ශ්රී ලංකාව පෝෂණය කළේබහු ජාතික ජන සමාජයයි
ප්‍රියදර්ශිනී සිවරාජා
ශ්‍රී ලංකාවේ සුහදත්වය හා ජාතීන් අතර සමඟිය ඇති කිරීමට නම් 2015 වර්ෂයේ තමන් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන සහ ජීවන ක්‍රියාවලිය පිළිබඳ නැවත සාකච්ඡාවට බඳුන් විය යුතු යැයි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු කියයි. ශ්‍රී ලංකාවේ ජීවත් වන කවර ජාතියක වුවද සමඟිය හා සහජීවනය ශක්තිමත් වන්නේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය නොවන තරමට බව ඔහුගේ අදහස යි.
පසුගිය අපේ‍්‍රල් 21 වන දින සිදු වූ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු උද්ගත වූ තත්ත්වය අනුව ජාතීන් අතර යම් ආකාර කලබලකාරී සහ අවිනිශ්චිත තත්ත්වයක් දක්නට තිබෙනවා. මේ තත්ත්වය හමුවේ පහුගිය අවුරුදු හතරක කාලයක් තිස්සේ ඉදිරියට ගෙන ගිය සමඟිය, සහජීවනය වැනි කරුණු ගැන නැවත සිතා බැලීමට සිදු වී තිබෙනවා.
අපි සියලුම දෙනා අදහස් දක්වන්නට ප‍්‍රථමයෙන් ඔබ සියලූ දෙනාම එක් වී ජනතාව සමඟ කතා කළ යුතු යයි අපි රජයට උපදෙස් දුන්නා. එයට රජය එකඟ වුවත් කිසිවක් සිදු වුණේ නැහැ. මගේ අදහස් අනුව අන්තර් පාලන නීති අවශ්‍ය තැනට යොමු වුණේ නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට නියෝග ලැබුණෙත් නැහැ. ඒ වගේම සංහිඳියාව ඇති කරන වැඩ පිළිවෙළෙත් අඩුපාඩු දක්නට තිබුණා.
අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් පසුව මුස්ලිම්වරුන් විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන පරීක්‍ෂණ කියා රඳවා ගෙන සිටිනවා. මේවා ජාතීන් අතර ගැටුම්කාරි තත්ත්වයන් නැත්නම් උණුසුම් තත්ත්වයන් ඇති කරන්නට හේතු වන දේ.
මෙහිදී වැදගත් වන තවත් ප‍්‍රශ්නයක් නම් අපි ශ‍්‍රී ලංකාවේ කවුරුන්ද යන ප‍්‍රශ්නය.. අපි එක් වී ජීවත් විය යුතුයි යනුවෙන් හෝ එහි වැදගත්කම ගැන කිසිවෙක් කල්පනා කළ බවක් පේන්නෙ නෑ. ඒ පිළිබඳ ජනතාව සමඟ කිසිවකු කතා කළ බවක් පේනෙත් නෑ. සියලු දෙනාම One Nation. One Country එකම ජාතියක්, එකම රටක් යයි පවසනවා. රටේ 70% කට වැඩි ජනගහනය සිංහල බෞද්ධයන් වන තත්ත්වයේ One Nation කියද්දී අනෙකුත් ජාතීන් සිංහල බෞද්ධයන්ගේ සිමාවන් තුළ ජීවත් විය යුතුද? නැහැ. මෙහි ජීවත් වන සියලුම ජාතීන් ඔවුන්ගේ අනන්‍යතා ආරක්‍ෂා කරමින් ජීවත් විය යුතුයි. එයයි ශ‍්‍රී ලංකාවට අවශ්‍ය.
සියලුම ජාතීන් ඔවුන්ගේ අනන්‍යතා ආරක්‍ෂා කරමින් ජීවත් විය යුතුයි
මෙවැනි අනන්‍යතා ආරක්‍ෂා කරගෙන ජීවත් වීමේදී මුස්ලිම් විවාහ, දික්කසාද සහ ඇඳුම් ගැන කතාබහට ලක් වෙනවා. මුස්ලිම් විරෝධී ක‍්‍රියාවන්වල මුල් තැන ගෙන තිබෙන්නේ මේවායි. ඔවුන් ශ‍්‍රී ලංකාවට ආවේණික ලෙස ජීවත් විය යුතු යයි පවසනවා. මෙය ඔබ දකින්නේ කෙසේද?
මද්‍රසා ගැනත් කතා කරනවා නේද? ඒවා අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත් කළ යුතු යයි කියවෙනවා. මුස්ලිම් සමාජයත් ඒ පිළිබඳ සාකච්ඡා කර එකඟතාව ප‍්‍රකාශ කර තිබෙනවා. බුර්කා ප‍්‍රශ්නය ගතහොත් ඇඳුම් පිළිබඳ රජයට නියෝග කරන්න බැහැ. එය මා තරයේ හෙළා දකිනවා. මා කෙසේ ඇඳුම් ඇදිය යුතුදැයි මට කිසිවෙකුට නියෝග කරන්නට බැහැ. ආරක්‍ෂක හේතු මත් සුළු සුළු වෙනස්කම් කළ හැකියි. ආරක්‍ෂක හේතු කියමින් දීර්ඝ කාලයකට ඇඳුම් පිළිබඳ නියෝග නිකුත් කරන්නට බැහැ. වයස 13ක ගැහැනු ළමයකු මුස්ලිම් පිරිමියෙකුට විවාහ කර ගන්නට පුළුවන්. මෙවැනි සම්ප‍්‍රදායයන් ඔවුන්ගේ සමාජයේ තිබෙනවා. මෙහිදී ඇසිය යුතු ප‍්‍රශ්නය නම් මේ නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙනවාද නැද්ද යන්නයි. මේ පිළිබඳ සියලුම පාර්ශව සාකච්ඡා කළ යුතුයි.
සාමුහික ක‍්‍රියාවන්ගේ අවසානයේ තමයි ඔවුනොවුන්ගේ අනන්‍යතා ආරක්‍ෂා වීමක් සිදු වන්නේ. එයින් මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරිමක් සිදු වෙනවා. රටට ප‍්‍රයෝජනවත් වන්නේ එයයි.
ජාතීන් වශයෙන් ගැටුම් ඇතිවන්නේ මුස්ලිම්වරුන් ශ‍්‍රී ලාංකිකයන් ලෙස ජීවත් වනවාට වඩා අරාබීන් හැටියට ජීවත් වීමට මුල් තැන දීම නිසා බවයි බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පවසන්නේ. මේ පිළිබඳ ඔබේ අදහස්?
මුස්ලිම්වරුන් සහ ද්‍රවිඩයන් ශ‍්‍රී ලංකිකයින් හැටියට ජීවත් වීම යන්නෙන් බලාපොරොත්තු වෙන්නේ මහා ජාතියට යටත් ව ඔවුන්ගේ සීමා තුළ ජීවත් වීමද? මුස්ලිම්වරුන් සහ ද්‍රවිඩයින් ශ‍්‍රී ලාංකිකයන් හැටියටයි ජීවත් වෙන්නේ. ජාතික ගීයට ඔවුන් ගරු නොකර ඉන්නවාද? ජාතික ගීය ගායනා කරනකොට භික්‍ෂූන් වහන්සේලා හැර අනෙකුත් සියලු දෙනාම නැගිට එයට ගරු කරනවා. එසේ නම් ශ‍්‍රී ලාංකිකයන් හැටියට ජීවත් වීම කියන එකේ හරි තේරුම කුමක්ද? ඒ ගැනයි සොයා බැලිය යුත්තේ.
රටේ සංහිඳියාව සහ ජාතීන් අතර සමඟිය ඇති කිරීමේ වැඩපිළිවෙළ අතර සිංහල බෞද්ධවාදය ද ඉහළ නැංවීමේ වෑයම් දක්නට තිබෙනවා. මෙවැනි අභියෝග ඉදිරියේ සංහිඳියාව කෙසේ සාර්ථක වේ යයි ඔබ සිතනවාද?
මේ සම්බන්ධයෙන් සිංහල ජනතාව අතර පවතින වත්මන් ආකල්ප වෙනස් විය යුතුයි. ශී‍්‍ර ලංකාව සියලුම ජාතීන්ට අයත් රටක් යයි කියන්නට ඔවුන් ඉදිරිපත් විය යුතුයි. බුදු දහම කියන්නේ දර්ශනයක්. ශී‍්‍ර ලංකාවේ බෞද්ධ ආගමික ක‍්‍රියාකාරකම්වලත්, සත්‍ය බෞද්ධ දර්ශනය අතරත් විශාල වෙනස්කම් තිබෙනවා. සිංහල ජනතාවගේ ආකල්පමය වෙනස්කමක් ඇති වෙනකම් ප‍්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ බුදු දහමට මුල් තැන ලබා දී තිබෙනවා. ඒත් ඥානසාර වැනි භික්‍ෂූන් ජාතිවාදය පතුරවමින් තවත් ජාතියක් අවමානයට ලක් කරමින් අදහස් ප‍්‍රචාරය කරද්දී ඔවුන් අත් අඩංගුවට නොගෙන ඉන්න පුළුවන්ද? රටක නීතිය සියලු දෙනාටම එක සේ ක‍්‍රියාත්මක විය යුතුයි. ඔහු නිදහස් කළා. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ.
ඔබ පෙර සඳහන් කළ පරිදි ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දුන්නා.
උසාවිය අපහාසයට ලක් කිරීමේ නඩුවේ දී අධිකරණය ඔහුට නියම දඬුවම නියම කළා. මෙහිදී ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ව්‍යවස්ථාවට ඇඟිලි ගැසීමක්. බුදු දහමට මුල් තැන ලබාදීම කියන්නේ භික්ෂූන් වහන්සේලාට ඕනෑම දෙයක් කරන්නට පුළුවන් කියන එක නෙවෙයි. මේ පසුබිම හමුවේ ඥානසාර හිමියන් නිදහස් කිරීමේ අවශ්‍යතාව කුමක්ද? මෙමඟින් ජනාධිපතිවරයා සිදු කළේ මහින්ද රාජපක්‍ෂට අභියෝගයක් එල්ල කිරීමයි. ජනපතිවරයා අවස්ථා දෙකකදී ව්‍යවස්ථාව උල්ලංඝණය කළා. එය ජනාධිපති සිරිසේන සිය තනතුරෙන් ඉවත් වෙනකොට ඔහුට විරුද්ධව කටයුතු කරන්නට උපයෝගී කර ගත හැකි සාක්ෂි වනවා.
පීඩාවට පත් ජනතාවට විශ්වාසයක් ඇති වෙන්නේ එවිටයි
යහපාලන රජයට ඔබ ඇතුළු පොදු ජනතාවගේ සහ විවිධ සංවිධානවල සහයෝගය තදබල ලෙසට ලැබුණා. මේ සංහිඳියා ක‍්‍රියාවලියේ දී රජය අත් කර ගත් පරාජය එයට සහාය දැක් වූ පාර්ශව කරුවන්ගේ පරාජයයි. මෙම පරාජයට හේතුව කුමක් කියා ද ඔබ සිතන්නෙ?
යහපාලන රජය ගැන දැඩි විශ්වාසය තබා අපි කටයුතු කළ බව සත්‍යයක්. ඉන් ජනතාවට යහපත් වෙනස්කම් අත් කර දීමට අපිට හැකි වුණා. තොරතුරු දැන ගැනීමේ පනත, 19 වන සංශෝධන සමහර ආර්ථික සංශෝධන පහුගිය අවුරුදු 4ක කාලය තුළ ලබා ගත් දේවල්. මේවා ගැන ජනතාව දැනුවත් කර පැහැදිලි කිරීමේ සන්නිවේදන ක‍්‍රියාවලියක් තිබුණේ නැහැ. එනිසා මෙ පිළිබඳ ජනතාව හරියට තේරුම් ගත්තේ නැහැ. හොඳ වෙනස හඳුනා ගැනීමට ඔවුන්ට එනිසා නොහැකි වුණා.
දේශපාලන පක්‍ෂ වගේ සිවිල් සමාජය තුළත් මතභේද තිබෙනවා. ඒත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වුණ ගමන් විධායක් ජනාධිපතිකම අහෝසි කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත ගැන කතා කළා. සිවිල් සමාජ ක‍්‍රියාකරුවන් වශයෙන් පහුගිය අවුරුදු 25ක් තිස්සේ අපි මේ වෙනස්කම් පිළිබඳ හඬ නැගුවා. මගේ අදහස වන්නේ සිවිල් සමාජ ක‍්‍රියාකරුවන් අවශ්‍යතා ලයිස්තු සකස් කරද්දී ඒවා කි‍්‍රයාත්මක කරන වගකීම දේශපාලන දේහයේ මැදිහත්වීමෙන් ඉදිරියට ගෙන යා යුතුයි. සිවිල් සමාජයට වේදිකාව සකස් කරන්නට පමණයි හැකිවනුයේ. 2014 මෙවැනි ලයිස්තුවක් අපි ඉදිරිපත් කරනකොට එය කළ නොහැකි දේ කියා බොහෝ දෙනා සිතුවා. තමුත් ඒවායින් බොහොමයක් ක‍්‍රියාවට නැංවීමට හැකි වුණා. මේ ගැටලුවලට බලපාන අනෙක් ලොකුම ගැටලුව නම් රනිල් – සිරිසේන ගැටුමයි.
සංහිඳියාව ගැටලුසහගත තත්ත්වයට පත් වී තිබෙන මේ මොහොතේ ජාතීන් අතර එකමුතුව ශක්තිමත් කරන්නේ කෙසේද?
මුලින් මේ පිළිබඳ ජනතාවට දැනුම්වත් කළ යුතුයි. සංහිඳියාව ඇයි අවශ්‍ය? කෙලෙසද මෙය කි‍්‍රයාත්මක කර ගත හැක්කේ? යන කරුණු ගැන අප ජනතාව සමඟ සාකච්ඡා කළ යුතුයි.
මා දකින අන්දමට මෙයට කෙටිකාලීන විසඳුම් නැහැ. රටේ අධ්‍යාපන වෙනස්කම් ඇතුළු දීර්ඝ කාලීන වැඩ පිළිවෙළ මේ උදෙසා අවශ්‍යයි. අද හෝ හෙට රටේ සංහිඳියාව ඇති කරන්නට බැහැ. රජය මෙම වැඩ පිළිවෙළ ප‍්‍රමුඛතාවකින් ක‍්‍රියාත්මක කරනවානම් එම වෙනස්කම් ඇති කළ හැකියි. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කාලයේ කි‍්‍රයාත්මක කළ සුදු නෙළුම් වගේ වැඩ පිළිවෙළ තමයි දැන් අවශ්‍ය වන්නේ.
මංගල සමරවීර මහතා සුදු නෙළුම් ව්‍යාපාරයේ කටයුතු කළා. ඒත් ඔහුටත් එම අත්දැකීම් ප‍්‍රායෝගික තලයක කි‍්‍රයාත්මක කරන්නට නොහැකි වූ බවයි පිළිගැනෙන්නේ ?
සියලු දෙනාම ඒකාධිපති ස්වරූපය ගන්නකොට මංගල සමරවීර විතරයි වෙනස් ස්වරූපයක් දරන්නේ. එතකොට එයාට සහයෝගය දීල එයාගේ දෑත ශක්තිමත් කරන්නට කිසිවෙක් නැහැ.
ජාතීන් අතර එකමුතුව ශක්තිමත් කරනු පිණිස කෙටි කාලයක් තුළ කි‍්‍රයාත්මක කළ හැකි වැඩ පිළිවෙළක් ඔබ ඇතුළු සංවිධාන ඉදිරිපත් කර තිබුණා. ඒවා කි‍්‍රයාත්මක වූවා ද? නැතිනම් එහි වත්මන් තත්ත්වය කෙබඳුද?
යෝජනා 50 ක් ඇතුළු වැඩසටහනක් රජයට අපි ඉදිරිපත් කළා. එය රජය පිළිගන්නේ නැහැ. වගවීම පිළිබඳව අපි එහි සඳහහන් කර තිබුණා. අඩුම තරමින් එක් එක් නඩු විභාගයේ දී එක් ජාත්‍යන්තර විනිසුරුවරයකු හෝ පත් කළ යුතුයි කියලා තිබුණා. එතකොටයි පීඩාවට පත් ජනතාවට විශ්වාසයක් ඇති වෙන්නේ. පීඩාවට පත් ජනතාව වෙත ගිහින් කතාකරද්දි අවිශ්වායෙන් ඉන්න ඔවුන්ට විශ්වාසයක් ඇතිවෙන්න මෙවන් දේ කර පෙන්වන්නයි අප ඉල්ලා සිටියා. පීඩාවට පත් ජනතාවට විශ්වාසයක් ඇති වන්නේ එවිටයි. මේ වගවීම් ක‍්‍රියාවලිය පිළිබඳ පීඩාවට පත් ජනතාව තුළ විශ්වාසයක් ඇති වුණායින් පසු පෙර සඳහන් කළ විදෙස් විනිසුරුවරුනට ඔවුන්ගේ රටවලට ආපහු යන්න පුළුවනි. මෙම නිර්දේශ තියාගෙන එය රටට අහිතකර බලපානවා කියමින්, හමුදාව පාවා දෙන්නට බැහැ යයි පවසමින් රජය විරුද්ධත්වය ප‍්‍රකාශ කළා.
අතුරුදහන් වූවන්ගේ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, සහ සත්‍ය සෙවීමේ කොමිසම හරහා අපට තොරතුරු ලැබී තිබෙනවා. අතරුදහන් වූවන් සෙවීමේ කාර්යාලයට රජය උදව් කළ යුතුයි. අවශ්‍ය නිලධාරීන් පත් කිරීම, පුහුණු කිරීම සහ කි‍්‍රයාත්මක කිරීම රජය සිදු කළ යුතුයි. අතරුදහන්වූවන් පිළිබඳ ලිපි ගොනු විසිදාහක් පමණ තිබෙනවා. මෙම ලිපි ගොනුවල ඇතුළත් කරුණු අරබයා සොයා බැලීම කොතැනින් පටන් ගත යුතුදැයි කියා තීරණය කළ යුතුයි. මෙය කඩිනමින් කළ යුත්තක්. එහෙම නොකොළොත් මේ වැඩපිළිවෙළ සාර්ථක වන්නේ නැහැ. අතරුදහන් වූවන් සෙවීමේ කාර්යාලය ස්ථිර කාර්යාලයක්. කවර රජය බලයට පත්වුවත් කාර්යාලය කි‍්‍රයාත්මකයි.
කෙටි කාලයක් තුළ කි‍්‍රයාත්මක කළයුතු නිර්දේශත් මෙහි අන්තර්ගතව තිබුණා. එයට දේශපාලන බැඳීම් අවශ්‍යයි. ව්‍යවස්ථා සංශෝධන ඉක්මනින් සිදු කළ යුතුයි. එයට කල් මැරීම තමයි ගැටලුව. මෙය කි‍්‍රයාත්මක කර තිබුණානම් රටේ අර්බුද තත්ත්වයක් උද්ගත වන්නේ නැහැ. අපේ‍්‍රල් 21 සිද්ධියත් වලක්වාගත හැකිව තිබුණා. මේ ප‍්‍රවණතා සම්බන්ධයෙන් සංහිඳියාව ගොඩනැඟීමේ කි‍්‍රයාකාරී සාමාජිකයකු වශයෙන් මා මානසික පීඩනයට පත්වෙලයි ඉන්නේ. රට වෙනුවෙන් ඉතා පරිත්‍යාගශීලිවයි තමයි අපි මෙයට මැදිහත් වුණේ.
ශී‍්‍ර ලාංකිකයන් වශයෙන් ජීවත් වෙනවා යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද?
ශී‍්‍ර ලංකාව බහුජන සමාජයකින් යුත්, බහු සංස්කෘතියක් ඇති රටක්. එහි වැඩි වශයෙන් සිංහලයන් ජීවත් වෙනවා. සියලුම ජන, ආගමික කොටස් ඔවුනොවුන්ගේ අනන්‍යතා ආරක්ෂා කරගනිමින් ජීවත්වීමේ අයිතිය ලබාගෙන තිබෙනවා. කි‍්‍රයාව කුමක් වුවත් එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය නොකෙරෙන ආකාරයෙන් පැවතිය යුතුයි. මුස්ලිම්වරුන්ගේ විවාහ, දික්කසාද නීති, උඩරට නීති තේසවලාමේ නීතිය ඇතුළු සියලුම නීතී පිළිබඳ අපි නැවත අවධානය යොමු කළ යුතුයි.
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කෙරෙන සිදුවීම් පිළිබඳ අප එකට වාඩි වී සාකච්ඡා කළ යුතුයි. ශී‍්‍ර ලංකාවේ සිංහල සහ ද්‍රවිඩ සමාජය, මුස්ලිම් ජන කොටසට එරෙහිව එක්වෙනවා. ගැටුම් අවස්ථාවල දී මෙය පොදුවේ සිද්ධ වෙනවා. මෙවැනි ගැටුම් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා තීරණයකට එළඹිය යුතුයි. අපි නැවත 2015 දී ඉදිරිපත් කළ වැඩ සටහන් දිහා අවධානය යොමු කළ යුතුයි. ව්‍යවස්ථා සංශෝධන අනිකුත් නීති රීති ගැන අවධානය යොමු කළ යුතුයි.
වැඩපිළිවෙළක් සාර්ථක කරගැනීම සඳහා අප සියලු දෙනාම උත්සාහ කළ යුතුයි.
මෙය සාර්ථක කර ගන්නට කෙතරම් කලක් ගතවේවිද?
වැඩපිළිවෙළක් සාර්ථක කරගැනීම සඳහා අප සියලු දෙනාම උත්සාහ කළ යුතුයි. සියලුම දෙනා ජනාධිපතිවරණයක් බලාපොරොත්තු වෙනවා. ජනාධිපති තනතුර වැදගත් එකකුත් නොවෙයි. 19 වන සංශෝධනයෙන් පසුව ඔහුගේ බලය අඩු කිරීමක් කර තිබෙනවා. ඒ නිසා සියලු ජන කොටස් නියෝජනය කෙරෙන නාමමාත‍්‍ර ජනාපධිපතිකමකුයි වුවමනා. ඒ අනුව ජවිපෙ ඉදිරිපත් කළ 20 වෙනි සංශෝධනය අනුව විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කළ යුතුයි. විශාල ලෙස මුදල් වියදම් කරනවාට වඩා මෙය පහසුයි. මේ තුළින් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරමින් සංහිඳියා වැඩ කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.
රටේ ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමේ කටයුතු කිරීමේ දී ජනතාවගේ සහභාගිත්වය කෙසේ විය යුතු ද?
ඊශ‍්‍රායල් විද්වතෙකු වන මර්ගලිට් (Margalit )පැවසූ අදහසක් මතක් කරන්නට මා කැමැතියි. ( A decent society or civilized society is one whose institutions do not humiliate the people under their authority and whose do not humiliate one another) ඒ කියන්නේ සියලූම ජාතීන් අනිකුත් ජාතීන්ට ගරු කළ යුතුයි. ඔවුන්ගේ අන්‍යතාවන්ට ගරු කළ යුතුයි. ශී‍්‍ර ලංකාව පෝෂණය කළේ බහු ජන සමාජය කියන එක අමතක කළ යුතු එකක් නොවේ. අපි මේ වෙනස්කම් සහ විශේෂත්වයට ගරු කළ යුතුයි. සියලූම ජන කොටස්වලට අයත් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම රජය සතුයි. මේ ආකාරයේ ගෞරවය සහ සම අයිතිවාසිකම් (Equality and Dignity) වැදගත් දෙයක්. අරාබි වසන්තයෙන් පසුව පෙරදිග රටවල් ටියුනිසියාව, දකුණු අපි‍්‍රකාව, දකුණු ඇමෙරිකාවේ චිලියේ සිට අර්ජන්ටිනාව දත්වාම රටවල් සංහිඳියා කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන ගිය රටවල්. ශී‍්‍ර ලංකාවත් එම මාර්ගයේම ගමන් කළ යුතුයි.
This article was originally published on the catamaran.com