“අපේ ආගම සොබාදහමයි .”
ආදිවාසි තිගුවා ගෝත්‍රිකයින්ගෙන් අපට උගතහැකි ආදර්ශ
ටී.එම්.ජී. චන්ද්‍රසේකර
ආදිවාසි ජනතාව තම නියෝජනය සදහා වෙනමම දේශපාලන පක්ෂයක් පිහිටුවීමට යනබව මාධ්‍ය වර්තාකොට තිබුණි . එය හොදද නරකද ද යන්න විමසීම මෙම ලිපියේ අරමුණ නොවේ. නමුත් මෙරට ආදිවාසි වැදි ජනතාව තවදුරටත් දුනුහි දරා කොළ අතු ඇඳ වන ගතව සිටිය යුතුබව ඇතැමුන්ගේ මතයයි. විශේෂයෙන්ම දේශීය සංචාරකයන් බොහොමයක් දබානට යන්නේ ඔවුන් එසේසිටිනු දැකීමට බව අපගේ අත්දැකීමයි. එක්තරා දිනෙක රාජකාරි කටයුත්තක් සදහා අප කණ්ඩායමක්
දබානට යමින් සිටියදී සරන් කමිස අද සිටි පාසල් වයසේ දරුවකු පාර අයිනේසිට අප වාහනය දුටු සැනින් කාලයට වැද දුවන්නට විය. අප ඔවුන්ගේ ගම්මානයට ලගාවත්ම අර දරුවා සරම පමණක් ඇද දුනු හී අතැතිව සිටුනු දක්නට ලැබුණි. ඒවා ප්‍රදර්ශනය කරමින් සංචාරකයන්ගෙන් යමක් ලබා ගැනීම ඔහුගේ පරමාර්තයවී තිබුණි. එය ඔවුන්ගේ වරදක් නොව අප සියල්ල විසින් ඔවුන් එම තත්වයට තල්ලුකර තිබීමේ ඛේදවාචකයයි .
මෙම තත්වයවෙන් ගොඩඒමට කිසිවකු කිසියම් දෙයක් කර ඇති බවක් නොපෙනේ . යම්යම් අවිධිමත් දේවල් කිපයක්නම් දැකිය හැකියි. මෙනිසා ඔවුන්ම ඔවුන්ගේ ශක්තිය එක්තැන් කිරීමට සිතීම වැදගත්. ඒ ක්‍රමවේදය හරිදැයි වෙනම විමසිය යුතුවේ.
අපේ රටේත් ලෝකයේ අනෙක් රටවල අත්දැකීම් අනුව සලකා බැලුවත් ආදිවාසින් පරිසරයේම කොටසකි .සියැටල් වැනි ආදිවාසිනායකයන් දිවිහිමියෙන් පරිසරය ආරක්ෂා කරගැනීමට කැපවිය . මෙරට ආදිවාසි ජනතාව තම අයිතිය ලෙස සලකන්නේ පරිසරයත් සමග ජිවත් වීමට ඇති අයිතියයි . මෙවැනි ආදිවාසි ජනකොටස් ලොව පුරාම සිටිති. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව ලොව පුරා රටවල 70 වක මිලියන 400 කට ආසන්න ආදිවාසි ජනතාවක් වාසයකරනබව දැකගත හැකියි. ඔවුන්ගේ ගෝලීය සංවිධානද පවතී.1999 Canada, Quebec- හිදී පවතී International Conference on Federalism අන්තර්ජාතික සමුළුවට විවිධ ආදිවාසි ජන නායකයන් තම පාලනයන් පිළිබද අත්දැකීම් ලෝක නායකයන් සමග බෙදා ගන්න ආකාර අත්විදීමට මාහට ද හැකිවිය .
එවැනි ජනකොටසකගේ ජිවිත පිළබද මාගේ අද්දැකීමක් සටහන් කිරීමට අදහස් කලේ මෙරට ආදිවාසීන්ගේ නව පෙලෙබුමට කිසියම් පුරවා දර්ශයක් සපයනු රිසියෙනි .2005 වසරේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සන්විධානයකළ රුපවාහිනී මාධ්‍ය කරුවන් සදහා වූ නායකත්ව වැඩසටහනක සහබාගිවිම සදහා ඇමරිකා එක්සත් ජනපදයට යාමට මාහට අවස්තාව ලැබුණි .එහිදී ඇමරිකාවේ ආදිවාසි රතු ඉන්දියානු තිගුවා ගෝත්‍රික ගම්මානයකට යාමේ භාග්‍ය උදාවිය ඇමරිකාවේ කාන්තාර බහුල ටෙක්සාස් ප්‍රාන්තයේ මැක්සිකෝ දේශ ශිමාවට මායිම්ව මෙම ගම්මානය පිහිටා ඇත. ඇමරිකාවේ විවිධ ප්‍රදේශවල විවිධ ගෝත්‍ර නම්වලින් රතු ඉන්දියානුවන් සිටින අතර මෙම කණ්ඩායම පැබ්ලෝ තිගුවා ලෙස හදුන්වනු ලැබේ. 1492 දේශ ගවේෂක කොලොම්බස් ඇමෙරිකාව සොයා ගන්නාවිට එහි මුල් පදිංචි කරුවන් මිලියන 20 පමණ සිටි බව පසුකාලින පර්යේෂණ වලින් හෙලිවිතිබේ .
එහෙත් විවිධ ආක්‍රම බලහත්කාරකම් තාඩන පීඩන සංහාර හමුවේ මුවුන් ජිවිත ආරක්ෂාවපතා විවිධ ප්‍රදේශවලට පලා ගොස්තිබේ .ඒ ඒ ප්‍රදේශවල ඔවුහු ජාවාස පිහිටුවාගෙන ජිවත් වෙති. මේ අතරින් තිගුව ජන කණ්ඩායමක් ලෙස ඇමෙරිකානු රජය නිල වසයෙන් පිළිගෙන ඇත්තේ 1967දීය .
සොබාදහමට සතා සිවුපාවන්ට ඉතා සමීපව තිරිගු වැනි බෝග වගා කර ගනිමින් විවිධ තර්ජන හමුවේ ඉතා දුෂ්කර ජිවිතයක් ඔවුන් ගතකර ඇත. පසුකාලින පර්යේෂකයන් ප්‍රකාශ කරන පරිදි ඔවුන්ට මේ අභියෝගයන්ට මුහුණදීමට හැකිවුයේ ඔවුන් තුල පවතී සාමුහික බවයි. අප්සුකාලින මිසනාරි බලපෑම් මත ක්‍රිස්තියානි දහම වලද ගත්තත් ඔවුන් තම ආගම කොට තවමත් සලකන්නේ සොබාදහමයි.
හිටපු ගෝත්‍රික නායක ජෝයි සියෙරා ප්‍රකාශ කරන පරිදි “අපි සොබාදහමේ බලවේග සමග ඒකාත්මික වීමට උත්සහ දරනවා .අපේ ආගම සොබාදහමයි. අපි අදහන්නේ සොබාදහමේ බලවේග. සොබාදහම අපිට කතාකරනවා .ඒ දෙවියන් නොවේ. සොබාදහමේ මාතාවයි. පක්ෂීන් ගහකොළ අපට කතාකරනවා. උදාහරණයක් ලෙස පැලෑටියක් ගත හොත් එමගින් අපට නිරෝගී සුවය, ශක්තිය හැමදෙයක්ම ලබාදෙනවා. අහසේ ගෙරවිලි හඩ අපට කියාදෙන්නේ වර්ෂාව එන බවයි. ඒ ජලය අරගෙන අපි වගාකරනවා. මේ හැම කුඩා පලටියක්ම,කෘමියෙක්ම අපට වැදගත්. ඒ හැම එකකින්ම අපට වැදගත් දෙයක් කියාදෙනවා. ”
මෙම ආදිවාසින් අතීතයේ සිටම දියුණු සංස්කෘතික ලක්ෂණවලින් යුක්තයි .දෙමහල් නිවාස යුධ අවි මැටිභාණ්ඩ වර්ණවත් ඇදුම් පැළදුම් ආදිකාලයෙ සිට භාවිතාකර තිබෙන බව තිගුවාහි ඇති සංස්කෘතික මධ්‍යස්ථානය සාක්ෂි සපයයි. වට්ටිපෙට්ටි වංගෙඩි ඇබරුම් ගල් අපේ ගැමි ගෙවල් සිහිපත කරයි. ඔවුන් විසීම සකසාගත් වර්වත් ඇදුම් පැළදුම් සංස්කෘතික අංග උත්සව අවස්තාවලදී භාවිතාකරයි .අතීතයේ සිටම ආගන්තුක සත්කාරයට ලදී එමෙන්ම ප්‍රතාපවත් අභිමානයෙන් අදටත් සිය ජිවන චරියාවන් පවත්වාගනයමකින් අතිනවීන ඇමරිකානු සමාජයේ පහසුකම් අත්විදිමින් ම තම අනන්‍යතාවන් ආරක්ෂා කර ගනිමින් සිටිති.
වාර්ෂිකව ඇමරිකානු රජය මෙවැනි ජන කණ්ඩායම් වෙනුවෙන් යම් ප්‍රතිපාදනයක් ලබාදෙ. එහෙත් තිගුවා ගම්මානය එක අතකින් ඇමෙරිකාවේ ස්වාධින කුඩා රාජයකි . ඇමෙරිකානු නීති රිති ඔවුන්ට පොදු උවත් ඔවුන් කිසිවෙකුට නොනැමේ .ඔවුහු ඔවුන් විසින්ම පිහිටුවාගත් පාලන ක්‍රමයක ප්‍රතිපල බුක්ති විදිති. එය Ysleta del Sur Pueblo ගෝත්‍රික සභාව ලෙස හැදින්වේ. 1987 අගෝස්තු 18 වැනි දින එම නමින්ම ඇමෙරිකානු රජය විසින් සම්මතකරගත් පනතේ 101 සහ 104 වගන්තිවල පිළිගෙන ඇති පරිදි සියලුම ආවේනික රාජ්‍ය බලය, මූල්‍ය අධිකාරිය සහ ගෝත්‍රික ස්වෛරීභාවය ක්‍රියාත්මක කරන නිසි ලෙස පිහිටුවා ඇති සම්ප්‍රදායික පාලන ආයතනයක් ඔවුන් සතුයි. ආණ්ඩුකාරවරයා, උප ආණ්ඩුකාරවරයා, ෂෙරිෆ් වරයෙක් සහ කවුන්සිලයේ සාමාජිකයින් හතරක් වැනි තේරී පත් වූ ගෝත්‍රික නිලධාරීන් වාර්ෂික තෝරාපත්කර ගනී. ආණ්ඩුකාරවරුන් ගෝත්‍රික රජයේ මෙහෙයුම් සහ ව්‍යවසායන් පිළිබඳ පරිපාලන අධීක්ෂණය ද සපයයි. ගෝත්‍රික පොලිසියක් උසාවියක් ඔවුන් සතුව තිබේ .මා මෙම ගම්මානයට 2007 නැවතත් යාමට අවස්තාව උදාකරගත්තේ ඔවුන් පිළිබද වාර්තා වැඩසටහනක් කිරීමේ අපේක්ෂාවෙනි. එම ගැන දෙකේදී නායකන් දෙදෙනෙකු හමුවූ අතර එම තරුණ උගත් ගෝත්‍රික නායකයන් ගේ අපේක්ෂාව වී තිබුනේ තම පාලන කාලය තුළ තම ජනයා වෙනුවෙන් අනුස්මරණිය සේවයක් කිරීමයි.
සංචාරක කර්මාන්තය කැසිනෝ පහසුකම් සැපයීම මගින් කවුන්සලය අදායම් උපයා ගනී . අධ්‍යාපන සෞක්‍ය ක්‍රීඩා ඇතුළු සියළු පහසුකම් නොමිලේ සැපයේ .ළදරු පසලේසිට උසස් අද්‍යාපනය දක්වාත් පහසුකම් තිගුවා ගම්මානයේ පාසල් තුළ ඇති අතර අපේ පාසල් හා සැසදුවොත් කොළඹ රාජකීය විද්‍යාලයට වඩා පහසුකම් වලින් යුක්තයි. වැඩි දුර අධ්‍යාපනය සදහා වෙනත් ප්‍රාන්ත වෙත යාමට පහසුකම් සපයයි. මදක් ඔබ්බෙන් අල් පාසෝ හි ඇතිඋසස් පාසැල වෘතිය අධ්‍යාපන පහසුකම් ද සහිතයි. 2007 මෙම රතු ඉන්දියන් ගම්මානයට මායනවිට සිටි ආණ්ඩුකාරවරයා නාවුක ඉන්ජිනේරුවරයකි. උසස් අධ්‍යාපනය ලැබූ විවිධ වෘතිකයන් ඔවුන් බිහිකර ඇත.සමස්ත ජනගහනය 5000 ආසන්නය. ළමා වැඩිහිටි ආරක්ෂාව රැකවරණය සභාව විසීන්ම සපයයි .
ඔවුන්ගේම තිගුවා භාෂාව කුඩාකල සිටම උගන්වන අතර නැටුම් සංගීතය ඔවුන්ටම අනන්‍යව ඇත. විසල් පුස්තකාලය සංස්කෘතික මධ්‍යස්ථානය තිගුවා සංස්කෘතිය විදහා දක්වයි. වැඩිහිටි නායකයන් තරුණයන්ගේ පෞරෂය වර්ධන වැඩසටහන් ඇතුළු ගෝත්‍රික සිරිත් විරිත් උපදේශන ලබාදෙ. මෙක්ෂිකොව හරහා ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මිනිස් ජාවාරම් සිදුවන කපොල්ලක ජිවත්වතවන තිගුවා තරුණයන් නීතිවිරෝධී දේවලට යොමු නොවන ලෙස ආරක්ෂා කිරිම වැඩිහිටියන්ගේ සුවිසල වග කීමක් ලෙස ඔවුහු සලකති .
තවමත් ලොව පුරා ආදිවාසි ජනතාවගේ මානව හිමිකම් අමිහිමිවීම් ඔවුන්ගේ නිජබිම් අහිමිවීම් සමාජ කොන් කිරීම් සිදුවේ. මෙනිසා නිව්යෝක් හි එක්සත් ජාතිගේ සංවිධාන මුලස්ථානයේ ඔවුන් ගැන සොයා බැලීමට වෙනම කාර්යාලයක් පිහිටුවා ඇත. එහි ක්‍රියා කාරිත්වයේ ප්‍රති පලයක් ලෙස 2006 වසරේ දී මානව හිමිකම් ප්‍රකාශයට ආදිවාසීන්ගේ අයිතීන් ආරක්ෂාව පිළිබද වගන්තියක් ද එක්කිරීමට හැකිවිතිබේ.
සහශ්‍ර සංවර්ධන ඉලක්ක ගෝලීය උණුසුම ගැන කතාකරන අපේ රටේ තවමත් ආදිවාසි ජනතාව නිසි රකවරණක් නැතිව ජිවත් වෙති. ඔවුන්ගේ දඩබිම් ඔවුන්ට අහිමි වී තිබේ. ස්වභාව දහමත් සමග සහජීවනයෙන් චිරාත් කාකලක් ජීවත්වූ මෙම ජනකොටස් ඉන් ඈත්කර තිබේ . ඔවුන් ආරක්ෂා කිරීම ඔවුගේ උරුමයන් ආරක්ශාකිරිම පාරිසරික සහජීවනය ආරක්ෂා කිරීමකි.මෙම ආදිවාසින් අතරින් එක ගුනවර්ධන කෙනෙක් එක මුදලිගේ කෙනෙක් අහම්බෙන් බිහිවු පමණින් ඔවුන් සමාජය ජයගෙන ඇතයි පැවසිය නොහැක. තවදුරටත් වැදිජන දරුවන් සංචාරකයන්ට අතපා ජිවත්වන් ජන කොටසක් බවට පත් නොකිරීමටනම් කලයුත්තේ ඔවුන්ටම අනන්‍යවූ දේශපාලන පක්ෂයක් පිහිටුවීමෙන් ද එසේත් නොමැති නම් වෙනත් සංවිධානාත්මක පෙරලියකින්ද යන්න සාකච්චා කිරීමට කාලය එලබ තිබේ. ඒ සදහා රතු ඉන්දියානු තිගුව වැනි ජන කොටස් වලින් ගත හැකි ආදර්ශයන් බොහෝය.
===========
වාර්තා වැඩසටහන