Pictorial තොරතුරු දැනගැනීමේ අයිතිය

නොච්චියාගම කසල කළමනාකරණය ගැන තොරතුරු පනත ඇසුරෙන් හෙළිදරව්වක්!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම ප්‍රාදේශීය බල සභා ප්‍රදේශයෙහි කසල ඒකරාශීකරණ වැඩපිළිවෙල පිළිබඳව නගරවාසීන් සහ විශේෂයෙන් වෙළඳ ප්‍රජාව අසතුටු බව පළ කළ පුවතක් මෙම වසරේ මුල් භාගයේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය විය​. ඒ අනුව අප විසින් තොරතුරු දැනගැනීමේ පනත භාවිත කරමින් නොච්චියාගම ප්‍රාදේශීය සභාව මගින් සිය බල ප්‍රදේශයේ කසල කළමනාකරණ වැඩපිළිවෙල පිළිබඳ තොරතුරු ඉල්ලා සිටින ලදී. 

පවත්නා වසංගත වාතාවරණය තුළ මදක් ප්‍රමාදව හෝ එම අයදුම් පත්‍රය සැළකිල්ලට ගෙන ඔවුන් විසින් අපවෙත තොරතුරු සැපයූ අතර එහි සඳහන් ආකාරයට ඒ වන විටත් ඔවුන් අදාළ ගැටළුව සම්බන්ධයෙන් ක්‍රියා කර තිබුණි. නගරයේ කසල ඒකරාශීකරණ කාලසටහන ද අප විසින් තොරතුරු දැනගැනීමේ පනත භාවිතයෙන් ලබා ගන්නා ලදී.

කෙසේ නමුත් මේ වන විටත් නගරයේ කසළ කළමනාකරණය සඳහා වෙන් වෙන් වශයෙන් කසළ බඳුන් ද ලබා දී අතර නුදුරේ දී ම තවත් කසළ බඳුන් මිලට ගැනීමට සහ කසළ කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් කිරීමට යෝජිත ප්‍රතිපාදන ප්‍රාදේශීය සභාව වෙත ලැබීමට නියමිත බවට, ඉහත කී තොරතුරු විමසුම ආශ්‍රයෙන් අප කළ පසු විපරමක දී නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ වර්තමාන ලේකම්තුමිය සඳහන් කර සිටියා ය. 

මෙසේ ප්‍රාදේශීය සභාව විසින් එක් රැස් කරගන්නා කසළ කුසුම්පුර පිහිටි කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයට ගෙන ගොස් කොම්පෝස්ට්කරණයට ලක් කරන බව ද අපගේ තොරතුරු ඉල්ලීමට ලද පිළිතුරෙහි සඳහන් විය​. කසළ එක් රැස් කිරීම සම්බන්ධයෙන් වන කාල සටහන පහතින් දැක්වෙන අතර, ඒ අනුව නිසි පරිදි ප්‍රදේශයේ කසළ ඉවත් කිරීමට ප්‍රාදේශීය සභාවට සහාය වී වාසයට හිතකර සුන් දර පරිසරයක් තනා ගන්නා ලෙස නගරවාසීන් හට ද ස්මරණය කළ යුතු ය​. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts