
ව්‍යාජ ප්රවෘත්ති වසංගතය හඳුනාගනිමු නවතමු
භව්නා මොහාන්
දිගු කලක පටන් ප්රමුඛව පැවතුණ කරුණක් වන “ව්‍යාජ ප්රවෘත්ති” පැතිරීම පසුගිය සති කීපයේ දිවයින පුරා අත්දුටු කොවිඩ් -19 දෙවැනි රැල්ල මඟින් ඉදිරියටම ගෙන ආවේය.
මේ ගැටලුව ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බව කිව යුතු නොවන්නේ, මීට පෙර අවස්ථා රැසකදීම ව්‍යාජ ප්රවෘත්තිවල විපාක අත්විඳ ඇති බැවිනි.
වර්ෂ 2018දී සමාජ මාධ්‍යවල සාවද්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝ දර්ශන සංසරණය වීම දිගන මුසල්මානුවන් සහ සිංහල බෞද්ධයන් අතර ප්රචණ්ඩ ක්‍රියා උසිගැන්වීමට හේතු වූ අතර එය නින්දිත දිගන කැරැල්ල දක්වා මෙහෙයවිනි. ඊළඟ වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයට මුස්ලිම් ජනතාව සම්බන්ධ කිරීමේ උත්සාහයක් ව්‍යාජ ප්රවෘත්ති මඟින් අන්තර්ජාලය ඔස්සේ පැතිර යෑම පසුව මුස්ලිම්වරුන්ට වෙනස්කම් සිදුවීමට තුඩු දෙන්නක් දක්වා ගියේය.
මේ වසරේ පවා කොවිඩ්-19 පළමු රැල්ල සමයේ ව්‍යාජ ප්රවෘත්ති තම අප්‍රසන්න මුහුණ ඉහළට ඔසවනු ශ්‍රී ලංකාව දුටුවේය. නැඟෙනහිර ආසියානුවන් විදේශිකයන්ගේ දැඩි නොරිස්සුමට ලක් වූ අතර අවන්හල් සහ ඒ හා සමාන ස්ථානවලට ඔවුන්ගේ පැමිණීම ප්‍රතික්ෂේප විණි. ඒ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපදින සමාජයේ වෙනස් නිකායන් පිළිබඳ සාවද්‍ය තොරතුරු පැතිරෙන්නට විය. නිවෙසේ තනාගන්නා පිළියම් මඟින් වෛරසය සුව කළ හැකි බවට වැරැදි තොරතුරු පැතිරෙන්න විය, තේ වර්ග මඟින් ඊට එරෙහි ප්‍රතිශක්තිය වර්ධනය කරන බව ඇතුළු විවිධ සාවද්‍ය ප්‍රකාශයන් ජනතාව වැරැදි ආරක්ෂිත හැඟීමකට ඇද දැමුවේ, වසංගත සමයකට අවැඩදායක වන අයුරිනි.
අංගොඩ උණ රෝහලෙන් නිකුත් කළා සේ පෙනෙන අයුරින් ව්‍යාජ ලෙස සකසන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශන ලිපි අන්තර්ජාලයේ සංසරණය වූයේ ඊටම එක්වෙමිනි. එහි අන්තර්ගත වූයේ, මේ වනවිට එමඟින් කිසිදු බලපෑමක් ඇති නොවන බවට පිළිගැනෙන මෙන්ම වෛරසය සුව කළ හැකි බවට ඔප්පු නොකළ, නිවෙස තුළ කළ හැකි පිළියම් සහ රෝග වළක්වාලීමේ මිනුම් දඬු පිළිබඳ උපදෙස් වන අතර, එය රෝගය ස්වයං කළමනාකරණය කළ හැකි බවට පුරවැසියන් නොමඟ යවනසුලු විශ්වාසයකි.
පැහැදිලිවම, සාවද්‍ය තොරතුරු පැතිරවීමෙන් ඇති වූ ධනාත්මක (සාධනීය) බලපෑම්වලට පැවැත්මක් නැත. එසේ වුවත් ප්‍රේක්ෂාගාර වරින් වර රැවටීමට ලක්වීම සිදුවන අතර මේ සාර්ථක රැවටීමේ ප්‍රතිඵලයක් ලෙස සර්පිල බලපෑමක්ද ඇති විය- එය පැතිරීමත් සමඟ, එය වැඩි දෙනකු වෙත ළඟා වූ අතර ඔවුන්ද නොමඟයන සුලු තොරතුරුවලට අනුව හැසිරුණේ, එයින් නිරන්තර ඍණාත්මක (නිශේධනීය) බලපෑම් ඇතිවන අයුරිනි.
ව්‍යාජ ප්රවෘත්ති ප්‍රචාරකයන් කෙතරම් දුරට රැවටීමට ලක් කරන්නේද යන්න අප දැඩි අධිෂ්ඨානයකින් යුතුව අවබෝධ කරගැනීම ඉතා වැදගත්ය; මේ හේතුව නිසාම ව්‍යාජ ප්රවෘත්ති විවිධ හැඩතල සහ ආකාර ගනු ඇත. උසිගන්වන්නන් ඔවුන්ගේ තොරතුරුවල සුජාතබව වෙනුවෙන් වෙනස් මාර්ග ගනු ඇත. ඔවුන් විවිධ ක්‍රම සහ උපාය මාර්ග යොදා පාරිභෝගියන් සාර්ථකව රවටනු ඇත. ඒ කොපමණද යත් ජනතාව එම තොරතුරු බෙදාගැනීමට බොත්තම තද කරන්නට පෙර එහි විශ්වසනීයත්වය හෝ මූලාශ්‍රය විමසීමට පවා සිතන්නේවත් නැත.
ව්‍යාජ ප්රවෘත්ති යන්නෙහි මුඛ්‍ය අර්ථකථනය වන්නේ මූලිකවම චේතනාන්විතව නොමඟ යැවීමේ අරමුණින් සාවද්‍ය තොරතුරු සත්‍ය මුහුණුවරකින් ඉදිරිපත් කිරීම වුවත් එය හසුකරගැනීම එතරම් සරල නොවේ. (ලිපියේ අවසානයේ ව්‍යාජ ප්රවෘත්ති හඳුනා ගැනීමේ හෝඩුවාවන් කීපයක් සඳහන් වේ.)
නිශ්චිත විශ්වාසයන් හෝ ප්‍රතික්‍රියාවන් හටගන්නා ආකාරයට සත්‍යවාදීව පෙනෙන අයුරින් තොරතුරු සකස් කිරීමේ බොහෝ ක්‍රම වන්නේ: ව්‍යාජ සම්බන්ධතා මඟින් තොරතුරු සැකසීම, අවශ්‍ය පරිදි සකස් කරන ලද අන්තර්ගතය, ගොතන ලද අන්තර්ගතය, අනුග්‍රාහකත්වය ලද අන්තර්ගතය (එය වෙළෙඳ ප්‍රචාරයක් බව පැහැදිලි නොවුණද), සාවද්‍ය අන්තර්ගතය (සත්‍ය තොරතුරු සමඟ සාවද්‍ය තොරතුරු බෙදා හැරෙන විට), උපහාසය හෝ හාස්‍යානුකරණය (ලස්සන වැකියක්, එය පුද්ගලයා කියවා ගන්නා හා දකින ආකාරය අනුව යැපේ), ප්රයෝගකාරී අන්තර්ගතය, ප්රචාරාත්මක සහ වැරැදීම් (පිළිගත් ප්රවෘත්ති ආයතන වාර්තා කිරීමේදී සිදුවන අත්වැරැදීම්).
මාධ්‍ය මඟින් වැරැදි තොරතුරු සැපයෙන්නේ නැති බවට හෝ නොමඟ නොයවන බවට අපේක්ෂා නොකිරීම වැරැදි නැත. කෙසේ වෙතත් මාර්ගගත (ඔන්ලයින්) සහ එසේ නොවන (ඕෆ්ලයින්) තොරතුරු බහුල සේම වැඩිවන තරගකාරීත්වයකින් යුතු යුගයක මුද්‍රිත මාධ්‍ය පවා නිරත වන්නේ වැඩි වැඩියෙන් ක්ලික් (නැරඹීම්) සහ බෙදාගැනීම් (ෂෙයාකරගැනීම්) ලබාගැනීමේ අරගලයකය. පුවත් කඩ කාලය සමඟ තරගයට දුවන්නේ තමන්ගේ කතාවට (“දැන් ලැබුණු පුවතක්”) “උණුසුම් පුවත්” යන නාමය ඈඳා ගැනීමට සහ එම තොරතුර සැපයීමේ පළමු මූලාශ්‍ර ප්රභවය බවට පත්වීමටය. මෙය විවිධ විශ්වසනීය මූලාශ්‍ර ඔස්සේ සනාථ නොකළ තොරතුරු වාර්තා කිරීමට හෝ එම කතාපුවතින් අහිතකර ප්‍රතිඵල මතුවිය හැකි තොරතුරු අනාවරණය වීමේ අඩුපාඩු සිදුවීමට හෝ හේතු විය හැකිය. අවාසනාවන්ත ලෙස මේ ආකාරයට, නම්දැරූ පුවත් ආයතනවලින්ද ව්‍යාජ ප්රවෘත්ති ප්‍රචාරය විය හැකිය.
වාර්තාකරණයේදී සිදුවන වැරැදිවලට සේම පුවත් කඩ සමාව ඉල්ලීම්/ නිවැරැදිකිරීම් සිදු කිරීමට සමාව දිය හැකි වුවත්, ප්රජාතන්ත්රවාදයේ සිව්වැනි කුලුණ ලෙස බලය විහිදුවාගෙන සිටින මාධ්‍යවේදීන් සහ වාර්තාකරුවන් හට ඔවුන්ගේ රාජකාරියේදී අමතර වගකීමක් පැවරෙන බව කෙනකු සිතේ තබාගත යුතුය.
බොහෝ මාධ්‍යවේදීන් ඔවුන්ගේ වාර්තාකරණය ස්වයං යාමනයකට නතු කරන අතර ආචාර ධර්ම පද්ධතියකින්ද ඔවුන් පාලනය කෙරෙනු ලැබේ. මෙය මාධ්‍යවේදීන්, වාර්තාකරුවන්, කර්තෘවරුන් සහ ප්‍රකාශකයන් වැනි අය සඳහා යෙදෙන අතර එය 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල නීතියේ ඇතුළත් වී තිබේ. එහි සඳහන් නියමයන්ට අනුව “සෑම මාධ්‍යවේදියකුම (අ) තමන් විසින් පළ කිරීම සඳහා ලියන ලද කිසියම් ලිපියක් ප්රකාශනයට පෙර එහි සත්‍යවාදීබව ඔහුගේ බලයට අනුව යෙදිය හැකි සියලුම සාධාරණ ක්‍රම මඟින් නිශ්චය කරගත යුතුය. (ආ) යම් කාරණයක් සාවද්‍ය හෝ වැරැදි බවට විශ්වාස කිරීමට හේතුවක් ඇත්නම් හෝ ඒ පිළිබඳ දන්නේ නම් එය වාර්තා කිරිම හෝ මුද්‍රණය හෝ ප්රකාශනය නොකළ යුතුය.”
අනෙක් නීතිද ව්‍යාජ ප්‍රවෘත්තිවලට ආමන්ත්‍රණය කරයි. මේ මඟින් වරදකරුවන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගත හැකිවා මෙන්ම නීති බලාත්මකකිරීම් මඟින් යොදා ගැනෙමින් තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 465සහ 485 ඡේද ගනුදෙනු කරන්නේ ව්‍යාජ ප්රවෘත්ති සහ ප්‍රකාශවල නිශ්චිත ආකාර සමඟ වන අතර අපරාධ නඩු විධාන සංග්‍රහය මඟින් ද එය ආවරණය කරයි. දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පසුගිය (2019) වසරේ සංශෝධනය කෙරුණු අතර එමඟින් ‘ව්‍යාජ ප්රවෘත්ති’ බෙදාහැරීම රුපියල් මිලියනයක් වැනි විශාල දඩමුලකට සහ /හෝ උපරිම වසර පහක සිර දඬුවමකට යටත්වන අපරාධයක් බවට පත් කරන ලදී.
ව්‍යාජ ප්රවෘත්ති පිළිබඳ කාරණය හැසිරවීමේදී වර්තමානයේ නීති බලගැන්වීමේ අධිකාරී යනු ව්‍යාපාරයකි. පසුගිය සති කිපය තුළ සිදු වූ අත් අඩංගුවට ගැනීම් එයට සාක්ෂියකි; වයස අවුරුදු 18ක තරුණයකු රහස් පොලිසිය මඟින් මීටියගොඩදී අත්අඩංගුවට ගැනුණේ ඇඳිරි නීතිය පිළිබඳ ව්‍යාජ ප්රවෘත්ති ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිශීර්ෂ යොදාගෙන ප්‍රකාශයට පත් කිරීම නිසා වන අතර වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණේ කොවිඩ් -19 තත්ත්වය පිළිබඳ ව්‍යාජ ප්රවෘත්ති ප්‍රචාරය කිරීම හේතුවෙනි.
අත්‍යාවශ්‍යයෙන්ම, අද අප මුහුණ දෙන්නා වූ කොවිඩ් -19 වසංගතය වැනි අර්බුදකාරී අවස්ථාවක, පුරවැසියන් ලෙස අප බෙදාහදාගන්නා දේ පිළිබඳ වගකීමකින් කටයුතු කළ යුතුය. සංඛ්‍යාංක (ඩිජිටල්) යුගයේ ජීවත්වන්නන් ලෙස අප වට්ස්ඇප් පණිවිඩයක් යොමුකරද්දී හෝ මුහුණු පොතේ සටහනක් (පෝස්ටුවක්) බෙදාගනිද්දී අවබෝධ කරගත යුතුව ඇත්තේ එය දකිනු ලබන්නේ (ළඟා වනු ඇත්තේ) අප සිතන කෙනාට හෝ අපගේ යහළු ලැයිස්තුවේ පිරිසට පමණක් නොවන බවයි; එය වැඩි වාර ගණනක් අප නොහඳුනන අය වැඩි පිරිසකට යොමු වීමට හා බෙදා ගැනීමට හැකි බවයි.
එනිසා කරුණාකර ඔබ යමක් බෙදා ගැනීමේ පියවර ගැනීමට පෙර කල්පනාකාරී වන්න. හේතුව ඔබ බෙදාහැරි දෙය ව්‍යාජ හෝ නොමඟයවනසුලු පුවතක් වුවහොත් එයින් වැරැදි තොරතුරක් ප්‍රචාරය වීමෙන් ඇතිවන රැල්ලේ බලපෑම කොවිඩ් -19ට වඩා වේගවත්ව පැතිරෙන වසංගතයක් විය හැකි බැවිනි.
ව්‍යාජ ප්රවෘත්ති නැවැත්වීමට හෝඩුවාවන්/ රහස්
* බහු මූලාශ්‍ර සෙවීමට උත්සාහ කරන්න: කතාපුවතට අදාළ කුමක් හෝ අධිසබැඳියක් (හයිපර්ලින්ක් එකක් ක්ලික් කරන්න) ඔබන්න. දෙන ලද තොරතුරු සැබැවින්ම කතාපුවතට සහාය පළකරන්නේදැයි අදිටන් කරගන්න. ඔබට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ තොරතුරු පරීක්ෂා කරන අඩවියකින්ද සොයා බැලිය හැකිය.
*මූලික ප්රභවය සහ අන්තර්ගතය හඳුනාගෙන තහවුරු කරගන්න: අඩවිය විමර්ෂණය කිරීමට, එහි අරමුණ සහ එහි සම්බන්ධතා පිළිබඳ තොරතුරු සඳහා කතා පුවතින් ඉවත ක්ලික් කරන්න.
*තව ඔබ්බට කියවන්න: කියවීමට පෙලඹීම සඳහා ශීර්ෂපාඨය ආකර්ෂණීය විය හැකිය. සම්පූර්ණ කතාව කියවා එය ශීර්ෂපාඨය සමඟ ගැළපේදැයි බලන්න.
*කොවිඩ් -19 පිළිබඳ තොරතුරු බෙදාගැනීමේදී/ පළ කිරීමේදී විශ්වසනීය මූලාශ්‍ර මත රැඳෙන්න.
*බිය සහ තැතිගැන්ම ව්‍යාප්ත නොකරන්න.
*දිනය පරීක්ෂා කරන්න: පැරැණි පුවත් වාර්තා යළි පළකිරීම යනු එය වත්මන් ක්‍රියාකාරකම්වලට අදාළ වන බව නොවේ.
*ලියන්නා පරීක්ෂා කරන්න: ක්ෂණික පරීක්ෂාවක් ලියන්නා පිළිබඳ කිරීමෙන් ඔවුන් විශ්වසනීය සහ සැබෑ අයද යන්න දැනගත හැකිය.
*ඔබේ පාර්ශ්විකත්වය පරීක්ෂා කරන්න: ඔබේ විනිශ්චයට ඔබේ විශ්වාසයන් බලපාන්නේදැයි සිතා බලන්න.
(මූලාශ්‍ර: Groundviews.org,රොයිටර්ස්, ලෝක සෞඛ්‍ය සංවිධානය)