ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ ඛේදවාචකය
ජෙම්සිත්
පුවත්පත් අංශය සේවා මූලිකය. කිසිවකුටත් යටත් නොවී එය නිදහස් ලෙස ක්‍රියා යුතුය, සිය දැක්ම නිර්භයව ප්‍රකාශ කළ යුතුය, රටේ අසාධාරණය, නීති කඩකිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය හෙළා දකිමින් නීතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. මේ අංශය සලකන්නේ ප්රජාතන්ත්රවාදී සමාජයක සිව්වැනි බලකණුව ලෙසය. මෙසේ සිව්වැනි ස්ථම්භය ලෙස සලකනු ලබ මාධ්‍යයට ඔවුන්ගේ වගකීම්, ජනමාධ්‍ය සදාචාරයට ගරුකිරීම සහ ඒවාට එකඟ වීම පිළිබඳ අවබෝධයක්වත් තිබේද? යථාර්ථය ශ්‍රී ලංකාවේ නැත යන පිළිතුරයි.
ප්රජාතන්ත්රවාදයේ මුල් බලකණු ත්‍රිත්වය ලෙස සලකන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි, මාධ්‍යය සලකන්නේ සිව්වැනි බලකණුව ලෙසයි. පළමු ස්ථම්භ තුනම ඍජුව හෝ වක්‍රව ජනතාවට පිළිතුරු දීමට බැඳී සිටියි. විධායකය පාර්ලිමේන්තුවට වගකිව යුතුය. පාර්ලිමේන්තු සභිකයන් අධිකරණයට පිළිතුරු දිය යුතුය. එහෙත් මාධ්‍යය සිටින්නේ අනෙක් ත්‍රිත්වයෙන් ප්‍රශ්න කළ හැකි මට්ටමක වන අතර මහජනතාවට පිළිතුරු දීමට කොහෙත්ම බැඳී නැත. පුවත්පත්වලට ඔවුන් කෙරෙහි විශ්වාසය පළ කරන මහජනතාවට පිළිතුරු දිය හැකි විය යුතුය. කෙසේ වෙතත් බොහෝ මාධ්‍ය මේ ප්‍රජාතාන්ත්‍රික වගකීම මඟහරියි.
මහජනතාව යනු රටක සම්පතයි. මේ ජනතාවට වන අසාධාරණකම් සහ කුරිරුකම් මාධ්‍ය විමසිය යුතුය. මෙය පුවත්පත්වල ප්‍රධාන වගකීමයි. සුළු ජාතීන්ගේ ආගම, අයිතිවාසිකම් සහ ආර්ථිකය වාර්ගික හා ආගමික ප්රචණ්ඩත්වය විසින් පීඩාවට පත් කරන විට මෙන්ම ප්‍රතික්ෂේප කරමින් ගෙල සිර කරන විට ඒ පීඩාවට පත්වූවන්ගේ සහ බලපෑමට නතු වූවන්ගේ හඬ විය යුත්තේ මාධ්‍යයයි. එහෙත් එය වාර්ගික, ආගමික සහ ආර්ථික වශයෙන් ජනමාධ්‍ය සදාචාරයට එරෙහිව කටයුතු කරන බවක් දක්නට ඇත.
ජනතාව උපාංග මඟින් තොරතුරු වෙත ආකර්ෂණය වන විට, පුවත්පත් ද විද්‍යුත් මාධ්‍ය හා සමාජ ප්රවණතා අනුගමනය කරයි. පාඨකයන් අතර තම සංසරණය ඉහළ නංවා ගැනීම සඳහා ඔවුන්ගේ මඟ වාර්ගික ආගමික ප්‍රතිපත්තිය පදනම් කර ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස පුවත්පත්වල විශ්වසනීයත්වය හීන වී යමින් පවතී. ඊට අමතරව වාර්ගික ආගමික අදහස් කුපිත කරවයි. ආර්ථික ප්රතිපත්තීන් සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ආරම්භ කෙරෙන සංවර්ධන වැඩපිළිවෙළ හෝ ඒවායේ ප්‍රතිඵල පිළිබඳ මාධ්‍ය සාකච්ඡා කරන්නේ ඉතා අඩුවෙනි. ඔවුන් දරිද්‍රතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙනස් කොට සැලකීම, ළමා කම්කරුවන්, ගොවීන්ගේ පරිහානිය සහ එදිනෙදා පැවැත්ම වෙනුවෙන් කරන අරගලය පිළිබඳ පළ කරන්නේ නැත.
ශ්‍රී ලංකාවේ පුවත්පත් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පළ කෙරෙන්නේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව නියෝජනය කරමිනි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් පුවත්පත් සිංහල ජනතාව වෙනුවෙන් පළ කෙරෙන අතර සුළුතර දෙමළ සහ මුස්ලිම් ජනතාව වෙනුවෙන් පළ කෙරෙන්නේ දෙමළ පුවත්පත් පමණි. ශ්‍රී ලංකාවේ ජනගහනයට අනුව 74.9%ක් සිංහල කතා කරන මිනිසුන් ද, 15.4% ක් දෙමළ සහ මුස්ලිම් ද ඉතිරිය වෙනත් භාෂා කතා කරන අයද වේ. ජනමාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරනවා පමණක් නොව, සංවේදී පුවත් වෙනුවට ඔවුන්ගේ කැමැත්ත අනුව ඔවුන් පළ කරන්නේ තව තවත් වාර්ගික ආගමික භේද හා කැලඹීම්වලට තුඩුදෙන කුපිත කරවනසුලු පුවත්ය.
සිංහල හා ඉංග්‍රීසි භාෂාද්වයේම පුවත්පත්වල වැරදීමකින් හෝ දෙමළ සහ මුස්ලිම් සුළුතරයගේ ඉඩම්, ආගමික, අයිතිවාසිකම්, ප්රජාතන්ත්රවාදය සහ ආර්ථිකය පිළිබඳ පුවත් සහ ඔවුන්ගේ ඉල්ලීම්, අරගලයන් පිළිබඳ පළ නොකරයි. මේ පුවත්පත් හුදෙක් මාධ්‍ය ආචාරධර්ම පාගාදමන්නේ දෙමළ ජනයා ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් කළ වසර 30ක් පැරැණි අරගලය පිළිබඳ පුවත් සහ 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාවට එරෙහි වාර්ගික හා ආගමික ප්රචණ්ඩත්වය පිළිබඳ පුවත් පළ කරන විටය.
මෑතක සාධාරණය ඉල්ලා පොතුවිල් සිට පොලිකන්ඩි වෙත දෙමළ ජනතාව ගිය සාමකාමී පාගමන හොඳම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. මේ පාගමන අන්තර්ජාතික මාධ්‍යවල ආකර්ෂණය දිනාගන්නා අතර ශ්‍රී ලංකාවේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් මේ පිළිබඳ කුඩා පුවතක් හෝ පළ නොකරමින් එය වසා දැමීමට කටයුතු කළේය. ඒ අතර දෙමළ පුවත්පත් මේ පුවත මුල් පිටුවේ ප්‍රධාන පුවතට ගත්තේය. මෙය ශ්‍රී ලංකාවේ වාර්ගිකත්වය අනුව සිදුකරන වෙනස්කම් පැහැදිලිව දක්වන්නකි.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ඇලීනා බී ටෙප්ලිට්ස් ද මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ පුවත්පත්වල පාර්ශ්විකත්වය පෙන්වාලීය. ඇය ට්විටර් සටහනක් තබමින්: සාමකාමී විරෝධතාවක් ඕනෑම ප්රජාතන්ත්රවාදයක වැදගත් අයිතියක් වන අතර සැලකිය යුතු, නීත්‍යානුකූල උත්සාහයන්ට සවන් දිය යුතුය. මම පොතුවිල් සිට පේදුරු තුඩුව දක්වා පාගමන පිළිබඳ දෙමළ මාධ්‍ය ආවරණ දුටු අතර කොළඹ පදනම් කරගත් මාධ්‍යවලින් එය වඩාත් පුළුල්ව ආවරණය නොකළේ මන්ද? යන්න පිළිබඳ පුදුමයට පත් වීමි.
එයට හේතුව ශ්‍රී ලංකාවේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් වාර්ගික අදහස්වලින් කටයුතු කිරීම නොවේ. ඔවුන් ඔවුන්ගේම ජනතාවට බලපාන සිදුවීම් පිළිබඳ ප්‍රශ්න කිරීමට තරම් බලවත් නොවීමය. ඔවුන් රජයේ හෝ පෞද්ගලික ආයතනයක අකටයුත්තක් පෙන්වා දුනහොත් ඔවුන් වෙළෙඳ දැන්වීම් නොලැබී යෑමේ අවදානමකට මුහුණ පානු ඇත. ලාභ අපේක්ෂාව පවතින්නේ ඒවා මතය.
උදාහරණයක් ලෙස, ප්රමුඛ පෙළේ ආයතනයකින් විෂකාරක ද්‍රව්‍ය අඩංගු කිරිපිටි ආනයනය කරන ලද පුවත පුවත්පත් පළ කළේ නැත. ඒ වෙනුවට මේ මාධ්‍ය කඩ විසින් දින ගණනාවක් පුරා දිගින් දිගටම ඒ ආයතනයේ දැන්වීම් පළ කරන ලදී. මැතිවරණ සමයේදී දේශපාලන දැන්වීම්වලට සිදුවන්නේද මෙසේමය.
ප්රජාතන්ත්රවාදයේ මුරබල්ලන් වූ පුවත්පත් දැන් සූරාකෑමේ මුරබල්ලන් සහ ලාභ ඉපැයීමේ රාජදූතයන් බවට පත්ව ඇති සෙයක් පෙනේ. මුදලට මුල්තැන දෙන පරිසරයක පුවත්පත් විශාල ලාභ උපයන වස්තූන් බවට පත්ව ඇත.
දේශපාලනය සහ ධනවාදය පුවත්පත්වලට විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. ව්‍යාපාර සහ දේශපාලන අරමුණු මඟින් පුවත් තීරණය කරයි. බොහෝ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය රඳාපවතින්නේ වෙළෙඳ දැන්වීම්වලින් ලැබෙන ආදායමෙනි. පාඨකයන් ගෙවන මිල 15% වඩා අඩුය. මේ තත්ත්වය මත ඔවුන් ප්‍රමුඛත්වය දෙනු ඇත්තේ ජනතාවගේ අවශ්‍යතා, ගැටලු සහ ඉල්ලීම්වලටද වෙළෙඳ දැන්වීම්කරුවන්ගේ අවශ්‍යතාවලටද?
කාල් මාක්ස් මාධ්‍යවේදියකු ලෙස සේවය කළද ඔහු ජනමාධ්‍යවේදය පිළිබඳ පැවසූ දෙය වැදගත් වෙයි. පුවත්පත් වාරණය පිළිබඳ වාදයකදී ඔහු පැවසුවේ මෙලෙසිනි: වාරණය නීත්‍යානුකූල වුවත් එය සදාචාරාත්මකව යහපත් නොවේ. නීතිගත කළත් වහල්බව අශික්ෂිතය. වාරණය ද ඒ හා සමානය.
இலங்கை பத்திரிகைகள் நடு நிலையானவையா?
Are Sri Lankan Newspapers Neutral?