සමාජ

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු ප්‍රතිසන්ධාන ගතවීමට අවස්ථාවක්

කමලරාණි කාර්තිකේසු

මුස්ලිම් කාන්තා සංවර්ධන භාරයේ අධ්‍යක්ෂිකාවක හා උපදේශකවරියක වන ජුවෙයිරියා පවසන්නේ පාස්කු ප්‍රහාරයට පසුව සමාජ ප්‍රතිසන්ධාන ගත වීම සඳහා තවත් අවස්ථාවක් අපට ලැබී ඇති බව ය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ගතවීමේ ක්‍රියාවලිය  දුර්වල මට්ටමක පවතින බවට චෝදනා නැඟෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

අප සිංහල ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කරනවා. මෙහි ජීවත්වන සිංහල ප්‍රජාව ඉතාම හොඳ මිනිස්සු. ඔවුන් දුප්පත් අහිංසකයි. ඔවුන් සමග ඉතා මිත්‍රශීලීයි. අපිට කරදරයක් සිදු වෙනවට ඔවුන් කැමැති නැහැ. පොලිස් පරික්ෂා කිරීම්වලට ලක් වීමට අපට සිදු වුණු අවස්ථාවලදී අපේ සිංහල රියදුරු වහාම ඉදිරිපත් වී අපි වෙනුවෙන් කතා කළා. අපේ රියදුරු ඉහළ අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නොවුණත් ඔහු මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටිනවා.

ලංකා සමාජයේ යම් පීඩාකාරී තත්ත්වයන් තවදුරටත් සිංහල හා දෙමළ ප්‍රජාව වෙනුවෙන් පවතිනවා.  මීට පෙර මෙම තත්ත්වයම සිංහල හා දෙමළ ප්‍රජාවන් අතර පැවතියා. මුසල්මානුවන් හා ක්‍රිස්තියානුවන් අතර මෙවැනි තත්ත්වයක් පැවති බවට සාක්ෂි නැහැ. එවැනි යහපත් සබඳතාවයක් අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සෙ නරක අතට හැරුණා. පුත්තලම වැනි ප්‍රදේශවල මුස්ලිම් හා ක්‍රිස්තියානි  ප්‍රජාව අතර සම්බන්ධතාව ඉතා හොඳට තවමත් පවතිනවා. ඇතැම් බෞද්ධ පිරිස් හා මුස්ලිම් ප්‍රජාව අතර වර්ගවාදය ආරම්භ වන්නේ කුමන ස්ථානයක දී ද යන්න අපිට හරියටම කිව නොහැකියි. ප්‍රහාරයෙන් පසුව මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව දිස් වනවා. මුසල්මානුවන් අතර දිගු කාලීනව පැවති බිය තැතිගැන්ම හේතුවෙන් ඇති වූ ප්‍රතිඵලයක් වශයෙන් යම් ආකාරයට මෙම  ප්‍රහාරය හඳුනාගත හැකියි.

දිගුකාලීන බිය තැති තැතිගැන්ම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

මුස්ලිම් ප්‍රජාවගේ ආර්ථික සමෘද්ධිමත්භාවය, ජනගහන වර්ධනය, ඔවුන්ගේ අධ්‍යාපනය වර්ධනය හා ඇතැම් මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව පවත්නා අදහස් මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා. දිගන, මාවනැල්ල යන ස්ථානයන්හි සිදුවූ තත්ත්වයන්ගෙන් මෙය තේරුම් ගත හැකියි.

අතීතයේදී මේ මුස්ලිම් ප්‍රජාව හා අනෙකුත් ජනවාර්ගික ප්‍රජාවන් සමග ඉතාමත්  සහයෝගී සබඳතාවක් දක්නට  ලැබුණත් අද වන විට ඔවුන් ඔවුන්ගෙන්ම හා අනෙක් ප්‍රජාවන්ගෙන් වෙන්ව ජීවත්වීමට කැමති ප්‍රජාවක්  බවට  චෝදනාවක් පවතිනවා. මේ පිළිබඳව සිතන්නේ කුමක්ද?

ජනවාර්ගික ප්‍රජාවන් අතර ඉතා යහපත් සබඳතාවක් පැවති අතර එක්වරම මුස්ලිම් ජනතාව සිය ඇඳුම් පැළඳුම් වෙනස් කිරීම් මීට ප්‍රධාන හේතුවක් වුණා. මේ වෙනස වසර දහයක් පහළොවක් අතර කාලයක සිදුවූ වෙනසක්. අද වනවිට ඔවුන් මේ වෙනස වාර්ගික අනන්‍යතාවක් ලෙස ස්ථාපනය කොට තිබෙනවා. මේ වෙනස අනෙක් ප්‍රජාවන් අනුමත කර නොමැති අතර මේ තත්ත්වය හේතුකොට ගනිමින් සිදුකරන මර්දනයත් අනුමත කළ නොහැකියි.

පසුගිය අවධියේ දී මෙලෙස අනන්‍යතාව හැඟවෙන පරිදි මුහුණු සම්පූර්ණයෙන් ආවරණය කරගෙන යාම තහනම් කරනු ලැබු අතර  එය සමස්ත ජනතාවටම කරදරකාරී වූයේ ඇයි?

කාන්තාවන්ගේ මුහුණු සම්පූර්ණ ආවරණය තහනම් කිරීමෙන් අනතුරුව එසේ මුහුණු ආවරණය කර සේවා ස්ථානයට හෝ සමාජයට පැමිණි කාන්තාවන් ඇසුරට නුසුදුසු පිරිසක් ලෙස සලකනු ලැබූ අතර ඇතැම් විට ඔවුන්ට සිය කාර්යාලයන්හිදී විවිධ පීඩාවන්ට ලක් වීමට සිදු වුණා. මෙම තත්ත්වය සාධාරණීකරණය කළ නොහැකි සේම අනුමත කිරීමද කළ නොහැකියි. වසර පහළොවක් විස්සක් තුළ හටගත් මෙවැනි වෙනස්කම් හේතුවෙන් මුසල්මානුවන් හා අනෙකුත් ආගමික ප්‍රජාවන් අතර පරතරයක් නිර්මාණය වූවා. අවසානයේ එකී පරතරය අසමගිය බවට පත්වුණා. මුහුණු ආවරණය කිරීම සම්බන්ධව අනෙක් ප්‍රජාවන්  තුළ පැවැති ආකල්පය වූයේ එය විදේශීය සංස්කෘතියක් මෙරටට රැගෙන ඒමත් ලෙසටයි. උදාහරණ ලෙස සෞදි අරාබියානු සංස්කෘතිය මෙරට ස්ථාපනය කිරීමට ඔවුන් උත්සාහ ගනු ලබන්නේ යැයි සිතීම. ත්‍රස්තවාදයට බියක් දක්වන ප්‍රජාව මේ සම්බන්ධයෙන් කලකිරීමට පත්ව ඇති අතර මෙම ඇඳුම් භාවිතයෙන් සිය අනන්‍යතාව සඟවා ගනිමින් යම් නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් සිදු කළ හැකි බවට ඔවුන් අතර පිළිගැනීමක් හට ගැනුණා. ඔවුන්ගේ බිය සාධාරණයි. මුස්ලිම් ප්‍රජාවගෙන් පිරිසක් සම්බන්ධ වූ පසුගිය ප්‍රහාර නිසා ඇති වූ ඔවුන්ගේ බිය සාධාරණයි. ඊට පසුව සිවිල් සමාජයේ ප්‍රජාවන්ට පීඩා සිදු කිරීම අසාධාරණයි.

වසර දහයකට පහළොවක පෙර පැමිණි ඇඳුම් සම්බන්ධයෙන් ඔබ සිතන්නේ කුමක්ද?

ඇඳුම සම්බන්ධව වරණය පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකමක්. අප ජීවත් වන්නේ බහු සංස්කෘතික රාජ්‍යක වන අතර එවැනි තත්ත්වයක් මත ඔවුන් මෙම ඇතැම් ඇඳුම් වෙනස් කිරීම් ගැටලු සහගතයි. සිය ආගමික සංස්කෘතීන්ට අනුව මුහුණු වැසීම සිදු කිරීම කළ හැකි වුවත්, එය සිදුකිරීමට පෙර මුස්ලිම් ප්‍රජාව ඒ සම්බන්ධව තවදුරටත් සිටතිය යුතු වූවා. අද වන විට මුස්ලිම් කාන්තාවන්ට මෙම ඇඳුම නොමැතිව ප්‍රසිද්ධියේ පෙනී සිටීමට නොහැකි වී ඇති අතර ඔවුනට නිවසට සිර වී කාලය ගත කිරීමට ද සිදුව තිබෙනවා. ඔවුන් සිය දෛනික ක්‍රියාකාරකම් වලින් ද ඈත් වී සිටිනවා. මේ ආකාරයට ඇඳුම් සම්බන්ධ කැමැත්ත මූලික අයිතිවාසිකමක් වුවත්, අද වන විට එය මුස්ලිම් කාන්තාවන් මුහුණ දෙන ප්‍රබල ප්‍රශ්නයක් වී ඇති අතර අවධාරණයට ගතයුතු කාරණය වනුයේ ද එයයි.

මෙම සියලු අර්බුදයන්ට මුහුණ දෙමින් කටයුතු කරන සමාජ ක්‍රියාකාරිකයකු ලෙස සමාජ සහජීවනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම් සඳහා කුමන තත්ත්වයක්  උපකාරී වේදැයි ඔබ සිතන්නේද?

ප්‍රථමයෙන්ම මේ තත්ත්වය සම්බන්ධයෙන් සාධාරණව හා  නීත්‍යානුකූලව සලකා බැලිය යුතුයි. බලපෑමට ලක් වූ  ප්‍රජාව සමඟ සාකච්ඡා කළ යුතු අතර එය තනි තනිව හෝ කණ්ඩායම් ලෙස සිදුකළ හැකියි. සිංහල, මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, බෞද්ධ සියලු ප්‍රජාවන්ට මෙය සාකච්ඡාවට සම්බන්ධ විය යුතුයි.  ඔවුන් උපදේශනයට සම්බන්ධ කළ යුතු අතර එහිදී ඔවුනට තම වේදනාවන් හුවමාරු කරගැනීම සිදුකර හැකියි. මේ සඳහා කණ්ඩායම් සියල්ලෙන්ම උපදේශකයින් තෝරාගත යුතු අතර මේ වන විට අප එම කාර්යය ආරම්භ කර තිබෙනවා. එම සාකච්ඡා සඳහා මාධ්‍ය ද දායක කර ගත හැකියි. එහිදී වේදනාවට පත් වූවන්ගේ වේදනාව සමනය වේවි. සියල්ලන්ටම වේදනාවක් පවතිනවා. එය සමාන වේදනාවක්.  මේ ක්‍රියාමාර්ග හරහා ධ්‍රැවීකරණය වූ ප්‍රජාවක් එකමුතු කිරීමට වෙනස්කම් රාශියක් සිදු කළ හැකියි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts