අනාවරණ සමාජ

බද්දේගම සුන්දර සන්දරවල:  සුරක්ෂිත කිරීමේ වගකීම 

දීපා කුමුදු ප්‍රියදර්ශනී 

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බද්දේගම ප්‍රදේශයේ පිහිටි සන්දරවල, එහි විශේෂත්වය සහ පෞරාණික වැදගත්කම සඳහා ප්‍රකටය. මෙම ප්‍රදේශය ජනයාගෙන් සුලභ වූ පරිසරයක පිහිටා ඇති අතර සුවිශේෂත්වය නම් එම ප්‍රදේශයේ සිටින ජනතාව මෙම ස්ථානය ආරක්ෂා කිරීමට කැපවී සිටීමයි. “සන්දරවල” නම් කෙරුණු පුරාතන ජලාශයකින් වටවූ මෙම ප්‍රදේශය ඓතිහාසික රජවරුන් හා සම්බන්ධකම් පවත්වන ලද පුරාතන යුගයට අයත් වූවක් ලෙස සැලකේ. මෙය 1480-1500 ක් පමණ වන කාලයේ ගොඩනැගුණු, අනාගත පරම්පරාවන්ට එහි විශේෂත්වය සහ අභිමානය පුරාවෘත්තයක් ලෙසින් පවත්වාගෙන යනු ලබන ස්ථානයකි. මෙහි ආරම්භය සහා විකාශනය පිලිබද විවිධ මතයයන් හා විශ්වාසයන් පවතී.

සන්දරවලේ ඉතිහාසය සහ ජනප්‍රවාද

සන්දරවල නම් ජලාශය මූලිකත්වයෙන්ම සිංහල සහ ද්‍රවිඩ ආකෘති වල මතයයන්ට ඇතුළත්ය. ජනප්‍රවාදයන්ට අනුව, මෙය රාජකීය වැවක් වශයෙන් භාවිතා කරන ලද අතර, එහි රාජකීය සම්පත් යටකොට සඟවා ඇතැයි පැවසේ. මෙහි ඇති සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් “කඩුක්කන් පැළඳි ආදා” නම් සත්ත්වයෙකු සිටින බව ජනප්‍රවාදවලින් කියැවේ. 

තවත් සුවිශේෂ ජනප්‍රවාදයකට අනුව, කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ (ක්‍රි.ව. 1215) ද්‍රවිඩ සෙන්පති සන්දර මෙහි සිටි බවට ජනප්‍රවාද පවතී. සන්දරවල ජලාශය, සන්දරගේ නාමයෙන් නම් වූ බවත්, ඔහුගේ සම්පත් මෙහි සඟවා ඇති බවත් විශ්වාස කෙරේ. ‘හැඩි දෙමළ කන්ද’ නම් කඳු ගැටය, සන්දරගේ හමුදාව විසින් භාවිතා කරන ලද ස්ථානයක් ලෙස සැලකේ. 

ද්‍රවිඩ නායකයෙකු වන සන්දර එම පුරාතන යුගයේ දී බද්දෙගම ප්‍රදේශයේ සන්දරවලට ඉහළින් පදතින ‘හැඩි දෙමළ කන්ද’ නම් ස්ථානයේ රැදී සිට ඇති අතර, ඔහුගේ මෙම සම්පත්වලට, හානියක් කිරීමට හෝ  සොරා සතුරු පීඩාවකට හසු වේ යැයි බියෙන් ඔහුගේ ධන සම්පත් මෙම සන්දරවල තුළ සගවා තබන ලද අතර ගැටුම්කාරී තත්ත්වයකින් පසුද සන්දර නම් දෙමළ තරුණයා මරණයට පත් වූ නමුත් ඔහු නැවත කඩුක්කන් පැළදි ආදෙකු ලෙස එම නිධානය ආරක්ෂා කරන බවට පුරාවෘත්තයේ පැවසේ.

සන්දරවල හා සෙවීම

සන්දරවල තුළ “කඩුක්කන් පැළඳි ආදා” නම් ආදෙකු නිධානයකට රැකවරණය සපයන බව විශ්වාස කරයි. මෙම ගම්වාසීන් මෙම සන්දරවලේ සිටින ආදා හෝ වෙනත් කිසිම මාලුවෙක් ආහාරයට නොගනි. යම් පුදගලයෙකු මෙම මාලු අනුභව කළහොත් ඔවුන්ට පාචනය රෝගය සෑදී ලේ වමනය කොට රෝගාතුර වීමට ලක්වන බව කියයි.

සන්දරවල සහ භූමිකාව

මෙම සන්දරදලේ ඇති විශේෂත්වය නම්, බද්දේගම අසලින් ගලා යන ගිං ගඟ, වාර්ෂිකව ගංවතුරට ලක්වන ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධය. එහෙත්, සන්දරවලයෙහි ජලාශයේ ජල මට්ටම එම අගයක වාගේ පවතින අතර,එම ප්‍රදේශය ගංවතුර අවදානමට ලක් නොවේ. එසේම දැඩි නියං සමයේ වුවද මෙම සන්දරවලේ ජලට සිදීයාමකට ලක් වන්නේ නැත. සමාජයේ පවතින මෙවැනි විශ්වාසයන් හේතුවෙන් ජනතාව සන්දරවල කෙරෙහි පවතින භක්තිය ඉහල මට්ටමක පවති.  

ද්විත්ව විශ්වාසයන් සහ විද්‍යාත්මක විශ්ලේෂණ

සන්දරවලයේ ජනප්‍රවාදයන් සහ මතවාදීමය  භූමිකාවක් ලෙස සමාජයේ පැවැතෙන විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයන් සඳහා වැදගත් වේ. මෙම ප්‍රදේශයේ සාම්ප්‍රදායික ජනප්‍රවාදයන් සමඟ නිවැරදි පුරාවෘත්තීය සාක්ෂි එකතු කිරීම සහ විද්‍යාත්මක පර්‍යේෂණ නිගමන තහවුරු කිරීම සඳහා වැදගත් බව පෙන්වා දිය හැකිය. බද්දේගම ප්‍රදේශයේ පිහිටි සන්දරවල යනු ඉතිහාසයේ විශේෂත්වයක් සහිත ස්ථානයකි. මෙම ස්ථානයේ ප්‍රධාන ආකර්ෂණය වන්නේ පැරණි ජලාශයක් සහ ‘හැඩි දෙමළ කන්ද’ ලෙස හැඳින්වෙන කඳු ගැටයකි. මෙම ප්‍රදේශය දුටුගැමුණු රජතුමාගේ කාලය තුළ ද සුවිශේෂ සේවාවක් ඉටු කළ ප්‍රදේශයක් ලෙස සැලකේ. ඓතිහාසික හා පෞරාණික වටිනාකමකින් යුතු මෙම ප්‍රදේශය සහා සන්දරවල රැක ගැනීම අනාගත පරපුරය ඓතිහාසික සුවිශේෂත්වය විදහා දැක්වීමට මහගු අවස්ථාවක් සපයනු ඇත.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts