සිංහල ආප්ප ! දෙමළ ආප්ප !
සක්තීනා ගුණසේකරන්
ආප්ප ශ්‍රී ලංකාව තුළ සිංහල හා දෙමළ ප්‍රජාවන් විසින් වෙනස් ආකාරයට පිසිනු ලබයි. යාපනය පේදුරුතුඩුවේ ඉතා ජනප්‍රිය වීදි ආහාරයක් ලෙස ආප්ප හැඳින්විය හැකි ය.
ආප්ප ශ්‍රී ලංකාව තුළ සිංහල හා දෙමළ ප්‍රජාවන් විසින් වෙනස් ආකාරයට පිසිනු ලබයි. යාපනය පේදුරුතුඩුවේ ඉතා ජනප්‍රිය වීදි ආහාරයක් ලෙස ආප්ප හැඳින්විය හැකි ය. සුවිශේෂී ප්‍රදේශයන් හි පවතින යම් යම් ආහාර වර්ග සම්ප්‍රදායික සංස්කෘතියේ කොටස් වශයෙන් හඳුනාගන්න පුළුවන්. ඇතැම් ආහාර වර්ග අන්අය විසින් පිසිනු ලැබුවාවුවත්, පිළියෙළ කරන ආකාරය හා ඉදිරිපත් කරන ආකාරය වෙනස්. අප්පම් දෙමළ බසින්, ආප්ප සිංහල බසින් දැක්වීම, දේශීය ආහාර වර්ගයක් සඳහා භාවිතා කරන සමාන නම් වේ. ශ්‍රී ලංකාව තුළ එය පොදුවේ ආප්ප ලෙස හඳුන්වන අතර ඒවා සිංහල හා දමිළ ප්‍රජාවන් විසින් වෙනස් ආකාරයට පිසිනු ලබ යි. යාපනය පේදුරුතුඩුවේ ඉතා ජනප්‍රිය වීදි ආහාරයක් ලෙස ආප්ප හැඳින්විය හැකි ය. මඩකලපුව මාමන්ගම් හි ද පාර අයිනේ පිසින ආප්ප ප්‍රසිද්ධියක් උසුල යි. රසායනික හෝ බේකින් පවුඩර්වලින් තොරව ඔවුන් තවමත් සම්ප්‍රදායික ක්‍රමවේද භාවිතාකරමින් ආප්ප සකස්කරනු ලබ යි. රතු හාල් පිටි භාවිතා කර සම්ප්‍රදායික ලිප මත ඔවුන් ආප්ප සකස්කරන අතර මේවා බොහෝවිට සාදන්නේ කාන්තාවන් විසිනි. මඩකලපුවේ හා යාපනයේ, කිරි ආප්ප ඉතා ප්‍රසිද්ධ ප්‍රනීත ආහාරයක්. යාපනය උතුරු පේදුරුතුඩුව ප්‍රදේශයේ, සම්ප්‍රදායිකව මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන කාන්තාවක් අපට හමු වූ අතර ඇය ඇගේ වෙළඳාම පිළිබඳව හා ඇය මුහුණ දෙමින් සිටින ගැටළු සම්බන්ධයෙන් සඳහන්කරනු ලැබුවා.
ආප්ප පිසීමේ හා විකිණීමේ ව්‍යාපාරය ඔබ ආරම්භ කළේ කවදා ද ?
පේදුරුතුඩුව ප්‍රදේශයේ පරම්පරා ගණනාවක් තිස්සේ මෙම ව්‍යාපාරය කාන්තාවන් විසින් පවත්වාගෙන ඇවිත් තියෙනවා . අපේ පවුල ඔවුන්ගෙන් එකක්. පසුගිය වසර වෙනකම් මගේ සහෝදරියෝ පස්දෙනෙක් මෙම ව්‍යාපාරයේ නියැලුනා. මේ දවස්වල මම විතරයි මේක කරමින් ඉන්නේ.
ඔබගේ ආප්ප, විදී ආප්ප ලෙස හඳුන්වන්නට හේතුවක් තියෙනව ද ?
ඔව්. හේතුවක් තියෙනවා. සරලව කිව්වොත්, වීදි ආප්ප අපේ නගරයට අනන්‍ය වූ දෙයක්. එය, පාර අයිනේ සිට සකස්කරන හා විකුණන සම්ප්‍රදායික ආහාර වර්ගවල එකතුවක්. පේදුරුතුඩුවේ කාගෙන් ඇහුවත්, අපි ඉන්න ස්ථානය ඔවුන් ඔබට හරියටම කියාවි. මෙය, ඔඩක්කරයි පාර, මේක අතීතයේ ඉඳන්ම නගරයේ තිබුණු පාරක්. මේ ආසන්නයේ ඇළක් තියෙනවා. මිනිස්සු බයිසිකල්වලින් ඇවිත් ආප්ප මිලදීගන්නවා. අපේ ආප්ප ප්‍රසිද්ධ යි.
ඔබ සකස් කරන්නේ කුමන වර්ගයේ ආප්ප ද?
සාමාන්‍යයෙන් ආප්ප, පොල් කිරි හා සීනි සමඟ මිශ්‍රකරනවා. ඒවගේම, අපි සුදු ආප්පත් හදනවා ( පොල් මිශ්‍ර නොකර ). ඒවා, පොල් සම්බෝල හෝ වම්බටු ව්‍යංජන සමඟ ආහාරයට ගන්නවා. ඇතැම් ආපනශාලාවල සිංහල ආප්ප ලබාදෙනවා. අපිත් ඔවුන්ට ඒවා සකස්කර දෙන්නට කටයුතු කරලා තියෙනවා.
සිංහල ආප්ප කියන්නේ මොනව ද ?
සාමාන්‍යයෙන් අපි පැණි රස ආප්ප, පොල් කිරි සමඟ හෝ ආප්ප පොල් සම්බෝල සමඟ ආහාරයට ගැනීමට පිළියෙළ කරනවා. නමුත්, සිංහල ජනතාව පැතලි හා බිත්තර ආප්ප කට්ට සම්බෝල සමඟ ආහාරයට ගන්නවා.
මෙම ව්‍යාපාරය කරන අතරතුර ඔබ ගැටළුවලට මුහුණ දෙනවා ද ?
අපිට ලොකු ප්‍රශ්න නෑ. නමුත්, සමහර වෙලාවට මහජන සෞඛ්‍ය පරීක්ෂක හා බදු නිලධාරීන් පැමිණිම මඟින් ගැටළු ඇතිවෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂක, අපගේ වෙළඳසැල් වෙනස්කරගන්නා ලෙසට අපට අවවාදකරනවා. අපි වෙළඳසැලේ වෙනසක් සිදුකළොත්, එය අපගේ සම්ප්‍රදායික ප්‍රතිරූපයට හානි කරාවි. මහජන සෞඛ්‍ය පරිකෂකවරයා විසින් පවසන ලද සියළුම පරීක්ෂණ මම සිදු කරගෙන තියෙනවා වගේම මට අවශ්‍ය එන්නත් පවා ලබාගෙන තියෙනවා. මම බදු ගෙවන්නේ නෑ, මොකද මම දවසට පැය දෙකයි ආප්ප හදන්නේ.
ඔබගේ පවුලෙන් සහයෝගයක් මේ සඳහා ලැබෙනව ද ?
ඇත්තටම පේදුරුතුඩුවේ වීදි ආප්ප සකස් කරන අයගෙන් සිටින අන්තිම කාන්තාව මම. ඉස්සර මගේ සහෝදරියෝ මෙහි නියැලුනා, නමුත් දැන් ඔවුන් පිටරටවල්වල ගිහින්. රජය මඟින් ඇති කරන බදු ගැටළු නිසා අනෙක් අය ව්‍යාපාරය නැවැත්තුවා. වයසක කාන්තාවන් ආප්ප හදන එක නැවැත්තුවා, ඔවුන් දුර්වල නිසා. මේ පාරේ කාන්තාවන් 13දෙනෙක් ආප්ප හැදුව කාලේ හරිම විනෝද යි, දැන් මම විතර යි.
This article was originally published on the catamaran.com