කොරෝනා ජීවිකාව ආක්‍රමණය කළ නාදස්වරම් කලා ශිල්පින්ගේ දුක්ගැනවිල්ල
පී. සන්තනේස්වරන්
යාපනයේ තාවඩි හි ඉතා ප්‍රසිද්ධ සංගීතඥයෙකු වන නතාස්වරම් වාදනයෙ හි යෙදෙන මුතුසාමි සිවලිංගම්, ඔහුගේ ඛේදාන්තය විස්තර කරයි: “මම නතාස්වරම් වාදනය කරන්න පටන්ගත්තේ අවුරුදු 12 දි. පසුගිය වසර 50 තුළ මම නියැලුනේ මේ වෘත්තියේ. මට, අවතැන්වීමේ සහ අනෙකුත් කෝලාහලවල අත්දැකීම් තියෙනවා. නමුත්, ඒ කිසිවකින් කොරෝනාවලින් තරම් බලපෑමක් සිදුකළේ නෑ.”
“මෙය හැරෙන්නට වෙනත් රැකියාවක් කිරීමට මා දන්නේ නෑ. පසුගිය අවුරුදු එක හමාරක කාලය තුළ, මට කිසිඳු විවාහ මංගල උත්සවයකට ආරාධනා ලැබිලා නැහැ. කෝවිල්වල උත්සව සීමාකරලා. අපි ස්වයං-රැකියා කළ අතර ගෞරවාන්විත ජීවිතයක් ගතකළා. පසුගිය මාස 18ක කාලයේ පටන් අපගේ රැකියාවෙන් බැහැරව ඇති අතර ආදායම් මාර්ගය ද අහිමි වී ඇත.” මෙය හුදෙකලා වූ ශෝකාලාපයක් නොවන අතර යාපනයේ 500කට වැඩි මෙවැනි කලා ශිල්පීන් මුහුණ පා ඇති කණගාටුදායක තත්වයයි. වසංගතය නිසා විවාහ උත්සව, කෝවිල් උත්සව, විවෘත කිරීමේ උත්සව සහ අනෙකුත් මහජන උත්සව සඳහා පනවන ලද සීමාවන් හේතුවෙන්, නතාස්වරම් සහ තවිල් වාදනය කරන සිය ගණනකට වැඩි සංගීතඥයන්ට විශේෂයෙන්ම තම ජීවිකාවෘත්තිය මෙය පමණක් වූ පිරිසට එක හා සමාන අත්දැකීම්වලට මුහුණදීමට සිදුව ඇත. කොවිඩ් සම්බන්ධ සීමාවන් දීර්ඝකාලීනව පැවතීම මඟින්, දමිළ සංස්කෘතියට ඉතා සමීප සබඳතාවයක් ඇති නතාස්වරම් සංගීතය සමඟ උත්සව ප්‍රබෝධමත් කරන කලා ශිල්පීන් පීඩාවට පත්ව ඇති අවස්ථාවේ, ඔවුන්ට සහාය දැක්වීමට අපගේ කිසිඳු දේශපාලන නායකයෙකු පියවර ඉදිරියට නොතැබීම කණගාටුවට කරුණකි.
පසුගිය වසර එක හමාරක කාලය තුළ, බොහෝ මාසයන් ගෙවීගියේ පූර්ණ ඇඳිරිනීති කාලසීමාව යටතේ වූ අතර ඒ සමස්ත කාලය අතරතුර විවාහ මංගල්‍ය සඳහා 15 දෙනෙකුගේ සහභාගීත්වය සඳහා සහ උත්සවවලට පුද්ගලයන් 10ක් සඳහා විශේෂ අවසරයක් ලබාගැනීම අවශ්‍ය විය. මෙම සීමාසහිත අවකාශය තුළ, පෙර දී ශුභ උත්සව අවස්ථාවන් ප්‍රබෝධමත් කිරීමට යොදාගත් මිහිරි නතාස්වරම් සංගීතය සඳහා ඉඩලබා නොදීම තුළ එවැනි උත්සවාකාර සංගීතමය අවස්ථාවක් සිදුකළ හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ තේරුම්ගත නොහැකි ය. යාපනය ජනතාවගේ සංස්කෘතිය සහ තවිල් සහ නතාස්වරම් වාද්‍ය භාණ්ඩයන් හි සංගීතය අතර පවතින සම්ප්‍රදායික අන්තර්-සම්බන්ධතාවය, දිර්ඝකාලීන සහ පැරණි වූවකි. යාපනයේ, වෘත්තීයමය වශයෙන් මෙම වාද්‍ය භාණ්ඩයන් වයන පාරම්පරික පවුල් සිටී. කොවිඩ් හේතුවෙන්, විවාහ මංගල්‍ය, කෝවිල් උත්සව, නිවසට පදිංචිවීම්, විවෘතකිරීමේ උත්සව සහ අනෙකුත් උත්සවයන්ට පාරම්පරික නතාස්වරම් වාදකයන්ට සහභාගීවීමට නොහැකිවී ඇත. මෙම බාධාවන් තුළ සංගීත උත්සව, කම්බන් වීසා ආදී උත්සවාකාර අංගයන් ජනතාව අතර ඉතා ප්‍රචලිත ය. මෙම උත්සවයන් හි නතාස්වරම් වයන ශිල්පීන්ට ඉතා ඉහළ සැළකිල්ලක් හිමිවන අතර දක්ෂ සංගීතඥයන් වශයෙන් සම්මානයට ද පාත්‍ර වේ.
මෙම තත්ත්වයන් යටතේ, යාපනයේ ඉනුවිල් හි ඉතා ප්‍රසිද්ධ නතාස්වරම් වාදක ශිල්පියෙකු වන සිවලිංගම් අපට හමු වූ අතර සම්ප්‍රදායික නතාස්වරම් කලා ශිල්පීන්ගේ අත්දැකීම් පිළිබඳව සහ මෙම අභියෝගාත්මක තත්ත්වයන් ඔවුන් කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව කතාබහට ලක්වි ය.
ප්රශ්නය: පසුගිය වසර එක හමාරක කාලය තුළ, කොරෝනා වෛරසය හේතුවෙන් විවාහ උත්සව, කෝවිල් උත්සව, විවෘත කිරීමේ උත්සව සහ අනෙකුත් මහජන උත්සව නොපවත්වන හෝ එවැනි උත්සව සඳහා සීමා සහිත ප්‍රමාණයක් තමයි සම්බධ වෙන්නෙ මේ තත්වය ඔබට කර ඇති බලපැම කොයි වගේද?
පිළිතුර: මා දරාගත් අපහසුතාවයන් ඉතා පහසුවෙන් විස්තර කළ නොහැකි යි. අවංකවම කිව්වොත්, මේ හැර වෙනත් කිසිඳු වෘත්තියක් අප නොදනී. මේ වෘත්තියෙන් ලැබෙන ආදායම, අපගේ ජීවිකාව යි. ආරම්භයේ දී, මාස තුන-හතරක කාලයක් රට වසාතැබීම සහ ඇඳිරිනීතිය පැවති අතර, අපට කිසිවක් කළ නොහැකිවි ය. අපි මේ කාලේ ජීවත් වුණේ ආහාර පමණක් හිඟානොකමින්, මොකද මගේ දුව රැකියාවක නිරත වූ නිසා. මේක තමයි මගේ ජීවිතයේ අමාරුම කාලය. අනෙක් කලා ශිල්පීන්ටත් මේ කාලය ඉතාම අමාරු කාලයක්.
ප්රශ්නය: තව කොපමණ ප්‍රමාණයක් තවිල් සහ නතාස්වරම් ශිල්පීන් සිටී ද?
පිළිතුර: යාපනය දිස්ත්‍රික්කය තුළ පමණක් ශිල්පීන 500කට වැඩි ප්‍රමාණයක් සිටී. ඔවුන් සියලුදෙනාම අභියෝගාත්මක කාලයක් පසුකරමින් සිටී. අපි හොඳින් උපයන සමයේ, ටික ටික මුදල් බැංකුවේ තැම්පත් කළා. එය දැන් අපට බෙහෙවින් උපකාරයක්. වසර එක හමාරක කාලයක් සතයක්වත් උපයන්නේ නැතිව, එම ඉතුරුම්වලින් අපිට කොච්චර කාලයක් ජීවත්විය හැකි ද? මේ වන විට, එම ඉතුරුම් සියල්ල අවසන්ව ඇත. මෙම සියලු ශිල්පීන් ඉතා අපහසු තත්ත්වයක් යටතේ ජීවත්වෙති.
ප්රශ්නය: ඔබ කෙතරම් කලක් මෙම වෘත්තියේ නියැලෙනවා ද?
පිළිතුර: මම මෙය වසර 50ක් තිස්සේ සිදුකරනවා. මම මේ කටයුත්ත පටන්ගත්තේ අවුරුදු 12ක පමණ පොඩි ළමයෙක් කාලයේ දී.
ප්රශ්නය: මෙම අඩ සියවසක කාලය තුළ ඔබ මෙවන් අර්බුදයකට මුහුණ දී තිබේ ද?
පිළිතුර: නෑ. මම කෙදිනකවත් මෙවැනි කාලයක් පසුකර නැහැ. බොහෝ අවතැන්වීම් සහ කලහයන් මම දැකලා තියෙනවා. නමුත්, ඒවා මෙතරම් අර්බුදකාරී නෑ.
ප්රශ්නය: කෝවිල් උත්සව වලට යන්න පුළුවන් සීමිත පිරිසකට පමණයි. මෙම නව තත්ත්වය යටතේ ඔවුන් ඔබට ආරාධනා කරාවි ද?
පිළිතුර: මම හිතන්නෙ නෑ ඔවුන් අපිට ඇරයුම් කරයි කියලා.
ප්රශ්නය: ඔබ පැවසුවා යාපනයේ නතාස්වරම් වාදකයන් 500ක් පමණ සිටින බව. රජය ඔවුන්ට කිසියම් සහනයක් සපයා තිබේ ද?
පිළිතුර: තරුණ ශිල්පීන් අමාත්‍යාංශ මට්ටමින්, විශේෂයෙන්ම ඩග්ලස් දේවානන්ද සහ අන්ගජන් රාමනාදන් වැනි ඇමතිවරුන් සමඟ විවිධ සාකච්ඡා පවත්වනවා මට ඇහුණා. නමුත්, අපේ පවුල්වලට කිසිඳු ආධාරයක් ලැබුණේ නැහැ. එමනිසා, මෙම ගැටළුව සුදුසු අයවෙත ගෙනගියා ද යන සැකය අපට පවතිනවා.
ප්රශ්නය: නතාස්වරම් වැයීමේ කලාව, ඉදිරි පරම්පරාවන්ට ගෙනයනවා. මෙම කලාව ඉගෙනීමට සහ වැඩසටහන් පැවැත්වීමට තරුණ පරම්පරාව උනන්දුවක් දක්වනවා ද?
පිළිතුර: ඔව්. ඔවුන්ගෙන් සමහර අය ඉගෙනගනිමින් සිටිනවා. නමුත්, ඔවුන් වඩා කැමැත්තක් දක්වන්නේ තවිල් සහ නතාස්වරම් වෘත්තීය මට්ටමින් ඉදිරිපත් කිරීමට යි. ඔවුන් මෙය හොඳින් සිදුකරනවා. නමුත්, ජීවත්වීම සඳහා ඔවුන්ට කිසිවක් උපයාගැනීමට නොහැකි වූ විට, ඔවුන් අපේක්ෂාභංගත්වයට පත්වෙනවා. තරුණ පරම්පරාව මෙම කලාවට උනන්දුවක් දක්වනු දැකීමට අපි ඉතාමත් කැමති යි.
நாதஸ்வரக் கலைஞர் ஒருவரின் ஆதங்கம்