ගැටලුවේ බරපතලකම අවම කිරීමේ හැකියාව පවතී: ජනවාර්ගික හා ආගමික වෙනස්කම්
කුරිංචි පාර්තන්
“ගැටුම් ඇතිවියහැකි අවස්ථාවන් වළක්වාලීමට අපගේ අවධානය යොමුකළ යුතු යි. වර්ගයන් අතර සහජීවනය ඇතිකිරීම අපගේ ඉලක්කය යි” යනුවෙන් මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ (DIRC) ලේකම් රේණුක මලියගොඩ පවස යි.
මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව, මේ සම්බන්ධයෙන් 2016 සිට වැඩකටයුතු සිදුකරන අතර විශේෂයෙන්, දිගන සිදුවීම සම්බන්ධ ක්ෂේත්රයේ කටයුතුවල නිරතව සිටී.
පසුගිය වසරේ, මාර්තු 6වන දින සිදු වූ දිගන මුස්ලිම් විරෝධී කැරැල්ලේ දී මිනිසුන් දෙදෙනෙක් ඝාතනය කිරීම, 28දෙනෙකු තුවාල ලැබීම සහ නිවාස හා ව්‍යාපාරික ස්ථාන 445ක් විනාශවන අයුරු දක්නට තිබුණි. මීට අමතරව, පල්ලි 24කට සහ වාහන 65කට ද පහර දී විනාශකර තිබුණි.
“මෙම ප්රචණ්ඩකාරීත්වය මාර්තු 3වන දින ආරම්භ වී, අඛණ්ඩව දින 7ක් පුරා පැවතුනා. මෙයින් පසු, බලපෑමට ලක් වූ මුස්ලිම් ජනතාව අස්වසාලීමට, සිංහලයන් වශයෙන් අපිට හැකිවුණා. අපි හිතන්නෙ, සංහිඳියාව සම්බන්ධයෙන් පියවරක් ඉදිරියට තැබූ අවස්ථාව මෙය යි” යනුවෙන් ලේකම් මලියගොඩ පැවසී ය.
කරුණු-සෙවීමේ මෙහෙයුම
මෙම සිදුවීමෙන් පසුව, මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව කාර්යයන් දෙකක් සම්පූර්ණ කළ බව ලේකම්වරයා විසින් කරුණු දැක්වීය.
ජනවාර්ගික ප්රචණ්ඩත්වය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට කොමිසම් දෙකක් සකස්කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව පවස යි. එනම්, මහජන උපදේශනය අපේක්ෂාවෙන් පුරවැසියන්ගේ කොමිසම සහ පසුබිම් තොරතුරු හා නුවර සිදුවීම වටා පවතින කරුණු හඳුනාගැනීම සඳහා යොමු වූ කරුණු-සෙවීමේ කමිටුව යි. එසේම, මෙවැනි ඝට්ටනයන් නැවත සිදුවීම වැළක්වීමට අවශ්‍ය උපායමාර්ගයන් ද සොයාගෙන තිබේ.
“මෙම සිද්ධිය වූ දිනම අපට තොරතුරු ලැබුණා. බොහෝදෙනා අප සමඟ වැඩකටයුතු කිරීමට සුදානම් වුණා වගේම තොරතුරු සැපයුවා. කෙසේවෙතත්, අපි නිරායුධ නිසා අපිට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට නොහැකි වුණා. ඉන්පසුව, මෙම ගැටලුවේ පවතින බරපතලකම රජයට අවබෝධ කරදීමට අපි උත්සාහ කළා. ආරක්ෂාව ලබාදීම සඳහා කටයුතු කළ හමුදා බලකායන්, හුදෙක් මෙම තත්ත්වය උග්‍ර කළ අපරාධකරුවන් වුණා. ගින්න නිවීම සඳහා පැමිණි හමුදාව ජලය නොමැති බව පවසමින් ඉවත්ව ගියා වගේම මදක් දුරින් මාර්ගයට පමණක් ජලය පොම්ප කළා. මම මෙය මගේ ඇස් දෙකෙන්ම දැක්කා” එක් සාක්ෂිකරුවෙක් සඳහන් කළේය. මේ නිසා, අපිට ඉතා ඉක්මනින් කිසිවක් කිරීමට නොහැකි විය. ඇතැම් ප්‍රදේශවල බොහෝදෙනා ප්‍රකාශ කළේ, ආරක්ෂක හමුදාව කෝලාහලය මැඩපැවැත්වීමට උත්සාහ නොගෙන, ඔවුන් නිකන් බලසිටින්නන් පමණක් වූ බව යි. මෙම සාක්ෂිකරුවන්, සියළුම වාර්ගික හා ආගමික ප්‍රජාවට ඇතුළත්වන බව සැලකිය යුතු යි.
සත්‍ය අනාවරණය කළ යුතු යි, නමුත් අපරාධකරුවන් සඳහා එම අවස්ථාවේම දඬුවම් ලබාදිය යුතු යි යන්න මෙයින් අදහස් නොවේ. මෙම පිළියෙළ කිරීම් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර තිබිය යුතු අතර එමඟින් මෙවැනි ගැටළු නැවත ඇතිනොවේ. මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු සාමාජිකයන් විසින්, සාමාන්‍ය මහජනතාවගෙන් සමන්විත සාමාජිකයන් සහිත කරුණු-සෙවීමේ කණ්ඩායමක් සකස් කර ඇත. මෙයට, බුද්ධිමතුන්, වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් ඇතුළත් වේ. ප්‍රජාව තුළ පවතින ගැටුම් සමඟ ගනුදෙනු කිරීමේ දී, මෙවැනි මහජන ප්රතිරූපයන් එකට ඒකරාශී කිරීම වඩාත් යහපත් වේ. එය ඔවුන් විසින් සිදුකර ඇති ශ්‍රේෂ්ඨ දෙයක්.
“දිගන සිදුවීමෙන් පසුව, අපි කෝලාහලයේ ගොදුරුබවට පත්වූවන් බැලීමට ගිය අතර ඔවුන්ව අස්වසාලීමට කටයුතු කළා. පසුව අපි, කරුණු-සෙවීමේ කමිටුව පිහිටෙව්වා. මෙයට විරුද්ධවූවන් ද සිටියා. කෙසේවුවත්, අපි අපගේ උත්සාහය ආපසු බිම හෙලාගත්තේ නෑ. අපි, දිගන හා කටුගස්තොට ප්‍රදේශවල පිහිටි පල්ලි තුනකට ජනතාවට ආරාධනාකරලා, සත්‍ය සෙවීමේ කාර්යය ක්‍රියාත්මක කළා. මෙම සිදුවීමේ ගොදුරු බවට පත්වූවන්, කොමිසමට පැමිණ සාක්ෂි ඉදිරිපත් කළා. නීතිඥවරුන් කණ්ඩායමක් ඔවුන්ගේ ප්‍රකාශයන් වාර්තාගත කළා. අපි, ජනතාව සමඟ ඔවුන්ගේ පුද්ගලික හා ආගමික අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා පැවැත්වූවා” යනුවෙන් රේණුක පැවසී ය.
“තවදුරටත්, අපි කොමිසම හරහා වාර්තාවක් සකස්කළා. අනෙකුත් ලියකියවිලි අතරින්, දිගන කලහය සම්බන්ධ පිළිගත හැකි එකම වාර්තාව එය යි” යනුවෙන් කණඩායමේ සම්බන්ධිකාරක ජයවීර පවස යි. මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සොයාගැනීම් අනුව, මුස්ලිම් ජනතාවට එල්ල වූ ප්‍රහාරය සැළසුම් සහගත හා සිතාමතා සිදුකළ පහරදීමක්.
“ප්‍රහාරකයන් එම ප්‍රදේශයේ පුද්ගලයන් නොවේ. මුලධර්මවාදීන් මේ රට තුළ වැඩකටයුතු කරමින් සිටී. ප්‍රහාරකයන් මෙම ප්රහාරයන් ක්‍රියාත්මක කර ඇත්තේ ඔවුන්ගේ සහයෝගයත් සමඟ යි. අපි අදහස් කරන්නේ මෙය අපරාධකාරී ක්‍රියාවක් ලෙසට යි. මෙය, ජනතාවට, දේපළවලට, සමාජයට හා ආගමට විරුද්ධව සිදුකළ අපරාධයක්. මේවා වාර්ගික-විරෝධී ක්‍රියාවන්. මෙය සිතාමතා කරන ලද අපරාධයක්” යනුවෙන් ගාමිණී ජයවීර පවස යි.
මෙවැනි කමිටුවල කාර්යය වූයේ, ගැටළුව පිළිබඳව ප්‍රජාවට පැහැදිලි කරදීම සහ සමාන ලෙස පැවතීමට ජනතාව ධෛර්යමත් කිරීම යි. මෙවැනි අධම ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍යයේ භූමිකාව අතිවිශාල යි. ඔවුන් වගකිවයුතු මාධ්‍ය වෙන්න ඕනෑ. එසේවුවත්, සමාජ මාධ්‍යයන් මෙම ප්රශ්නය, වැමෑරිම හා ඇවිස්සීම සිදුකරනවා. එමනිසා, රජයේ ප්‍රතිචාරය වන්නේ සමාජ මාධ්‍ය ඉතා ඉක්මනින් නිහඬ කිරීම යි. සත්‍ය සෙවීමේ දී, සමාජ මාධ්‍යට ශ්‍රේෂ්ඨ දායකත්වයක් ලබාදෙන්න පුළුවන්.
“අපගේ සාක්ෂි වාර්තාවලින් පසුව, මෙය සිතාමතා කරන ලද අපරාධයක් බව ජනතාව අවබෝධ කරගත් අතර, එය වර්ගවාදීන් සහ ආගමික සංවිධාන විසින් ක්‍රියාත්මක කර තිබුණා. අපගේ වාර්තාව ප්රකාශනය කිරීමෙන් පසුව, සියළුදෙනාම සත්‍ය අවබෝධ කරගත්තා. දිගන ප්‍රදේශයේ පිහිටි සංස්කෘතික මධ්‍යස්ථානය හරහා ජනතාව වෙත මඟපෙන්වීම හා ජනවාර්ගික සහජීවනය සහ සහසම්බන්ධතාවය පිළිබඳ ඔවුන්ට උපදෙස් ලබාදීම අපි සිදුකළා.”
“අපි මහජන සාකච්ඡා කොමිසමක් ඇතිකරලා තියෙනවා වගේම නැවත මේ රට තුළ වර්ගවාදය වැළක්වීමට අපට කළ හැක්කේ කුමක් ද යන්න පිළිබඳ මහජන ප්රතිචාරයන් සහ යෝජනාවන් අපි බලාපොරොත්තුවෙනවා. නොයෙක් ජනමාධ්‍යවේදීන්ට, ආගමික නායකයන්ට සහ අනෙකුත් බුද්ධිමතුන්ගේ අදහස්වලට සවන්දීමට අපි ඔවුන්ටත් කතාකළා” යනුවෙන් ගාමිණී ජයවීර පවස යි.
ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට ඒකරාශී වී පැමිණෙන ආකාරය සහ ගැටළු පිළිබඳ සාකච්ඡා කරන ආකාරය, යහපත් සමාජයක් ගොඩනැගෙමින් තිබෙන බවට පවතින ආදරණිය පිළිගැනීමේ සංකේතයක්. මෙම සිද්ධියෙන් පසුව, විවිධ ක්‍රම ඔස්සේ ජනතාව ඒකරාශී කිරීමට කටයුතු කළ මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව, සංස්කෘතික අංගයන් ද පවත්වනු ලැබුවා.
“කාන්තා සංවිධාන හරහා අපි යම් යම් ක්‍රීඩා, චිත්‍ර හා නර්තන උත්සව පැවැත්වූවා වගේම ජනතාව එකතැනකට ගෙනඑනු ලැබුවා. මේ හරහා, පන්සල් හා පල්ලි සම්බන්ධ කිරීමට හැකිවුණා මෙන්ම යථාර්තය පිළිබඳ යම් හැඟීමක් ඇතිකරන්නට හැකිවුණා. මේ හරහා, 100% නොවුනත්, 80% ක පමණ ජනතාවකට වර්ගවාදී හා ආගමික සහජීවනය පිළිබඳ හැඟීමක් ඇතිකිරීමට හැකියාව ලැබුණා” යනුවෙන් රේණුක පවස යි.
This article was originally published on the catamaran.com