තොරතුරු දැනගැනීමේ අයිතිය

මගී ආවරණ වලට මුදල් වෙන් නොවූ 2022 මුදල් වර්ෂය

රටක විධිමත් පොදු ප්‍රවාහනය  යනු ශරීරයේ සෛල පද්ධතිය මෙනි. බහුතර පුරවැසියන් තමන්ගේ දෛනික කාර්යක්ෂමතාවය පිළිබඳව වැඩි සැළකිල්ලක් දක්වන බැවින් රටක පොදු ප්‍රවාහනය විධිමත්විම අත්‍යවශ්‍ය වේ.ඒ සදහා මහජනතාව වෙනුවෙන් ඉදිවන බස් නැවතුම් අධාරකද උපකාරිවේ. මන්ද, පොදු ප්‍රවාහනය බලාපොරොත්තුවෙන් පාරට පැමිණෙන් මහජනතාව අවුවෙන් සහ වැස්සෙන් ආරක්ෂා වීමට මගී ආවරණක් අවැසිමය. 

නමුත් ප්‍රාදේශීය වශයෙන් ගත් කළ බොහෝ බස් මාර්ගයන් අසල සිටින මහජනතාවට හිසට සෙවනත් ලෙසට ඉදිවන මගී ආවරණ දක්නට නොමැති බව අපද අත්දැකීමෙන් දන්නේය. මෙය කා විසින් විසදිය යුතු ගැටළුවක්ද? 

තොරතුරු දැනගැනීමේ පනත භාවිතා කරමින් අප විසින් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත ඉදිරිපත් කළ තොරතුරු ඉල්ලීමෙන් පසු 2022 වර්ෂයේ දත්ත වෙත පිවිසීමට හැකි විය. ඒවා,

2022 වර්ෂය සඳහා මගී ආවරණ ඉදිකිරීමට රජය විසින් කිසිදු ව්‍යපෘතියක් ඉදිරිපත් කර නොමැති අතර 2022 වර්ෂය තුළ ගම සමඟ පිළිසඳරක් වැඩසටහන් යටතේ මිනුවන්ගොඩ, කටාන, මීගමුව, දිවුලපිටිය, වත්තල, අවිස්සාවෙල්ල, රත්මලාන සහ කළුතර යන ප්‍රදේශීය ලේකම් කාර්යාල මගින් මගී ආවරණ 27ක් ඉදිකිරීම සඳහා ව්‍යපෘති අනුමත වී තිබුණි. ඒ් සඳහා ඇස්තමේන්තු සකස් කර 20%ක අත්තිකාරම් ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වවුචර් ඉදිරිපත් කර ඇත. 

2022 අප්‍රේල් 26 දින මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ ජාතික අයවැය චක්‍රලේඛ අංක 03/2022 මගින් රාජ්‍ය වියදම් පාලනය කිරීම යටතේ ගිවිසුම් ගත නොවූ ව්‍යපෘති ක්‍රියාත්මක නොකරන ලෙස දන්වා ඇති අතර, එබැවින් 2022 වර්ෂය තුළ මගී ආවරණ ඉදිකිරීමේ ව්‍යාපෘති මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් එවා තිබූ පිළිතුරු ලිපියේ සඳහන්ව තිබුණි. 

තවද, වැල්ලවත්ත, නාරාහේන්පිට, කිරුළපන හා 141 බස් නැවතුම්පල පිළිබඳව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට යොමුකළ තොරතුරු ඉල්ලුමෙහිදී මෙම මාර්ගයේ බස් රථ ආරම්භ කරන නාරාහේන්පිට නැවතුම්පළ අසල හා කිරුළපන පොලීසිය අසල මගී ආවරණ ස්ථාපිත කර ඇති අතර වැල්ලවත්ත බස් නැවතුම්පළෙහි මගී ආවරණයක් ඉදිකිරීමට ප්‍රමාණවත් ඉඩක් නොමැති බව සදහන් කර තිබුණේය. 

විධිමත් පොදු ප්‍රවාහනයක් අපේක්ෂා කරන මහජනතාව ඒ වෙනුවෙන් මගී ආවරණයක් හෝ ඉදිකිරීමේ ඉදිරි වැඩ පිළිවෙලක් නොමැති රටක ජීවත් විමට සිදුවිම කෙතරම් කණගාටුදායකද?

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts