සාමය

ත්‍රස්තවාදය සහ සාමය තුල කාන්තාව (2 කොටස)

ධනුෂ්ක සිල්වා

යුධ බලපෑම් හි ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන ලිංගික සේවනය යන මාතෘකාවන් මත, කැළඹිලි සහගත වූ සාක්ෂි “මධූ” නම් ප්‍රදේශයේ පිහිටි ගමකින් වාර්තා වන අතර පවුලේ පිරිමි සාමාජිකයන් අඩුකම හෝ ආදායමක් නොමැතිකමේ ප්‍රතිඵල වශයෙන්, සරලව සඳහන් කරන්නේ නම් මෙම කාන්තාවන්ට පැවැත්ම සඳහා වෙනත් ක්‍රමයක් නොමැති හෙයින් ලිංගික සේවනයෙ හි යෙදීමට සිදුව ඇත. 

කෙසේවෙතත්, ත්‍රස්තවාදී කාන්තාවන් ලෙස සේවය කිරීම සහ එමඟින් එදිනෙදා ජීවිතයට වන බලපෑමේ ඍණාත්මක පසුබිම එසේ තිබියදීත්, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට විරුද්ධව සහ සාමය ගොඩනැගීමේ කටයුතු තුළ නියැලී සිටින කාන්තාවන් පිළිබඳ නිදර්ශනයන් බොහෝසෙයින් විද්‍යමාන වේ. යුධ සමයේ සිටි කාන්තාවන් වශයෙන් අපි ඉතා ප්‍රභල පිඩාවන්ට ලක්ව ඇති අතර පසුගිය දශකයන් හි ත්‍රස්තවාදයට එරෙහි කාන්තාවන්ගේ අරගලය පිළිබඳ මතකයන් දිගහැරීම අත්‍යාවශ්‍ය වේ. 

1980 මුල් කාලයේ පටන්, මානව අයිතිවාසිකම් පිළිබඳ ගැටුම්, ජනවාර්ගික දේශපාලනයන්, සහ සන්නද්ධ ගැටුම් සුවිශේෂී ලෙස කාන්තාවන් වශයෙන් ඔවුන්ට එල්ල වූ බලපෑම් ආදී ගැටළු මඟින් ඇති වූ අභියෝගයන්ට ලංකාවේ කාන්තාවන්ගේ කණ්ඩායම් මුහුණ දී තිබේ. මෙය, ඇතැම් කණ්ඩායම්වලට ප්‍රවේශයක් වශයෙන් සහ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම් ලෙස ක්‍රියාකිරීමට එනම් 2001 මහනුවර පිහිට වූ “යුද්ධයෙන් බලපෑමට ලක් වූ කාන්තාවන්ගේ සංගමය (AWAW)” ආදියට මඟ හෙළිකළ අතර දේශීය මට්ටමින් “Women’s Peace Alliance” ලෙස ද, ජාත්‍යන්තර වශයෙන් ICRC ආදී වශයෙන් ද සංවිධාන ගත සම්බන්ධතා සකසා ගෙන ඇත. 

AWAW වැනි සංවිධානයන්, සාමගිවිසුම ඇති කරගැනීමේ උත්සාහයන් හි කොඳුනාරටිය බවට පත් වූ අතර දෙපාර්ශවයේම කාන්තාවන් එක් වේදිකාවක් මතට ගෙනවිත් කාන්තාවන් බලපෑමට ලක්වන තත්ත්වයන් පිළිබඳ ගැටළු සාකච්චාවට බඳුන් කිරීමට ක්‍රියා කළහ. අවාසනාවන්ත ලෙස, එක් අතකින් කාන්තාවන් ඔවුන්ගේ නියෝජනය තුළ දේශපාලනික වශයෙන් බලාත්මක වීමට අපොහොසත් වූ අතර අනෙක් අතින්, දේශපාලනිකව තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කොටස්කරුවන් ලෙස ඒකරාශීවීමට නොහැකිවීම යන කරුණු එහි අසාර්ථකත්වයට තුඩු දුන් අතර, ත්‍රස්තවාදයට එරෙහි අරගලය පුළුල් කිරීම සඳහා කාන්තා ව්‍යාපාරය වර්ධනය නොවී තිබීම ලංකාව මුහුණදුන් විශාලතම අත්වැරැද්ද යි.  

මෑත කාලීනව මතු වූ බොහෝ ගැටුම් මෙන්, ස්වයං-අන්තවාදී සහ නිවෙස් තුළ වර්ධිත සෛල ගැටුම ස්ථාවර කරන්නක් මෙන්ම, මෙය “අදහසක්” වශයෙන් කැකෑරෙමින් එනම් ලංකාවේ වසර තිහක යුද්ධය මෙවැනි අදහස්වල ඝට්ටනයක් ලෙස අවබෝධ කරගත හැක. මෙවැනි ගැටුම්වල මූලික ගැටළුව වන්නේ, එවන් අදහස් ආයුධ භාවිතයෙන් “වර්ධනයට හෝ විකසිතවීමට” නොහැක. තිරසාර සාමය සහ ආරක්ෂාව සඳහා වන පාඩුව පිරිමැසීම නිර්මාණය කිරීමට පැමිණෙන පරම්පරාවේ අදහස් හැඩගැස්වීමට, දැනුවත්කිරීමට සහ ප්‍රකෘතිමත් කිරීම සඳහා පෙළඹවීමට කාන්තාවන් මෙහි දී ඉතා වැදගත් භූමිකාවක් රඟ දක්ව යි. 

ආරක්‍ෂිත හැඟීම පිළිබඳ මෙම පුළුල් සහ වඩාත් ප්‍රකට අදහස ක්‍රියාවේ යොදවනු ලැබුවේ සාමගිවිසුම ඇතිකරගත් සමයේ ආණ්ඩුව විසින් වන අතර එසේ පිහිට වූයේ රජය විසින් තෝරාගත් කාන්තාවන් ගෙන් සහ LTTE සාමාජිකාවන්ගෙන් සමන්විත “ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය උප-කමිටුව (SCGI)”යි. නමුත්, ගැටුම් සමථකරණය සඳහා මේ තුළ පැවතියේ සීමාසහිත අවකාශයක් වූ අතර, කුමුදුනී සැමුවෙල් අවධාරණය කරණු ලැබුවේ එය කාන්තාවන් විධිමත් සාකච්චාවක් තුළට සහ ඉහළ මට්ටමේ විශ්වාසයක් ගොඩනැගීමට මෙන්ම සාමය ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ එකඟත්වයක් ඇති කරගැනීමට ගෙන එනු ලැබූ ආවේණික යාන්ත්‍රණයක් වශයෙනි. සාමගිවිසුම් සමය, සාමය සඳහා මඟ පෙන්වීමක් සිදුනොකළ ද විධිමත් සැකසුමක් වශයෙන් යුද්ධය හා බැඳි ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ප්‍රචණ්ඩත්ව ගැටළු පිළිබඳ සංවාදය උදෙසා කාන්තාවන්ට එක්ව නැගී සිටීමට හැකිවීම ජයග්‍රහණයක් විය.

Web Admin 0 Comment

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts