කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හමුවේ තවත් අභියෝගයක්: දේශීය ආහාර අර්බුදය
සචිනි ඩී. පෙරේරා
මෙරට කොවිඩ් වෛරසයේ බලපෑම උත්සන්න වී ඇති පසුබිමක, අපි මේ වන විට කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ලට මුහුණ දී සිටිමු. 2018 ව්‍යවස්ථා අර්බුදය, 2019 පාස්කු ප්‍රහාරය, කොවිඩ් පළමු හා දෙවන රැල්ල වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 3.5% සිට 0.5% දක්වා අඛණ්ඩව පහත වැටෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වාර්තා කරයි. එනයින් ඖෂධ, සනීපාරක්ෂක අවශ්‍යතා, ආහාරපාන හා බැංකු සේවා වැනි අත්‍යවශ්‍ය ජනතා අවශ්‍යතා සඳහා පමණක් මුදල් යෙදවීමට රජය තීරණය කර ඇත. ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම අවම වීම හා රටේ සමස්ථ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමට තරම් දේශීය වශයෙන් ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් උක්ත ප්‍රමුඛතා අතරින් ආහාර හිඟය හා පෝෂණ අවශ්‍යතා පිළිබඳව අර්බුදය දැඩිව දැනේ. මීට අමතරව කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සඳහා වෙළෙඳපොළ වසා දැමීම, ආහාර ද්‍රව්‍ය සැපයීම හා ප්‍රවාහන කටයුතු අඩාලවීම නිසා ඇතිවුණු ආහාර අතිරික්තය හේතුවෙන් පාරිභෝගික ඉල්ලුම පහත වැටී ඇති බව මාධ්‍ය මගින් වාර්තා කර ඇත. කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තිය අවම කිරීමට ශ්‍රී ලාංකික ජනයා බාහිර සමාජයෙන් හුදකලා කර ඇති මෙවන් පසුබිමක ආහාර ද්‍රව්‍ය හා පෝෂණය සඳහා වූ විදේශීය සහන ද ඔවුන්ට නොලැබීම නිසා කෝවිඩ් තත්ත්වය හමුවේ ලාංකිකයින්ගේ ආහාර පුරුදුවල විවිධ වෙනස්කම් දැකිය හැකිය.
පසුගිය ඔක්තෝම්බර් මස ඇතිවුණු කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග මෙරට ප්‍රධාන මත්ස්‍ය වෙළෙදපොල ආශ්‍රිතව මත්ස්‍ය වෙලඳාමෙහි නිරත වෙළඳුන් 49 දෙනෙකුට කොරෝනා වෛරසට ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව ආහාර සුරක්ෂිතතාවයේ අවශ්‍යතාවය දැඩිව දැනෙන්නට විය. එය මෙරට බාහිර සමාජයේ පුද්ගලයන්ට වෛරසය ව්‍යාප්ත වීම සඳහා විශාල වශයෙන් බලපාන්නට විය. එම නිසා රජය කොළඹ දිස්ත්‍රික්කයේ හා කොළඹින් පිට නාගරික ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවන ලදී. මෙම සිදුවීම් හේතුවෙන් කෝවිඩ් වෛරසයේ අනෙකුත් අභියෝග මධ්‍යයේ ආහාරවල සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුව ජනතාවට දැඩිව දැනෙන්නට විය.
මෙරට සමස්ත ජනගහණයෙන් 30%ක් නියෝජනය කරන කෘෂිකාර්මික අංශය කොවිඩ් වෛරසයේ බලපෑම හමුවේ දැඩි අවධානමට ලක්වීම නිසා ශ්‍රී ලංකාව ගෝලීය ආහාර සැපයුම් ජාලය සමග පවත්නා සබඳතා අවම විය. කොවිඩ් බලපෑම හමුවේ රටේ ඇතිවිය හැකි ආහාර හිඟයට තාවකාලික විසදුම් ලෙස විශාල ප්‍රමාණයෙන් ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම අවම කිරීම, දේශීයව ආහාර පුළුල් ලෙස නිෂ්පාදනය අවම කිරීම, අත්‍යවශ්‍ය නොවන සියළු වෙළෙඳසැල් වසා දැමීම, ආහාර මිල පාලනය හා විදෙස් රටවලින් තාවකාලිකව ආහාර ආනයනය කිරීම සීමා කිරීම වැනි කාලීන පියවරයන් කිහිපයක් රජය විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙවැනි හදිසි තීන්දු තීරණයන් නිසා තමන් උපයන මුදලට වඩා වැඩි මුදලක් තමන්ට අහිමි වන බවට ගොවීන්, සත්ව ගොවිපොළවල් නඩත්තු කරන්නන් හා ධීවරයින් චෝදනා නගන්නට විය. මෙවැනි තත්ත්වයන් නිසා කොරෝනා දෙවන රැල්ලේ බලපෑම පළමු රැල්ලට වඩා භයානක බව පෙනේ. එබැවින් කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය නිසා හිස ඔසවමින් තිබූ ආර්ථික අර්බුදය හා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුව හමුවේ එළවළු, බේකරි නිෂ්පාදන හා මස්, මාළු වැනි ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට මහජනයා වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වලට යෑමට චකිතයකින් පසුවූ නිසා ඔවුන් බහුතරයක් ගෙවතු වගාවට යොමු විය.
එළවළු, පලතුරු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය ඇණහිටීම හේතුවෙන් ගොවින් හා පාරිභෝගිකයින් යන දෙපිරිස සමබර කිරීමට නොහැකිව රජය තවමත් අරගලයක නිරතව සිටි. කෙසේ වෙතත් ආහාර හිඟයට පිළියම් ලෙස සෞඛ්යාරක්ෂිත ක්රමෝපායන් අනුගමනය කරමින් කෘෂිකාර්මික කටයුතුවල නියැලිය හැකි බවට ගොවීන්ගෙන් විවිධ අදහස්, චෝදනා හා පැමිණිලි එල්ල විය. මෙවන් පසුබිමක වෛරස ව්‍යාප්තිය සීග්‍රයෙන් පැතිරීම නිසා ආනයනික ආහාර ද්‍රව්‍ය මින් ඉදිරියට මිලදී ගැනීමට නොහැකි වේය යන බිය හා සැකය හේතුවෙන් ජනතාව හැකි ඉක්මනින් වැඩි වශයෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට උත්සුක විය. වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අවම මිනිස් ශ්‍රම බලකායක් යෙදවමින් ආහාර නිෂ්පාදනය සිදු කල යුතු බවට විශේෂඥ වෛද්‍යරුන් මහජනතාවට ලබා දුන් උපදෙස් මෙරට අඩු ආදායම්ලාභී පවුල්වලට දැඩි බලපෑම් එල්ල කළ හැකි බැවින් ස්වයංපෝෂිත ආහාර පරිභෝජන රටාවක් පවත්වා ගැනීම වඩාත් වැදගත් වේ. මීට අමතරව ආහාරවල සුරක්ෂිතතාවය, ගුණාත්මකභාවය හා පෝෂණය කෙරෙහි ඇතිවන ගැටලු විසඳීම සඳහා වසංගත කාලය තුළ ගෙවතු වගා කටයුතුවල නිරත මහජනයා දිරිගැන්වීම සඳහා රජය විසින් නොමිලේ එළවළු සහ පළතුරු බීජ වර්ග ලබාදීම වැනි කටයුතු දියත් කිරීම දේශීය ආහාර හා පෝෂණ අවශ්‍යතාවයට තරමක සහනයක් විය.
කොරෝනා ව්‍යාප්තියට පෙර විදේශීය රටවලින් ආනයනය කරන ලද ආහාර වර්ග, පිසීමට හෝ පරිභෝජනයට සුදුසුද නැද්ද යන්න තීරණය කිරීම මෙවැනි වසංගත තත්තවයන් හමුවේ අපහසුකාරී නිසා විදේශීය රටවලින් තවදුරටත් ආහාර ආනයනය කිරීම සීමා කරන ලදී. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලාංකික සමාජයේ ප්‍රමාණවත් ආහාර නොමැතිව අවදානම් තත්ත්වයට පත්විය හැකි ප්‍රදේශ හා එමගින් දේශීය කෘෂිකර්මාන්තයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත්, දුර්වල සෞඛ්‍ය හා සනීපාරක්ෂක ක්‍රමවේදයන් නිසා මන්දපෝෂණය වැනි තත්වයන් වර්ධනය විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආහාර වැඩසටහන (WFP) යටතේ ක්‍රියාත්මක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වාර්තාව මගින් පෙන්වා දෙයි. මෙරට සමස්ථ ජනගහණයෙන් බහුතරයක් වන ග්‍රාමීය ජනයා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අවම දැනුවත්භාවයකින් පසුවන නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා ඔවුන් ඉක්මනින්ම කොවිඩ්ආසාදිතයෙකු බවට පත්වීමේ අවධානම අධිකය. මිනිසුන්ට ආහාර අනුභවයෙන් තොරව සෞඛ්‍ය සම්පන්නව ජීවත් විය නොහැක. වසංගත සමයේ ප්‍රමාණවත් ආහාර නොමැතිව ජීවත්වීම යනු තවත් එක් අභියෝගයකි.
සත්ව ගොවිපලවල්වල කටයුතුවල නිරත වූ පිරිස්ද මේ හේතුවෙන් විවිධ ගැටළුවට මුහුණ දෙයි. ප්‍රමාණවත් සත්ව ආහාර නොමැති වීම, සැපයුම් බාධක, සත්ව ගොවිපළවල් නඩත්තු කිරීම සඳහා ආනයනය කරන ලද අත්‍යවශ්‍ය සත්ව ඖෂධ අවමවීම, තාවකාලික ශ්‍රම හිඟය, ආහාර නිපදවීම සීමිත වීම, වෙළෙඳපොළ වසා දැමීම හා මෙරට ආහාර පිණිස සත්ව ගොවිපළවල් නඩත්තු කරන්නන් සඳහා ප්‍රමාණවත් ආදායමක් මාර්ගය නොමැති වීම මේ සඳහා බලපාන ප්‍රධාන හේතු ලෙස පෙන්වා දිය හැකිය. මෙම හදිසි තත්වය හමුවේ සත්ව ගොවිපොළවල් 5000 කට ආසන්න ප්‍රමාණයක කුකුල් මස් හා බිත්තර 12,000 ක් පමණ කල් ඉකුත් වී ඇත. නමුත් කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රට වසා දැමූ කාලවකවානුවේ ගව හා කිරි ගොවිපළවල් අවම බලපෑමට ලක්වීම නිසා එම අවස්ථාවේදී පවා ජාතික දියර කිරි අවශ්‍යතාවය සැපිරීමට හැකි විය. 2020 මාර්තු මස එනම් වසංගත සමයේ මුල් කාලයේ පටන් ආහාර සුරක්ෂා ක්‍රමවේදයක් ලෙස සත්ව ආහාර නිෂ්පාදනය, ආහාර පිණිස සතුන් මිලදී ගැනීම හා සත්ව ආහාර විකිණීම පිළිබඳව ශ්‍රී ලංකා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් රට තුළ හදිස්සියේම පනවන ලද සීමාවන් නිසා මහජනයාගේ කුසගින්නට හා ආදායම් මාර්ගවලට විවිධ බලපෑම් එල්ල විය.
කෘෂි හා සත්ව ආහාර ද්‍රව්‍ය විකිණීම සඳහා රජය වෙළෙන්දන්ට විවිධ අවස්ථාවලදී ඉඩ ප්‍රස්ථාව ලබා දීම ජනතාවගේ ආහාර අවශ්‍යතාව පරිපූර්ණ කිරීම සඳහා පහසු විය. ආහාර පිසීම සඳහා අත්‍යාවශ්‍ය අමු ද්‍රව්‍ය වන සහල්, ධාන්‍ය, පොල් හා පිටිකර පොල්, පොල් තෙල්, සීනි වැනි අනෙකුත් කුළුබඩුවලට වඩා රට තුළ ප්‍රමාණවත් පරිභෝජනය සඳහා විවිධ ස්ථානවල රහසේ නිපද වූ කහකුඩු ජාවාරම කාගෙත් අවධානයට යොමු නොවීය. රජය විසින් වෙළෙද භාණ්ඩ බද්ද ඉහළ දැමීම නිසා 2020 අප්‍රේල් මස සිට පනවා තිබූ ආනයනය සීමාවන් හේතුවෙන් දැනට ඉතිරිව ඇති ආනයනික ආහාර ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය දැඩිව දැනෙන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වෛරස ව්‍යාප්තිය අධිකව පැතිර ඇති අනාරක්ෂිත වාතාවරණයක පවා ආහාර ද්‍රව්‍ය හේතුවෙන් හෝටල් හා ආපනශාලාවල සිදුවන වාංචනික ක්‍රියා පිළිබඳව සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වෙහෙසන්නට විය.
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් උත්සන්න විය හැකි ආහාර අර්බුදය මගහරවා ගැනීමට එරෙහිව ශ්‍රී ලංකාව තවමත් විවිධ ක්‍රියාමාර්ගයන් දියත් කරමින් සිටී. මෙවැනි වාතාවරණයක ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ හා බෙදා හැරීමේදී ඇති විය හැකි ගැටලු අවම කර ගැනීමට නිවැරදි සෞඛ්යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් ගොවිතැන් කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යෑම හා යන්ත්‍රෝපකරණ භාවිතය මගින් ආහාර නිෂ්පාදනය විධිමත් කිරීම වැනි උපාය මාර්ගයන් ක්‍රියාත්මක කල හැකිය.