ශාලික විමලසේන මේ අසත්‍ය පුවත් Dis-information (අසත්‍ය තොරතුරු), Mis-information (වැරදි තොරතුරු), Mal-information (යම් තොරතුරක් සත්‍ය වුවත්, එය පළකිරීමෙන් සමාජයට, පුද්ගලයන්ට හානියක් වන තොරතුරු) ලෙස හඳුනාගත හැකිය. විශේෂයෙන්ම කොවිඩ් 19 වැනි වසංගත තත්ත්වයකදී මේ අතරින් තුන්වැනි කරුණ, සත්‍ය වුවත් එය
ශාලික විමලසේන වෛරී ප්‍රකාශ පළ කිරීම සහ ඒ සඳහා අසත්‍ය පුවත් යොදාගැනීම සමාජ මාධ්‍ය ජාලාවල මෙන් ම ඇතැම්විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ ද ඇස ගැටෙන බරපතළ තත්ත්වයකි. සමාජ මාධ්‍ය භාවිතය හා සාක්ෂරතාව පිළිබඳ බරපතල. ගැටලු ඇති ලංකාව වැනි රටක, මේ තත්ත්වය පාලනය කිරීම අතිශය අසීරු කටයුත්තකි. මේ අසත්‍ය පුවත් Dis-information (අසත්‍ය තොරතුරු), Mis-information (වැරදි තොරතුරු), […]
ලසන්ත ද සිල්වා COVID-19 වසංගතය පුවත්පත් කලාවේ නැවත ඉපදීමකට මඟ පාදා තිබේ. මිනිසුන්ට, සමාජයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට විශ්වාසදායක තොරතුරු තීරණාත්මක වන්නේ මන්දැයි ජනමාධ්‍ය කලාව මේ මොහොතේ පෙන්විය යුතුය. සත්‍යයේ හොඳම පුනරූපණය අත්විඳීම පිණිස සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයක් මේ යුගයේ අවශ්‍යතාව බවට පත්ව තිබේ. ඒ අවශ්‍යතාව වටහා නොගෙන කටයුතු කිරීමෙන් සිදුවන්නේ
සරත් මනුල වික්‍රම දුක සැප රිය සක මෙන් කරකැවේ. මේ රිය සක දිවිය පෙරළා දෙන දුක සැප වැනි ය. දුක මෙන් සැප ද බෙදාගෙන, එකිනෙකාට පිහිට වී බත්පත ද එකට බෙදාගෙන කන මේ සුමිතුරන් දෙදෙනා ද පාපැදියේ රෝද දෙක මෙනි. ඒ මොහිදීන් හා රාජා යන කාර්මික දෙපළ ය. අනුරාධපුර කඩ දොළහ ප්‍රදේශයේ යොවුන් නිකේතන මංසන්ධියේ […]
ජීවනී සින්නයියා අප සැම සැබැවින් ම එක මවකගේ දරු කැළ වෙමින් නොපමාව ඉදිරියට යන්නෙමු. නිල ඇඳුම් අඳින බලවත් නිලධාරීන් කාන්තාවන්ට ගරු කරන්නට ද දන්නා බව ඔවුන් ද විශ්වාස කරනු ඇති. සුදෝ සුදු නිල ඇඳුමින් සැරසී සිටි දුම්රිය ස්ථානාධිපතිවරයා දිලිසෙන නළාව මහේශාක්‍ය ලෙස පිම්බා. ශ්‍රී ලංකාවේ මනස්කාන්ත ම දුම්රිය නැවතුම්පොළක් වූ හපුතලේ පසුකරමින් දුම්රිය ඉදිරියට ඇදුණා. […]
ශාලික විමලසේන ජනමාධ්‍යවේදියෙකු ලෙස මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍ර දෙකේම වසර ගණනාවක අත්දැකීම් ඇති විරංජන හේරත්, නීතිඥයෙකු ලෙස ද භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් වන්නෙකි. වත්මන්කොරෝනා සන්දර්භය තුළ ජනමාධ්‍යයේ හැසිරීමත්, සමාජ මාධ්‍ය ජාලයන්ගේ ප්‍රතිචාරත්, ඒ සියල්ල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයත් සම්බන්ධයෙන් ඔහු පළ කළ අදහස් මේ
ජයසිරි පේදුරුආරච්චි උප්පැන්න සහතිකය අපට උපතේ පටන් ම විපත දක්වා ම අත්‍යවශ්‍ය සාධකයකි. උප්පැන්නයක් නොමැති වීම යනු දිවිය ම අහිමි වීමකට සමාන වන්නේ ඒදිනෙදා කුදුමහත් කටයුත්තක් සඳහා ම උප්පැන්න සහතිකය අපට වුවමනා කරන හෙයිනි. උප්පැන්නයක් නොමැති කෙනකුට මේ පසුබිම හමුවේ අත්වන ඉරණම කෙබඳුදැයි යන්න කෙනකුට අමුතුවෙන් වටහා දිය යුතු නොවේ. උප්පැන්නයක් අහිමිවීමේ සාපයට ගොදුරු නොවී […]
හරින්ද්‍ර නිශාන්ත සහ කලවර්ශිනි කනගරත්නම් “වෙනත් කුලයක ගැහැණු ළමයෙක් විවාහ කරගැනීමේ ප්‍රතිඵලය මත, එකම ගමේ ජීවත්වීමට අපේ පවුලෙන් මට ඉඩ ලැබුණේ නෑ. අපිට අලුත් ස්ථානයක පදිංචිවීමට සිදුවුණා වගේම වසර 12ක් තිස්සේ ගම සමඟ කිසිඳු සබඳතාවයක් පැවතුනේ නෑ. දැන් අපි සතුටින් ජීවත්වෙනවා. නමුත්, ඔවුන් අපිට අපේ ගමේ ජීවත්වීමට පවතින අයිතිය අහිමි කළා. ඒ වේදනාව නිරන්තරයෙන් අපි […]
ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න කළුතර, කෙත්හේන පොම්පාගාරයෙන් නිකුත් කරන ජලයට මේ දිනවල ලවණ මිශ්‍රවීම නිසා දිස්ත්‍රික්කයේ ජනතාව පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටී. වියළි කාලගුණයත් සමග කළු ගඟට ලවණ මිශ්‍රවීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ පීඩා විදින පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න ය. එදිනෙදා කටයුතු නිසියාකර සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතව ඇති බව ඔවුන් පවසයි. කළු […]
සරත් මනුල වික්‍රම පුටු කට්ටලයක් සිදුකරන්නේ සාකච්ඡා මණ්ඩපයක් තැනීමයි. කරත්ත රෝදය, නිවස,වහලය, ඇඳ, අල්මාරිය ආදී මේ කොයි ලී බඩුත් සිදුකරන්නේ මිනිසුන් එකිනෙකා එකතු කිරිමයි. ලීයට ලීයක් වෑද්දුම් කරන්නා සේ විවිධ ජන කොටස් එකට බැඳ තැබීම වඩුමඩුවකින් සිදු කරයි. වඩු මඩුවලින් පිරුණු පුරවය මොරටුවයි. වසර පන්සීයක් පුරා දුගී පැළටත් මහ මන්දිරයටත් , උතුරට දකුණට කන්ද උඩරටට […]














