අනාවරණ

ජාතික ලැයිස්තුවේ ඉඩප්‍රස්තා වෘත්තිකයන්ට ලැබිය යුතුයි

කලවර්ශනි කනගරත්නම්

ලංකාවේ ජනවර්ග අතර ගැටුමක් නොමැති බව මාගේ විශ්වාසය යි. එවැනි ස්වභාවයක් පැවතියේ නම්, අද වනවිට එක් පුද්ගලයෙක් වෙනත් පුද්ගලයෙක් සමඟ මුහුණට මුහුණලා කතා නොකරනු ඇත; ඔවුන් එකිනෙකා ඔවුන්ගේ මුහුණු ආපසු හරවා ගනු ඇත. නමුත්, අප අතර නිසි වැටහීමක් නොමැත යනුවෙන් පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය තුෂාර කමලරත්න කියයි.

රටේ වර්තමාන දේශපාලන සමාජ හා ආර්ථික තත්ත්වය පිළිබඳ ඔබගේ නිරීක්ෂණය කෙබඳු ද?

පවත්නා රජය ඔවුන්ගේ සිමාවන් ඉක්මවායනවා. එනම්, නීතිය හා නියෝග පිළිබඳ තත්ත්වය ශෝකජනක යි. එය, වාහනයක් පණගන්වා රියදුරෙකු නොමැතිව මාර්ගයේ ධාවනය කරනවා වගේ, එය අනතුරකට හේතුවන බවට කිසිඳු සැකයක් නෑ. රටේ පවත්නා තත්ත්වය මේ හා සමාන යි. කිසිඳු මඟ පෙන්වීමකින් තොරව එය ගමන්කරනවා. දේශපාලකයන් සහ විධායක නිලධාරීන්, ඔවුන්ගේ වත්කම් ඉක්මවා යන ආකාරයට ක්‍රියාකරමින් සිටිනවා. රෙගුලාසි පැවතුන නමුත් ඒවා නියමාකාරයෙන් ක්‍රියාත්මකවෙන්නේ නෑ.

ආර්ථිකය අගාධයට ඇදවැටිලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා මුදල් නෑ. මට තේරෙන විදිහට, රාජ්‍ය අංශයේ සේවක වැටුප් ගෙවීමට, මහබැංකු බැඳුම්කර පෞද්ගලික අංශයට විකුණනවා. සමාජය පිළිබඳ සැළකිල්ලට භාජනය කරන්නේ නම්, රටේ සෑම තැනකම උද්ඝෝෂණ පෙළපාලි සහ, රජයට මේවා පාලනය කිරීමට නොහැකි යි; ඒක ඉතා හොඳින් පැහැදිලි යි. එක්කෝ ජනතාව ඉල්ලන දේ ලබාදීම හෝ එය කළ නොහැකි බව ඔවුන් ප්‍රකාශ කරන්න ඕනෑ. නමුත්, එසේ කරන්නෙ නෑ. මන්ද, එය කිරීමේ හැකියාවක් නෑ.

අනෙක් අතට, අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ පැවති විශ්වාසය බිඳවැටිලා තියෙනවා. මක්නිසාදයත්, උසාවි විනිශ්චයක් ලබාදීමට පෙර, දේශපාලනඥයන් තීන්දුව ලබාදෙන නිසා. ඇතැම් අවස්ථාවල, එකම අපරාධය සඳහා දඩුවම් දෙවිදිහකට ලබාදෙන අයුරු අපි දැකලා තියෙනවා. මෙසේ සමාජ, ආර්ථික, නිතිය හා නියෝග පද්ධතිය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය බිඳවැටිලා තියෙනවා.

  

මේ තත්ත්වයන්ගේ ඒකරාශීවීමත් සමඟ, ජනවාර්ගික හා ආගමික ගැටුම් ද මේ රට තුළ සිදුවෙමින් පවතිනවා.

ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර ගැටුමක් නොමැති බව මාගේ විශ්වාසය යි. එවැනි ස්වභාවයක් පැවතියේ නම්, අද වනවිට එක් පුද්ගලයෙක්  වෙනත් පුද්ගලයෙක් සමඟ මුහුණට මුහුණලා කතා නොකරනු ඇත; ඔවුන් එකිනෙකා ඔවුන්ගේ මුහුණු ආපසු හරවා ගනු ඇත. නමුත්, අප අතර නිසි වටහා ගැනීමක් නොමැත. දේශපාලකයන් මේ මත වාසි ලබා ගනිමින්, ඒවා ගැටුම් බවට පත්කරමින් සිටිනවා.

අපි බස් රථයේ එකට ගමන්කරනවා; කවුරු හරි අපි පසුපස පන්නමින් ඉන්නව ද? කිසිඳු ප්‍රශ්නයක් නැතිව, අපි එකට මාර්ගයේ ඇවිදිනවා. මම යාපනයට ගියාම, එහෙ ජනතාව මාව හොඳින් බලාගන්නවා. සියළු ජනවර්ගවලට අයත් සිසුන්, මෙම විශ්වවිද්‍යාලයේ වසර හතරක් තිස්සේ එකට ඉගෙන ගනිමින් හා ජීවත්වෙමින් ඉන්නවා. එසේනම්, මෙම ජනවර්ග අතර ගැටුමක් පවතිනව ද ? එය, අප මත සැළසුම් කළ හා ආරූඪ කළ දෙයක්. එමනිසා, අපි එකිනෙකා දෙස සැකයෙන් බලනවා. මෙය, සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය තුළ පවතින දෙයක්.

මෙය අළුත් ප්‍රපංචයක් නෙවෙයි; මෙය බ්‍රිතාන්‍යයන් විසින් බෙදා වෙන්කිරීමට සහ පාලනය කිරීමට භාවිතා කළ කඩාකප්පල්කාරී උපායමාර්ගයක්. රාජ්‍ය පාලනය ගෙනයාමේ පහසුව සඳහා, මෙම ප්‍රතිපත්තිය ඔවුන් යොදාගත්තා. ඔවුන්, ජනතාව පන්තිවලට වෙන්කරනු ලැබුවා. මෙම ආදර්ශය අද පවා අඛණ්ඩව සිදුවෙනවා.

  

අප මත ආරෝපනය කර ඇති මෙම විසංවාදී මානසිකත්වය මැඩපවත්වා ගන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකාව තුළින් ජාතික නායකයෙකු මතුවිය යුතු යි; ඉන්දියාව තුළ එවැනි නායකත්වයක් පවතිනවා. ජනවර්ග, ආගම් හා භාෂාමය වශයෙන් සියළු ජනතාව මේ තුළට ඇද ගත්තා. නමුත්, 1948 න් පසු ශ්‍රී ලංකාවේ පිහිට වූ පක්‍ෂ කිසිවක් ජාතිමාමක ඒවා නොවේ. ඒ වෙනුවට, ඔවුන් පිහිටුවා ගත් පක්‍ෂ, ඔවුන්ගේ පන්තියට අයත් ජනතාව පමණක් නියෝජනය කළ ඒවා. මෙම ප්‍රජා කණ්ඩායම මත, ඔවුන් රඳා පවතිනවා. එමනිසා, ජාතික නායකයෙකු නිර්මාණය විය යුතු යි.

යහපත් රජයක් යටතේ, සිවිල් සමාජය වඩාත් ශක්තිමත් වුණා. අපි හිතුවා , එම ශක්තියත් සමඟ අඛණ්ඩව වැඩකිරීමට හැකිවෙයි කියලා. නමුත්, එසේ වුණේ නෑ. දේශපාලන, වාර්ගික හෝ ආගමික විවිධත්වයේ පීඩනයෙන් තොරව, සිවිල් සමාජයක් නිර්මාණය කිරීමේ හැකියාව තවමත් පවතිනවා. එය කිරීමට සිද්ධවෙනවා.

එමනිසා, කිසිඳු දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නොවූ පුද්ගලයෙක් නායකයා වශයෙන් ඡන්දය ඉල්ලන්න ඕන වගේම එම පුද්ගලයාට අධිකාරිත්වය ලබාදෙන්න ඕන. එවැනි නායකයෙකුට, දේශපාලන මතවාදයක් හෝ දේශපාලන පක්‍ෂ වශයෙන් පීඩනයක් නොපවතීවි. එවැනි නායකයෙකු, ජනතා ආකල්ප අවබෝධ කරගත හැකි පුද්ගලයෙක් වශයෙන් දකින්න පුළුවන්. පාලකයා නිවැරදි නොවන්නේ නම්, ජනතාව එම නායකත්වය ප්‍රතිස්ථාපනය කරාවි; එවැනි පද්ධතියක් අපේ රට තුළ පිහිටුවන්න ඕන.

  

මෙම වසරේ ජනාධිපතිවරණය සඳහා අපේකෂකයන් (35) ඉතා ඉහළ ප්‍රමාණයක් සිටිනවා. මහජන අවකාශය තුළ බොහෝ අප්‍රකට අය මෙහි ඇතුළත්වෙනවා. දේශපාලනය සඳහා මෙය කෙතරම් දුරකට හිතකර ද?

මැතිවරණය සඳහා ඉදිරිපත්වන බව, අපේක්ෂකයන් ඉතා හදිස්සියේ නිවේදනයකරනවා. අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඉතා දුර්වල යි. මැතිවරණය නිවේදනය කර මාසයකට පසුව, එක් අපේක්‍ෂකයෙක් පැමිණෙනවා. ඊට පසුව, අනෙක්කෙනා එනවා. මෙම කෙටි කාලය රටේ ජනාධිපතිවරයා තීරණය කිරීම සඳහා ප්‍රමාණවත් ද? උදාහරණයක් ලෙස ජනතාව දන්නේ නෑ මහේෂ් සේනානායක කියන්නේ කවුද කියලා?  ඔහුත් තරඟ වදිනවා.

එක්සත් ජනපදයේ මැතිවරණ ක්‍රමය දෙස බලන්න. අපේක්ෂකයන්, මාස කිහිපයක් තිස්සේ ඔවුන්ගේ ප්‍රතිපත්තීන් පිළිබඳව මාධ්‍යට නිවේදනයකරනවා. සියළුම මාධ්‍යන් විසින්, එය දෛනිකව විකාශනය කරනු ලබනවා. එමඟින්,  අපේක්ෂකයන් කවුරුන්ද යන්න පිළිබඳවත්, රටට ඔවුන්ගෙන් පවතින ප්‍රතිලාභ මොනවාද සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති මොනවාද ? යන්නත් පිළිබඳව ජනතාව දැනගන්නවා. යම් පුද්ගලයෙක් මැතිවරණයට මාසයකට පෙර, තමන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් බව නිවේදනයකරනවා නම්, ඔහු/ඇය පිළිබඳව ජනතාව දැනගන්නේ කෙසේ ද? මෙම දේශපාලන සංස්කෘතිය වෙනස්කිරීමට අවශ්‍ය යි.

  

මෙම දේශපාලන සංස්කෘතිය, උගත් ජනතාව අවශෝෂණය කර ගන්නේ නෑ. එබඳු ජනතාව පවා විරෝධය දක්වන්නේ නෑ. මෙම තත්ත්වය හසුරුවන්නේ කෙසේ ද ?

“ජාතික ලැයිස්තු” සංකල්පය, තරඟවැදීමට නොහැකි වූ හා පාර්ලිමේන්තුවට තේරීපත්වීමට නොහැකි වූ නමුත්, පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු විද්‍යාර්ථින්, අන්තරගතකිරීම සඳහා පවතින යාන්ත්‍රණයක් වශයෙන් දක්නට පුළුවන්. නමුත්, සිද්ධවෙන්නේ මොකක්ද, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද හෙන්චයියන් ජාතික ලැයිස්තුව හරහා තෝරාගැනීම යි. එය, ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන පුද්ගලයෙක්, නැවත ගෙනඒම සඳහා ජනතාවට පවතින අයිතිවාසිකම උල්ලංඝණය කිරීමක්. ජාතික ලැයිස්තුව එමනිසා උගත් බුද්ධි-මණ්ඩලයන් සඳහා වෙන්කරන්න පුළුවන්.

ඔබ කියනවා විශ්වවිද්‍යාල තුළ වඩාත් හොඳ විවිධත්වයක් හා මිත්‍රත්වයක් හඳුනාගන්න පුළුවන් කියලා. මෙම ශිෂ්‍යයන් පවා සමාජයෙන් පිට සිටියත්, ජනවාර්ගික හා ආගමික ගැටළු අවමවන ආකාරයක් අපට දක්නට ලැබෙන්නේ නෑ.

වඩාත් යහපත් ක්‍රමයන් යටතේ, අපි සිසුන්ට මඟපෙන්වනවා. ගැටළු හඳුනාගැනීමටත්, ඒවාට විසඳුම් සොයා ගැනීමටත්, අපි ඔවුන්ට උපකාරකරනවා. මක්නිසාදයත්, විශ්වවිද්‍යාලය තුළ සිටිය දී, මෙම ජනවාර්ගික ප්‍රජාවන් තුනට අයත් ශිෂ්‍යයන් එකමුතුව සිටිනවා. නමුත්, මෙයින් පිටවුණාට පසු, යම්කිසි තැනකින් ආරම්භවුණ විසන්ධිවාදය, හිතාමතාම ඔවුන්ගේ සිත්වලට කාවදිනවා. මේ නිසා තමයි, අපි කියන්නේ, වඩාත් යහපත් සිවිල් සමාජයක් ගොඩනගන්නට අපට සිද්ධවෙනවා කියලා. ජාතිභේදවාදී දේශපාලන උගුල තුළට වැටීමෙන් වැළකියහැක්කේ, වඩාත් හොඳ චේතනාවකින් යුතුව බොහෝ දේවල්වලට මුහුණදෙමින් ක්‍රියාකිරීමට හැකි සිසුන්ට පමණ යි.

ඊළඟට, මාධ්‍ය කියන්නේ විවිධ සිද්ධීන්ට පක්ෂපාතී  වූ  මෙන්ම ප්‍රජාව තුළ පවතින වැදගත් කොටසක්. මෙම තත්ත්වය වෙනස්විය යුතුයි වගේම මාධ්‍ය සංස්කෘතියක් ඕනෑම මැදිහත්වීමකින් නිදහස්වෙන්න ඕන.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts