සමාජ

විවිධ ජන කොටස් එකට බැඳ තබන මොරටු වඩුමඩු

සරත් මනුල වික්‍රම

පුටු කට්ටලයක් සිදුකරන්නේ සාකච්ඡා මණ්ඩපයක් තැනීමයි. කරත්ත රෝදය, නිවස,වහලය, ඇඳ, අල්මාරිය ආදී මේ කොයි ලී බඩුත් සිදුකරන්නේ මිනිසුන් එකිනෙකා එකතු කිරිමයි. ලීයට ලීයක් වෑද්දුම් කරන්නා සේ විවිධ ජන කොටස් එකට බැඳ තැබීම වඩුමඩුවකින් සිදු කරයි.

වඩු මඩුවලින් පිරුණු පුරවය මොරටුවයි. වසර පන්සීයක් පුරා දුගී පැළටත් මහ මන්දිරයටත් ,   උතුරට දකුණට කන්ද උඩරටට මෙන්ම පන්සලට පල්ලියට හා කෝවිලටත් මෙන්ම කුමන ජාතියේ කුමන ආගමේ  පවුලකටත් අවශ්‍ය ලී බඩු නිපයන්නේ මේ පුරවරයෙනි.

සිංහල – දෙමළ – මුස්ලිම් නැතහොත් බොදු – කිතුනු – ඉස්ලාම් පවුල් හැට දසකට අධික සංඛ්‍යාවක් සෘජුව හෝ වක්‍රව මේ පුරයේ දැව කර්මාන්තය හා බැඳී සිටිති.

රටේ එක් කෙළවරක තැනෙන මහා රූස්ස ගහක අරටුවෙන් රජ සිටු මැතිවරුන්ගේ මන්දිරවල විසිත්ත කාමරවලට සුව පහසු ගාම්භීර ආසන තැනෙන ගමන් එහි එලයෙන් ලයින් කාමරයේ  කෝප්ප පිඟන් උඩ තියාගනීමට මේස බංකු ද තැනෙයි.

මෙ සමහරු වඩු කාර්මිකයෝ ය. තවත් අය ව්‍යාපාරිකයෝ ය. තවත් අය කුළීකරුවෝ ය. ඇතැමුන් ව්‍යවසායකයෝ ය. වෙළඳසැල් හිමියන්, ප්‍රවාහන සේවා සපයන්නන්, අමුද්‍රව්‍ය හා උපාංග හා යන්ත්‍රෝපකරණ සපයන්නන් ආදී තවත් බොහෝ දෙනා ය.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts