සමාජ

අල්ප යටිතල පහසුකම් ගෙනෙන අනතුරු මිනිසුන්ගේ ඉරණම තීන්දු කළ පාරක්

කුරිංචි පාර්තන්

ලියන්වැලි වතුයායේ වෙසෙන මානියම්, තයරන්ජනී මෙන්ම ඔවුන් සමඟ වැඩ කරන තවත් බොහෝ කම්කරුවන් අරගල කරන්නේ එක සමාන ගැටලු සමඟය. ඔවුහු තමන්ගේ නිවෙස්වලින් එළියට බැස යෑමට නියමිත පාරක් නොමැතිව විඳවති.

“මාසෙකට කලින් මේ බබා ඉපදුණා, අපි මෙතැනින් වෙන තැනක් හොයාගෙන ගියා. අපි ටික කාලෙකට මෙහෙ එන එකක් නැහැ.” නුවර එළිය නගරයෙන් කිලෝමීටර 34ක් පමණ ඈත ලියන්වැලි වත්තේ වර්තමානයේ පදිංචිව සිටින සතාසිවම් තයරන්ජනී පවසන්නීය. එම වතුයායේ සිට මහපාරට ළඟා වීමට තිබෙන එකම මඟ වසර සියයකට පමණ පෙර බ්රි්තාන්යය පාලන යුගයේ වතුකම්කරුවන් විසින් තැනූවකි.

“අවුරුදු 24ක් වුණ මගේ නංගිට සැරයක් උණ ගැනුණා. අපිට නංගිව රෝහලට ගෙනියන්න ත්රිංරෝද රථයක් ගන්න පාරට යන්න වුණා. එයාට හුස්ම ගන්න අමාරු වෙලා ඉස්පිරිතාලෙ යන්න කලින්ම නැති වුණා. ඊට පස්සේ මගේ තාත්තා. (55). 2012 තාත්තා‌ට හෘදයාබාධයක් හැදුණා. ඒ පාරෙදිම ඉස්පිරිතාලේ යන අතරමඟදි ත්රීනවීලරය කැඩුණා. තාත්තටත් අත් වුණේ නංගිට අත්වෙච්ච ඉරණමමයි. ඉතින් මේ පාර නිසා අපිට අපි ආදරේ කරන අය නැති කරගන්න වෙනවා. අපට හොඳ පාරක් තිබුණා නම් ඒ අයගෙ පණ බේරගන්න තිබුණා” එම වතුයායෙම වෙසෙන තවත් තැනැත්තියක වූ මානියන් පුවනේස්වරී පැවසුවාය.

වතුයායේ වෙසෙන මානියම්, තයරන්ජනී මෙන්ම ඔවුන් සමඟ වැඩ කරන තවත් බොහෝ කම්කරුවන් අරගල කරන්නේ එක සමාන ගැටලු සමඟය. ඔවුහු තමන්ගේ නිවෙස්වලින් එළියට බැස යෑමට නියමිත පාරක් නොමැතිව විඳවති. ලියන්වැලි වත්තේ වතු පවුල් 110ක් වෙසෙති. ඔවුන් කන්ද නඟින්නේද බහින්නේද දෙපයේ පුරුද්දෙනි. දැන් මෙය ඔවුන්ට පුරුද්දට ගොසිනි. ඒත් අසනීපයකදි කුමක්වේද? විශාල බරක් ඔසවාගෙන යන අයට කුමක්වේද? මේ පාරට මේ මිනිසුන්ගේ ඉරණම තීරණය කිරීමට ඉඩ දී අපට බලා සිටිය හැකිද?

පැරැණි කියමනක ඇත්තේ ‘කෝවිලක් නැති නගරයක වාසය නොකරන්න’ කියාය. එහෙත් මේ කතාව ඇසීමෙන් පසු අපට කීමට ඇත්තේ ‘පාරක් නැති තැනක වාසය නොකරන්න’ කියාය.
මෙහි වෙසෙන පොන්නයියා සුලෝජිනීගේ කතාව තිගැස්සෙන සුළුය. පසුගිය අවුරුද්දේ මාර්තු 10 වැනිදා මට අමාරු වෙලා බබා හම්බවෙන්න පාර දිගේ අවිදගෙන ඉස්පිරිතාලෙට ගියා. බබා ගත්තේ සිසේරියන් සැත්කමකින්. ටිකට් කැපුවට පස්සේ අපි ත්රීරවීලරයක් අරගත්තා ගෙදරට එන්න. ඒ ත්රී්වීලරය වළකට වැටිලා අපේ පවුලම එළියට විසිවුණා. අලුත උපන් මගේ බබාටයි මටයි දෙන්නටම තුවාලත් වුණා. ආපහු අපට තුවාලවලට බෙහෙත් දාන්න ඉස්පිරිතාලෙට යන්න වුණා. හැම දවස් දෙකකට සැරයක්ම බෙහෙත් දාන්න අපට ඉස්පිරිතාලෙ යන්න වුණේ පයින්. මේ සේරම මේ පාරේ කණගාටුදායක තත්ත්වය නිසායි. බබා හම්බෙන්න කලින් මෙහෙන් ගිහින් හම්බුණාට පස්සේ ආවා වුණත් අපට දරුවාව හැම මාසෙකම සායනයට ගෙනියන්න වෙනවා. මේක තමයි ඛේදවාචකය අපට අත්වෙලා තිබෙන”

“මම මාසෙකට රුපියල් දාස්ගාණක් ත්රී වීලර්වලට වියදම් කරනවා. වෛද්යමවරු මට මාසයක් පාසා සායනයට එන්න නියම කරලා තිබෙනවා. ඇවිදින්න පුළුවන් අය කො‌හොම හරි පයින්ම ඒ දුර යනවා. ඒත් මම කොහොමද ඒක කරන්නේ? මම යන්නේ මට යන්න ඕනෙමයි කියලා හිතුණු වෙලාවට විතරයි. ” රෝගීව සිටින 74 වියැති කන්දසාමි සරස්වතී පවසන්නීය. ඇය තවදුරටත් විස්තර කරමින් අපට මෙසේ කියයි. “ළමයි විසිපස්දෙනෙක් විතර 10-11 පන්තිවලින් පස්සේ ඉස්කෝලෙ ගමන නැවැත්තුවා. සමහරු ඉස්කෝලෙ යන්න අදිමදි කරනවා. ඒ ළමයින්ට දවසට දෙසැරයක් කඳු නැග-නැග කිලෝමීටර තුන ගානෙ යන එන එක ලේසි වැඩක් නෙවෙයි. ඉස්කෝලෙ පටන් ගන්නේ උදේ 8.00ට. ඉස්කෝලෙට වෙලාවට යන්න නම් ළමයි ගෙදරින් පාන්දර 6.00ටත් කලින් පිටත්වෙන්න ඕනෙ.”

මේ මාර්ග ප්‍රශ්නය නිසා එක් දරුවකුට උපපැන්න සහතිකයද අහිමි වූ බව අපට දැනගන්නට ලැබිණ. “මගේ දෙවැනි දරුවා හම්බවෙන්න අමාරු වුණේ කලින්, ඒත් එදා හොඳටම වැස්ස නිසා මට ඉස්පිරිතාලෙට යන්න බැරි වුණා. සාමාන්යඅ දවසකටත් පාරෙ යන්න බැරි කොට වැස්ස දවසක යන්න පුළුවන්ද? ඉතින් බබා ලැබුණේ ගෙදරදි නිසා ඉස්පිරිතාලෙදි හම්බුණේ නැති නිසා උප්පැන්න සහතිකයක් දීම ප්‍රතික්ෂේප කළා. ඒක මගේ වැරැද්දක්ද?” විමසන්නේ යෝගරාජ් කලෙයිසෙල්විය.

මේ පාරේ තත්ත්වය නිසා මෙවැනි කතා මුළු වතුයාය පුරාම අසන්නට ලැබේ. වතුයාය අයත්වන්නේ මතුරට වැවිලිකරුවන්ගේ කළමනාකාරීත්වය යටතටය. හදිසි අවස්ථාවකදී මේ වතුයායට ආසන්නම නගරය වන්නේ හයිෆොරස්ට් හෙවත් ඉහළ කැලේ නම් කුඩා නගරයයි. ඉහළ කැලේ ප්රා දේශීය රෝහල පිහිටා ඇත්තේ ලියන්වැලි වතුයායට කිලෝමීටර හයක් පමණ ඈතිනි. මේ දුර ත්රි රෝද රථයකින් ගමන් කිරීමට වුවහොත් ඔබට රුපියල් 1000ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත. ඒ අසලම පිහිටි අල්මා ග්රේ මොන්ට් වතුයායේ තාර පාරක් මෙන්ම විශේෂිත වේලාවන්හි ගමන් කරන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් ද යොදවා ඇත. ලියන්වැලි සහ අල්මා ග්රේවමොන්ට් වතු දෙක අතර දුර කිලෝමීටර තුනකි. එනිසා මේ කිලෝමීටර තුනේ මාර්ගය ඉක්මනින් අලුත්වැඩියා කළ යුතුව තිබේ. එය මේ ප්‍රදේශයේ බොහෝ දෙනකුගේ ප්රතශ්නවලට විසඳුමක් වනු ඇත.

නගරය නිර්මාණය කර ඇත්තේ මීට වසර සිය ගණනකට එපිටදී වන අතර විදුලිය ලබා දී ඇත්තේ 2010 වසරේදීය. නගරයේ වැසියෝ කීප වරක්ම මේ පාර අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් මහ පාරේ දිගේ උද්ඝෝෂණ ද පවත්වා ඇත. එහෙත් කිසිදු පියවරක් ගෙන නැත. මේ කිලෝමීටර තුන ඇවිදීම මහලොකු දෙයක්දැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් විශාලම ගැටලුවත් එයමය. ඒ මාර්ගය වැටී ඇත්තේ උස් කඳු ප්රෙදේශයකය. ලියන්වැලි වත්තේ ඉහළට නඟින්නෙකුට අවට මුළු ප්රවදේශයම දැක ගත හැකිය. වතුයාය පිහිටා ඇත්තේ මුදුනටම වන්නටය. කිලෝමීටර 6ක් දුරින් පිහිටි ඉහළ කැලේ එළවළුවල ආදායම සමඟ සසඳන කල මෙහි නිෂ්පාදනය කෙරෙන එළවළු සඳහා ඒ ආදායම ලැබෙන්නේ නැත. ගැනුම් කරුවන් මේ මාර්ග අපහසුව නිසා මෙහි එන්නේ කලාතුරකිනි. එනිසා ඔවුන්ට නියමිත මිලෙන් භාගයක වටිනාකමට ඒවා විකුණන්නට සිදුව ඇත.

මේ මිනිසුන්ගේ ඉරණම තීරණය වන්නේ කිලෝමීටර තුනක් වූ මේ අවදානම් සහ අනාරක්ෂිත මාර්ගයෙනි. එසේම තවමත් ඔවුහු වෙනසක් අපේක්ෂාවෙන් සිටිති.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts