
කෝවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ මුහුණ දීමට සිදුවන මානසික ආතතියෙන් මිදෙමු!
සචිනි ඩී. පෙරේරා
කෝවිඩ්-19 වසංගතය හමුවේ මෙම වසරේදී පමණක් ලොව පුරා වාසය කරන මිලියන ගණනාවක් වූ ජනතාව, මාස ගණනාවක් පුරාවටම දීර්ඝ කාලයක් හුදකලාව නිවෙසටම වී කල්ගත කිරීම නිසා මානසික වශයෙන් පීඩනයට ලක්ව සිටින බව රහසක් නොවේ. විශේෂයෙන්ම තරුණ හා වැඩිහිටි පිරිස් බලාපොරොත්තු සුන්ව හුදකලා තත්ත්වයකට පත්ව ඇත. ඒ නිසාවෙන්ම ඔවුන් මානසික පීඩනයට ලක්ව ඇති ආකාරයක් හඳුනාගත හැකිය. මෙම තත්ත්වය හමුවේ නිවසේ කාලය ගත කරන බොහෝ වයෝවෘද්ධ පුද්ගලයන් තම දරුවන් සහ සහෝදර සහෝදරියන් සමඟ මානසික ආතතියෙන් හා කනස්සල්ලෙන් කටයුතු කරන අතර තරුණ තරුණියන් බහුතරයක් තාක්ෂණික උපකරණ භාවිත කරමින් වැඩි කාලයක් ඔන්ලයින් ස්ලට් ක්‍රීඩා කිරීමට නැඹුරු වෙති – https://slotogate.com/slots/, විමර්ශනයකට අනුව පසුගිය නොවැම්බර් මාසයේදී කැලිෆෝනියානු පර්යේෂණ කණ්ඩායමක් විසින් පවත්වන ලදී. ඒ අනුව අපට පැහැදිලි වන්නේ කෝවිඩ්-19 වසංගත තත්වය හමුවේ මිනිසුන්ට දිගු කාලයක් නිවස තුලටම වී රැඳී සිටීමට සිදුවීම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් එල්ල කරන බවයි.
මේ හේතුව නිසා මිනිසුන් තමන් සමඟම ස්වයං කථනයේ යෙදීමේ තත්ත්වයක් ද දක්නට ලැබේ.
“මට උගුර අමාරුවක් දැනෙනවා, මගේ ඔළුව රිදෙනවා, මට හුස්ම ගන්න අපහසුයි”
“මට කනස්සල්ලක් දැනෙනවා”
“මම නිවසින් පිටතට යෑමට බයයි”
“කෝවිඩ් බලපෑම අවසන් වන්නේ කවදාද?” ස්වයං කථනයන් මේ ආකාරයෙන් සිදුවිය හැකිය.
හුදෙකලාව වාසය කිරීමට කැමැත්තක් නොදක්වන මිනිසා උපතේ පටන්ම සමාජයේ ජීවත්වන අනෙක් සාමාජිකයින් සමග අන්‍යෝන්‍ය වශයෙන් සබඳතා ගොඩනගා ගැනීමට වැඩි නැඹුරුවක් දක්වයි. ස්වයං දුරස්ථභාවයට හෝ සමාජ දුරස්ථභාවයට වැඩි කැමැත්තක් නොදක්වන මිනිසුන්ට මෙවැනි හදිසි වාතාවරණයක් හමුවේ පවා තම හැඟීම් හා සිතුවිලි පාලනය කර ගනිමින් ජීවිතය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් නැත. එනයින් මිනිසුන් බොහෝවිට තමන් ස්වයං නීරෝධායනයේ යෙදී සිටින කාලය තුළදීත් තම මිතුරන් හා පවුලේ අයගෙන් තමාට මානසික වශයෙන් සහනයක් ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කරයි. පසුගිය නොවැම්බර් මස 01 වන දින තම මව කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කිරීම නිසා හෝමාගම ප්‍රදේශයේ වයස අවුරුදු 25 ක ආබාධිත තරුණයෙකු සියදිවි නසා ගැනීම මෙහිදී උදාහරණයක් ලෙස දැක්විය හැකිය.
වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිවසින් බැහැරව ගොස් රාජකාරි කටයුතුවල නිරතවන අයගේ සේවා සැපයීම් කටයුතු අවම කිරීම නිසා අන්තර්ජාලය මගින් තම රාජකාරි කටයුතුවල නිරතවන පිරිස් හැරෙන්නට අන් සියලු වෘත්තිකයින් ශෝකයට හා කණගාටුවට පත්ව සිටී. පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත දරුවන්ට දුරස්ථ අධ්‍යාපන ක්‍රම මගින් නිවසේදීම ඉගැන්වීමේ කටයුතු සිදුකරගෙන යාම, තාවකාලිකව උද්ගතව ඇති විරැකියාව ආදීය නිසා නිවසින් බැහැරව තම වෘත්තීය කටයුතුවල නිරතව සිටි අයට පවා නිවසට පමණක් සීමා වෙමින් සීමිත ඉඩ අවකාශයක් තුළ තම රාජකාරි කටයුතුවල නිරතවීමට සිදුවීම නිසා ඔවුන්ට නව ජීවන රටාවකට හුරු වීමට සිදුවිය. තවද සමහරක් වෘත්තිකයින්ට තම මාසික වැටුපෙන් හරි හඩක් පමණක් වැටුප් ලැබීම හේතුවෙන් ඔවුන්ට තම ආදරණීයන් රැකබලා ගැනීමට නොහැකිව ඉදිරි මාස කිහිපය දුෂ්කර වනු ඇතැයි සිතීම හේතුවෙන්ද ආතතියට පත් වීසිටී. කෝවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ ආහාර ද්‍රව්‍ය හිඟවීම නිසා ආහාර මිලදී ගැනීම අවම වූ අතර ආහාර රටාවන් පවා වෙනස් වී ඇත. එපමණක් නොව අඩු ආදායම්ලාභීන්, නිසි අධ්‍යාපන පසුබිමක් නොමැති හා නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන පුද්ගලයින් බොහෝවිට කෝවිඩ්-19 වසංගතයේ ගොදුරක් වන බව හා මානසික පිඩනයන්ට ලක්වීමට ඇති අවධානම අධික බව පර්යේෂණන් මගින් අනාවරණය කර ඇත.
තමාට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව දැන ගැනීම නිසා හුදකලාව මිය යනු ඇතැයි ඇතිවන බිය හේතුවෙන් Covid-19 වෛරසය වැළඳුණු පුද්ගලයන් පස් දෙනකුගෙන් එක් අයෙකු මානසික ආතතියෙන් පසුවීමේ සම්භාවිතාව අධික බව “ගාර්ඩියන්” (Guardian) පුවත්පත වාර්තා කරයි. චිත්ත වික්ෂේපය වැනි මානසික තත්ත්වයන් පෙර සිට තිබූ කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් 65% කට Covid-19 ආසාදනය වීමේ අවදානම අධික බව NIHR Oxford මානසික ජෛව වෛද්‍ය සෞඛ්‍ය මධ්‍යස්ථානය (NIHR Oxford Health Biomedical Research Centre) විසින් සිදු කරන ලද පර්යේෂණයක් මගින් අනාවරණය කර ඇත.
මෙවැනි මානසික ගැටලුවලින් පෙලෙන පුද්ගලයින්ට සහන සැලසීම සඳහා බොහෝ රටවල් දවසේ පැය 24 පුරාවටම ක්‍රියාත්මක, ගාස්තු රහිත, අන්තර්ජාල උපදේශන සේවා හදුන්වා දී ඇත. ඉන් කිහිපයක් පහත පරිදි වේ.
- එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ මානසික සෞඛ්‍ය සහනය පිළිබඳව ඇමතුම් ඒකකය – Crisis Text Line in UK & Ireland
- ‘TrevorSpace’ – වයස අවුරුදු 13 – 24 අතර නව යොවුන්ව වියේ දරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන මානසික සෞඛ්‍ය උපදේශන සේවාව
- ඇමරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ ජීවත්වන සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයින්ට ඇති මානසික ගැටලු ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන උපදේශන සේවය (Trans Lifeline- targeted for transgenders) in USA & Canada
- ලිංගික අතවරයන්ට ලක්වූවන්ට උපදේශනය ලබාදීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ දවසේ පැය 24 ක්‍රියාත්මක ඇමතුම් ජාලය. (National Sexual Assault Hotline in the USA)
- ඇමරිකා එක්සත් ජනපදයේ සියදිවි නසා ගැනීමට තැත් කරන්නන් වෙනුවෙන් උපදේශන ලබාදීමේ සේවය
(National Suicide Preventional Lifeline in the USA)
- “ආතතියකදී කල යුතු වැදගත්ම දෑ කුමක්ද” යනු මැයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙහෙයවනු ලබන ශ්‍රව්‍ය අභ්‍යාස මාර්ගෝපදේශන සේවාව. (‘What Matters in Time of Stress’)
ඔබේ ආදරණීයන්ගේ හැසිරීමෙහි වෙනසක් ඇති බව හෝ ඔබ මානසික ආතතියෙන් පෙළෙන බව ඔබට හැගේ නම් කරුණාකර මනෝවිද්යාඥවරයෙකුගේ හෝ මනෝචිකිත්සකවරයෙකුගේ උපදෙස් ලබා ගැනීමට යොමු වන්න. මෙවැනි දුෂ්කර වාතාවරණයකදී උපකාර කිරීම සඳහා ඔවුන් ඕනෑම මොහෝතක සූදානම්ව සිටී.
ලාංකික සමාජයේ මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයින්ට උපකාර කිරීම සඳහා උනන්දුවෙන් හා කැපවීමෙන් ස්චේච්ඡාවෙන් තම සේවය ලබාදෙන උපදේශන සේවා ආයතන හා සංවිධාන ඇත. එලෙස උපදේශන සේවා සපයන සංවිධාන හා ඒවායේ දුරකථන අංකයන් පහත දැක්වේ.
- CCC පදනම – 1333
- කාන්තා උපකාරක සේවා – 1938
- ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (කොළඹ ශාඛාව) – 1926
- වෘත්තීය මනෝ වෛද්‍ය උපදේශන මධ්‍යස්ථානය, මඩකලපුව – 0652226469
- FPA සුව සේවා මධ්‍යස්ථානය, අම්පාර – 06349266
- ජතික මානසික සෞඛ්‍ය කවුන්සිලය, කොළඹ – 0112685960
- ශ්‍රී ලංකා සුමිතුරෝ උපදේශන සේවය (සියදිවි නසා ගැනීම හා සියලුම ආකාරයේ උපදේශන සේවාවන්) -0112686666
- පවුල් පුනරුත්ථාපන මධ්‍යස්ථානය (පවුල් උපදේශනය හා මනෝ උපදේශනය) – 0112580166
- පවුල් සැලසුම් සංගමය, කොළඹ – 011280915/ 0112556611
- ‘ආලෝකය’ තරුණ උපදේශන මධ්‍යස්ථානය (තනි පුද්ගල උපදේශනය, කණ්ඩායම් උපදේශනය, මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්, ස්වේච්ඡා උපදේශන සේවාවන්) – 0112584157
- ‘සිත් පහන් පියස’, පානදුර – 0382232307
- මානසික සෞඛ්‍ය ආයතනය (IMH) – 0112506004/ 0714749625
(ළමා, තරුණ, වැඩිහිටි, පවුල් හා කණ්ඩායම් උපදේශන සේවා)
- ‘සහන’ උපදේශන මධ්‍යස්ථානය (මනෝවිද්‍යාත්මක, පවුල්, අධ්‍යාපනය හා වෘත්තීය මාර්ගෝපදේශනය – නුවරඑළිය) – 0714465582
- ‘මෙටා මයින්ඩ්’ ඉන්ටර්නැෂනල්, කඳාන – 0112231861
- ‘මරුචි’ උපදේශන හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය, මොරටුව – 0704550600
- පවුල් හා ව්‍යාපාර උපදේශන මධ්‍යස්ථානය, කොළඹ – 0777851571 (පවුල්, ළමා හා ප්‍රේම සබඳතා ගැටලු, ආතතිය, කංසාව, නින්ද නොයෑම, ලිංගික දුර්වලතා හා මානසික ආතතිය)
- ජීවන හා මානසික සුවතා මධ්‍යස්ථානය, මාලබේ – 0753633633
- ‘Heartwork’, කොළඹ – 0768830631
- ශ්‍රී ලංකා මනෝ උපදේශන මධ්‍යස්ථානය – 1984/ 0112677626 (මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් සඳහා උපදේශනය – මරදාන)
- මනෝ විද්‍යා ජීවන මධ්‍යස්ථානය, කොහුවල – 0714890924
ඔබ මානසික ආතතියෙන් හුදකලා වී ඇතැයි ඔබට හැඟේ නම් මානසික සෞඛ්‍ය උපදේශකවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම ලැජ්ජාවට කරුණක් නොවේ. කෝවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දැමීම, කෝවිඩ් මරණ අධික වීම, ආහාර හිඟය හා මානසික ආතතිය යනාදී සිතුවිලි සම්බන්ධයෙන් ඔබ ඔබටම දොස් පවරා ගැනීම හෝ අනුන්ට දෝෂාරෝපණය කළ නොහැක. මෙවැනි දුෂ්කර කාල වකවානුවකදී ඔබට කල හැකි හොඳම දෑ වන්නේ ධනාත්මක මානසික තත්වයක් ඇති කරගනිමින් ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමයි.