තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු පනනතින් බල ගැන්වෙන යටිනුවර සහ කඩුගන්නාවේ පොදු ජන හඩ

මහේන්ද්‍ර රන්දෙණිය

අද වන විට තොරතුරු දැන ගැනීමේ පනත ජනතාවට වඩාත් සමීප  පනතක් වෙමින් පවතී. ඒ  මේ පනත තුළින් මෙතෙක් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වලින් ජනතාවට ලබාගත නොහැකි වූ ඇතැම් වසන් කළ තොරතුරු පවා  සෘජුවම   ලබා ගැනීමට හැකි වීමයි. එය වංචාවට දූෂණයට හා සමාජ අසාධාරණය ට එරෙහි   ජනතාව  ලද ජයග්‍රහනයකි. ජනතා බදු මුදලින් ක්‍රියාත්මක වන සංවර්ධන යෝජනා හා විවිධ සේවාවන් පිළිබඳව ජනතාවට සෘජුවම ප්‍රශ්න කිරීමට හැකියාව ලැබෙන අතර එම තොරතුරු හෙළි කිරීමට ද එම ආයතන බැඳී සිටී.  තමාට ලැබුන තොරතුරැවලින් සැහීමකට පත්නොවේ නම්  එය නම්කළ නිලධාරියා වෙතත්  ඉන් සෑහීමකට පත් නොවේ නම් තොරතුරු  කොමිසම  වෙත හා අවසානයේ අභියාචනා අධිකරණය  වෙත පැමිණිලි කර තොරතුරු  වසන් කරන අයට නීතියෙන් දඬුවම්  කිරීමට  බලයක් ඇති එකම පනත ලෙස තොරතුරු  දැන ගැනීමේ පනත හැඳින්විය  හැකිය.

මෙම ලිපිය තොරතුරු  දැනගැනීමේ අයිතිවාසිකම පනත යටිනුවර ජනතාව භාවිතයට ගෙන තිබෙන්නේ කෙසේද, එය  පොදු අධිකාරින් තුළ ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න බැදේ. 

යටිනුවර මැතිවරණ කොට්ඨාසය වෙසෙන ජනතාව 2016 අංක 12 දරණ  තොරතුරු දැනගැනීමේ පනතින් ලැබී ඇති තොරතුරු  දැනගැනීමේ අයිතිය ප්‍රයෝජනයට ගෙන තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව යටිනුවර පොදු    අධිකාරීන් තුනක් වන යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, යටිනුවර  ප්‍රාදේශීය සභාව හා කඩුගන්නාව නගර සභාව යන ආයතන වලින් විමසා බැලුවේය. එහිදී  පුද්ගයන් 182නෙකු පනත භාවිතයෙන්  තොරතුරු ලබාගෙන ඇති ආකාරය පිළිබඳව  තොරතුරු දැනගැනීමේ පනත අනුව මා ලබාගත් තොරතුරු මෙසේය.

යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 

යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන රාජ්‍ය ආයතනය යටිනුවර ප්‍රදේශීය  ලේකම් කාර්යාලයයි. ඉන් ග්‍රාමසේවා වසම් 95ක වෙසෙන 122,969ක ජනතාවට සේවය සපයයි.

එම ආයතනය ප්‍රාදේශීය ලේකම්තුමා, නියෝජ්‍ය ප්‍රාදේශීය ලේකම් හා ගණකාධිකාරි, සහකාර අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන  අතිරේක රෙජිස්ට්‍රාර් පරිපාලන නිලධාරි, පරිපාලන ග්‍රාම නිලධාරි ඇතුළු  විවිධ ක්ෂේත්‍ර ගණනාවක නිලධාරීන්ගෙන් සමන්විත වන අතර ගම් මට්ටමින් සංවර්ධන නිලධාරීන්  අනූපහක් හා ග්‍රාමසේවා නිලධාරින් අනූදෙදනකු අතුළු සමස්ත  නිලධාරින් 365ක්  සේවය කරයි.

ජනතාව සමග සෘජුවම සම්බන්ධ වන යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් වනුයේ සිවිල් ලියාපදිංචිය, අවසර පත්‍ර බලපත් සහ සහතිකපත්‍ර නිකුත් කිරීම, විශ්‍රාම වැටුප් සේවා, සමාජ සුබසාධනය,සමෟද්ධි වැඩසටහන්, ප්‍රසම්පාදන හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. 

තොරතුරු දැනගැනීමේ පනත මෙතෙක් භාවිතා කර ඇති ආකාරය පිළිබඳව තොරතුරු දැනගැනීමේ  පනතට අනුව මා කළ විමසීමේ දී පහත තොරතුරු අනාවරණය විය.

ඒ අනුව 2016 අංක12 තොරතුරු දැනගැනීමේ පනත අනුව 2017.02.08 දින සිට 22.11.14 දින දක්වා    තොරතුරු ඉල්ලා  සිටි  සංඛ්‍යාව  72  වන අතර තොරතුරු දැනගැනීම පනත යටතේ ප්‍රකාශ කළ නොහැකි ඉල්ලීම් 11 ලැබී තිබුණු අතර ඒවා ආයතනයට අදාළ තොරතුරු නොවන අතර ඇතැම් තොරතුරු පෞද්ගලිකත්වය මත ප්‍රකාශ කළ නොහැකි තොරතුරු බව ද ප්‍රකාශකර තිබිණි. 

 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබුන තොරතුරු ඉල්ලීම්වලින්  වැඩි ප්‍රමාණයක් ඉඩම් වල අයිතිකරුවන් පිළිබඳ, ඉඩමේ පදිංචි කරුවන් පිළිබඳ, රජය මගින් ලබා දෙන දීමනා, පිළිබඳව ලැබුණු තැනැත්තන්, විශ්‍රාම වැටුප් තොරතුරු ආදී විවිධ තොරතුරු ඉල්ලීම් රාශියක් ඉදිරිපත් වී තිබූ අතර එවාට ආදාළ තොරතුරු  ඉල්ලුම්කරුවන් වෙත සපයා තිබිණි.

ප්‍රතිකේෂප කළ තොරතුරු අතර ආයතනයේ කළමනාකරණ සේවයේ යෙදෙන අයගේ වැටුප් විස්තර, පිළිමතලාව නගරය ලියාපදිංචි ව්‍යාපාරික ස්ථාන,ඡන්ද හිමි නාම ලේඛන ලියාපදිංචිය, පුද්ගලයෙකු හමුදා  සේවයෙන් ඉවත් වූ හේතුව,තේ කර්මාන්ත ශාලාවක තත්ව සහතිකය ඉල්ලා සිටීම, පෞද්ගලික ඉඩමක් හරහා  පාර කැපීම, හා තමාට අදාළ  තොරතුරු කෙලින්ම ඉල්ලා නොසිට වෙනත් පුද්ගලයකුට සම්බන්ධ තොරතුරු ප්‍රකාශ කරමින් තමාට සමෟද්ධි නොලැබුනේ ඇයි වැනි පෙත්සම්  ප්‍රතිකේෂප කළ තොරතුරුවලට ඇතුලත් වූ අතර  එවා කිසිවක් නැවත නම් කළ නිලධාරියා වෙත ලැබී නොතිබුණ බව සඳහන් කර තිබුන අතර සාමාන්‍ය ඉල්ලීම් ලිපිවලට අමතරව ඉල්ලා සිටින   තොරතුරු  දැනගැනීමේ පනතට අනුව  ඉල්ලීම් කිරීමට ජනතාව දැනුවත් කරයි.

ඇතැම් අවස්ථාවල පනත අනිසි ලෙස භාවිතා කරන අය ද සිටින බව හෙළිවූ අතර එක්තරා පුද්ගලයෙක් ප්‍රදේශයේ ශුද්‍යමූල්‍ය ණය ලබාගත් අයගේ ලේඛනයක් ඉල්ලා සිටි අතර එවන්  තොරතුරු  එම ආයතනය තුළ නොමැති නිසා බැහැර කළ අතර පසුව එම දුරකතන අංකයට කතා කිරීමෙන් පසු එය භාවිතා නොවන අංකයක් බවත්  මෙවන් තොරතුරු  ඉල්ලා සිටින්නේ වෙනත් අරමුණකින් විය හැකි බවත්  එහි නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 

යටිනුවර ප්‍රාදේශීය සභාව 

 මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි  යටිනුවර ප්‍රාදේශීය සභාව ඡන්ද කෝට 26 කින් සමන්විත වන අතර ගඟ පළාත, මැද ,පළාත කඳු පළාත , ලෙස පළාත් තුනකින්  ද ගම්මාන 152 කින් හා පවුල් 34426 කින් සමන්විත වන අතර සභා බල ප්‍රදේශයේ ජනගහනය 110906 ක් පමණ වන  අතර සභාවේ දේශපාලන සංයුතිය ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ  එක්සත් ජනතා නිදහස් සන්ධානය ,විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ , ජාතික ජනතා පක්ෂය  ලෙස සභිකයන් 45 දෙනකුගෙන් හා සමස්ත කාර්ය මණ්ඩලය 136 සමන්විතය.

2017 සිට 2022.12.23 දින දක්වා තොරතුරු දැනගැනිමේ පනත අනුව ඉල්ලුම් කරන ලද තොරතුරු ඇයදුම්පත් සංඛ්‍යාව 84 වන අතර එයින් 72 කට ම තොරතුරු ලබා දී ඇත. ඒවායින් ප්‍රතික්ෂේප කළ ඉල්ලුම්පත් සංඛ්‍යා 09 වන අතර නම් කළ නිලධාරියා වෙත යොමු කළ සංඛ්‍යාව 3 ක් බව සඳහන් වේ.  ප්‍රතික්ෂේප කළ තොරතුරු පිළිබඳ විමසා සිටීමේදී පවසා සිටියේ ජල කම්නරුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ගැන තෙවන පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ ඉල්ලීමක් හා නිශ්චිත ස්ථානයක් නම් නොකර පාරක් පිළිබඳව විමසු තොරතුරකි.

වෙනත් කෙනෙකුගේ ඉදිකිරීමක් පිළිබඳ  අනුමැතිය ලබාගෙන තිබේද එහි පිටපතක් ඉල්ලා තිබීම.

ගඟ පළාත් විවිධ සේවා සමුපකාර සමිතියේ අනුමත සැලැස්මේ පිටපතක් ආදී තොරතුරු  හිමිකරුගේ අකමැත්ත මත තෙවන පාර්ශ්වයට ලබාදීම ප්‍රතික්ෂේප කරන තොරතුරු වලට ඇතුළත් වූ බවයි.

 ලබා දී ඇති තොරතුරු අතරට පොදු රක්ෂිත  භූමි , යටිනුවර   පදික සංගිලි පාලම , අනුමත නිවාස සැලසුම් පිටපත්. 2014 සිට 2018 දක්වා  ලබාදුන් කොන්ත්‍රාත් පිළිබඳ තොරතුරු, පොදු ළිං, කිරිමැටිය කසල  අංගනය පිළිබඳ තොරතුරු, 2020 වසරේ ලක්ෂ 238 වැයකර කළ කොන්ත්‍රාත් හා එවා අධීක්ෂණය  කළ මන්ත්‍රීවරුන්, ඉඩමක් පවරා ගැනීමේදී එහි හිමිකරුට නොදැන්වීමට හේතු (එවැන්නක් සිදු වී නොමැත) සභාවේ ස්වාධීන  මන්ත්‍රීවරුන් ගැන, පාරවල් පවරා ගැනීමේ ගැසට් නිවේදන,  විදි  රේඛා හා ගිවිසුම්වල පිටපත් වැනි තොරතුරු  ඉල්ලුම්පත් 81කට තොරතුරු  ලබාදුන් තෙවැනි පාර්ශවයන්  ඉල්ලා සිටි අදාල පුද්ගලයන්ට දන්වා ඔවුන්ගේ කැමැත්ත මත ලබා දිය හැකි බව   දැන්වීමෙන් පසු තොරතුරු අනවශ්‍ය බව දන්වා තිබුණු බවද එක් නිලධාරිනියක් වාචිකව පැවසීවාය. 

කඩුගන්නාව  නගර සභාව 

නගර සභාවට අදාල තොරතුරු ඊමේල් පණිවිඩයක් මගින් ඉල්ලා තිබුණු අතර  ඊට අදාළ තොරතුරු ලියාපදිංචි  තැපැලෙන් මා වෙත ලබාදී තිබුණි.

ඒ අනුව නගර සභිකයින් පහළොස් දෙනෙකුගෙන් සැදුම්ලත් කඩුගන්නාව නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නගර සභිකයන් 08, එක්සත් ජාතික පක්ෂයෙන් 06 හා ජනතා විමුක්ති නගර සභිකයන් 01ලෙස තේරීපත්වී සිටීන අතර සේවක සංඛ්‍යාව 80 ක් බව දන්වා තීබූ අතර කඩුගන්නාව නගර සභාවට ග්‍රාම සේවා වසම් පහළොවක්  අයත් වන අතර බල ප්‍රදේශයේ ජනගහනය 14,717කි.   තොරතුරැ දැනගැනීමේ පනත අනුව ලැබී ඇති ඉල්ලුම්පත් සංඛ්‍යාව 24 කි. ඉන්  සභාපති ගේ නිල කාලය තුළ පෞද්ගලික විදේශ ගමන් හා නිවාඩු අනුමත කර ගැනීම සම්බන්ධ තොරතුරු ඉල්ලීම  ප්‍රතික්ෂේප   කර තිබුන අතර නිලධාරියෙකු විශ්‍රාම ගැන්විමට අදාළ තොරතුරු නම් කළ නිලධරයා වෙත යොමු කර තිබුණි.

 අනෙකුත්  තොරතුරැ කඩවත්ගම විහාර වත්ත මාර්ගය සංවර්ධනය කිරීමට අදාළ නඩුව,  පඬරැල්දෙණිය පිළිමතලාව මාර්ගය අවහිර වනසේ බැම්මක් බැදීම,  විහාරවත්ත  කරුකුත්තල මාර්ගයට ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ ලබාගෙන ඇති නියෝගය හා ගැසට් කර ඇත්නම් එහි අංකය හා තොරතුරු, පොදු මාර්ගය අවහිර සේ බැම්මක් බැඳීම, මාර්ග යටතේ ද 2018/19 පලාත් පාලන ආයතනය අයවැය ලේඛනය,සංවර්ධන ව්යාපෘති හා ඒවාට වැය වූ මුදල් 2019 වසරේ අවසන්කර ඇති ව්‍යාපෘති ගණන, ගොඩනැගිලි සැලැස්මේ සහතික කළ පිටපතක් ලබා ගැනීම සංවර්ධන යෝජනා යටතේද , කුඹුරු ඉඩමක් ගොඩ කර ඒ තුළ හට් ටිකක් ඉදිකර ගරාජයක් පවත්වාගෙන යාම, ගොඩකිරීමට ගොවිජන සේවා බලපත්‍රයක් ලබාගෙන තිබේ ද යන්න,ඉඩම් ඉල්ලීම්  යටතේ හා  වෙනත් තොරතුරු  ඉල්ලුම්පත් 11කි.එනම් විශ්‍රාම ගැන්විමට අදාළ තොරතුරු ,පෞද්ගලික ලිපිගොනු ඡායා පිටපත් 2ක්, පළාත් පාලන ආයතනය තුළ  ඇති සියලුම වාහන වල ජූලි අගෝස්තු ධාවන සටහන් කුලී පදනම මත ලබාගත් වාහන වල විස්තර 2018/19 වසරවල   ඉන්ධන  සඳහා මාසික වියදම  රියදුරන්ගේ අතිකාල දීමනා,   ආදී තොරතුරු ඉල්ලා  නගර සභා බල ප්‍රදේශයේ  ජනතාව ඉල්ලා තිබුන බව  එම ලිපියේ සඳහන් වී තිබුණි. 

තොරතුරු දැනගැනීමේ  පනත පිළිබදව  නිලධාරීන් දැනුවත් සිටියත්  සාමාන්‍ය  ජනතාව තුළ එතරම් අවබෝධයක් නොමැති බව දක්නට ලැබිණ.  

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts