ආසාදිතයින්ට වෙනස්කොට සැළකිය යුතු ද?
තිමිර එස්. ජයතුංග
කොවිඩ් 19 වෛරසය ශීි ලංකාවේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය කෙරෙහි සිදු කරන ලද බලපෑම පසුගිය ජූලි මස අග භාගයේ සිට අවම වෙමින් පැවතුණි. අවසාන වශයෙන් පසුගිය ජූලි මස දෙවන සතියේ දී කන්දකාඩු පොකුරේ සම්බන්ධතා ආණාවරණය කරගැනීම දක්වා පමණක් මෙරට සාමාන්‍ය ජන මනස සහ ප්‍රමුඛ මාධ්‍ය ආයතනවල කොවිඩ් 19 පිළිබඳ අවධානය යොමුව තිබූ බව දැකිය හැකි ය. ඉන් අනතුරුව විටින් විට සැළකිය යුතු සංඛ්‍යාවක් දක්වා ආසාධිත රෝගීන් හමුවුවත් ඒ පිළිබඳ ජනතා අවධානය අවම වී තිබිණි. පසුව හඳුනාගන්නා ලද පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ විදේශයන් සිට පැමිණි අය වශයෙන් සෞඛ්‍ය අංශ මඟින් තහවුරු කිරීමත් අනතුරුව පැවති මැතිවරණ උණුසුමත් වෛරසය පිළිබඳ ජනතා අවධානම අඩුවීමට හේතු විය. නමුත් ජාත්‍යන්තර වටපිටාව තුළ කොවිඩ්-19 තත්වය අඛණ්ඩව තීරණාත්මක තත්වයේ පැවතිණි. අසල්වැසි ඉන්දියාවේ ද දෛනික මරණ සංඛ්‍යාව පසුගිය සැප්තැම්බර් මාසය පුරාම දහස ඉක්මවා පැවතිණි.
ශ්‍රී ලංකාව තුළ පසුගිය දිනවල හඳුනාගත් නව කොවිඩ්-19 පොකුරේ මුළින්ම අණාවරණය වූ 39 හැවිරිදි කාන්තාව පසුගිය ඔක්තෝබර් 04 වැනිදා හඳුනාගැනීමත් සමඟ තත්වය උණුසුම් වීම ආරම්භ විය. මෙම පොකුරේ සුවිශේෂිත්වය වූයේ මෙම ආසාධිතයාට වෛරසය ආසාධනය වී ඇති සම්බන්ධතාවය අනාවරණය නොවීම සහ මෙය භාහිර සමාජය තුළින් (නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළත නොවීම) වාර්තා වීමයි. මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව තුළ ව්‍යාකූලතාවයක් ඇතිකළ අතර මාධ්‍ය තුළින් ද සුවිශේෂී අවධානයක් මෙම පොකුර වෙත යොමු විය. මෙම නව කොවිඩ්-19 පොකුර හඳුනාගැනීමත් සමඟ අසාධිතයින්ගේ පෞද්ගලිකත්වය විවේචනය කිරීම්, ප්‍රාදේශීය වශයෙන් බෙදීම් මතුකර දැක්වීම්, වෘතිකයින් පහත්කොට දැක්වීම් ඇතුළු වෛරී ප්‍රකාශන රාශියක් හුවමාරු වූ ආකාරය ද දැකිය හැකි ය.
මෙවැනි වෛරසයක් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා විවිධ තලවලදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පවතී. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීම, රටෙහි අභ්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන හා පොදු මගී ප්‍රවාහන ක්‍රියාවලිය හරහා වෛරසය පැතිරීම වැළැක්වීම, සෞඛ්‍ය හා ආරක්ෂක පහසුකම් ජනතාවට සපයා දීම වැනි මධ්‍යම රජය සහ ජනතාවට වගකියන ආයතන මඟින් සිදුකළ යුතු නිශ්චිත කාර්යයන් පවතින්නේ ඉන් එක් තලයක ය. කුමනාකාරයෙන් හෝ වුවද ජනතාව ඒකරාශී කිරීමට සිදුවන රජය නියෝජනය නොකරන ආයතන, සංවිධාන හෝ වගකිවයුතු පුද්ගලයින් තවත් තළයක දී විශාල වගකීමක් දැරිය යුතු ය. එමෙන්ම තමාටත්, තම ආශ්‍රිත ජනයාටත් වෛරසය වැළදීම නැවැත්වීම වෙනුවෙන් සාමාන්‍යය පුරවැසියා තුළ පවතින අත්‍යවශ්‍යය කැපවීම හා උනන්දුව අනෙක් තලයේ දී ක්‍රියාත්මක විය යුතු අනිවාර්ය ක්‍රියාමාර්ගයකි. අප මෙහි දී ආසාධිතයින්ට වෙනස්කොට සැළකීම සිදු නොකළ යුතු බවට යෝජනා කරන්නේ මහජනයා විසින් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු ආරක්ෂණ ක්‍රම පිළිනොපැදීමේ තත්වයක් වීනම් එය සාධාරණීකරණය කිරීමකින් තොරව බවද සිහිපත් කළ යුතු ය.
මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරේ මුළින්ම හඳුනාගනු ලැබුයේ 39 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාව Brandix ආයතනයේ සේවය කරන කාන්තාවක් බව අණාවරණය විය. මෙම කාන්තාවගේ සම්බන්ධතා අනුව සිදුකරන ලද පරීක්ෂණයේ දී එම කාන්තාවගේ දියණියට ද වෛරසය ආසාධනය වී ඇතිබව හෙළි විය. මෙම සිදුවීම සම්බන්ධ වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ සහ ප්‍රමුඛ විද්‍යුත් මාධ්‍ය ආයතන තුළ ප්‍රචාරය වන්නේ ඉන් අනතුරුවයි. මෙම වෛරී ප්‍රකාශන තුළ අදාළ කාන්තාව කාන්තාවක් වීම මතුකර පෙන්වන්නට වීමත්, වෛරසය වැළදීම සාපරාධී ක්‍රියාවක් වශයෙන් දැක්වීමත් සිදුකර තිබිණි.
මේ කාන්තාව සහ ඇයගේ දියණිය පිළිබඳ රාජ්‍ය රූපවාහිනී නාලිකාවක ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළ ඉදිරිපත් කර තිබූ ආකාරය ආචාර ධාර්මික නොවී ය. මෙහිදී එම කාන්තාව හා ඇගේ දියණිය කාන්තාවන් වීම නිසාවෙන් එම වෛරී ගණයේ ලා ගතහැකි ප්‍රකාශන මතුවී ඇතිබව පෙනෙයි.
මෙය විකාශය වීමත් සමඟ මෙම පුවතේ ඇති දැඩි අචාරධාර්මික ගැටළුව නිසා බොහෝ දෙනා අතර කතාබහට ලක්විය. ආචාර ධාර්මික මාධ්‍ය භාවිතාව පිළිබඳ උනන්දුවක් ඇති බොහෝ දෙනා මෙම පුවත විවේචනය කර තිබෙනු දැකිය හැකි විය. මේ පුවත පිළිබඳ සමාජ මාධ්‍ය තුළද ප්‍රබල ප්‍රතිරෝධයක් නැගිණි.
මෙය වෛරී ප්‍රකාශනයක් වන්නේ සාමාන්‍ය අර්ථදැක්වීමේ එන ස්ත්‍රී පුරුෂභාවය පදනම්කරගත් වෙනස්කොට සැළකීම යන අදහසින්ම පමණක් නොවේ. කොරෝනා රෝගය වැළදීම අපරාධයක් ලෙස මෙන්ම ආශ්‍රිතයින් පිරිස අනතුරේ හෙළීම සම්බන්ධව සම්පූර්ණ වගකීම එම ආසාධිතයින් දෙදෙනා දැරිය යුතු බවට වන හැඟවීමක් ද මෙම වාර්තාකරණය තුළ දක්නට ලැබේ. රෝගය පැතිරීම වැළැක්වීමට පෞද්ගලිකව ගතහැකිව තිබූ ක්‍රියාමාර්ග නොගැනීමක් සිදුවී ඇතිනම් ඒ පිළිබඳ විවේචන ඉදිරිපත් කිරීමේ අයිතියක් ඔනෑම පාර්ශවයකට තිබිය හැකි ය. නමුත් මෙම වෛරසය පැහැදිලිවම එම කාන්තාවට අසාදනය වී ඇත්තේ බාහිරින් ය. වෛරසයේ මූලය එම කාන්තාව වීමට කොහෙත්ම ඉඩක් නොමැති බව පැහැදිළිය. Brandix ආයතනය තුළට වෛරසය පැමිණීම පිළිබඳව මෙතෙක් පැහැදිළි සම්බන්ධතාවයක් හඳුනාගෙන නැත ත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ එම පොකුරේ වෛරසය වැළඳුණු පළමු පුද්ගලයා මෙම කාන්තාව නොවිය හැකි බවයි. එමෙන්ම රූපවාහිනී වැඩසටහනක දී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද ප්‍රකාශ කර සිටියේ මෙම කාන්තාව පළමු ආසාධිතයා නොවන බවට පෙනී ගිය බවත් ය. (link- https://www.youtube.com/watch?v=RTuqW4JCmSY ) මෙම සිද්ධියේ සම්පූර්ණ වගකීම ආසාධිතයින්ට පැවරීමත් කොවිඩ් වැළදීම අපරාධයක් ලෙස දැක්වීමත් වගකීම් විරහිත වාර්තාකරණයන් වේ.
මෙරට ප්‍රධාන පෙලේ ගුවන්විදුලි නාලිකාවක උදෑසන වැඩසටහනක් අතරතුර දී එහි නිවේදකයා සහ නිවේදිකාව, ඇඟලුම් කම්හල් සේවිකාවන්ට වෛරසය වැළදීම පිළිබඳවත් ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය පහත හෙළමිනුත් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳවත් කතාබහක් ඇතිවිය. එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළත් ඉන් පිටතත් අදාළ නිවේදකයින්ට සහ ගුවන්විදුලි නාලිකාවට එරෙහිව විශාල වශයෙන් විවේචන එල්ල වීය.
ප්‍රධාන මාධ්‍යවල පළවූ පුවත්වලට අමතරව සමාජ මාධ්‍ය තුළ ද උක්ත සිද්ධිය අලලා වෛරී ප්‍රකාශන රැල්ලක් ගොඩනැගී තිබිණි. ප්‍රධාන වශයෙන් පළමුවෙන් හඳුනාගත් ආසාධිත කාන්තාව හා දියණියට එරෙහිව ෆේස්බුක් මාධ්‍යයේ විශාල වශයෙන් වෛරී ප්‍රකාශන හුවමාරු විය. එම වෛරී ප්‍රකාශනවලට බොහෝ විට පදනම් වී තිබුණේ කාන්තාවක් වීම නිසාවෙන් ඇතිකරන වෙනස්කොට සැළකිම් ය. ඇතැම් පුද්ගලයින් එම කාන්තාවගේ චරිතය ගැන උපකල්පන ඇතුලත් විවේචන සිදුකර තිබූ අතර ඇතැම් පිරිස් උපහාසාත්මක ලෙස කාන්තාව කෙරෙහි වෛරය පතුරුවන්නට විය.
එපමණක් නොව, එම කාන්තාව අලලා දේශපාලන ක්‍රියාකාරීන්ගේ නම් සහිතව ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමත්, එම ව්‍යාජ පුවත් තුළ සූක්ෂම ලෙස වෛරී ප්‍රකාශන ඇතුළත් කර තිබීමත් මෙම සිදුවීමට අදාළව දැකිය හැකි සුවිශේෂී තත්වයක් විය. මෙහි දී Brandix ආයතනයේ සේවය කරනු ලබන කාන්තාවන් සහ ඔවුන්ගේ වෘත්තීය ඉලක්ක කොට තිබිණි. මේ සම්බන්ධව, ජාතික ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂිකා නිරූපා සේරසිංහ මහත්මිය දැක්වූ අදහස් වශයෙන් පෙන්වන ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
මෙම පුවත අසත්‍යය පුවතක් බව ස්වාධීන කරුණු පරීක්ෂා කරන ආයතන විසින් තහවුරු කර තිබුණි. ( link – https://www.facebook.com/374468782625364/posts/4563698227035711/ )
මෙවැනි පුවත් ව්‍යාජ බව තහවුරු කර ඇතත් අන්තර්ගතය තුළින් සිදුවන හානිය නැවත පූර්ණය කළ නොහැකි ය. මෙවැනි පළකිරීම් දේශපාලන අභිප්‍රායන් හේතුකොටගෙන නිර්මාණය කරනු ලදුව ඇතත් එමඟින් ක්‍රියාකාරී දේශපාලනික වපසරියට කිසිදු අදාළත්වයක් නොමැති සමාජ කණ්ඩායමක් පීඩාවට පත්කර ඇත. එනම් වෛරී ප්‍රකාශනයට බඳුන් වීමෙනි. ඇතැම්විට එසේ පීඩාවට පත්වන්නේ ව්‍යාජ පුවත් නිර්මාණය කරන්නන්ගේ සමීපතමයන් විය හැකි ය.
මෙම නව කොඩිඩ් 19 පොකුර අනාවරණය වීමත් සමඟ දක්නට ලැබූණු තවත් වෛරී ප්‍රකාශන රැල්ලක් වූයේ ප්‍රාදේශීය වශයෙන් බෙදා වෙන්කොට දැක්වීමයි. වෛරසය මෙවර මතුවන්නේ ගම්පහ ප්‍රදේශයෙන් වීම නිසා ගම්පහ ප්‍රදේශය උපහාසාත්මකව බැහැර කරන ආකාරයේ ප්‍රකාශන රැසක් රැල්ලක් වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු දැකිය හැකි විය. මෙය බැලූ බැල්මට වෛරී ප්‍රකාශන ලෙස ගතනොහැකි මට්ටමේ උපහාසයන් ලෙස කෙනෙකුට අර්ථ දැක්විය හැකි වුවත් එවැනි ප්‍රකාශන සාමාන්‍යකරණය වීමෙන් සිදුවිය හැකි සැළකිය යුතු හානිය පිළිබඳ සිතා බැලීම කළ යුතු ය. යම්කිසි සිදුවීමකට අදාළ ප්‍රදේශය විවේචනයට ලක්කිරීම මෑත කාලය තුළ ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබුණු තත්වයක් වන අතර එමඟින් ප්‍රාදේශීය වශයෙන් වන බෙදීම පිළිබඳ හැඟීම අවිඥාණිකව සමාජය තුළ තැන්පත් කරයි. මෙවැනි ප්‍රකාශන ද අප මුල් අවස්ථාවේදීම බැහැර කළ යුතු වන්නේ ය.
සමස්ථයක් ලෙස ගම්පහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර අනාවරණය කරගැනීම සමග සමාජය පුරා විවිධ ආකාරයේ වෛරී ප්‍රකාශන පැතිර ගිය ආකාරය නිරීක්ෂණය විය. මෙහි දී ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සිය වගකීම අතපසු කරමින් ද ආචාරධර්ම උල්ලංඝණය කරමින් ද වෛරී ප්‍රකාශන ඇතුලත් වාර්තාකරණයේ යෙදෙනු දක්නට ලැබිණි. එමෙන්ම සමාජ මාධ්‍ය තුළ ද අසාධිතයින්ගේ ස්ත්‍රී පුරුෂභාවය, වෘත්තීය, ප්‍රදේශය පදනම් කරගනිමින් වෛරී ප්‍රකාශන රැල්ලක් ද ඇතිවූ ආකාරය දැකිය හැකි විය. මෙවැනි තත්වයන් තුළ දී වෛරී ප්‍රකාශන පිටුදැකීම පිළිබඳ උනන්දුවක් ඇති පිරිස විසින් දක්වනු ලබන ප්‍රතිරෝධයද වර්ධනය වී ඇති බව ද සහිපත් කළ යුතු ය. වෛරී ප්‍රකාශන සිදුකිරීම සඳහා පුද්ගලයින් වශයෙන් අනෙකා කෙරෙහි සංවේදී නොවීම, වෛරී ප්‍රකාශනවල හානිය පිළීබඳ නොදැනුවත්කම හෝ ආකල්පවල ස්වභාවය හේතු විය හැකි ය. මාධ්‍යවේදියාගේ සිට මාධ්‍ය හිමිකාරීත්වය දක්වාත් සමාන්‍යය සමාජය තුළ පුරවැසියා දක්වාත් අනෙකා කෙරෙහි ඇති සංවේදීත්වය පිළිබඳ ආකල්පය වර්ධනය කිරීම සඳහා ඇපකැප විය යුතු ය.