Uncategorized

ඔක්සිජන්: ජීවිතාරක්ෂක ප්‍රමුඛයා

කමන්ති වික්‍රමසිංහ

කෝවිඩ්-19 වසංගතය, අප අසල්වැසි ඉන්දියාව කෙරෙහි සිය ග්‍රහනය දැඩි කර ඇති අතර වෛද්‍යමය ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් බොහෝ පුරවැසියන් මාරාන්තික වෛරසයට ගොදුරු වෙමින් පවතියි. නවතම වාර්තාවලට අනුව, රෝගීන් හට හුස්ම ගැනීමට ඇති අසීරුතාවය හේතුකොටගෙන අති විශාල රෝගීන් පිරිසකට වෛද්ය ඔක්සිජන් අවශ්‍ය වන නමුත් ඔක්සිජන් සැපයුම අඩපණ වෙමින් පවතියි. ඇතැම් රාජ්‍යයන් තම රටවල් තුළ විවිද ප්‍රදේශ හුදෙකළා කිරිමත් සමඟ ඉරාකය වැනි රටවල් තම පුරවැසියන් ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ. තවද, ඕස්ට්‍රෙලියාව, ඉතාලිය, රුසියාව ඇතුළු රටවල් කිහිපයක් ඔක්සිජන් සාන්ද්රනය කිරීමට භාවිතා කරනා යන්ත්‍ර ඉන්දියාවට පරිත්‍යාග කිරීමෙන් ඔවුනට සහයෝගය දක්වා ඇත. 

මෙම පසුබිම තුළ, අවසානයේදී අපට නිදහසේ හුස්ම ගැනීමට ඉඩ සලසන සොබාදහමේ සිදුවන සංකීර්ණ රසායනික ප්‍රතික්‍රියාවල වල අතුරුඵලයක් වන ඔක්සිජන් වල වැදගත්කම ගැන නැවත සිතා බැලීම කාලෝචිත ය. 

ශ්‍රි ලංකාවේ වනාන්තර ආවරණය

සංචාරක ප්‍රවර්ධන දැන්වීම් මඟින් ශ්‍රි ලංකාව හරිත පැහැයෙන් යුත් සංචාරක ගමනාන්තයක් ලෙස පෙන්නුම් කරන වාර ගනන අප්‍රමාණය. නමුත් දිවයිනේ අභ්යන්තරය සළකා බලන විට මහා පරිමාණ පාරිසරික විනාශයක් සිදුවෙන බව දැකිය හැක. කෝවිඩ් වසංගතයේ පළමු රැල්ල අතරතුරදී, ස්වභාවධර්මයට ආදරය කරන අයවළුන්ගේ විරෝධය සහ පිළිකුළ ඉස්මතු කළ සිදුවීම් මාලාවක් ශ්‍රී ලංකාව දුටුවේය.කෝවිඩ් වසංගතයේ පළමු රැල්ල අතරතුරදී, ස්වභාවධර්මයට ආදරය කරන අයවළුන්ගේ විරෝධය ඉස්මතු කළ පිළිකුළ් සහගත සිදුවීම් මාලාවක් ශ්‍රී ලංකාව තුල සිදුවිය. අධි ආරක්ෂිත ප්රදේශවල සිදුවන මහා පරිමාණ වන විනාශය මෙවන් සිදුවීම් වලින් එකකි.

සිංහරාජ ලෝක උරුම අඩවිය, නකල්ස් කඳු වැටිය සහ පීක් වනය ඇතුළු වැසි වනාන්තර තුනකට ශ්‍රී ලංකාව හිමිකම් කියයි. මෙම සෑම ප්‍රදේශයකම ජෛව විවිධත්වය දේශගුණය හා පසුබිම අනුව එකිනෙකාට වෙනස් වේ. ඉහත සඳහන් සෑම වනාන්තරයකම එකිනෙකාට වෙනස්, විවිධ ආවේණික හා දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂයන්ගෙන් සමන්විත වන අතර පීක් වල්ඩර්නස් යනු “පැන්තෙරා පාර්ඩස් කොටියා” ( ශ්‍රී ලංකාවට ආවේණික දිවියා) ගේ නිවහනයි. කෙසේ වෙතත්, මෙම සෑම අතිසංවේදී පරිසර පද්ධතියක්ම මානව බලපෑම් තුලින් තර්ජනයට ලක්ව ඇත. නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම්, පෞරාණික ඉඩaම් නීති, තේ වගාවන්, වැලි කැණීම් සහ වෙනත් ක්රියාකාරකම් සාමූහිකව මෙම වාසස්ථානවලට මෙන්ම එහි වන ජීවීන්ට ද විශාල තර්ජනයක් වී ඇත. මෙම පරිසර පද්ධති තුළ සිදුවන සංවර්ධන ව්යාපෘති සඳහා මිනිසුන් හට එම වනාන්තර තුලට ඇතුල්වීම පහසු කිරීම සඳහා, අලි ඇතුන් ගමන් කිරීමට භාවිතා කරනා ප්රවෙශයන් ද අවහිර කොට ඇත. මිරිදිය මසුන් රාශියක් සහිත පැහැදිලි ජලය තිබූ දිය ඇලි සහ ඇළ දොළ බොර වී විනාශ වෙමින් ඇත. සමහරක් වියළි වී, සිදී ගොස් ඇත. වරෙක වන ජීවීන්ට සෙවන සහ ආහාර ලබා දුන් ගස් කපා ඉවත් කර පුළුස්සා දමා ඇති අතර මෙම වාසස්ථාන තුළ විවෘත අවකාශයක් ඉතිරි වේ. මෙම ආරක්ෂිත ප්‍රදේශ සහ ස්වභාව රක්ෂිත තුළ සිදුවන විනාශය පිළිබඳව කෙටි දැක්වීමක් පමනි. 

“ග්ලෝබල් ෆොරස්ට් වොච්” (Global Forest watch), තථ්ය කාලීනව ගෝලීය වනාන්තර අධීක්ෂණය සිදුකරන විවෘත මූලාශ්‍ර වෙබ් මෘදුකංගය්ට අනුව, 2002 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ප්රාථමික තෙතමනය සහිත වනාන්තර කිලෝ / හෙක්ටයාර  102 ක් (Kha) පමන අහිමි වී ඇති බවට ගණන් බලා ඇත. එයට අනුව මෙම කාලය තුළ ප්‍රාථමික තෙතමනය සහිත වනාන්තරවල මුළු භූමි ප්රමාණය 1.7% කින් අඩු විය. කුරුණෑගල, මොණරාගළ, වවුනියාව සහ කෑගල්ල ඇතුළු කලාප හතරට අමතරව, සංඛ්යාලේඛන වලට අනුව, 29.9 (Kha) ලෙස දැක්වෙන විශාලතම වන විනාශය අනුරාධපුර දිස්ත්රික්කය තුල සිදුවී ඇති ඇත.

දිවයිනේ ප්‍රධාන තීරන ගන්නන් සහ ඔක්සිජන් පිළිබඳ ඔවුන්ගේ අදහස්

2020 පෙබරවාරියේදී මීගමුව නගරයෙහි කඩොලාන බහුල සංවේදී පරිසර පද්ධතියක් තුල වොලිබෝල් පිටියක් ඉදිකිරීමට යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.ගම්පහ දිස්ත්රික් වන සංරක්ෂණ නිලධාරිණී දේවානි ජයතිලක සහ රාජ්ය ධීවර අමාත්ය සනත් නිශාන්ත අතර මෙම වොලිබෝල් පිටිය පිළිබඳව විවාදයක් ආරම්භ විය. මෙම සංවාදය සමාජ මාධ්යවල දැඩි ලෙස ව්යාප්ත වූ අතර, එසේ වීමට විෂේශතම හේතුව වූයේ, රජයේ නිලධාරිණිය විසින් ඔක්සිජන් වල ඇති වැදගත්කම අවධාරණය කරන අතරතුර දී ඊට ප්රතිචාර ලෙස රාජ්ය ඇමති විසින් ඔක්සිජන් භාවිතයෙහි වැදගත්කම ප්රශ්න කිරීමයි.

පරිසර හිතකාමී කණ්ඩායම් වන සංරක්ෂණ නිලධාරිණියට පක්ෂව සමාජ මාධ්ය තුළ තම හඬ අවදි කිරීමට ඇරඹුනි. මුළු දිවයිනම හුදෙකළා කළ අවස්තාවේදී, මහා පරිමාණයේ පාරිසරික විනාශයන් දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම වාර්තා විය. සමහර ඒවා ව්යාජ ප්රවෘත්ති ලෙස ප්රතික්ෂේප කරන ලද අතර තවත් සිදුවීම් විමර්ශනය කරන ලදී. රජයට අයත් ඉඩම්ල තුළ ඇති වනාන්තර ප්රදේශ තුල දැව වශයෙන් ගසි කැපීම, පුළුස්සා දැමීම සහ ජාතික වනෝද්යාන හරහා මාර්ග ඉදිකිරීමේ යෝජනා පිළිබඳව සොබාදහමට ආදරය කරන සහෝදරත්වයේ විරෝධය ඉස්මතු විය.

වනාන්තර සහ වන සතුන් ආරක්ෂා කිරීමේ වගකීම වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතත්, මෙම ස්ථානවලට නිලධාරීන් යෙදවීම ප්‍රදේශ හුදෙකලා කිර්රිමෙන් සහ ඇඳිරිනීතිය හේතුවෙන් අති විශාල අභියෝගයක් විය. වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලද අතර ඇතැමෙක් රිමාන්ඩ්  භාරයට ගනු ලැබීය. ජනාධිපති රාජපක්ෂ මහතා විසින් ‘ගම සමග පිලිසඳරක්’ වැඩසටහන ආරම්භ කළ විට දී, දහයියගල ඇති අලි කොරිඩෝවක ගස් මුලිනුපුටා දමා එක රැයකින් එම ප්‍රදේශය විනාශ කිරීම දක්වා පාරිසරික විනාශය උග්ර විය. බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාගේ නියෝග වැරදිව වටහාගෙන ඇති අතර, බොහෝ අය වැඩි ඉඩම් හා ජලය ඉල්ලා සිටියහ.

අදහස් ප්රකාශ කිරීමේ නිදහසට තර්ජනයක්

19 හැවිරිදි භාග්යා අභයරත්න, සිංහරාජ රක්ෂිතයේ සිදුවෙමින් පවතින පාරිසරික විනාශය පිලිබඳව හෙළිදරව් කිරීමෙන් විද්යුත් හා සමාජ මාධ්යවල දැඩි ආන්දෝලනයක් ඇති කළේය. ඇයගේ හෙළිදරව් කිරීම්වලට අනතුරුව, කාන්තා හා ළමා අංශයක් දැනටමත් තිබුනද, එය පසෙකලා ශ්‍රි ලංකා පොලිසියෙහි පිරිමි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම ‘චෝදනා හා හෙළිදරව්’ සම්බන්ධයෙන් ඇයගෙන් ප්රශ්නකිරීමක් සිදුකර ඇත. මෙම සිදුවීමට අමතරව, බොහෝ පාර්ශ්වයන් ඇයගේ අදහස් ප්රකාශ කිරීමේ අයිතියට වූ අභියෝග සහ ඇයගේ ප්රකාශ ප්රතික්ෂේප කිරීමට රජය ගත් තීරණ පිළිබඳව අවධානය යොමු කළහ. මෙවන් ප්රතිවිපාකවලට මුහුණ දුන් එකම පාරිසරික ක්‍රියාකාරිකයා අභයරත්න පමනක් නොවේ. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ගෝලීය නායකයින්ගෙන් ඉල්ලා සිටීමෙන් ගෝලීය පිළිගැනීමක් ලබා ගත් ස්වීඩන් ජාතික පාරිසරික ක්රියාකාරිනියක වන ග්රෙටා තන්බර්ග් මුහුණ දුන් නින්දා අපහාස මෙව්නි සිදුවීම් පිලිබඳව තවත් එක් නිදසුනකි. මීට පෙර ගම්පහ දිස්ත්රික් වන නිලධාරිණී දේවානි ජයතිලක  මුහුණ දුන් සිද්ධිය ද එවැනිම සිද්ධියකි. සිද්ධියෙන් පසු ඇය වෙනත් ස්ථානයකට මාරු කරනු ඇතැයි ඇය බිය විය. අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට බාධා පමුණුවන ලද ” ක්රූඩියා සෙලානිකා ” (Crudia zeylanica)  විශේෂයේ ඉතිරිව ඇති ගස් කිහිපයෙන් එකක් කපා දැමීමට රජය සැලසුම් කර තිබියදී මෑතකදී, ජයතිලක නැවත වරක් එයට එරෙහිව තම හඬ නැගීය. එහෙත් නැවතහ් ඇයව නින්දාවට පත්කරමින්, ඇය නීතිය මග හැර ඇති බවත් විනයගරුකව කටයුතු කළ යුතු බවත් විෂය භාර අමාත්ය සී. බී. රත්නායක විසින් විවිද ප්රකාශ සිදු කලහ.  

අහිමිවූ හරිත ආවරණ නැවත ලබා ගැනීම.

හරිත ආවරණය යථා තත්වයට පත් කිරීම සඳහා ඇති එකම විසඳුම යලි වනන්තර ඇති කිරීම යැය් බොහෝ දෙනා විශ්වාස කරන අතර එය නිතරම විවාදයට භාජනය වන මාතෘකාවක් වී තිබේ. පරිසර විශ්ලේශකයන් විශ්වාස කරන්නේ, නැවත වන වගා කිරීම සඳහා විශාල කාලයක් ගත වන අතර වනාන්තරයක් විනාශ වූ පසු පෙර මෙන් පරිසර පද්ධතියට සමාන බලපෑම් අත්විඳීමට ආසන්න වශයෙන් අවුරුදු 30 ක් හෝ ඊට වැඩි කාලයක් ගත වන බවයි. කුඩා පඳුරු සිට විශාල වියන් දක්වා වනාන්තරයක් විවිධ මට්ටම් වලින් සමන්විත වන අතර එය යථා තත්වයට පත් කිරීමට ඉමහත් කාලයක් ගතවේ. මිනිසා විසින් සාදන ලද ඇතැම් වනාන්තර ඒකවර්ණ පද්දතීන් ඇති අතර ඒවා පරිසරයට මෙන්ම සංරක්ෂණයට ද ඇති කරන්නේ අති සීමිත බලපෑමකි. රජය විසින් බොහෝ අවස්ථාවන්හිදී ගස් සිටුවීමේ වැඩසටහන් පවත්වා ඇති නමුත් පරිසර විශ්ලේශකයන් විශ්වාස කරන්නේ කුඹුක් වැනි වාණිජ විශේෂ වැසි වනාන්තර තුළ සිටුවීමෙන් යහපතට වඩා හානියක් සිදුවන බවයි. නිදසුනක් වශයෙන්, කුඹුක් ගසක පොත්තේ ලයිකන වර්ධනයට පොත්ත ගැලවී යන විට දී බලපෑමක් ඇති වේ. මෙය ජෛව දර්ශක ලෙස ක්‍රියා කරන ලයිකන වල පැවැත්මට තර්ජනයක් වේ. එබැවින් නැවත වන වගාව තුලින් දිගු කාලීනව ප්රතිලාභ ලැබීමට නම් වඩාත් පරිපූර්ණ ප්රවේශයකින් එය කළ යුතුය.නමුත් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ උග්‍රවන වසංගත තත්ත්වයත් සමඟ, ඔක්සිජන් වලින් මිනිසාට   ප්‍රයෝජනයක් නැද්ද යන්න හා  ලෝකය හුස්ම ගැනීමට  වාතය විනාශ වී නොයන බවට වග බලා ගැනීම සඳහා මිනිසුන් තවත් බොහෝ දේ කළ යුතුද යන්න යමෙකුට ප්‍රශ්න කළ යුතුය!

ஓக்சிஜன்: மூலாதாரமான உயிர்காப்பு

Oxygen : The Ultimate Lifesaver

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts