සමාජ

අපි අමාරු දේවල් ගැනකතා කරන්න බයයි

කුරිංචි පාර්තන්

එකට වාඩිවී සිටීමෙන් හෝ කථාකිරීමෙන් පමණක් සංහිඳියාව ළඟා කරගත නොහැකි හෙයින් අප සමහර අපහසු දේ පිළිබඳත් කතා කළ යුතු යැයි ඇය කියන්නී ය. තමන්ට හැඟෙන්නේ එවන් දේ විවෘතව කතා කරන්නට බොහෝ දෙනා බිය වන බව යැයි මානව අයිතිවාසිකම් කොමිසමේ කොමසාරිස් අම්බිගා සත්ගුණනාදන් කියයි.

පශ්චාත් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් ලැබී ඇති චෝදනා මොනවා ද?

යුද්ධයෙන් පසුව, රාජ්‍ය නිළධාරීන්ගෙන් සිදු වූ හිංසන, නීත්‍යානුකුල නොවන අත්අඩංගුවට ගැනීම්, අයුක්තිය සහ වෙනස්කම්කොට සැලකීම්වලට භාජනයවීම් සම්බන්ධයෙන් චෝදනා අපිට ලැබිල තියෙනවා.

  පොදුවේ ලැබෙන චෝදනා වර්ග මොනවාද? එම චෝදනා එල්ලවන්නේ කාට එරෙහිව ද?

අපිට බහුලව ලැබෙන්නෙ හිංසාකිරීම සම්බන්ධ චෝදනා. පසුගිය වසර 4 ඇතුළත, වාර්ෂිකව සාමාන්‍යයෙන් චෝදනා 400ක් පමණ ලැබුණා. මේ සියලු චෝදනා ලැබුණේ සමස්ත ලංකාවම පදනම් කරගනිමින්. සියලුම හිංසන චෝදනා එල්ලවෙන්නේ පොලිසියට එරෙහිව. මේ චෝදනා මඟින් හෙළිවුණේ, බරපතල චෝදනා එල්ල වූවන් පමණක් නොව, ඉතා සුළු චෝදනාවන්ට ලක් වූවන් පවා හිංසනයට ලක් වී ඇති බව යි.

  පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් ලැබෙන්නේ කුමන ආකාරයේ චෝදනා ද?

ප්‍රහාරයෙන් පසුව සිදු වූ අත්අඩංගුවට ගැනීම් හා තමන්ගේ දෛනික කටයුතුවල දී මුස්ලිම් කාන්තාවන්ට මුහුණ දීමට සිදු වූ අපහසුතා සම්බන්ධයෙන් චෝදනා ලැබුණා.   මැයි මස 13 වෙනි දින මුස්ලිම් ගමකට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ද, මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම පිළිබඳව ද විවිධ චෝදනා අපිට ලැබුණා.

   මෙම චෝදනාවලට පිළිතුරු ලෙස ඔබ ගත් ක්‍රියාමාර්ග මොනවා ද?

අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ චෝදනා  අපිට ලැබුණා. මෙම චෝදනාව එල්ල වුණේ පොලිස්පතිට එරෙහිව. අත්අඩංගුවට ගැනීම්වල දී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව අපි ඔහුට උපදෙස් ලබා දුන්නා. රාජ්‍ය ආයතනයන් හි නිලධාරීන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් හඳුන්වාදුන් නව චක්‍රලේඛය හේතුවෙන් මුස්ලිම් කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම්වලට බලපෑමක් ඇතිවීම නිසා, අදාළ  චක්‍රලේඛය සංශෝධනය කරන ලෙස අපි එම අමාත්‍යංශයට උපදෙස් දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස, එම අමාත්‍යංශය මෙම ගැටලුව සම්බන්ධයෙන් අපගෙන් දෙවරක් උපදෙස් ලබාගත් අතර, පසුව සංශෝධිත නව චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවා. මඩකලපුව ඇතුළු ස්ථාන දෙකක ව්‍යාපාරික ක්‍රියාකාරකම් තහනම් කිරීමට එරෙහිව අපි ක්‍රියාමාර්ග ගත්තා. අපගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් අපි ලිපි යවලා තියෙනවා.

  මානව හිමිකම් උල්ලංඝණය වුවත්, වාර්තා නොවුණු සිදුවීම් මොනවා ද?

කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය වීම්, විශේෂයෙන්ම විවිධ අවශ්‍යතා සහිත හා වතුකර ප්‍රදේශවල වැඩකරන කාන්තාවන්ට එරෙහිව සිදුවන මානව අයිතිවාසිකම් උල්ලංඝණය වීම් සම්බන්ධ තොරතුරු බොහෝවිට වාර්තා වෙනවා. අපි හිතන්නෙ ඔවුන්ගේ තොරතුරු, වාර්තාකිරීමේ යාන්ත්‍රණයෙන් ප්‍රතික්ෂේප කරල තියෙනවා වගේම ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු යි.

  මාධ්‍යට එරෙහිව චෝදනා ඔබට ලැබිලා තියෙනවා ද?

වාචික වශයෙන් මාධ්‍යට එරෙහිව චෝදනා එල්ලවෙනවා. විශේෂයෙන්, සිවිල් සමාජ සංවිධාන හා තනි පුද්ගලයන්ගෙන් මාධ්‍යයන් හි වගකීම් විරහිත කටයුතු සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙනවා. එයට, ප්‍රතිචාර වශයෙන්  මාධ්‍යයන් හි හැසිරීම සම්බන්ධ උපදෙස් මාලාවක් අප ප්‍රකාශයට පත්කළා. මානව හිමිකම් කොමිසම විසින් මාධ්‍යයේ මෙම හැසිරීම අඛණ්ඩව විවේචනය කරනු ලැබුවා. මාධ්‍ය තවමත් ඔවුන්ගේ හැසිරීම වෙනස්කරගෙන නෑ. ඇතැම් අය, මාධ්‍යයන් හි ක්‍රියාකාරකම් හසුරුවන  ආකාරයේ රෙගුලාසි හඳුන්වාදෙන ලෙස ඉල්ලීම් කරලා තියෙනවා. කොහොමවුණත්, මාධ්‍ය නිදහස වෙනුවෙන් මූලිකත්වය ලබාදිය යුතු අතරම, ඔවුන් වගකීම් සහගතව කටයුතු කළ යුතු යි.

ඉලෙක්ට්‍රොනික හා සමාජ මාධ්‍ය නියාමනය කළ හැකි ද?

සම්ප්‍රදායික මාධ්‍ය මෙන් නොව, සමාජ මාධ්‍ය මඟින් බරපතල මට්ටමේ බලපෑමක් නිර්මාණය කළ නොහැකි යි. සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ ප්‍රමාණය, රුපවාහිනී නරඹන්නන්ගේ හා පුවත්පත්  නරඹන්නන්ගේ ප්‍රමාණයට වඩා අවම මට්ටමක පවතිනවා. සියලුම මාධ්‍යයන් සම්බන්ධ නිසි වගකීමක් හා විනය පද්ධතියක් ඇති කළ යුතු ආකාරයන් පිළිබඳ අපි සිතා බැලිය යුතු යි. සමාජ කරළිය තුළ වාර්ගික හා වෛර සහගත භාෂිත පාලනය කිරීමට උත්සාහ කළ යුතු යි. එය පමණක් ප්‍රමාණවත් නෑ. අනෙක් අතට, සම්ප්‍රදායික මාධ්‍ය තුළ මෙවැනි මානයන් භාවිතා වන්නේ නෑ. නිදර්ශන ලෙස, පසුගිය මාස දෙක තුළ සාවද්‍ය පුවත් ප්‍රකාශනයට පත්කර ඇත්තේ කවුරුන්ද යන්න විමසාබැලුවොත්, ඔබ හඳුනාගනීවි ඒ රුපවාහිනී හා මුද්‍රිත මාධ්‍ය බව. බොහෝදෙනා විශ්වාසකරන්නේ, මේ හරහා ඍණාත්මක ප්‍රතික්‍රියා  ඇතිවිය හැකි බව යි.

 ලංකාවේ වාර්ගික ප්‍රජාවන් අතර සංහිඳියාවක් ඇති කිරීමට රජය ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද?

වසර 30ක යුද්ධයෙන් පසුව, එයට හේතු මොනවා ද යන්න අපි අධ්‍යයනය කළ යුතු යි. වර්තමානයේ පවා, පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ප්‍රජාවට එරෙහිව නිර්මාණය වී ඇති තත්ත්වය අවබෝධ කර ගැනීමට විවිධ අධ්‍යයන සිදුකළ යුතු යි. මෙම ප්‍රහාරයෙන් පසුව එය සිදුවුණේ නෑ. වාර්ගික හා ආගමික අන්තවාදය යම් පොදු දෙයක් ලෙස පිළිගැනීමේ ප්‍රවණතාවයක් පවතී නම්, ජනතාව එයට හුරුවෙනවා. රජයේ වගකීම වෙන්නේ මෙයට අදාළ මූලික හේතු පිළිබඳව සොයා බැලීම යි. එකට වාඩිවී සිටීමෙන් හෝ කථාකිරීමෙන් සංහිඳියාව ළඟා කරගත නොහැකි යි.  අපි සමහර අපහසු දේවල් පිළිබඳත් කතා කළ යුතු යි. මට හැඟෙන්නේ අපි මේ දේවල් විවෘතව කතා කරන්න බය යි. මේ බිය පහකිරීමෙන් පමණයි අපිට විසඳුමකට ළඟා වෙන්න පුළුවන්.

  වර්ගය හා ආගම සම්බන්ධව, වර්තමානයේ රජය ගෙනයන සංහිඳියාමය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම තෘප්තිමත් ද?

අපි අඛණ්ඩව ගැටලු හා නිර්දේශ පිළිබඳව රජය වෙත අවධාරණය කරනවා. වාර්ගික හා ආගමික සංහිඳියාව සම්බන්ධයෙන්, රජයට බොහෝ දේවල් කරන්න තියෙනවා. නිදර්ශන ලෙස, අපි රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පෙර බොහෝ චෝදනා අපට ලැබුණා.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts