පාසල්වල නව මාධ්‍ය සාක්ෂරතාව ඉගැන්විය යුතු අවස්ථාව
විහඟ පෙරේරා
අවුරුදු පහළොවකට මදක් පෙර, ජනමාධ්‍ය ඉගෙන ගන්නා තරුණ සිසුවකු ලෙස යහපත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අයනු ආයනු මට උගැන්වීය: ඩබ්ලිව්5, එච් සහ බී (5W,H and B = What,Where,When, Who,Why + How + Background= කුමක්ද,කොහේද, කවදාද, කවුද, කිමද, කොහොමද සහ පසුබිම) පිළිබඳ අපට කීවේ හොඳ වාර්තාකරණයේ පදනම ලෙසය. ඩොල්ටන් ද සිල්වා, ලක්ෂ්මන් ගුණසේකර සහ කුමුදිනී හෙට්ටිආරච්චි වැනි ක්ෂේත්‍රයේ දැවැන්තයන් විසින් මෙහෙයවන ලද එහි මා හා එකට වැඩකරන්නන්ට මෙන්ම මට තොරතුරු ප්‍රමුඛතාගත කිරීම, ප්‍රවේශයේදී සදාචාරාත්මක වීම සහ කරුණු ඉදිරිපත් කිරීමේදී සමබරව බැලීම උගන්වන ලදී. අපට ඉගැන්වූයේ ගිනි අවුළුවන ලෙස වචන නොහසුරුවන ලෙසය.
එතරම් භක්තියකින් අපට ඉගැන් වූ සිද්ධාන්තය හිට්ස්, වෛරල් ෂෙයාර්ස් සහ ක්ලික් බේට් වැනි ප්‍රවෘත්තිවල ගාමක බලය හසුරුවන තුරුම්පු සහිත නැඟී එන මාධ්‍ය භාවිතයක් මඟින් ඊළඟ දශක එකහමාරක් වැනි කාලයක් තුළ සමතලා කර දමනු ඇතැයි; සේම මේ නිෂ්පාදනයේ ගුණාංග ඇතැම් දේශපාලන කණ්ඩායම් මඟින් සමාජයේ ගැඹුර කැලතීම සඳහා නිර්දය ලෙස භාවිත කරනු ඇතැයි අප දැන සිටියේ නැත. එහෙත් මේ යථාර්ථය අප නව දශකයක් ඉදිරියට පා තබන්නට සිතා සිටින විටදී අප පසුකරගෙන ගොස් ඇත: අප වැනි රටවල නව මාධ්‍ය තාක්ෂණයන් ඉහළ ප්‍රමුඛතාවකින් යුතු භූමිකාවක් රඟනු ඇති අතර නව මාධ්‍ය සාක්ෂරතාව ජීවන කුසලතාවක් ලෙස සහ පොදු ප්‍රතිපත්තියක් ලෙස ඉගැන්වීමට සිදුවන දශකයක් බවට එය පත්වනු ඇත.
පසුගිය වසර කීපයේදී, නව මාධ්‍ය ඔස්සේ බලය බලමුළු ගැන්වූ අවස්ථා කීපයක් ජනනය වූ අයුරු පැහැදිලිව අප දුටුවෙමු. උදාහරණයක් ලෙස මෛත්‍රීපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ එකතුව ගෙන ගිය දේශපාලන ව්‍යාපාරය 2015දී බලයට පත් වූයේ නව මාධ්‍ය භාවිත කරන්නන්ගේ පරම්පරාවෙන් ලද වාසියක් අත්පත් කරගැනීමෙන් බව නිතර කියැවිණි. පසුගිය පස් වසර පුරා ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන කඳවුරු පාහේ නව මාධ්‍ය දෙපාර්තමේන්තුවකට ප්‍රතිස්ථාපනය කළ අතර ඩිජිටල් (අංකිත) යෙදවුම් මඟින් සන්නිවේදන නාළිකා සඳහා පහසුකම් සැලසීය. මැතිවරණ අතරතුර 2018 වසරේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයේ නැඟී සිටීම සහ එවැනිම දෙවැනි රැල්ලක් 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු මුදා හැරීමේදී වයිබර් සහ වට්ස්ඇප් වැනි සන්නිවේදන යෙදවුම් යොදා ගැනුණේ මැර පෙළපාළි බලමුළු ගැන්වීමට සහ මෙහෙයවීමටය. පාලනය ප්‍රතිස්ථාපනය සඳහා සහාය දීමට මෙන්ම මහජනයා බිය ගැන්වීමත් නොමඟ යෑමත් වැළැක්වීම වෙනුවෙන් රජයට ඇතැම් යෙදවුම් සාධාරණ කාලයක් සඳහා අත්හිටුවීමට බල කෙරිණි. මාධ්‍ය ප්‍රධානීන්, දැවැන්ත ව්‍යාපාරිකයන්, බෙදුම්වාදී පූජකයන් සහ සියල්ල දත් ජ්‍යෝතීර්වේදීන් සමඟ සබඳතාවය ඇති, දේශපාලන ක්‍රීයාකාරීත්වයන්හි වත්මන් මෙහෙයුම් දැතිරෝද අතර උපායශීලීව නිර්මාණය කරන ලද මාධ්‍ය හස්තයන්, කරුණු අන්තර්ගත නිර්මාණකරුවන් සහ බලපෑම්කරුවන් දැනටමත් වන බව දැක්වීමට එයම ප්‍රමාණවත්ය.
නව මාධ්‍ය සංස්කෘතියේ තීරණාත්මක ලක්ෂණය එය අපේ තරුණ පරපුරේ ජීවන කුසලතා සමඟ සමෝදානය (ඒකාබද්ධ) කිරීමයි. වැරැදි තොරතුරු, අනිටු පුවත්, සකසන ලද අන්තර්ගතයන්, මාර්ගගත ආරක්ෂාව (ඔන්ලයින් ආරක්ෂාව) වැනි මාධ්‍යයට සම්බන්ධ මෙහෙයවීම් රැසක් සමඟ ගනුදෙනු කිරීමේදී ඔවුන්ට දිය හැකි ශාස්ත්‍රීය මට්ටමේ හෝ විධිමත් ආකාරයේ උපදේශය කුමක්ද? එසේම අප දැක ඇති ආකාරයට මහජනයා අවදානමට තල්ලු කරන, අනාරක්ෂිත සහ අපේක්ෂා භංගත්වය දනවන මේ දේශපාලන ක්‍රමය කෙතරම් දුරට විශ්වසනීය අන්දමින් ඵලදායී වැඩසටහනක් කරා මේ දෙපාර්තමේන්තුව තල්ලු කරනු ඇත්ද. එහෙත් නව මාධ්‍ය සාක්ෂරතාව අධ්‍යාපනයක් ලෙස කල් දැමිය නොහැකිය. අභියෝගය වන්නේ නව මාධ්‍ය සාක්ෂරතාව ප්‍රධාන පාසල් අත්දැකීමක් ලෙස ඇතුළත් කර ගැනීමට ප්‍රතිසංස්කරණ සඳහා යොමු කිරීම සහ නිර්මාණාත්මක මාර්ග සොයාගැනීමයි. එමෙන්ම, සමාජීය මට්ටමින් දැනුම්වත් කිරීම සහ දැනුම නිර්මාණය කිරීමේ බර යෙදීම සඳහා රාජ්‍ය නොවන ක්‍රියාකාරකයන් අවශ්‍ය විය හැකිවා මෙන්ම එනිසා “වඩාත් සම්බන්ධිත” පුරවැසි ජාලයක් අවශ්‍ය විය හැකිය.
වර්තමානයේ අනිටු සහ නොමඟ යවනසුලු අන්තර්ගතයන්ට එරෙහිව නව මාධ්‍ය මඟින් මෙහෙයවන මූලික පියවර සහ ක්‍රියාකාරී ලෙස තොරතුරු සෙවීමේ ක්‍රමවේද ශ්‍රී ලංකාව සතුව ඇත. එහෙත් තොරතුරු පරීක්ෂා කිරීම දෛනික කටයුත්තක් ලෙස උනන්දු කරවීමේ උපායමාර්ග පැමිණෙනු ඇත්තේ වැඩිදියුණු වූ සාක්ෂරතාව සමඟ පමණි. මෙය සිහියේ තබාගෙන ප්‍රවෘත්ති භාවිතය මන්දගාමී කිරීම, -අන්තර්ගතයක් සැකසීමට ගත වන කාලය- සහ ප්‍රවෘත්ති මූලාශ්‍රයන්ට හැඳින්වීමක් ලබාදීම සාක්ෂරතාව සමඟ ගනුදෙනු කරන නව යුගයේ වැඩසටහන්වල ඉහළින්ම විය යුතුය.
පසුගිය සති දෙකක පමණ කාලයේ, දේශපාලන ක්‍රියාකාරකයන්ගේ බොහෝ ප්‍රකාශයන්හි මෙන්ම විරුද්ධ දේශපාලනඥයන් දැක්වූයේ මාධ්‍ය නිදහස හා ප්‍රකාශනයේ නිදහස රජය මඟින් මායා දඩයමක යෙදවීම නිසා භයානක අවිනිශ්චිතතාවක් ඇතිව ඇති බවයි. “මාධ්‍යයට එරෙහි මායිනි ඝාතය නතර කරනු: සජිත් ආණ්ඩුවට කියයි.” යනු ද theleader.lk අඩවිය විරුද්ධ පක්ෂ නායක සඳහන් කරමින් ශීර්ෂ පාඨය ලෙස යෙදුවේ (කියන ලද බවට සඳහන්)’සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය අරමුණු කරගත් සන්දර්ශනාත්මක ප්‍රචාරක වැඩසටහන්’ යන අතරය. නොවැම්බර් 27 එවැනිම අවධානයක් යොමුකළ ලිපියක් උපුටමින් ‘අයිතිය’ නම් සිංහල ප්‍රවෘත්ති වෙබ් අඩවිය පළ කළේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමට සඳහා දුලාන් දිසානායක සහ කේ. සංජීව වැනි මාධ්‍යකරුවන් මඟින් රජයට කරන ලද ඉල්ලීමකි.
පෞද්ගලිකව මා මුලින් සඳහන් කළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අවාසනාවන්ත සංවර්ධනයන්ට වඩා වැඩි යමක් ලෙස දකිමි. ඒවා දේශපාලනිකව මෙහෙයවන ලද තත්ත්වයන් වූයේ නම්, එවැනි ප්‍රචණ්ඩත්වයන් හසුරුවන ඕනෑම කෙනකුගේ සදාචාරයේ දූෂිත බව පිළිබඳ ප්‍රශ්න කිරීමට එය ඉවහල් වනු ඇත. අපගේ සාමූහික හෘදය සාක්ෂිය බිය පත් විය යුත්තේ සමාජයේ තත්ත්වය හීන කිරීමට වාර්ගික සහ සංස්කෘතික වෛරය ඇති කරමින් බිය වැද්දීමේ අතකොළුවක් ලෙස නව මාධ්‍ය භාවිත වීම පිළිබඳවය. දේශපාලනික වශයෙන් ව්‍යුත්පන්න වූ කෘත්‍රිමව නිර්මාණය කරන ලද සතුරකුට එරෙහිව නැඟෙන මහා භීතිකාව මගේ මාධ්‍ය සාක්ෂරතාවෙන් තොර විය හැකිය. පවතින දේශපාලන ක්‍රමය නොවේ නම් – ඒ සියල්ල වර්තමාන දශකය සමඟ හමාර විය යුතුය .
නූතන සියවසේ විවෘත සමාජවල ප්‍රමිතීන් සපුරාලමින් මාධ්‍යයට දක්වන ප්‍රතිචාර යළි ඇගයීමේ පැහැදිලි වරණයක් රජයට ඇත. නව දශකයේ උදාවේදී රජයට අවස්ථාව උදාව ඇත්තේ පහළ සිට ඉහළට ගමන් කරන අධ්‍යාපන වැඩසටහනක් සහ ඉහළ සිට පහළට ගමන් කරන සමාජ ව්‍යාපෘතියක් මඟින් දැනුම්වත් නව මාධ්‍ය හැසිරීම් රටාවක් පෝෂණය කිරීමටය.