කොරෝනා නිසා රට වසාදැමීමෙන්, උතුරේ කෘෂිකර්මාන්තය අර්බුදයක
එන්. මදියලහන්
“පසුගිය වසරේ මේ කාලයේ දී මගේ වත්තේ වැවුන කෙසෙල් කිලෝ ග්‍රෑම් එකක් රු.40 කට වඩා අඩු මුදලකට විකුණුවේ නෑ. අද වන විට ඒවා රු.20 කට පවා අලෙවි කරන්න බෑ. මගේ ළඟ දැන් තියෙනවා ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 500-600, ඉදරයි කෙසෙල් කිලෝග්‍රෑම් 300 සහ කරි කෙසෙල් කිලෝග්‍රෑම් 400ක් විතර. ඒවා මේ සතියේ දී අලෙවි කරන්න බැරිවුනොත්, ඒවා නරක් වෙයි. එහෙමවුනොත්, මට ඒ ටික සත්තුන්ට කන්න දෙන්නවෙනවා.”
වන්නි ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවෙක් වන ඔහුගේ තත්ත්වය පිළිබඳ එසේ විස්තර කරයි. ඔහුගේ කතාව, කොරෝනා සංචරණ සීමා මඟින් බලපෑමට ලක් වූ ගොවීන්ගේ හා නිෂ්පාදකයන්ගේ අපහසුතාවයන් පිළිබඳ එක් නිදර්ශනයකි. බෙහෙවින් ණය ගෙන ඒවා ආයෝජනය කර ඇති ඔවුන්ගේ නිෂ්පාදනයන් අලෙවි කරගැනීමට නොහැකිවීම, ඔවුන්ගේ ජීවිකාවෘත්තිය ගැටලුකාරී තත්ත්වයකට ඇදදමන්නට හේතු වී ඇත.
කොරෝනා පාලනයට සංචරණ සීමා පනවන ලද නිසා, ගොවියන්ගේ සිට දෛනික කුලී ශ්‍රමිකයන්, ප්‍රධාන ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇත. එක් අතකින්, කණගාටුවට කරුණවන්නේ අස්වැන්න ලබාගත් කෘෂි නිෂ්පාදන පවා අලෙවි කරගැනීමට නොහැකිවීම යි. එසේම, මැයි මාසයේ දී හමාගිය කුණාටුව වගාවන් විනාශකිරීමට හේතුවිය. අප දෙපැත්තකින් බැට කෑ පසු, එයින් නැවත ගොඩඑන්නේ කෙසේ ද?ඔවුන් නගන පැනයයි.
නිසිකලට අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීමෙන්, ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන ටොන් ගණනින් ඔවුන්ගේ නිවාසවල සහ අටුවල ගබඩා කර තැබීමට සිදුව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, ගබඩා කිරීමට ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොමැතිකමින් අස්වැන්න ලබාගැනීමට සුදානම්ව තිබූ බෝග එම ගස්වලම තබනවා හැරෙන්නට එම ගොවීන්ට වෙනත් විසඳුමක් නොවී ය. එමනිසා, වගාවන් විශාල ප්‍රමාණයක නෙළා නොගත් අස්වැන්න ගස්වලම තිබෙන්නට හැරිණි. ඒවා නරක් වී, සතුන්ගේ ආහාර බවට පත් වූ බව කණගාටුවට පත් ගොවීන් විස්තර කළහ.
ඒ අතරතුර, ගස්ලබු, කෙසෙල් වැනි බෝග වගාවන් මැයි 25 සහ 26 දිනයන් හි හමා ආ කුණාටුවෙන් දැඩි බලපෑමට ලක්විය. උතුරු පළාතේ පමණක්, සිදු වූ මෙම විනාශය හේතුවෙන් මිලියන ගණනක් අහිමි වූ ගොවි ජනයාට, තවත් හානියක් සමඟ ගනුදෙනු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව සිතාගත නොහැකිව ඇත.
අරුල්නාදන් යුධානන්, වයස 42ක් වන මුලන්කාවිල් ප්‍රදේශයේ කෙසෙල් වගාවේ නියැලෙන ගොවියෙක් වන අතර, මෙම ඛේදාන්තයෙන් නැවත නැගී සිටින්නේ කෙසේ ද යන අරගලයේ යෙදී සිටී. ඔහුගේ කතාව ඉතා ශෝචනීය යි.
“අක්කර හතරක කෙසෙල් වගාවක මම නියැලී සිටිනවා. විශාල හානියක් කළ දරුණු කුණාටුවෙන් මගේ වගාවට විශාල බලපෑමක් නොවුණේ මගේ වත්ත මැද හරියේ පිහිටලා තිබ්බ හින්දා. කෙසේවෙතත්, පසුගිය වසරේ මේ කාලයේ දී මගේ වත්තේ වැවුන කෙසෙල් කිලෝග්‍රෑම් එකක් රු.40 කට වඩා අඩු මුදලකට විකුණුවේ නෑ. අද වන විට ඒවා රු.20 කට පවා අලෙවි කරන්න බෑ. මගේ ළඟ දැන් තියෙනවා ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 500-600, ඉදරයි කෙසෙල් කිලෝග්‍රෑම් 300 සහ කරි කෙසෙල් කිලෝග්‍රෑම් 400ක් විතර. ඒවා මේ සතියේ දී අලෙවි කරන්න බැරිවුනොත්, ඒවා නරක් වෙයි. එහෙමවුනොත්, මට ඒ ටික සත්තුන්ට කන්න දෙන්නවෙනවා. ” යැයි ඔහු පැවසී ය.
ඔහු මෙන්, වන්නියේ බොහෝ ගොවීන් තම නිෂ්පාදනයන් අලෙවි කරගැනීමට නොහැකිව දැඩි අපහසු තත්ත්වයකට පත්ව ඇත.
මෙය කෙසෙල්වලට පමණක් බලපෑ දෙයක් නොවී ය. අරුල්නාදන්, වට්ටක්කා වගාවන්ට සිදු වූ ශෝකජනක තත්ත්වය පිළිබඳව ද සඳහන් කරයි.
“වට්ටක්කා කිලෝග්‍රෑම් 4000ක් පමණ තියෙනවා. අපි පුරුදුවෙලා හිටියේ කිලෝග්‍රෑම් එකක් රු.35කට විකුණන්න. වර්තමානයේ කිසිඳු අලෙවි අවස්ථාවක් හිමිනො වූ බවට පැමිණිල්ලක් දිස්ත්‍රික් ලේකම්ට ඉදිරිපත් කළ පසු, එතුමා වට්ටක්කා කිලෝග්‍රෑම් එකක් රු.15කට අලෙවිකිරීමේ එකඟතාවය යටතේ සමාගමක් සම්බන්ධ කරදුන්නා. නමුත්, අපි නගරයට ආවට පස්සේ එම සමාගම රු.13කට කිලෝවක් ලබාදෙන්නැයි ඉල්ලුවා. එසේම, ඔවුන් දැඩිව කියා සිටියේ තමන් තෝරාගනුයේ හොඳ පෙනුමැති, විශාල ගෙඩි පමණක් බව යි. ඒ නිසා, වට්ටක්කා අලෙවි කරගැනීමට නොහැකි වුණා” යැයි ඔහු පැවසී ය.
ඒ අතරතුර, ගනේෂ ගොවීන්ගේ සහයෝගී සංගමයේ ලේකම් ජෝන් ගෙන් අපි ප්‍රශ්න කළේ, මුලන්කාවිල් ප්‍රදේශයේ ගොවීන්ගේ ශුභ සිද්ධිය ආරක්ෂාකිරීමට කටයුතු කරන්නේ කවුරුන් ද යනුවෙනි. “මෙසේ පීඩනයට ලක්ව සිටින ගොවි ජනතාවගේ ශුභ සිද්ධිය ආරක්ෂාකිරීමට ඔබ කරන්නේ කුමක් ද?”.
“අලෙවිකරණ අවස්ථාවන් නොමැතිවීම හේතුවෙන් මේ වෙනකොට අපේ රටේ නිෂ්පාදිත අස්වනු විශාල ප්‍රමාණයක් විනාශවීමේ අවධානමක් පවතිනවා. එසේම, පැපොල් වගා අක්කර 35ක්, අක්කර 29-30 දක්වා කෙසෙල් වගාවන්, යාස් සුළි කුණාටුවෙන් විනාශවෙලා තියෙනවා. ගොවීන් අතිවිශාල පසුබෑමකට ලක්වෙලා ඉන්නවා සහ තවත් ගොවීන් සියළු බලාපොරොත්තු අත්හැරගෙන සිටිනවා. ඉතින්, අපි අදාළ පාර්ශවයන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින අතරම මෙය ඉතා ඉක්මනින් නිවැරදි කරගැනීමට උත්සාහ කරමින් ඉන්නවා.”
එසේම, නැදුන්කර්නි හි වසර 10ක් තිස්සේ ගස්ලබු වගාවේ නියැලෙන කුමාරස්වාමි ඉධයා සුදන්දිරන් අප සමඟ ඔහුගේ අත්දැකීම් බෙදාගන්නා ලදී.
“පැපොල් වගාවන් දහස් ගණනක් තුන්වරක් අලින් විසින් විනාශ කරලා දාලා තියෙනවා. මම නැවත නැවත ඒවා වගා කරලා, නිෂ්පාදනය කළා. පැපොල් ගස් 200-300 ක් දක්වා ප්‍රමාණයක් මුල්පිටින් ගැලවිලා වැටුණා මේ සුළි කුණාටුව හින්දා. ඒකෙන්, ගොඩඑන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ. ” යනුවෙන් ඔහු ශෝකයෙන් පැවසී ය.
එසේම, දුරෙයිරාසා තමිල්චෙල්වම්ට පමණක් අහිමි වූ ප්‍රමාණය පිළිබඳව සඳහන් කළහොත්, නැදුන්කර්නි හි ඔහුගේ පැපොල් ගස් 700ක් පමණ මුල්පිටින් ගැලවී, විනාශ වී ඇති අතර, එහි පාඩුව ලක්ෂ 8කට වැඩි ය. “මම ලබාගත්තු ණය ආපසු ගෙවන්නේ කොහොම ද? මගේ ජීවිකාවෘත්තිය ඉදිරියට ගෙනියන්නේ කොහොම ද? ” යනුවෙන් ඔහු ශෝකයෙන් පැවසී ය.
එමෙන්ම, කිලිනොච්චි හි වට්ටක්කා කිලෝග්‍රෑම් ලක්ෂ 2ක් සහ තවත් කිලෝග්‍රෑම් 75000ක් පවතී. අලෙවිකිරීමට අවස්ථාවන් පැවතිය ද, ඔවුන් කිලෝග්‍රෑම් එකක් රු.10ක මුදලට ඉල්ලයි.
එපමණක් නොව, පැෂන් ෆෘට් වගාවේ නියැලෙන ගොවීන් ද විශාල ගැටලුවකට මුහුණ පා ඇත. පුලියන්කුලම ප්‍රදේශයේ විශාල පැෂන් ෆෘට් වගාවක් පවත්වාගෙන යන සෙල්ලන් ජයරාසා සමඟ අපි කතා කළෙමු. මේ ඔහුගේ කතාව යි.
“අපි සාමාන්‍යයෙන් දවස් පහකට සැරයක් කිලෝග්‍රෑම් 700-800 ක ප්‍රමාණයක පැෂන් ෆෘට් අස්වැන්නක් ගන්නවා. අපි පසුගිය දින 10යේම අස්වැන්න නෙළුවේ නෑ, මොකද ඒවා අලෙවි කරගන්න බැරිහින්දා. අනෙක් කාරණය තමයි, අස්වනු මිලදීගන්න එන වෙළෙඳුන් මිලෙන් භාගයක්වත් ඉල්ලන්නේ නෑ. පසුගිය අවුරුද්දේ අපි කිලෝග්‍රෑම් එකක් දුන්නේ රු.400කට, පස්සේ ඒක අඩුවුණා රු.150 වෙනකම්. නමුත්, අප්‍රේල් මාසේ ඉදන් ඒගොල්ලෝ ඉල්ලන්නෙ රු.70ට, දැන් රු.50ට. ජලය පොම්ප කිරීමට යන වියදමවත් මේකෙන් ගෙවාගන්න බෑ. මේ විදිහට, අස්වැන්න සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා තියෙන්නෙ” මේ සෙල්ලන් ජයරාසා අප සමඟ නිෂ්ඵල අදහසින් පැවසූ කතාව යි.
එසේම, පාලම්පාසි හි ගොවියෙක් වන චන්ද්‍රකුමාර් දිවාකරන් පැපොල් ගස් 700ක් පමණ වගාකර ඇත. ඔහු පවසන්නේ, කුණාටුවෙන් පැපොල් ගස් 200ක් වත් ඉතිරි නොවූ බව යි. සුළඟ සහ වැස්ස නිසා අස්වැන්න කලින් නෙලාගත්ත ද, කලින් රු.40ට අලෙවි කළ පැපොල් අද වන විට රු.10ට වත් අලෙවි කරගත නොහැකි බව ඔහු පවස යි. දැන් ඒවා නරක්වෙමින් තියෙන බව ඔහු පවස යි.
මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරුන් සම්බන්ධ කරගත් විට ඔවුන් පැවසුවේ, “කුණාටුවෙන් හානියට පත් වූ දේවල් සම්න්ධයෙන් මේ වනවිට තක්සේරු කිරීමක් සිදුවෙනවා. හානියේ ප්‍රමාණය පිළිබඳ වාර්තාවන් ලැබුණ පසු, ඒවා අදාළ අමාත්‍යාංශ වෙත යැවීමට නියමිත අතර ඒ අනුව ඉදිරියේ දී පියවර ගනීවි.”
නමුත්, කොරෝනා හේතුවෙන් රට වසාදැමීමෙන් උතුරේ ගොවීන්ට දැඩි පහරක් එල්ල වී ඇත. එක තැන පල්වෙන ඔවුන්ගේ නිෂ්පාදනයන් අලෙවියට, නිර්මාණාත්මක ක්‍රමවේදයන් හිඟවීම නිසා ඔවුන්ගේ ජීවිකාවෘත්තිය අහිමි වී ඇත. අනාගතය පිළිබඳව ඔවුන්ගේ ආත්ම විශ්වාසය ද ක්‍රමයෙන් හීනවෙමින් පවතී. මෙසේ, උතුරු ආර්ථිකයේ කොඳුනාරටිය වන කෘෂිකර්මාන්තයේ අනාගත වර්ධනය, ගැටළු සහගත වී ඇත.
අලෙවිය/විකිණීම, විශේෂයෙන්ම කුඩා පරිමාණ නිෂ්පාදනයන් හි නියැලෙන්නන්ට විශාල ගැටළුවක් වී ඇත. බලපෑමට ලක් වූ ගොවීන් නැවත නඟා සිටුවීම සඳහා රජය විසින් අවශ්‍ය සහාය සැපයිය යුතු ය. එසේම, අනාගතයේ දී මෙවැනි තත්ත්වයන් හි දී මෙම නිෂ්පාදනයන් නාස්තියකින් තොරව අලෙවි කරගැනීමට රජය විසින් නිසි යාන්ත්‍රණයක් යොදාගැනීම අවශ්‍ය වේ.
கொரோனா முடக்கத்தினால் நெருக்கடிக்குள் வடக்கின் விவசாயத்துறை
Agriculture In The North In Crisis Due To Corona Lockdown