සමාජ

ජාතීන් අතර එකමුතුව නඩත්තු කරන්නේ නෙලෙස ද?

කමලරාණි කාර්තිකේසු

මා අඛණ්ඩව මිල දී ගත් ඉංග්‍රීසි පුවත්පත් පහෙන් එක් පුවත්පතක් කියවීම නතර කළා. එහි සම්පූර්ණයෙන්ම වෛරය වපුරවන මෙන්ම ජනවාර්ගික ගැටලු සඳහා සංවේදී නොවන ජනතාව කුපිත කරවනු ලබන ලිපි පළ වී තිබුණා යි සඳහන් කරන්නේ හිටපු මහජන බැංකු නිලධාරියෙකු හා සා මය සදහා වන එකමුතුවෙහි පුරෝගාමියා වූ පින්ටෝ ජයවර්ධනයි.  

ඔබ සාමය සදහාවන එකමුතුව ආරම්භ කරනු ලැබුවේ ඇයි?

2009 යුද්ධය අවසන් වූ පසුව අප කණ්ඩායමක් දකුණේ සිට යුද්ධයෙන් අවතැන් වූ ජනතාව වාසය කරන උතුරේ මැණික් නම් කඳවුරට ගියා. එහි රැගෙන ගියේ පිටිකිරි ආදි අත්‍යවශ්‍ය වන භාණ්ඩ. ඒවා බෙදා හරින විට අපට හැඟී ගියේ එම ප්‍රමාණය එහි ජීවත්වන ජනතාවට ප්‍රමාණවත් නොවන බවයි. අප ළදරුවන් ගේ අවශ්‍යතාවය වන කිරිපිටි බෙදා දීම ආරම්භයේදී සිදු කළ අතර එහි ජීවත්වූ ළදරුවන්ට මාස හයකට අවශ්‍ය කිරිපිටි ලබාදීමට තරම් අවසානයේ අපට එය කළමනාකරණය කරගැනීමට හැකි වුණා.

අපගේ ඊළඟ ඉලක්කය වූයේ අධ්‍යාපනයයි.  එම කඳවුරේ සිටි දරුවන්ගේ  අධ්‍යාපන අවශ්‍යතා සඳහා අවශ්‍ය වූ ගුරුවරුන් සපයා දීමට උදව් කරනවා. අප ගුරුවරුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලුවා.  ඉතින් ඔවුනට ගස් යට පන්ති පැවැත්වීමට හැකි වුණා.

අවසානයේ දී අවතැන් වූ ප්‍රජාව සිය නිවසට ගියද, අපගේ සහාය අවසන් වුණේ නැහැ. අප ඔවුන්ගේ ගම් බිම් වෙත ගොස් ශිෂ්‍යයන්ට උදව් කිරීම ආරම්භ කළා. මේ කාලයේ අප පාසල් පාවහන් සපත්තු හා අනෙකුත් පාසල් උපකරණ රැගෙන  ඔවුන්ගේ ගම් බිම්වලට ගියා. අවුරුදු 6ක ගැහැනු ළමයෙකු එහිදී හමුවුණා. අප පාවහන් ලබාදෙන විට ඇය “මෙයින් මා කුමක් කරන්නදැයි” අපගෙන් ඇසුවා. ඒ කතාව අපේ ඇසට කඳුලක්  එක් කරන්න සමත් වුණා. මේ තමයි යුද්ධයෙ දුක්බර ප්‍රතිවිපාකයන්. ඇගේ ඒ දුක්බර කතාව අපේ අරමුදල පිහිටුවන්න ප්‍රබල දායකත්වයක් සැපයුවා. ආගමික හා ජනවාර්ගික වෙනස් කමින් තොර වාර්ගික හා ජනවාර්ග බැඳීම් ගොඩනැංවීමට අධිෂ්ඨාන කිරීම තමයි අපගේ සාර්ථකත්වයේ ප්‍රධාන අංගයන් උනේ.

මේ දිනවල ඔබගේ සංවිධානය හරහා සිදු කරනු ලබන ක්‍රියාකාරකම් මොනවාද?

අද වන විට මෙම සංවිධානයේ ශාඛාවන් විස්සක් රට පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. අප මුලින්ම උදව් කළ ළමුන් අද වන විට තරුණ වියට පත් වෙලා. ඔවුන් වෙනුවෙන් විවිධාකාරයෙන් උදව් කරනවා. අප සිංහල හා දෙමළ ළමුන් වෙනුවෙන් වැඩසටහන් පවත්වනවා. ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය උපදේශනයන් අවවාද ලබා දෙනවා වගේම රැකියා අවස්ථාවන් සොයා දෙනවා. එසේම අප මෙවැනි වැඩසටහන් ආගමික හා ජනවාර්ගික ප්‍රජාවන් අතර සාකච්ඡාවක් ඇති කිරීම සඳහා ද භාවිතා කරනු ලබනවා.

දෙමළ ළමුන් සමඟ සාකච්ඡා සංවාද පවත්වන විට භාෂාව සම්බන්ධ ගැටලු මඟහරවා ගන්නේ කෙසේද?

අප මුලින්ම පරිවර්තකයන්ගේ සහය ලබා ගත්තා. නමුත් දැන් අපි මේ ළමුන්ට ඉංග්‍රීසි හා සිංහල උගන්වලා තියෙන්නේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අප සමග සම්බන්ධතාවන් පවත්වන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඔවුන් කණ්ඩායම් තුළ වැඩ කරන විට නවීන තාක්ෂණය භාවිතයෙන් ඉංග්‍රීසි භාෂාව සන්නිවේදනයට භාවිතා කරනු ලබනවා.

අප රටේ පවත්නා විවිධත්වය නඩත්තු කරන්නේ කෙසේද?

ශ්‍රී ලාංකිකයින් ලෙස අප එකට වැඩ කළ යුතු වෙනවා. අප ශ්‍රී ලාංකිකයින් ලෙස වැඩ කටයුතු සිදු කරන විට අප සියලු සංස්කෘතීන්  සම්බන්ධව දැනුවත් වනවා සේම  අපට සියලු සංස්කෘතීන් හැදෑරිය හැකි වෙනවා. අප සංස්කෘතින් වටා ඒකරාශී වනවා. අප අපගේ ජනවාර්ගික හා ආගමික සංස්කෘතික වටිනාකම් ලබා දෙන තරමට අනෙක් ආගමික හා ජනවර්ග සංස්කෘතීන්ට ගරු කළ යුතු වෙනවා.

උදාහරණයක් ලෙස ඉස්ලාම් ආගම ගන්න. ඉතා උසස් අදහස් සහිත ඉතා ආකර්ෂණීය හොඳ ආගමක්. ජීවත් විය යුතු ආකාරය උගන්වනු ලබන ආගමක් ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. නමුත් අද ඉස්ලාම් ආගමේ එන බොහෝ අදහස් වහාබ්වාදය සමඟ සම්බන්ධ වෙලා. ඉස්ලාම් ආගම යනු වහාබ්වාදය නෙමෙයි. මා හිතන විදියට වහබ්වාදය ඉස්ලාම් ආගමික ඉගැන්වීම් වලට සපුරා වෙනස් ඉගැන්වීමක්. අප ඉස්ලාම් ආගමෙන් ඉගෙනගත ගත යුතු බොහෝ දේ තිබෙනවා. එනම් ඉස්ලාම් යනු කුමක්ද? හා කර්මය සම්බන්ධයෙන් ප්‍රචාරණයට බිය නොවිය යුත්තේ කෙසේද? යන්න. අප එය අපගේ ජීවිතයට මෙහෙයවීමක් ලෙස පරිශීලනය කරනු ලබනවා. අප එය තවමත් අපගේ ළමුන්ට උගන්වනවා. මේ විදියට තමයි අපි විවිධත්වය නඩත්තු කළ යුතු වන්නේ.

පසුගිය අවුරුදු කිහිපය සාමය ගොඩ ගොඩනැංවීම අපට වැරැදුනේ කොහේද? අප එය නැවත සකස් කරනුයේ කෙසේද?

මෙය දේශපාලනිකව ගම්‍යමාන වන්නක් වගේම එහි දී මාධ්‍ය විසින් එහි සෘණාත්මක පාර්ශවය සඳහා දැඩි කාර්යභාරයක් ඉටුකරනු ලබනවා. මා අඛණ්ඩව මිල දී ගත් ඉංග්‍රීසි පුවත්පත් පහෙන් එක් පුවත්පතක් කියවීම නතර කරනු ලැබුවා. එහි සම්පූර්ණයෙන්ම වෛරය වපුරවන මෙන්ම ජනවාර්ගික ගැටලු සඳහා සංවේදී නොවන ජනතාව කුපිත කරවනු ලබන ලිපි පළ වී තිබුණා.

අනෙක් තමයි පාසල්. මේ තත්ත්වයට දායක වන අනෙක් සංස්ථාව පාසල. මෙම ප්‍රශ්නය විසඳාගන්න පුළුවන් වෙනවා සිංහල, දෙමළ, හින්දු , ක්‍රිස්තියානි, මුස්ලිම් හා බුද්ධාගම යන බෙදීම් ඉවත් කිරීම හරහා සහ පාසල තුළ ආගම්ක හා ජනවාර්ගික වශයෙන් මිශ්‍ර වූ පාසල් වටපිටපිටාවක් ස්ථාපනය කිරීම හරහා .

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔබගේ කණ්ඩාය මේ තරුණයන්ගේ තත්ත්වය කෙබඳුද?

අපේ මීගමුව ශාඛාවෙ ළමුන් දෙදෙනෙක් අපේ ඉගැන්වීම්වලට සහභාගිවීම  නැවැත්තුවා. අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු ඔවුන්ගේ මව්පියන් ඔවුන්ට කියලා තිබුනෙ අප සමග  වැඩ කරන්න එපා කියලා. ඔවුන් ඔවුනට ආවේනිකව ගොඩනැඟුණු ප්‍රජාවක් නියෝජනය කරන්නන්. එවැනි මානසිකත්වයක් සහිත ඔවුන් අනෙක් පරම්පරාවට ද එය සම්ප්‍රේෂණය කරමින් ඉන්නවා. එවැනි මානසික තත්වයන්, ළමුන්ට වඩා දෙමවුපියන්ගේ වැඩි තත්ත්වයකුයි තියෙන්නේ.

අප සමග වැඩ කරන මුස්ලිම් ප්‍රජාවේ කෙනෙක් පසුගිය රාමසාන් උත්සව කාලේ කාර්යාලයට බුරියානි රැගෙන ආවා. නමුත් කිසිම කෙනෙකු එය ආහාරයට ගැනීමට එක් වුණේ නැහැ. මොකද ඔවුන්ට සැකයක් තිබුණා. මේ බත් වලට වන්ධ්‍යාකරණ  බෙහෙත් අඩංගු කර ඇති බවට. ඔවුන්ගේ බිය එලෙස පැවතීම හේතුකොටගෙන ඔවුන් ඇය සමඟ ආහාර ගැනීමට සහභාගී වුණේ නැහැ. එක් පුද්ගලයකු ස්වේච්ඡාවෙන්ම එය ආහාරයට ගැනීමට ඉදිරිපත් වුනා. එයා අපේ කණ්ඩායමේ ළමයෙක්. ඊට පස්සේ කිහිපදෙනෙක් ඉදිරියට ඇවිත් ඒ බත් එක සමගියෙන් ආහාරයට ගත්තා.

ඒ වගේම ඇල්පිටිය ප්‍රදේශයේ  සිසුවකු සිංහල යහළුවෙකු සමඟ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. අප්‍රේල් 21 සිදුවීමෙන් පසු ඇය යහළුවන්ව මගහරින්න පටන් අරගෙන තිබුන. මොකද ඔවුන්ගේ වෛරය සහගත කථනයන් හේතුවෙන්. ඇය ඇයගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නවත්වන්න ගියා.  නමුත් අපේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් ඉදිරිපත් වෙලා ඇය සමග යහළුකම දිගට ම පවත්වා ගත්තා වගේම දිගින් දිගටම ඇයව සැනසුවා. ඒ යාළුකම තමයි ඇය නැවත ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය රඳවාගන්න උපකාර කළේ. මේ තමයි අපේ ළමයින්ගේ අත්දැකීම්.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts