කළේය .ඔහුගේ කතාවේ අවසාන කොටස මෙසේ දක්වමි “මා සිතන පරිදි රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සංස්ථා සේවකයන්ට සන්නද්ධ හමුදා හා පොලිසිය සේවයේ සාමාජිකයන්ට අත් විඳින්නට සිදුවී ඇතැයි කියන පලිගැනීම් සිද්ධියෙන් පිළිබඳ සොයා බැලීමට හා ඒවාට අදාල අදාළ තොරතුරු ලබා ගැනීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමේ සමස්ත අදහස ම වැරදි ය .රාජ්‍ය සේවයට ඔවුන්ගේ රාජකාරිය තත් ආකාරයෙන්ම ඉටු කිරීමට ඉඩ හැරිය යුතුය .රාජ්‍ය සේවකයන් වැඩ කළ යුත්තේ දේශපාලනික බලය දරන්නන්ගේ සිත් සතුටු කිරීම පිණිස නොවේ .
මෙම කොමිසම විභාගයට ගෙන ඇති සිද්ධීන් කිහිපයක් දැනට අධිකරණ වල විභාග වන නඩු කටයුතු වලට අයත් බව ඉහතින් සඳහන් කෙරිණ .එහෙත් ජනාධිපති කොමිෂන් සභාවක් යනු මෙරට පිහිටුවා ඇති අධිකරණය මෙන් යුක්තිය පසිඳලීමේ ආයතනයක් නොවේ .එහෙනම් අධිකරණය ඉදිරියේ තිබෙන කිසිදු කාර්යකට අදාළ නිර්දේශ නිකුත් කිරීමේ හැකියාවක් හිමි නොවන බවයි .අධිකරණ වල විභාග වෙමින් පවතින නඩු වලට අදාළව මෙම කොමිසම ගන්නා සෑම ක්‍රියාවක්ම ,සෑම නිර්දේශයක් ම අධිකරණ කටයුතුවලට අනිසි මැදිහත්වීමක් වන බව නීති විශාරදයන්ගේ මතය වී තිබේ .
මෙම ජනාධිපති කොමිසම කොමිසම පිහිටුවීමට නිකුත් කළ 2020 ජනවාරි නව වැනිදා 2157 /144 දරන ගැසට් පත්‍රයේ පූර්විකාව සඳහන් කරන්නේ “ගනු ලැබ තිබෙන හෝ ගනු ලැබිය හැකි කිසි ක්‍රියාවකට අගතියක් නොවන ආකාරයට කොමිසම තම කාර්ය සිදු කරන බවයි .එහි අනෙක් අදහස නම් අධිකරණයක් විසින් යම් අවස්ථාවක ගෙන ඇති හෝ ගැනීමට නියමිත විනිශ්චයක් කෙරෙහි කොමිසමේ ක්‍රියාකාරිත්වය බලනොපාන බවයි එහෙත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොමිෂන් සභා වාර්තාවෙන් දැනට අධිකරණයේ විභාග වෙමින් තිබෙන විශේෂ නඩු ඉල්ලා අස්කර ගැනීමට නිර්දේශ කිරීම කොමිසම පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ ගැසට් පත්‍රයේ අරමුණු අරමුණු වලට පටහැනිය
දැනට කරුණු යෙදී තිබෙන ආකාරයට ජනාධිපති කොමිෂන් නිර්දේශ මත මේ වන විටත් අධිකරණ ඉදිරියේ විභාග වන නඩු ඉල්ලා අස් කර ගතහොත් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නීතියේ ආධිපත්‍යයට රාජ්‍ය සේවයේ හා අධිකරණයේ ස්වාධීනත්වයට දරුණු පහරක් එල්ල කරනු ඇත .එසේ සිදු වුවහොත් රටේ සාමය හා සංහිඳියා තීරණයට ද බලපෑම් කරනු ඇත .ඒ කෙසේද යත් මෙරට දෙමළ ජනතාව සෑහෙන කාලයක සිට මෙරට ආණ්ඩු වලින් ඉල්ලා සිටින සාධාරණ ඉල්ලීමක් තිබේ .එනම් යුද්ධය පැවති පැවැති කාලය තුළ තමන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවත් ඒ සඳහා පිළිගත හැකි සාධාරණයක් ඉෂ්ට නොවූ බැවින් එය ඉටු කර දෙන ලෙසය ආණ්ඩුව මැදිහත් වීමෙන් සිදු කළා යැයි කියන අපරාධ වලට වඩා එම සිද්ධීන් සම්බන්ධව පිළිගතහැකි විමර්ශනයක් කිරීමට පොදුවේ සියලූ ආණ්ඩුව අසමත් ව තිබේ .මෑතක දී පවා ජිනීවා නුවර දී කියැවුණේ ලංකා ආණ්ඩුව යුක්ති ධර්ම ක්‍රියාවලිය බරපතළ ලෙස අපහැරණයට ලක් කරමින් සිටි නිසා යුක්තිය ඉෂ්ට වීම අපේක්ෂා කළ නොහැකි බවයි .දෙමළ ජනතාව සහ මානව හිමිකම් සංවිධානත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ජාත්‍යන්තර අධිකරණයක් එකමුතුව කරනු ලබන ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳ විශ්වාසය තබා සිටින්නේ ඒ නිසාය .එහෙත් ලංකා ආණ්ඩුව දෙමළ ජාතිකයන්ගේ මේ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර දේශීය අධිකරණ පද්ධතියක් තුළ එම ගැටලු විසඳීමට සුවිශාල ඉඩක් ඇති බව පෙන්වා දෙයි .එවැනි සාධාරණ අධිකරණ පද්ධතියක් ඇතැයි කීමෙන් අපේ දේශපාලන නායකයින් ජාත්‍යන්තරයට නොගොස් දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි ලංකාවේ දීම විසඳාගත හැකි හොඳ යාන්ත්‍රණයක් ඇති බව ලෝකයාට පෙන්වා දෙයි .එහෙත් කරුණු ගෙතී තිබෙන්නේ මීට වඩා වෙනස් ආකාරයකට ය .ඉදිරියේ වංචා දූෂණ හා ප්‍රමුඛතා සම්බන්ධයෙන් චෝදනා ලැබූ තැනැත්තන් ජනාදිපතිවරයා පත් කරනු ලබන කොමිෂන් සභා මගින් නිදහස් කිරීමට යෝජනා කරන්නේ නම් එවැනි දේශීය අධිකරණ පද්ධතියක් ගැන දෙමළ ජනතාව විශ්වාස තබන්නේ කෙසේද ?සිදුවී ඇති බවට චෝදනා කැරෙන යුද අපරාධ වලට යුක්තිය ඉටු කරන්නේ කෙසේද ?මේ තත්ත්වය නිසැකයෙන්ම රටේ ඉදිරි සාම ක්‍රියාවලිය ටත් සංහිඳියා යාන්ත්‍රණය ටත් එක ලෙසම බලපෑම්
Commission For Compensating Political Reprisal And The Future Of Reconciliation
அரசியல் பழிவாங்கல்களை ஈடுசெய்யும் ஆணைக்குழு மற்றும் நல்லிணக்கத்தின் எதிர்காலம்