කොවිඩ් ආධාරවලට මොකද වුනේ?
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් තුල ආර්ථික තත්වය කඩා වැටෙමින් තිබේ. එවන් පසුබිමක එම වසංගත තත්වයට මුහණදීම බැරෑරුම් කාරණයක් වූ අතර එය තුන්වන ලෝකයේ දියුණුවෙමින් පවතින රටවල් සඳහා දැඩිසේ දැනෙන්නට විය. ඒ හේතුවෙන් එම රටවල් තුල රජයට තම රටේ පුරවැසියන්ගෙන් මෙන්ම විදේශීය වශයෙන් විවිධ ආධාර උපකාර ලබාගැනීමට අවශ්‍ය විය.
මෙවන් පසුබිමක ශ්‍රී ලංකා රජය සඳහා ද ලෝකයේ බොහෝ රටවල් හා ලෝක සංවිධාන මගින් විටින් විට විවිධ ආධාර හා ණය මුදල් ලබා දී ඇති අතර ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මැඩලීම වෙනුවෙන් 2020 සැප්තැම්බර් මස වන විට ඩොලර් කෝටි තිහකට අධික මුදල් (ඩොලර් තිස් කෝටි අනූලක්ෂ තිස්හය දහස් තුන්සිය අසූ හයක මුදලක් -309036386) ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් ඊට අමතරව ණය මුදල් ලෙස ඩොලර් දහතුන්කෝටි අසු ලක්ෂයක මුදලක් 2020.ජුලි 30 වනදා වන විට ලැබී තිබෙන බවත් තොරතුරු දැනගැනීමේ පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් 2020 සැප්තැම්බර් මස 02 දින ලබාදුන් තොරතුරු මගින් අනාවරණය විය.
එමෙන්ම ඉටුකම සමාජ ආරක්ෂණ අරමුදල සම්බන්ධයෙන් 2020.12.01. දින ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකර තිබූ තොරතුරු ඉල්ලීමට 2021 මාර්තු 15 දින ලැබුණු තොරතුරුවලට අනුව 2020 දෙසැම්බර් මස වන විට ඉටුකම සමාජ ආරක්ෂණ අරමුදලේ ඇති ශේෂය රුපියල් කෝටි එකසිය හැට එකකට අධික මුදලක් (1617313408.85 ) බව අනාවරණය විය. එමෙන්ම ඉටුකම සමාජ ආරක්ෂණ අරමුදල සඳහා කොපමණ මුදලක් ලැබී තිබේද යන්න සම්බන්ධයෙන් සිදුකළ විමසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පිළිතුරු ලබාදීම සිදුකර නොමැති අතර එහිදී සඳහන් කර ඇත්තේ එම මුදල් ලැබීම් වර්ගීකරණය කර නොමැති බවයි. කෙසේ නමුත් ඉටුකම අරමුදල සඳහා විදෙස් ණය හෝ ආධාර ලැබී නොමැති බව ද එහි සඳහන් කර තිබේ. ඒ අනුව පෙනී යන්නේ ඉටුකම සමාජ ආරක්ෂණ අරමුදල සඳහා ලැබුණු සියලු මුදල් දේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ඒවා බව ය.
කොවිඩ් වසංගත තත්වය වෙනුවෙන් විදෙස් ණය හා ආධාර වශයෙන් රුපියල් කෝටි පන්දාස් අටසිය හැත්තෑවක් පමණ(58702695024 ) මෙන්ම දේශීය වශයෙන් ඉටුකම සමාජ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් කෝටි එකසිය හැට එකක මුදලක් ලැබී තිබේ. ඒ අනුව ලංකාවේ කොවිඩ් 19 වසංගත තත්ත්වය පදනම්ව දේශීය හා විදේශීය වශයෙන් 2020 දෙසැම්බර් මස වනවිට පමණක් රුපියල් කෝටි හය දහසකට අධික මුදලක් (60320008432) ලැබී තිබෙන බව අනාවරණය වේ.
මෙහිදී විදේශීය වශයෙන් ප්‍රදානයන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඩොලර් මිලියන 1.9 (1900000)ක් , එක්සත් ජාතීන්ගේ අරමුදලින් (UNFPA ) ඩොලර් 212260ක් ,UNICEF මගින් ඩොලර් 125000ක් , ආසියානු සංවර්ධන බැංකුව(ADB) මගින් ඩොලර් 300000000ක මුදලක් ද ගෝලීය අරමුදල මගින් 1,194,424ක් ද ලැබී තිබේ. ණය මුදල් ලෙස ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් 10,000,000 ප්‍රමාණයක් හා ලෝක බැංකුව මගින් (WP) ඩොලර් 128,000,000 ක මුදල් ප්‍රමාණයක් ලංකාවට ලැබී තිබේ. ඒ අනුව ආධාර සහ ණය ලෙස පසුගිය කාලය තුල ලංකාවට ඩොලර් තිස් එක් කෝටි අනූ ලක්ෂයකට අධික මුදලක් (319036386) එය රුපියල්වලින් බිලියන පනස් අටකට අධික මුදලක්(රුපියල් – 58702695024 ) ලැබී තිබෙන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාගත් තොරතුරු මගින් පැහැදිළි වේ.
PCR පරීක්ෂණ සඳහා රුපියල් කෝටි 1500ක්
2021.07.03 දින වන විට PCR පරීක්ෂණ හතළිස් එක් ලක්ෂ දහනවදාස් නවසිය 12ක් සිදුකර තිබෙන අතර ඒ සඳහා බිලියන 15ක පමණ මුදලක්(රුපියල් කෝටි එක්දාස් පන්සියයක් 15000000000)මේ සඳහා වැය වී තිබෙන බව ද සඳහන් වේ. මේ සඳහා ලෝක බැංකුවෙන් ලැබූ ණය මුදලක් මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාගත් ණය මුදල් ද භාවිත කර තිබෙන අතර රජයේ මුදල් ප්‍රමාණයක් ද PCR පරීක්ෂණ කටයුතු සදහා භාවිත කර තිබේ.
එමෙන්ම ඉටුකම අරමුදල මගින් PCR පරීක්ෂණ කටයුතු වෙනුවෙන් 2020.දෙසැම්බර් මස වනවිට රුපියල් කෝටි දහයක මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා වෙන්කර තිබෙන අතර ඉන් රුපියල් කෝටි හතරකට අධික මුදලක්(42605812) ලබාදී තිබෙන බව යි තොරතුරු දැනගැනීමේ පනත මගින් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණ වන්නේ. එම ලබාදුන් මුදලින් PCR පරීක්ෂණ සඳහා නියැදි ලබා ගන්නා swabs සඳහා රුපියල් මිලියන 60ක් (රුපියල් කෝටි හයක්) යොදවා ඇති අතර එම Swabs මිලදී ගෙන ඇත්තේ දේශීය සමාගමක් වන SLINTEC ආයතනය මගින් ය.
එමෙන්ම PCR පරික්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ PCR පරීක්ෂණාගාරය නවීකරණය සඳහා රුපියල් තුන්කෝටි හතළිස් එක්ලක්ෂ පන්දහසකට(34105812) අධික මුදලක් ලබාදී තිබෙන අතර යාපනය විශ්වවිද්‍යාලයේ PCR පරීක්ෂණාගාරය නවීකරණය සඳහා රුපියල් විසිපන්ලක්ෂයක(2500000) මුදලක් ලබා දී තිබේ.
සෞඛ්‍ය ආරක්ෂණ උපදේශනාත්මක වැඩ සටහන් සඳහා ඉටුකම අරමුදලින් රුපියල් කෝටි දහයක මුදලක් වෙන්කර තිබෙන අතර ඉන් රුපියල් දෙකෝටි හතළිස් තුන්ලක්ෂයකට අධික මුදලක් (24364800) වැය කර තිබෙන බවත් එම මුදල ලබා දී ඇත්තේ TRIAD (pvt )Ltd යන ආයතනයක් වෙත බවත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් 2021.පෙබරවාරි 10 දින ලබාගත් තොරතුරු මගින් අනාවරණය විය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ මේ වනවිට ඒ සඳහා රුපියල් මිලියන 67.5ක මුදලක් (රුපියල් හයකෝටි හැත්තෑ පන්ලක්ෂයක් – 67500000)ඉටුකම අරමුදලින් ලබාගෙන තිබෙන බවයි.
නිරෝධායනය කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි තුන්සිය හැත්තෑවක මුදලක් (3700000000)
ලංකාව කොවිඩ් 19 වසංගත තත්වයට මුහණදුන් දින සිට 2021 ජූලි මස 03වන දා දක්වා පුද්ගලයන් එක්ලක්ෂ හැට දහසකට අධික ප්‍රමාණයක් නිරෝධායනයට ලක්කර තිබෙන අතර එමෙන්ම මෙම නිරෝධායනය කටයුතු යුධ හමුදාව හා තවත් ආයතන කීපයක් මගින් සිදුකර තිබේ. එහිදී එම නිරෝධායන මධ්‍යස්ථාන සෑදීමට මෙන්ම ඔවුන් හට ලබාදුන් ආහාර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මුදල් ලබාදී තිබෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 3.7ක් පමණ (රුපියල් කෝටි තුන්සිය හැත්තෑවක මුදලක් )3700000000 මේ වනවිට වැයකර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ මහතා පවසයි.
මෙම නිරෝධායන කටයුතු වෙනුවෙන් 2020 දෙසැම්බර් මස වන විට ඉටුකම අරමුදල මගින් ද රුපියල් තුන්කෝටි අසූ ලක්ෂයක්(38031065)පමණ වැය කර තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් තොරතුරු මගින් පෙන්වා දෙයි.
එමෙන්ම කොවිඩ් සම්බන්ධ පර්යේෂණ කටයුතු වෙනුවෙන් මෙම අරමුදලෙන් ලබාගත් රුපියල් ලක්ෂ 35ක පමණ මුදලක් වැයකර තිබේ. මීට අමතරව ප්‍රවාහන හා ඉන්ධන වියදම් ලෙස ඉටුකම අරමුදල මගින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත රුපියල් අට කෝටි හැටපන්ලක්ෂයකට අධික මුදලක් (86528701) වෙන්කර තිබෙන අතර ඉන් තුන්කෝටි අසූ ලක්ෂයකට අධික මුදලක් (38031065) ලබාදී තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වන්නේ.
එමෙන්ම කොවිඩ් එන්නතකරණයේදී භාවිත කරනු ලබන කාඩ් මුද්‍රණය සඳහා රුපියල් හාරකෝටි පහළොස් ලක්ෂයක ( 41500000) මුදල් ප්‍රමාණයක් ඉටුකම අරමුදලනින් ලබාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් පවසා සිටි. එමෙන්ම එම කාඩ් මුද්‍රණය කර ඇත්තේ රජයේ මුද්‍රණාලයෙන් බව ද ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලේකම්වරයා කියා සිටියේ ය.
කෙසේ නමුත් ඉහත දත්ත විශේලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඉටුකම අරමුදල ඇතුළුව ලංකාවට ලැබුණු විදෙස් නය හා ආධාර තුලින් කොවිඩ් එන්නත් ගෙන්වීම හැරුණු කොට අනෙකුත් වියදම් සදහා රුපියල් කෝටි එක්දහස් අටසියයකට අදික මුදලක්(18,995,634,513.00 ) මේ වනවිට වියදම්කර තිබෙන බවයි.
එමෙන්ම ඉහත දත්ත විශේලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඉටුකම අරමුදල ඇතුළුව ලංකාවට ලැබුණු විදෙස් ණය හා ආධාර මුදල් ප්‍රමාණය වන රුපියල් කෝටි හයදහසක පමණ (60,320,008,432.00 ) මුදලින් මේ වනවිට කොවිඩ් එන්නත් ගෙන්වීම හැරුණු කොට අනෙකුත් වියදම් සදහා රුපියල් කෝටි එක්දහස් අටසියයකට අදික මුදලක්(18,995,634,513.00 ) මේ වනවිට වියදම්කර තිබෙන බවයි. එය ප්‍රතිශතයක් ලෙස 24% ක පමන ප්රමාණයකි
මෙම වියදම් හැරුණු කොට කොවිඩ් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් හා කොවිඩ්19 මැඩලීම වෙනුවෙන් සිදුකළ අනෙකුත් වියදම් ගැන තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යුමුකල තොරතුරු ඉල්ලුම සදහා මෙතක් තොරතුරු ලබාදීට කටයුතු කර නොමැත.
What Happened To The Covid-19 Funds?
கோவிட் -19 நிதியுதவிகளுக்கு நடந்தது என்ன?