විනිවිදභාවය

දේශපාලන ලැදියාව රැකියා සුදුසුකමක් නොවිය යුතුය.

තිමිර ඒස් ජයතුංග

රාජ්‍යක අඛණ්ඩ පැවැත්ම තහවුරු වීම සඳහා සෑම සමාජ කණ්ඩායමකින් ම ලැබිය යුතු දායකත්වය නිසි පරිදි ලැබිය යුතු ය. එහිලා ශ්‍රම බලකායෙහි දායකත්වය මූලික වේ.

“කිසියම් සමාගමක් හෝ රටක් සඳහා වැඩ කරන සියලු ම පුද්ගලයින් ශ්‍රම බලකාය වශයෙන් හඳුන්වනු ලැබේ.”(ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය)

රටක ශ්‍රම බලකාය මූලික වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් දෙයාකාර වේ.නමුත් ආයතනික ව්‍යුහයන්ලෙන් බාහිරව මෙම පද්ධති ද්විත්වයට අදාළ නොවන ස්වයං රැකියා, නව නිෂ්පාදන ආදී ක්ෂේත්‍රවල ද සැලකිය යුතු බහුතර පිරිසක් නියැලී සිටිති.

අවශ්‍යතාව හා සුදුසුකම් අනුව මෙම පද්ධති දෙක සඳහාම අවශ්‍ය පිරිස් බඳවා ගැනීම සාමාන්‍ය පිළිවෙත වේ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්‍රමවේදය සැලකීමේ දී බොහෝ විට පෞද්ගලික අංශය සඳහා සම්මුඛ පරීක්ෂණ මඟින් බඳවාගැනීම් සිදු කරනු ලබන අතර රාජ්‍ය අංශය සඳහා ලිඛිත හා ප්‍රාෙයා්ගික විභාග ක්‍රමවේද ඔස්සේ වැඩි වශයෙන් බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

රැකියාවක් තෝරා ගැනීමේදී සාපේක්ෂව අඩු වැටුපක් යටතේ වුව ද රාජ්‍ය අංශයේ රැකියාවක් සඳහා පිවිසීමට වැඩි දෙනෙකු උනන්දු වන බව දක්නට ලැබේ.රැකියා සුරක්ෂිතභාවය, විශ්‍රාම වැටුප් හිමිකම, සාමාජීය වශයෙන් හිමිවන වරප්‍රසාද ආදිය මීට මූලික හේතු සාධක වේ.

රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම යනු මහජනයාගෙන් සපයා ගනු ලබන බදු ආදායම් ප්‍රමුඛ අනෙකුත් ආදායම් මඟින් නැවත මහජනයා උදෙසා සේවා සැපයීම වේ. එහිලා මහජන සේවා පවත්වා ගැනීම උදෙසා දැරිය යුතු ශ්‍රමය සඳහා බඳවා ගනු ලබන පිරිස රාජ්‍ය සේවකයින් වේ. ඔවුනගේ වැටුප් හා වේතන ඇතුළු සමස්ත පිරිවැය ද අවසානයේ එකතු වනුයේ සමස්ත රාජ්‍ය පිරිවැයටම ය. එනම් මහජන බදු මුදල් මඟින් දරනු ලබන වියදමකි.ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යූහයක් තුළ එලෙස පවත්වා ගනු ලබන සේවාවකට අදාළ සුදුස්සන් තෝරා ගැනීමේදී එය සමාන සුදුසුකම් ඇති සැමට පොදු ක්‍රමවේදයක් ඔස්සේ තෝරා ගැනීම සාධාරණ සහ යුක්තිසහගත පිළිවෙත වන්නේය. එහෙත් එය ඒ අයුරින් ක්‍රියාත්මක නොවීමත්, දේශපාලනික වශයෙන් වන ලැදියාවන් මත රැකියා සඳහා පිරිස් තෝරා ගැනීමත් නිසා මතුවන කුදු මහතෝ ගැටලුවලට මුහුණ දී සිටින සමාජයක් මෙරට නිර්මාණය වී ඇති බව පැහැදිලිය. එය සාමාජීය වශයෙන් අසමතුලිත බවත්, අසහනයත් නිර්මාණය කරන අතර ම රාජ්‍ය පද්ධතිය තුළ අර්බුද නිර්මාණය කිරීමට ද හේතු වී ඇත.

එක් විටෙක දේශපාලන ලැදියාවන් මත හෝ සුදුස්සන් තෝරා ගැනීම මඟින් සමාජ අසමතුලිතතාව හා අසහනය පැන නැඟීම දදේශපාලන ලැදියාවන් මත නිසි අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් ද නොමැති පුද්ගලයින් තෝරා පත්කිරීම මත උක්ත අර්බුදය හා රාජ්‍ය යාන්ත්‍රණය ගැටලුවලට මුහුණදීම යන අවස්ථා දෙකට ම මුහුණදීමට සිදු වේ.

මෙරට රාජ්‍ය සේවා ධූරාවලිය තුළ මාණ්ඩලික හා බලයලත් නිලධාරී සේවා සහ යටත් නිලධාරී සේවා සඳහා තෝරා ගැනීමේදී දේශපාලන ලැදියාව ඉතා අවම මට්ටමක පැවතිය ද කනිෂ්ඨ කාර්යමණ්ඩල තනතුරු සඳහා පත්කිරීමේ දී දේශපාලන ලැදියාවන් ඉතා ඉහළ, ප්‍රබල සාධකයක් බවට පත්ව ඇති බව නොරහසකි.

මෙය යම් පුද්ගලයෙකුට රැකියාවක් ලබා දීම යනුවෙන් ලඝු කරන ලද, හුදෙකලා කරන ලද සිදුවීමක් වශයෙන් සැලකිය නෙහැකකේය. එය මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීමක සිට උපාධිධාරීන් රැකියා ඉල්ලා උද්ඝෝෂණ කිරීමක් දක්වා දාමික වශයෙන් විහිදී ගිය සංයුක්ත අර්බුදයකි.

එනම් මෙරට මැතිවරණ ව්‍යාපාරය නිර්මාණය වී ඇත්තේ ම මුදල් වියදම් කිරීමේ හැකියාව සහ ආධාර, රැකියා ආදිය පහසුවෙන් සපයා දීමට ඇති හැකියාව මත ජයග්‍රහණය තීරණය කෙරෙන ආකාරයටය.

රජයේ රැකියාවක් ලබා දීමේ පොරොන්දුව මත මැතිවරණ ව්‍යාපාර තුළ ඇති කුදු මහත් සියලු මෙහෙවර සඳහා තරුණ තරුණියන් ඉතා පහසුවෙන් සපයා ගත හැකිය. ජයග්‍රහණයෙන් පසුව අදාළ මහජන නියෝජිතයා තමා යටතේ පවතින විභාග ක්‍රමයකින් තොරව පිරවිය හැකි සියලු රැකියා පුරප්පාඩු මැතිවරණ සමයේ තම බැලමෙහෙවර ඉටු කළ පිරිස් වෙත බෙදාහරිනනේය.

අවශ්‍ය අවම සුදුසුකම් හෝ සපුරාලීමට නොහැකි වූ අයවලුන් වශ්‍රාම වැටුප් ආදී වරප්‍රසාද සහිතව රජයේ රැකියාවක් සඳහා මෙලෙස ඇතුළත් කරගන්නා විට ඒ ඔසසේ ඊට ඉහළ අධ්‍යාපනික හා වාත්තීය සුදුසුකම් සහිත පිරිස් තුළ අසහනය, වෛරය, ක්‍රෝධය ඇති වීම අතිශය සවාභාවිකය. යමෙක් පවතින අධ්‍යාපන ක්‍රමය මඟින් උපාධි සුදුසුකම දක්වා ම අධ්‍යාපනය ලබා සිටියදීත් රජයේ රැකියාවක් නොමැති වීම අසාධාරණය යන හැඟීම විසින් ඔවුන්ව උද්ඝෝෂණ, පෙළපාලි  දකවා කැඳවාගෙන යන්නේ නිරායාසයෙනි.

උපාධිය දක්වාම රජයේ වියදමින් අධ්‍යාපනය ලැබීමට පහසුකම් සලසා දී ඔවුන්ට රැකියාව ද රජයෙන් ම දෙන ලෙස ඉල්ලීම අසාධාරණ යැයි යමෙකුට හැඟෙනු ඇත. එය සත්‍යකි. උපාධිය යනු අධ්‍යාපන සුදුසුකමක් පමණි. එහෙත් දේශපාලන හිතෛෂීවන්තකම් මත උසස් පෙළ, සාමාන්‍ය පෙළ හෝ ඊට පහළ සුදුසුකම් සහිත පිරිස නිසි ක්‍රමවේදයකින් තොරව රාජ්‍ය සේවයට බඳවා ගැනීම ඊට ප්‍රථමයෙන් ප්‍රතික්ෂේප විය යුතු ය.

මෙරට රාජ්‍ය සේවය මන්දගාමී, අකාර්යක්ෂම යාන්ත්‍රණයක් බවට වන චෝදනාව දශක ගණනාවක් මුළුල්ලේ එල්ල වෙමින් ඇත. මනුෂ්‍යයකුට සැලකිය යුතු නොවන තරම් පහත් අයුරින් රොගීන්ට සලකන, ප්‍රතිචාර දක්වන රොහල් සේවකයින්, කාර්යාල සේවකයින් පිළිබඳ සිදුවීම් ඉතා බහුලව වාර්තා වේ.රාජකාරී වේලාව තුළමත්පැන් පානය කිරීම හෝ මත්පැන් පානය කර රාජකාරියේ නිරත වීම සේවයෙන් පහ කිරීමට තරම් ප්‍රබල වරදක් වුව ද බමන මතින් රාජකාරියේ යෙදෙන රෝහල් සේවකයින්, දුම්රිය සේවකයින් මෙරට දුලබ නොවේ.පත්වීම් ක්‍රමවේදය නිසි ක්‍රමවේදය නොවූ විටි පද්ධතිය පිළිබඳ නිසි අවබොධයක් නොමැති විම අනිවාර්ය වේ. බොහෝවිට එවැනි අවස්ථාවල දී ගත යුතු ක්‍රියාමාර්ග ප්‍රමාද වන්නේ හෝ නොදුටු දෑසින් හා නොඇසූ කන්වලින් යුතුව සිටිනනේ අදාළ පුද්ගලයින් ප්‍රබල දේශපාලන ලැදියාවන් මත රැකියාවලට පත් වී ඇති නිසාවෙනි.යම් හෙයකින් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගතහොත් නීතිය ක්‍රියාත්මක කළ නිලධාරියාට දේශපාලන පළිගැනීමකට ලක්වීමට ඇති ඉඩකඩ ඉතා ඉහළය. ඒ අර්ථයෙන් ගත්කළ දේශපාලන ලැදියාව මත රැකියා ලබා දීම රාජ්‍ය සේවයෙහි යහපැවැත්ම උදෙසා සාතිශය අනර්ථයක් සිදු කරනනේය.

පූර්වයෙහි සඳහන් කළ පරිදි රාජ්‍ය යානත්‍රණයෙහි අරමුණ මහජන සේවා සැපයීම හා පවත්වාගෙන යාම ය. හුදෙක් සැපයීම නොම මහජන හිතවාදී අයුරින් විනිවිදභාවයකින් යුතුව රාජ්‍ය මූලික මහජන අවශ්‍යතා සම්පූර්ණ කිරීම ය. කවරෙකුගේ හෝ පෞද්ගලික අරමුණක් ඉටු කිරීම වෙනුවෙන් පමණක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වීම පූර්ණ වශයෙන් ම බැහැර කළයුතු ය. එහිලා මූලිකම පියවර විය යුතතේ නිසි බඳවාගැනීම් ක්‍රමවේද සකස් කිරීම හා සකස් කරන ලද ක්‍රමවේද නිසි පරිදි ක්‍රියාත්මක කිරීම ය. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් තුළ දේශපාලන බලපැම් හා ලැදියාවන් මත අවභාවිත නොවූ විනිවිදිත රාජ්‍ය යාන්ත්‍රණයක් තුළ ජනතාවාදී සාධාරණ සමාජයක් උදෙසා මාවත් විවර වනනේ ඒ ඔස්සේය.

 

 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts