ප්රජාතන්ත්රවාදය: යනු කුමක්ද?
බර්නාඩ් එදිරිසිංහ
ප්රජාතන්ත්රවාදය යනු කුමක්දැයි යළි විමසා බැලීම හේතු කිහිපයක් නිසා වැදගත් වෙයි. නුතන යෞවන හා තරුණ පරම්පරාව දේශපාලන ක්‍රියාකාරිත්වයෙන් ඈත් වීම, ඡන්දදායකයින් මැතිවරණවලදි දුෂිතයන්, පුරවැසියන් ලෙස අසමත් වු තැනැත්තන් පාලකයින් ලෙස තෝරා ගැනීමට දක්වන උනන්දුව වැනි කරුණු හේතු කොට ගෙන ප්රජාතන්ත්රවාදයට සිදුවිය හැකි දිගු කාලීින හානි කිහිපයකි.
ප්රජාතන්ත්රවාදය පිළිබඳ කතිකාව තුළ එහි ප්‍රධාන මුහුණවරවල් දෙකකින් හඳුනා ගත හැකියි. ජනප්‍රියම මුහුණවර වන්නේ නියෝජන ආණ්ඩුක්‍රමයයි. එමඟින් රාජ්‍යයක ආණ්ඩුකරන ක්‍රියාපටිපාටිය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් කරයි. නමුත් එම මාවත ඔස්සේ පමණක් ගමන් කරමින් ප්රජාතන්ත්රවාදය යනු කුමක්දැයි අවබෝධ කර ගැනීමට තැත් කළහොත් ප්රජාතන්ත්රවාදයේ අනෙකුත් මුහුණවරවල් විසින් ඉටු කරනු ලබන භූමිකා අවතක්සේරු කිරීමකට ලක් විය හැකිය.
මේනිසා ප්රජාතන්ත්රවාදය;
1- පරමාදර්ශයක් ලෙස හඳුනා ගැනීම:
2- ආණ්ඩුකරන ක්‍රමවේදයක් ලෙස හඳුනා ගැනීම:
පරමාදර්ශි ප්රජාතන්ත්රවාදය:
ප්රජාතන්ත්රවාදය මුලධර්ම එකතුවක්, වටිනාකම් පද්ධතියක් හෝ පරමාදර්ශයක් ලෙසට හඳුනා ගැනීමේ දි ඉන් අදහස් කරන්නේ පුරවැසියන් ගේ පරමාධිපත්‍යයයි.
පුරවැසි පරමාධිපත්‍යය පිළිබඳ මුල්ම ප්‍රකාශ දක්නට ලැබෙන්නේ පුරාතන යුගයට අයත් දේශපාලන සාහිත්‍ය තුළය.
ප්රජාතන්ත්රවාදි පරමාදර්ශය පිළිබඳ නිජබිම ඉන්දියාවද, මැදපෙරදිගද එසේ නැත්නම් ග්‍රීක පෞර රජ්යයන්ද යන්න පිළිබඳ දේශපාලන විද්‍යාඥයින් අතර විවාද පවති. මෑතක සිට සමාජ මාධ්‍ය ජාලා තුළ සංවාදයට භාජනය වි ඇති කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය ( ක්‍රි.පු. 312-ක්‍රි.පු. 296 අතර) රාජාණ්ඩුවක් තුළ රජෙකු විසින් කළ යුතු කාර්යභාරය සවිස්තරව දක්වන අතරම, රටවැසියන්ගේ සුබසාධනය පිණිස කළ යුතු මෙහෙවර ගැන විශේෂ අවධාරණයක් කරයි. ජාති හිතෛෂින් මේනිසා කෞටිල්‍ය ගේ අර්ථශ්රාස්ත්රයට වඩා ප්රමුඛත්වයක් දෙන නමුත් රටවැසියන්ට රජවීමට, දේශයට යෝග්‍ය ආඥා නිකුත් කිරීමට රටවැසියාට ඇති බලයක් ගැන අර්ථශ්රාස්ත්රය කථා නොකරයි.
පරමාදර්ශි ප්රජාතන්ත්රවාදය පිළිබඳ කතිකාවේදි වැදගත් වන්නේ පුරවැසියාට තිබෙන දේශපාලන බලය දරන මතයයි.
මුලධර්මයක් වශයෙන් ජනතා පරමාධිපත්‍ය පිළිබඳ සංකල්පය ප්රජාතන්ත්රවාදය ලෙස අර්ථ දැක්වු ප්‍රථම ඓතිහාසික සටහන හමු වන්නේ ග්‍රීක දේශපාලන සාහිත්‍ය තුළය. තිසීසිඩීස් විසින් ( ක්‍රි.පු.454-404 හෝ 396) රචනා කරන ලද පැලෆෝනිසියන් යුද්ධ ඉතිහාස ග්රන්ථයෙහි ඇතීසිනියානු සොල්දාදුවන් සම්බන්ධයෙන් ග්‍රීක රාජ්යතාන්ත්රීකයෙක් වු පෙරික්ලිෂ් විසින් පවත්වන සුප්‍රසිද්ධ ගුණානුස්මරණ දේශනය උපුටා දක්වයි. ‘අපගේ පාලනය අතළොස්සක් වෙනුවට වැඩි පිරිසක් සහභාගිවීම අගය කරන හෙයින් ප්රජාතන්ත්රවාදි යැයි කියමු. අපගේ නිතී සංග්‍රහය ඔවුන්ගේ පෞද්ගලික තරාතිරම නොබලා සමාන යුක්තියක් සහතික කරයි. යමෙක් මහජන සේවයට කැමත්තේ නම් ඔහුගේ ( ඇයට?) මහජන සේවා භූමිකාව හැකියාව මත තීරණය වන අතර සමාජ තරාතිරම් නොසැලකේ. දක්ෂතාවයට සමාජ පංතිය, දිළිඳු බව බාධාවක් නොවේ’.
ජනතා පරමාධිපත්‍ය පිළිබඳ මෙම සංකල්පය මාධ්‍යකාලීන යුගයේදී මතු වු වෙනත් දේශපාලන සංකල්ප විසින් යටපත් කරන ලදි. ඉඩම් හිමි රදළ පංතිය සමඟ අත්වැල් බැඳ ගෙන තිබු රාජාණ්ඩුවේ බලයට නැඟි එන ධනපති මධ්‍යම පංතිය විසින් අභියෝග කරන විට ඊට දේශපාලන විසඳුමක් වශයෙන් දේශපාලන චින්තකයින් විසින් ඉදිරිපත් කරන ලද්දේ නියෝජන ආණ්ඩුක්රමය, ව්‍යාවස්ථානුකූල වාදය යනාදියයි.
නුතන යුගයේ මෙම සංකල්පය සිත් කා වදින අන්දමින් ප්‍රකාශ කළ දේශපාලනඥයා වුයේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ය. ඇමරිකානු සිවිල් යුද්ධය (1891-1895) සමයේ පෙන්සිල්වේනියා හි ගැටිස්බර්ග් හිදි සිවිල් යුද්ධයෙන් මිය ගිය සොල්දාදුවන් ගේ ස්මාකරකයක් විවෘත කරමින් ඒබ්‍රහම් ලින්කන් මේසේ ප්‍රකාශ කළේය. ‘ මෙම යුද්ධයෙන් මිය ගිය සොල්දාදුවන් මිය ගියේ නිෂ්ඵලකාර්යකට නොවේ. දෙවියන් වහන්සේ යටතේ (ඇමරිකන්) දේශය නව නිදහසකට ජීවය දෙන අතර පුරවැසියන් විසින්ම, පුරවැසියන් සඳහාම පවතින, පුරවැසියන් ගේ ආණ්ඩුව මිහිතලයෙන් විනාශ නොවනු ඇත’ ( that government of the people, by the people, for the people, shall not perish from the earth). මෙහිදි ජනාධිපති ලින්කන් ප්රජාතන්ත්රවාදය යන වචනය පාවිච්චි නොකළ අතර, එය පසු කාලයේදි මෙම ප්‍රකාශයට ඇඳා ගන්නා ලද්දකි.
ජනාධිපති ලින්කන්ගේ මෙම ප්‍රකාශය ප්රජාතන්ත්රවාදි දේශපාලනයට මඟ පෙන්වන ආප්තෝපදේශ අතරින් එකක් වශයෙන් සැලකිය හැකියි. මෙම ප්‍රකාශය එක් අතකට ග්‍රික යුගයේ සිට වර්ධනය වු ප්රජාතන්ත්රවාදය යනු පුරවැසියන් කේන්දර කොට ගත් පාලන ක්රමයකි යන අදහස් හකුළා දැක්වීමකි.
මෙහි අරුත රාජ්‍යයක් පාලනය කිරීමට අයිතිය ඇත්තේ ඒ රටේ පුරවැසියන්ට මිස ප්‍රභූ පන්තියට නොවන බවයි. පුරවැසියන් විසින්ම ආණ්ඩුකරනය පිණිස, තමන් විසින්ම සකස් කරගත් ප්‍රතිමාන (ව්‍යාවස්ථාව හා නිතී රීති) වලට අනුව පුරවැසියන් තෝරා පත් කරයි. ඒ පුරවැසියන් ආණ්ඩුකරනය කරනු ලබන්නේ කිසිවෙකුටත් සිය ප්‍රභූත්වය, විශේෂ කණ්ඩායමක් වීහෝ සුවිශේෂ භූගෝලීය කලාපයක ජිවත්වීම නිසා හෝ ලබා දෙන විශේෂ වරප්‍රසාද, තාන්නමාන්න ආදියට ඉඩ නොතබා රාජ්‍යයේ සියලු දෙනාගේ ම යහපත වෙනුවෙනි.
19වන සියවසේ සිට වර්ධනය වු සර්වඡන ඡන්ද බලය විසින් මෙම දේශපාලන පරමාදර්ශය යථාර්ථියක් කරන ලද්දේද? ජනතා පරමාධිපත්‍ය පිළිබඳ සංකල්පය ජනිත වුයේ සමාජ විෂමතා බහුල වු පුරාතන යුගයේ සහ යළිත් ඉස්මතු වුයේ 19 සියවසේදීය. උදාහරණයක් ලෙසට ග්‍රීක යුගයේ කාන්තාවන්ට කිසිදු දේශපාලන අයිතිවාසිකමක් නොතිබුණ අතර 20 සියවසේ මැදභාගය වනතුරුම ඡන්ද බලය ජන වර්ගය, දේපල වැනි නිර්ණායක මත තීරණය කෙරිණ. ජනතා පරමාධිපත්‍ය සංකල්පය දුර්වල කළ මෙම සංරචක ඉවත් කොට අද වන විට සර්වඡන ඡන්ද බලය විසින් එක් පුරවැසියෙකුට එක් ඡන්දයක් යන මුලධර්මය මත ගොඩ නැගි තිබේ. ව්යායවස්ථාදායකයට හෝ විධායකයට නියෝජතයෙක් වශයෙන් තේරි පත්වීමට මුලික සුදුසුකම වන්නේ පුරවැසියෙක් ලෙස ඡන්ද බලයට තිබෙන අයිතියයි.
නමුත් ප්‍රායෝගිකව බලන කළ විසිඑක් වන සියවස වන විට මැතිවරණ නිදහස් හා සාධාරණ යැයි පිළි ගනු ලැබුවකි.එහෙත් මැතිවරණ ‘ජනතා පරමාධිපත්‍ය’ පිළිබඳ ප්රකාශනයක් ද යන ප්‍රශ්නයට දිය හැකි පිළිතුර නිශේධාත්මකය. පුරවැසියන්ට සවාධීන අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත් වීමට වඩා, අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂවලට තිබෙන වැඩි බලය; ව්‍යාපාරිකයින් විසින් තමන්ගේ ‘කූලී හේවායන්’ වැනි අපේක්ෂකයින් විධායකයට හෝ ව්‍යාවස්ථාදායකයට පත් කර ගැනීමට වැය කරන මුදල් කන්දරාව; ජනමාධ්‍ය විසින් පක්ෂග්රාහි වීම වැනි සාධක එවැනි නිගමනයකට පක්ෂව ඉදිරිපත් කළ හැකි ප්‍රධාන තර්ක වේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල් අතළොස්සක හැර සර්වඡන ඡන්දබලය පිළිබඳ පුරවැසි විශ්වාසය හීන වී යමින් තිබේ. සර්වඡන ඡන්ද බලය කෙරෙහි වැඩිම ආකර්ශණයක් දැක්වුයේ බිළිඳු උත්පාදකවරුන්ගේ පරම්පරාව’ ලෙස හැඳින්වු 1946-1964 අතර උපන් පරම්පරාවයි. නමුත් වත්මන් ජනගහනයෙන් බහුතරයක් වන යෞවන පරම්පරාව ( 1997 – 2012 අතර උපන් ) පරපුර දේශපාලනය සහ මැතිවරණ කෙරෙහි දක්වන්නේ ඇල් මැරුණ උනන්දුවකි. මිට ප්‍රධාන හේතුවක් වන්නේ නියෝජන ප්රජාතන්ත්රවාදය අද මන්ත්‍රී දේශපාලනයකට පරිවර්තනය වි තිබීම නිසා යැයි කිව හැක.
නමුත් තරුණ පරපුරට ප්රජාතන්ත්රවාදය පිළිබඳ පරමාධිපත්‍ය සමඟ ජිවත් වීමට එය බාධාවක් නොවේ. ජනතා පරමාධිපත්‍ය මඟින් පාලකයින් විවේචන කිරීමට, ප්‍රශ්න කිරිමට, තමා රටක ජනාධිපති හෝ අගමැති නම් ‘රට කරවන අයුරු’ කථා කිරීමට ජනතා පරමාධිපත්‍ය පිළිබඳ ප්රජාතන්ත්රවාදි සංකල්පය අපට අවසර ලබා දෙයි. ජන සමාජයක් තුළ කෙරෙන එවැනි සංවාදය හුදු සිහින පමණක් නොවන අතර ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන ප්‍රබල ගාමක බලවේගයක්ද වේ.