ඉෂාලිනීගේ සිරුර සමඟ වැලළිය නොහැකි කඳුකර දමිළ වහල් සේවයේ ඛේදවාචකය
ජීවා සතාසිවම්
හැටන්, ඩයගම ප්‍රදේශයේ විසූ ඉෂාලිනීගේ මරණය, 2021 ජුනි මස පටන් ලංකාවේ වඩාත් කතාබහට ලක් වූ සිදුවීම්වලින් එකකි. සිවිල් සමාජයෙන් ලද ප්‍රතිචාරය, ඇගේ මරණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ප්‍රකාශන මඟින් පැහැදිලි විය. මෙම ප්‍රතිචාරයන් ඔස්සේ, ළමුන් සේවයේ යෙදවීම ප්‍රශ්න කරමින් ඒ වටා සමාජ සංවාදයක් ගොඩනැගුණි. වෙබ්-අඩවි සහ සමාජ මාධ්‍ය යන ද්විත්වය හරහාම උද්ඝෝෂණ සහ පෙළපාලි මාලාවන් පසුගිය සති කිහිපය පුරා පැවැත්විණි. මෙම අරගලය දැඩිව-මුල්බැසගත් සමාජ අශිෂ්ටත්වයට එරෙහිව සිදුවන්නක් ලෙස හඳුනාගත හැකි ද? නැතිනම්, මෙම සිදුවීමට තුඩුදුන් නිවස අයත් දේශපාලකයා වන රිෂාඩ් බදියුදීන්ට එල්ලවන මහජන උදහස අවුස්සාලීමක් ද?
පසුගිය සති කිහිපය තුළ, ළමා අපයෝජනය සම්බන්ධ සිද්ධීන් හයක් ශ්‍රී ලංකා මාධ්‍ය තුළ පුළුල් ලෙස වාර්තා විය.
1) අන්තර්ජාලය ඔස්සේ ජාවාරම් කළ වයස අවුරුදු 15ක ගැහැණු දැරියගේ සිද්ධිය, ඇගේ මව ද එයට සහාය වූ පාර්ශවයේ සිටිඅයෙක් ලෙස හඳුනාගෙන තිබුණි.
2) වයස අවුරුදු 36ක පියෙකු විසින් ඔහුගේ වයස අවුරුදු 12 සහ 14 වන දැරියන් අපයෝජනය කිරීමේ සිද්ධිය.
3) වයස අවුරුදු 13ක් වන නාවලපිටිය ප්‍රදේශයේ ගැහැණු දරුවෙකු, ඇයට අවුරුදු 7 පටන් ඔහුගේ පියා ද ඇතුළුව පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් ලිංගික අපයෝජනයට ලක් කර ඇත.
4) පන්සලක නායක හාමුදුරුවරයෙකු ඇතුළු පුද්ගලයන් හතරදෙනෙකු විසින් ගම්පහ ප්‍රදේශයේ අවුරුදු 13ක දැරියක අපයෝජනයට ලක්කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසුවේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගිය මාස හය තුළ දරුවන් 16දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති අතර, දරුවන් 63දෙනෙකුට අදාළව ප්‍රචණ්ඩත්වයට එරෙහි පැමිණිලි දිස්ත්‍රික්ක 12ට අයත් පොලිස් මධ්‍යස්ථානවලින් ලැබී ඇත. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයක් මඟින් දැක්වූයේ, පසුගිය මාස හය ඇතුළත ළමා අපයෝජනය පිළිබඳ පැමිණිලි 4740ක් ලැබී ඇති බව දැක්වී ය.
ඉෂාලිනී ජූඩ් කුමාර් සිද්ධිය
ඉෂාලිනී උපත ලබන්නේ 2004 නොවැම්බර් 12 දින ග්‍රෑන්ඩ්පාස් හි නව බසාර් මාතෘ රෝහලේ දී ය. ජයරාජ් ජූඩ් කුමාර්ට සහ රන්ජනීට උපන් තුන්වන දරුවා ඇය යි. ඇයට එක් සහෝදරයෙකු සහ සහෝදරියන් හතරදෙනෙකු සිටී. ඉෂාලිනි පාසැල් ගමන නැවැත්වීමට පෙර, අවිස්සාවේල්ල, පුවක්පිටිය දමිළ මහා විද්‍යාලයේ 7 වසර දක්වා ඉගෙනුම ලබා ඇත. මෙම පවුල ඩයගම, නුවරඑළිය තෙවන කොටසේ මින් අවුරුදු හතරකට පෙර පදිංචියට ගොස් ඇත.
2020 ඔක්තෝබර් මස, පොන්නයියා නම් බ්‍රෝකර්වරයෙක් මාර්ගයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන්ගේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ ගෘහසේවිකාවක් වශයෙන් ඉෂාලිනි සේවයට ගියාය. 2021 ජුලි 3වන දින, මෙම ගැහැණු දරුවා සිරුරේ බරපතල පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ, හදිසි ප්‍රතිකාර ඒකකයේ, 73 වාට්ටුවට ඇතුළත් කර ඇත. ජුලි 15 වන දින ඉෂාලිනි මියගියා ය. ඉහතින් විස්තර කළ ආකාරයේ අවාසනාවන්ත සිදුවීම්වලින් මියගිය එකම පුද්ගලයා ඉෂාලිනි පමණක් නොවේ. වසර 200ක පමණ උඩරට දමිළ වැසියන්ගේ ඉතිහාසය තුළ, නගරයේ පොහොසතුන්ගේ නිවාසවල ළමා ශ්‍රමිකයන් ලෙස සේවයේ යෙදීම සම්ප්‍රදායක් බවට පත්ව ඇත. මෑතකාලීනව සිදුකළ අධ්‍යයනයකින් සමාලෝචනය කරන්නේ, ලංකාව තුළ ළමා ශ්‍රමිකයන් 103000ක් පමණ සේවය කරන බවත්, ඉන් 40%ක් පමණම උඩරට ප්‍රදේශයෙන් පැමිණෙන්නන් බව යි.
මෙවැනි සිදුවීම්, ඉතා විශාල ලෙස වත්මනේ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වේ. කෙසේවෙතත්, මෙවැනි සිදුවීම් බොහොමයක් සිදුවන අවස්ථාවන් තිරය පසුපස පවතින බව අනුමාන කළ හැකි ය. මෙවැනි අවස්ථාවන් නැවත සිහිපත්වනුයේ, ඉෂාලිනිගේ සිද්ධියට පෙර අර්ජුනන්, ලින්කෙස්වරන්, ක්‍රිෂ්නවේනි, සුමති, ජීවරාණි, නන්දනී සහ කුමුදිනී වැන්නන් නියෝජනය වන දරුවන්ගේ සහ තරුණයන්ගේ දීර්ඝ ලැයිස්තුවක් පවතින අතර උඩරට සිට පැමිණ ගෘහසේවයේ යෙදී ප්‍රාග්ධනය සොයාදෙන මොවුන් ආපසු නිවසට යන්නේ මිනීපෙට්ටියෙනි. ඔවුන්ට මේ වන තෙක් යුක්තිය ඉටු වී නොමැත.
තැරැව්කරුවන් සහ උඩරට තරුණයන් අතර පහසුවෙන් ගොදුරු බවට පත්වන්නන්
“තැරැව්කරුවා” යන වචනය උඩරට ප්‍රජාවට අලුත්දෙයක් නොවේ. ඉන් අදහස්වන්නේ, තරුණයන් රැකියාවන් සඳහා කිසියම් මුදලකට නගරයන්ට හුවමාරුකිරිමට පිළියෙළ කරදෙන මැදිහත්කරුවාට යි. මෙම සූක්ෂම තැරැව්කරුවන්, සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය සම්පූර්ණ කළ තරුණයන් හෝ ඉතා ඉක්මනින් පාසැල් ගමන නැවත් වූ දරුවන් පිළිබඳ සොයාබල යි. පසුව, ඔවුන් උපායශීලීව එම දරුවන් නගරයේ සේවයේ යෙදවීමට පොරොන්දු කරගනී (කෙසේවෙතත්, පැහැදිලි වන කරුණවනුයේ තැරැව්කාරකම වසර ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් පසුබසිමින් පවතී).
වැවිලි අංශයේ සේවකයන්ගේ දරුවන්, ආසන්න නගරයන් හි නිවාසවල සහ වෙළෙඳසල්වල ළමා ශ්‍රමිකයන් ලෙස නිරන්තරයෙන් සේවයේ යෙදේ. එක් මට්ටමක දී, දුගීබව ඔවුන්ව ඉතා තරුණවියේ දී ම එවැනි රැකියාවල යෙදීමට පොළඹව යි. කෙසේවෙතත්, පැතිර පවත්නා කරුණක් වනුයේ, කිසිඳු තත්ත්වයක් පිළිබඳ සැළකිලිමත් නොවෙමින් තරුණ පරම්පරාව තේ වතුවල සේවය කරන අයුරු දැකගත හැකි ය. මෙම ආකල්පය, ඔවුන්ගේ ප්‍රජාවෙන් පිටත වැඩකිරීම මඟින් තාවකාලික සුඛෝපභෝගී ජිවිතයක් අපේක්ෂා කිරීමට ධෛර්යමත් කරනු ලබයි. කෙසේවෙතත්, ඔවුන්ට ගොඩනැගීමේ හැකියාව ඇති අවස්ථාවන් තවමත් තේ වගාව තුළ පවත්වාගෙන යාම සඳහා වඩාත් යෝග්‍ය ඉලක්කගත එළඹුමක් අවශ්‍ය අතර, එමඟින් දුර පිහිටි නගරවල ගෘහස්ත ශ්‍රමිකයන් ලෙස සේවය කිරීමෙන් ඇතිවන අවධානම් සහගත තත්ත්වය නිශේධනය කරනු ලබයි.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සහ මාධ්‍යයේ භූමිකාව
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති වෛද්‍ය මුදිත විදානපතිරණ සඳහන් කළේ, ධනවත් කොළඹ මිනිසුන්ගේ නිවෙස්වල සේවය කරන බාලවයස්කරුවන් පිළිබඳ තොරතුරු ලැබී ඇති අතර, එවැනි අපරාධකරුවන් සම්බන්ධයෙන් පියවර ගැනීමට නීතියට අනුව කටයුතු කරන බව යි. විදානපතිරණ සභාපති වන අධිකාරිය පිහිට වූයේ 1998 දී ය. තවමත්, ගෘහස්ත සේවකයන් වශයෙන් ළමා ශ්‍රමය භාවිතකිරිම අවම වී නොමැත. අධිකාරිය ද එහි විෂයපථය යටතේ, රාජ්‍ය කටයුතුවල ඵලදායී වෙනසක් ගෙනඒමට අසමත්ව ඇත.
මෙය ලියන අතරතුර ද, ඉෂාලිනිගේ මරණය සම්බන්ධ උද්ඝෝෂණවල පුවත්පත් ලිපි සහ පින්තූර, සමාජ සහ ජාතික මාධ්‍ය යන ද්විත්වයෙහි ම බෙදාහැර ඇත. එවැනි සිදුවීම් සිදුවන විට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමේ දී, ආචාරධාර්මික රාමුවක් තුළ මාධ්‍ය වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතු ය. ඇතැම් මාධ්‍යයන්, මෙම සිද්ධිය විවිධ අයුරින් විකෘති කරන අතර කිසිඳු වගකීමකින් තොරව හැසිරෙයි.
ඉදිරියට යන මග
ලංකාව තුළ, වයස අවුරුදු 16 තෙක් දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු ය. ළමා පරිවාස නිලධාරින්, කාන්තා සංවර්ධන නිලධාරීන් සහ අනෙකුත් වගකිවයුතු නිලධාරීන් අප්‍රමාදීව කටයුතු කළ යුතු අතර පාසැල් හැරගිය දරුවන් නැවත-අනුකලනය ඉතා ක්‍රියාකාරීව සිදුකළ යුතු ය. පසුගිය දශකයට වඩා, ඉෂාලිනිගේ සිද්ධිය වැනි ආන්දෝලනයට ලක් වූ සිද්ධීන් සමස්ත දිවයින පුරා වර්ධනය වී ඇත. මෙවැනි සිද්ධීන් සඳහා අර්ථාන්විත මැදිහත්වීමක් රජයේ භූමිකාව තුළින් සිදුවීම ප්‍රමුඛතම වශයෙන් වැදගත් වේ. නීති සම්පාදනය බලාත්මක කළ යුතු අතර රටේ ළමා ආරක්ෂණ පනත ස්ථාවර ක්‍රියාමාර්ග ඔස්සේ ක්‍රියාත්මක කළ යුතු යි. වේගවත් විමර්ශනයන් සහ සිද්ධීන් සඳහා දඬුවම් ලබාදීමට අවශ්‍ය දැඩි දණ්ඩ නීති පැනවීමට පියවර ගත යුතු ය. සමාජ මට්ටමේ දී, ළමා සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය සභා නිලධාරීන්, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම්වරුන්, දරුවන් මෙලෙස ගෘහස්ත සේවකයන් වශයෙන් යොදාගන්නේ මන්ද යන්න ගවේෂණය කළ යුතු යි. කාර්යක්ෂම මහජන දැනුවත්කිරීමේ ව්‍යාපාරයන් මඟින්, මෙවැනි කුලියට දීම්වල පවතින අවධානම පැහැදිලි කරදීම යල්පැන ගිය උත්සාහයකි.
තවදුරටත් සටන් පාඨ පවසමින් සිදුකරන ව්‍යාපාරයන් සීමා කිරීමට උඩරට දේශපාලන නියෝජිතයන්ට හැකියාවක් නොලැබුණි. ජනතාවට රැකියා සැපයීමට ඵලදායී සැළසුමක් හඳුන්වාදීම ඔවුන් විසින් සිදුකිරීම අවශ්‍ය වන අතර විශේෂයෙන්ම, තරුණ පරම්පරාවට විරැකියාව සම්බන්ධ මුලාවිම්වලින් මිදීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතු ය.
கோஷங்கள் மாத்திரமே மரணங்களைத் தடுக்குமா?மலையக சிறுமியின் மரணத்தை முன்னிறுத்தி…