තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

අපද්‍රව්‍ය ඉවත් කිරීමට යන කෝටි ගණනක මුදල්. අවම කරගත හැකි මග

කේ. ප්‍රසන්න

කොළඹ මහ නගර සභාව යටතේ ඇති ප්‍රදේශවල අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව පසුගිය කාලය තුළ මහත් ආන්දෝලනයක් ඇති විය. කොළඹ දිස්ත්‍රික්කයේ එකතු කළ අපද්‍රව්‍ය බැහැර කිරීමට අදාළ ඉඩකඩ නොමැති වීම හේතුවෙන් දින ගණනාවක් තිස්සේ වීදිවල අපද්‍රව්‍ය ගොඩ ගැසී තිබිණි. වර්තමානය වන විට අපද්‍රව්‍ය උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කරන බැවින් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කෙරේ. නමුත් මේ මොහොතේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා  සමඟ අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු යළිත් මන්දගාමී වී ඇත.

කොළඹ මහ නගර සභාව යටතේ ඇති ප්‍රදේශවල දිනපතා අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 550 ක් එකතු කරගන්නා අතර වාර්ෂිකව අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු සඳහා (2019 කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීම්) දිස්ත්‍රික් කාර්‍යාල අංක 1, දිස්ත්‍රික් කාර්‍යාල අංක 2ඒ  සහ දිස්ත්‍රික් කාර්‍යාල අංක 5 සඳහා ( රුපියල් එකසිය දොළොස් කෝටි දහනම ලක්ෂ හැත්තෑහත් දහස් තුන්සිය විසි හතයි සත හැට හතක් (1,121,977,327.67) (බදු ඇතුළුව) වැය වන බව කොළඹ මහා නගර සභාව පවසා ඇත. මෙයට කොළඹ මහා නගර සභාවට යන වියදම ඇතුළත් නොවේ. කොළඹ මහ නගර සභාවේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත හරහා ලබාගත් තොරතුරුවල (ME / SWM / RTI / 01/2021) මේ බව සඳහන් වේ.

කොළඹ මහා නගර සභාව යටතේ ඇති ප්‍රදේශය දිස්ත්‍රික් කාර්‍යාල අංක 1, දිස්ත්‍රික් කාර්‍යාල අංක 2ඒ, දිස්ත්‍රික් කාර්‍යාල අංක 2බී, දිස්ත්‍රික් කාර්‍යාල අංක 3, දිස්ත්‍රික් කාර්‍යාල අංක 4 සහ දිස්ත්‍රික් කාර්‍යාල අංක 5 වශයෙන් බෙදා ඇති ප්‍රදේශ 47 කින් සමන්විත වේ.

දිස්ත්‍රික් කාර්‍යාල අංක 1 – මට්ටක්කුළියේ සිට කොටහේන බටහිර ප්‍රදේශ දක්වා  (ප්‍රදේශ 8),

දිස්ත්‍රික් කාර්‍යාල අංක 2ඒ  – කොච්චිකඩේ උතුර සිට කොච්චිකඩේ දකුණ දක්වා  (ප්‍රදේශ 11),

දිස්ත්‍රික් කාර්‍යාල අංක 2බී – කොටුවේ සිට දෙමටගොඩ දක්වා (ප්‍රදේශ 10),

දිස්ත්‍රික් කාර්‍යාල අංක 3 – වනාතමුල්ල සිට කුරුඳුවත්ත දක්වා (ප්‍රදේශ 7), 

දිස්ත්‍රික් කාර්‍යාල අංක 4 – කොල්ලුපිටිය සිට හැව්ලොක් නගරය දක්වා (ප්‍රදේශ 6),

දිස්ත්‍රික් කාර්‍යාල අංක 5 – වැල්ලවත්තේ උතුරේ සිට වැල්ලවත්ත දකුණ දක්වා (ප්‍රදේශ 5) ආවරණය කරයි.

එසේම කොළඹ මහා නගර සභාවට අයත් ප්‍රදේශෙවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු සඳහා ක්ලීන්ටෙක් පෞද්ගලික සමාගම සහ ක්‍රෙග්ලින් පෞද්ගලික සමාගම කොන්ත්‍රාත්තු ලබාගෙන ඇත. මීට අමතරව කොළඹ මහා නගර සභාව හරහාද අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු සිදු කරගෙන යනු ලැබේ.

2020 දී ක්ලීන්ටෙක් පුද්ගලික සමාගමට කොන්ත්‍රාත් මුදල් ලෙස

දිස්ත්‍රික් කාර්‍යාල අංක 2ඒ  (කොටුව සහ පිට කොටුව) – රුපියල් තිස් හත් කෝටි තිස් දෙලක්ෂ හැට අට දහස් නමසිය අටයි සත තිහක් ද, (373,268,908.30) (බදු ඇතුලුව)

දිස්ත්‍රික් කාර්‍යාල අංක 2ඒ  (කොටුව සහ පිට කොටුව හැර අනෙකුත් ප්‍රදේශ ) – රුපියල් හතළිස් හතර කෝටි අනූ හත් ලක්ෂ හතළිස් තුන් දහස් පන්සීය හතළිස් පහයි සත හතළිහක් ද,  (449,743,545.40) (බදු ඇතුලුව)

දිස්ත්‍රික් කාර්‍යාල අංක 5 – තිස් තුන් කෝටි පන් ලක්ෂ හැත්තෑ හත් දහස් දෙසියහැත්ත පහයි සත අසූවක් ද , (330,577,275.80) (බදු ඇතුලුව) නිර්ණය කර ඇත.

ක්‍රෙග්ලින් පුද්ගලික සමාගමට

දිස්ත්‍රික් කාර්‍යාල අංක 1 – රුපියල් හතළිස් හතර කෝටි අසූ හතර ලක්ෂ අසූ නමදහස් පන්සීය නමයයි සත දහයක් ක් (448,489,509.10) කොන්ත්‍රාත් මුදල් ලෙස නියම කර ඇත.

කොළඹ මහා නගර සභාව යටතේ ඇති ප්‍රදේශයන්හි අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සේවකයින් 512 ක් බඳවා ගෙන ඇත. ක්‍රෙග්ලින් පුද්ගලික සමාගම, දිස්ත්‍රික් කාර්‍යාල අංක 1 සඳහා සේවකයින් 71 දෙනෙකුද ක්ලින්ටෙක් පුද්ගලික ආයතනය දිස්ත්‍රික් කාර්‍යාල අංක 2ඒ (කොටුව – පිට කොටුව) සඳහා  සේවකයින් 78 ක්ද  දිස්ත්‍රික් කාර්‍යාල අංක 2ඒ (පිළිගෙන ඇති කොටුව – පිටකොටුව) සඳහා සේවකයින් 72 ද සේවයේ යොදවා ඇත.

කොළඹ මහා නගර සභාව ස්ථීර සේවකයින් ලෙස දිස්ත්‍රික් කාර්‍යාල අංක 2බී  සඳහා 81 දෙනෙකුද, දිස්ත්‍රික් කාර්‍යාල අංක 3 සඳහා සේවකයින් 96 ක්ද, දිස්ත්‍රික් කාර්‍යාල අංක 4 සඳහා සේවකයින් 66ක්ද සේවයට බඳවා ගෙන ඇති අතර දිස්ත්‍රික් කාර්‍යාල අංක 5 සඳහා ක්ලීන්ටෙක් සමාගම විසින් සේවකයින් 48 දෙනෙකු සේවයට යොදවා ඇත.

තවද කොළඹ මහා නගර සභාවේ අපද්‍රව්‍ය බැහැර කරන සේවකයින්ගේ වැටුප් ගෙවීම් සඳහා වාර්ෂිකව රුපියල් විසිපන්කෝටි දෙලක්ෂ හතළිස් දහස් එකසිය හතළිස් නමයයි සත දෙකක් (රුපියල් 250,240,149.02) වැය කෙරේ. (කොන්ත්‍රාත් සමාගම් වල සේවක වැටුප් පිරිවැය හැර) එසේම අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වාහන 162 ක් භාවිතා කෙරේ. (වැඩිදුර තොරතුරු වගුව තුළින්  ලබා ගත හැක.) කොළඹ මහා නගර සභාව යටතේ ඇති ප්‍රදේශවල දැනට බැහැර කෙරෙන අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ  සංස්ථාවට අයත් කෙරවලපිටිය කසළ අංගනයට බැහැර කෙරෙන අතර  2021 ජනවාරි 11 දින සිට කෙරවලපිටිය අපද්‍රව්‍ය බලාගාරයටද එකතු කරනු ලැබේ.

කොළඹ මහා නගර සභාව යටතේ පවතින ප්‍රදේශවල දිනපතා අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 550 ක් එකතු වේ.

 ඉහත සදහන් සංඛ්‍යලේකන අනුව පෙනීයන්නේ අපදාව්‍ය එකතු කිරීම හා බැහැර කිරීම සඳහා විශාල  ගැටලුවලට මුහුණදීමට මෙන්ම අධික පිරිවැයක් දරන්නට සිදු වී ඇත. එම නිසා අපද්‍රව්‍ය අධික ලෙස පරිසරයට මුදා හැරීම වළක්වා ගැනීමෙන් එම පිරිවැය අඩු කළ හැකිය. එසේම අපද්‍රව්‍ය පොලිතීන්, කඩදාසි, ආහාර අපද්‍රව්‍ය සහ වීදුරු ලෙස වෙන් කිරීම මඟින් පහසුවෙන් අපද්‍රව්‍ය බැහැර කළහැකි අතර පිරිසිදු කොළඹ නගරයක් නිර්මාණය කළ හැකිය.

The Billions Behind Garbage Disposal In Colombo

கழிவகற்ற இத்தனை கோடிகளா!?

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts