POFMA යනු කුමක්ද? එය ශ්‍රී ලංකාවට යොදාගන්නේ කෙසේද?
හරින්ද්‍රිනි කොරෙයා
වර්ෂ 2020 නොවැම්බර් මස 21වැනිදා ජනමාධ්‍ය පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කමිටුවේදී ඉදිරි සති කීපය තුළ වෙබ් අඩවි යාමනය සඳහා වන ක්‍රමවේදයන් හඳුන්වා දීම පිළිබඳ නිවේදන සහ ප්‍රතිචාර නිකුත් කෙරිණි. මේ ක්‍රමවේද සැකසීමට නියමිතව ඇත්තේ මාධ්‍ය කර්මාන්තය යාමනය කිරීම සඳහා සිංගප්පූරුවේ සම්මත කෙරුණු නව නීති පිළිබඳ අධ්‍යයනයකට අනුවය. සිංගප්පූරු නීති රාමුව සාවද්‍ය ප්රවෘත්ති සහ වෛරී භාෂණය පැරදවීම සඳහා ශ්‍රී ලංකාව තුළ භාවිත කළ හැකිද යන්න පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් පවතී. මේ ලිපිය මඟින් සොයා බැලෙන්නේ 2019 වසරේ සිංගප්පූරුවේදී සම්මත වූ මාර්ගගත (ඔන්ලයින්) සාවද්යතාවයෙන් ආරක්ෂා වීම සහ පාලනය කිරීම පිළිබඳ පනත (POFMA)සහ ශ්‍රී ලංකාවේ ඊට සමානව සම්මත වෙමින් පවතින නීතියේ බලපෑම පිළිබඳවය.
මාර්ගගත සාවද්යත්වයෙන් ආරක්ෂා වීම සහ පාලනය පිළිබඳ පනත (POFMA)
මෙය ක්‍රියාත්මක වූයේ යම් කරුණක් පිළිබඳ සාවද්‍ය ප්‍රකාශ විද්‍යුත් සන්නිවේදනයේදී සිදුවීම වැළැක්වීම සඳහාය, උදාහරණයක් ලෙස මාර්ගගත සාවද්‍යතා (‘සාවද්‍ය ප්රවෘත්ති’) සඳහා සහාය දීම යටපත් කිරීම සහ එවැනි සන්නිවේදනයක බලපෑමට විරුද්ධව කටයුතු කිරීම සඳහා අවශ්‍ය මිනුම් ක්‍රියාත්මක කිරීම, මෙන්ම මාර්ගගත ගිණුම් සහ බොට් (bots) (උදාහරණයක් ලෙස පරිගණකගතව දිවෙන කටයුතු සඳහා වන පරිගණක වැඩසටහන්) ආදිය අවභාවිතයෙන් වැළැක්වීම සඳහාය. POFMA කාර්යාලයක් තොරතුරු සන්නිවේදන මාධ්‍ය සංවර්ධන අධිකාරිය තුළ පිහිටුවූයේ සිංගප්පූරු රජයේ ඇමැතිවරුන්ගේ උපදෙස් අනුව මෙහෙයවීම්/දැන්වීම් නිකුත් කිරීමට, භාවිත සංග්‍රහය පරිපාලනය කිරීමට සහ අදාළ (POFMA)පනත යටතේ නිකුත් කෙරුණු නිරීක්ෂණය, දැන්වීම් සහ භාවිත සංග්‍රහය නිරීක්ෂණය සහ එකඟතාවන් බලගැන්වීම සඳහාය.
පනත මඟින් වෙබ් අඩවි වල නිවැරැදි කිරීමේ දැන්වීම් පළ කිරීම සහ අන්තර්ගතයන්ට ප්‍රවේශය සීමා කිරීම් හෝ ඉවත් කිරීම් සඳහා රජයේ ඇමැතිවරුන් බලගැන්වේ.
නිවැරැදි කිරීමේ උපදෙසක් හෝ සන්නිවේදනය නැවැත්වීමේ උපදෙසක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනය කළ හැක්කේ අදාළ අමාත්‍යවරයාට වෙනස් කිරීමට හෝ මූලික උපදෙස අවලංගු කිරීමට කරන ලද අභියාචනය ප්‍රතික්ෂේප වීමෙන් අනතුරව පමණි.
මෙම (POFMA) පනතේ උපදෙස් පළමුවෙන්ම භාවිත කෙරුණේ 2019 නොවැම්බර් මසදීය. ඒ රජයට අයත් අයෝජන ආයතන දෙකක් පිළිබඳ රජය විසින් ගත් තීරණ සම්බන්ධයෙන් පදනම් විරහිතව චෝදනා කරමින් පළ කළ සටහනක් සම්බන්ධව විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයකුට නිවැරැදි කිරීමේ දැනුම්දීමක් පළ කරන ලෙස නියෝග කරමිනි. චෙන්ගායි බන්ධනාගාරයේ, කුරිරු මාරාන්තික පහරදීම් පිළිබඳ සාවද්‍ය සටහන් (පෝස්ටු) නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙම (POFMA) පනතේ උපදෙස් නිදහස වෙනුවෙන් වන මලයාසියානු නීතිඥයන් පිරිස, කේවල මාධ්‍යවේදීන් සහ දේශීය ප්රවෘත්ති අඩවි සඳහා ද යොදා ගත්තේ එම ප්රකාශයන්හි සාවද්‍ය තොරතුරු ඇතුළත් බවට නිවැරැදි කිරීමේ දැන්වීම් පළ කිරීමටය. සිංගප්පූරුව ප්රකාශනයේ නිදහස කප්පාදු කරන බව පවසමින් අන්තර්ජාතික ක්ෂමා ආයතනය දිගින් දිගටම මේ පනත විවේචනය කළ අතර එමඟින් තවදුරටත් වාර්තා කළේ මෙම (POFMA) පනත සිංගප්පූරුවේ දේශපාලන විරුද්ධවාදීන් සහ විවේචකයන් සමඟ එකඟව කටයුතු කරන සමාජ මාධ්‍ය ආයතන බලහත්කාරයෙන් නිහඬ කිරීම සඳහා යොදා ගැනෙන බවටය. 2020 පෙබරවාරි මස (POFMA) පනත් කාර්යාලයට සිංගප්පූරුවේ සන්නිවේදන සහ තොරතුරු ඇමැතිවරයා උපදෙස් දුන්නේ සිංගප්පූරු රජය පිළිබඳ විවේචනාත්මක ප්රකාශනයක් වන ස්ටේට් ටයිම්ස් රිවීව් හි මුහුණු පොතේ පිටුව භාවිත කරන සිංගප්පූරු ජනතාවට එහි ප්‍රවේශ හැකියාව අත්හිටුවන ලෙසයි.
මෙම (POFMA) පනත මඟින් මාර්ගගත ක්‍රියාකාරකම් සඳහා දැඩි දඩමුදල් පනවා ඇත. “සාවද්‍ය හෝ නොමඟ යවනසුලු” ප්‍රකාශ ඇතුළත් වැරැදිසහගත සන්නිවේදන සඳහා සිංගප්පූරු ඩොලර් 50,000 (ඇමෙරිකානු ඩොලර් 36,000) දක්වා දඩමුදලක් හෝ වසර පහක සිර දඬුවම් ලැබිය හැකිය. අන්තර්ගතයන් නිවැරැදි කිරීමට හෝ ඉවත් කිරීමට දෙන ලද නියෝග පිළිපැදීමට අපොහොසත් වීම සිංගප්පූරු ඩොලර් 20,000 (ඇමෙරිකානු ඩොලර් 14,000) දක්වා දඩමුදලක් හෝ වසරක සිර දඬුවම් ලැබිමට හේතු විය හැකිය.
ශ්‍රී ලංකාවේ නෛතික ප්‍රතිසංස්කරණ
මේ (POFMA)පනත භාවිතයේදී මාර්ගගත මාධ්‍ය සමීක්ෂණයට මෙන්ම සිංගප්පූරුවේ ඇති වූ විරෝධතා මැඩ පැවැත්වීම ඒ හා සමාන නෛතික රාමුවක් ඇති ශ්‍රී ලංකාවේදීත් පිළිබිඹු වේද යන්න පිළිබඳ අවධානය යොමු වී තිබේ.
මාර්ගගත වෙබ් අඩවි යාමනය සඳහා වන යෝජනා නීතිය මඟින් පැහැදිලි කළ යුතුය, නීත්‍යානුකූල අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු අතර ප්රකාශනයේ නිදහස පිළිබඳ ව්‍යවස්ථානුකූල වගකීම මත සීමාවන් සාධාරණීකරණය කිරීම ප්රජාතන්ත්රවාදී සමාජයක අත්‍යාවශ්‍ය කරුණකි.
ප්රකාශනයේ නිදහස සඳහා සීමා පැනවීම නීත්‍යානුකූල වන්නේ ස්වාධීන ආයතන මඟින් ව්‍යවහාර කරන්නා වූ මෙන්ම සීමාවන් උල්ලංඝනය සඳහා යොදන වගන්ති මඟින් ඇති වූ හානියට අසමානුපාතික නොවන බව තහවුරු වන පරිදි ඒවා පැහැදිලිව අර්ථකථනය කළ හොත් පමණි.
ප්රකාශනයේ නිදහස සීමා කිරීමට පරිපාලන අධිකාරීන්ට ලබා දී ඇති අභිමතයේ සීමාව සඳහන් කිරීම වටී. අතුකෝරල සහ සමාගමට එරෙහිව නීතිපති (1997 මැයි 5, එස්.ඩී අංක 1/97-15/97) හි ගුවන්විදුලි කෙටුම්පතක් ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය; “නීතිය මඟින් පැහැදිලි මාර්ගෝපදේශ විස්තර කර නොතිබීම, ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හෝ දේශපාලන මතය අනුව තොරාගැනීමේ පදනම ඇතුළත් අතාර්කිකව තෝරාගත් පදනමක් මත ක්‍රියා කිරීමට ඇමැතිවරයා සහ / හෝ අධිකාරීත්වය ඇති මනාපය.”මාර්ගගත වේබ් අඩවි යාමනය සඳහා නව නීතිවල අවශ්‍යතාවක් පවතීද නැතහොත් ස්වයං යාමනය ප්‍රමාණවත්ද යන්න පිළිබඳ ඇත්තේ ප්රශ්නකාරී තත්ත්වයකි. ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසම (TRCSL) දැනට වෙබ් අඩවි යාමනය හා නිරීක්ෂණය සිදුකරන අතර එහි සභාපති පත්කිරීම සාමාන්‍යයෙන් සිදුකරන්නේ ජනාධිපතිවරයා විසිනි. සිවිල් සංවිධාන සහ පර්යේෂකයන් විසින් 2019 වසරේ අස්සන් කරන ලද සමාජ මාධ්‍ය ප්රකාශනය වගකිව යුතු සමාජ මාධ්‍ය භාවිතයක් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහය සපයන ලදී. කෙසේ වෙතත්, මාධ්‍ය වෙබ් අඩවි ලියාපදිංචිය යාවත්කාලීන කිරීම රජය විසින් දැනටමත් ප්‍රතික්ෂේප කරන අතර මාර්ගගත (ඔන්ලයින්) මාධ්‍ය පිළිබඳ තවදුරටත් රජයෙන් කෙරෙන මැදිහත්වීමේ බලපෑම පිළිබඳ පැනයක් පවතී. එනිසා නව මාධ්‍ය නීති පිළිබඳ ඇති යම් යෝජනා වෙතොත් එය පොදු සාකච්ඡාවට විවෘත විය යුතු අතර ආචාර ධර්ම පද්ධතියක් ස්ථාපනය කිරීමේ සහ ක්ෂේත්රයේ ස්වයං යාමනයක් ඇති කිරීම සම්බන්ධයෙන් මඟ පෑදිය යුතු වන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රජාව විසිනි.