සචිනි ඩී. පෙරේරා ශතවර්ෂ ගණනාවක් පුරාවටම බටහිර ජාතිකයින් රතු පාටට හුරු යම් අපූරු ද්‍රාවණයක් පිළිබඳව දැඩි අවධානයෙන් හා උනන්දුවෙන් පසු විය. මෙහි සංයුතිය, හැඩරුව, ස්වභාවය හෝ මෙය ලබා ගත හැකි ස්ථාන පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීම් නොමැති නමුත් මෙමගින් මුදල් ඉපයීමට හැකි බව ඔවුන් සක් සුදක්සේ
භව්නා මොහාන් දිගු කලක පටන් ප්‍රමුඛව පැවතුණ කරුණක් වන “ව්‍යාජ ප්‍රවෘත්ති” පැතිරීම පසුගිය සති කීපයේ දිවයින පුරා අත්දුටු කොවිඩ් -19 දෙවැනි රැල්ල මඟින් ඉදිරියටම ගෙන ආවේය. මේ ගැටලුව ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බව කිව යුතු නොවන්නේ, මීට පෙර අවස්ථා රැසකදීම ව්‍යාජ ප්‍රවෘත්තිවල විපාක අත්විඳ ඇති බැවිනි. වර්ෂ 2018දී සමාජ මාධ්‍යවල සාවද්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝ […]
මංගලනාත් ලියනාරච්චි එදා කොටි හඩ ගුවන් විදුලිය හරහා වෛරය හා ත්‍රාසය වැපුරු කල්ලඩි කඳු මුදුනේ සංහිඳියා සාම බෝධි ඝරයෙන් අද ගලා යන්නේ, සංහිදියාවේ අපූරු හඬයි, රිද්මයයි. කලකට පෙර කල්ලඩි පංසලට වෛර කළ වඩිවේල්ලා, පාර්වතීලා පමණක් නොව වෙනත් ආගමික ස්ථාන “හරාම්“ යැයි කියමින් පංසලකට පා නොතැබු මහරූෆ්ලාද වෙනසකින් තොරව කල්ලඩි ගල නගින්නේ, සංහිදියාවට නැවුම් ප්‍රවේශයක් එක් […]
ලසන්ත ද සිල්වා මේ වසංගත සමයේ තීව්‍ර වූ සාමාන්‍ය ජනයාගේ අසතුටේ කතාවලින් ස්වල්පයකි. ඒ අසතුටට එරෙහිව ආචාර්ය ලියනගේ අමරකීර්ති පෙන්වා දෙන ආකාරයට සතුට සොයන ඔවුන් විහිලුවට ගන්නා මාධ්‍ය තවත් පිරිසක් වෙනුවෙන් විනෝද සුඛ සම්පාදනය කරයි. අවාසනාව වන්නේ වැරදි සොයන ඔවුන්ට අසතුටේ හේතුව හෝ අසතුට නොපෙනීමයි. සුප්‍රකට ගත් කතුවර සහ විශ්ව විද්‍යාල ආචාර්ය ලියනගේ අමරකීර්ති එළි […]
ජයසිරි පේදුරුආරච්චි බලය, ධනය මෙන්ම ආගම දහම ද වෙනුවෙන් වෙනස්වු මත දරමින් සමාජයේ යහපත වෙනුවට අයහපත ගෙනදෙන ඇතැම් පුද්ගලයින් හා පිරිස් හමුවේ පුංචි ෆුහයිම් සමාජ හා ආගමික සංහිඳියාව වෙනුවෙන් ගෙන එන පාඩම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ය. ආලින්දයේ සෝපානයට බරදුන් මහමුද් ෆුහයිම් ජනෙල් කවුළුවෙන් අහස දෙස බලා කල්පනා කරන්නට විය. කෑමට පවා උනන්ඳු නොවී […]
සරත් මනුල වික්‍රම උතුරුමද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඝාතනය කළ අවස්ථාවේ මිය ගිය හා බරපතල ආබාධයන් ට ලක්වූ අනෙක් පිරිසට වසර එකොලහක් තිස්සේ නොලැබුණු වන්දි ඉල්ලා යළිත් අරගල කරති. මෙම බෝම්බ ප්‍රහාරයේ දි පලාතේ කීර්තිමත් සිංහල යුවළක්,දෙමළ යුවළක් හා මුස්ලිම් යුවලක් එකවර මිය ගියේ ය. හානි පූර්ණය සංහිඳියාවේ එක් […]
කලවර්ශනි කනගරත්නම් ‘පරිස්සමින් ගෙදර ඉන්න!’ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා මාර්තු මාසයේ මුල සිට සමාජ හුදකලාකරණය ආරම්භ කළ දවසේ පටන් කාගෙත් මුවේ තිබෙන්නේ මේ වදන් ටික. මාර්තු 12දා, සිකුරාදා සිට පාසල් වසා දමන බව කිව්වේ ඊට කලින් බ්‍රහස්පතින්දා සවසයි. පාසල් සිසුන්ට තම යහළු යෙහෙළියන්ගෙන් දිගු නිවාඩුවක් සඳහා සමුගන්නට තරම් කාලයක් ලැබුණේ නැහැ. දෛනික අත්‍යවශ්‍ය කටයුතුවල නොයෙදුණොත්,
ගෝරි මහ බලය විසින් විවෘත කරන ලද ඉතිහාසය පිළිබඳ ලියැවුණු කතාන්තර කියවීමට අප පුරුදු වී සිටි අතර මතක සංරක්ෂණය යන නමින් වන පොත අපට සත්‍ය අත්දැකීම් ඔස්සේ අතීතය දෙස බැලීමට අවකාශ විවර කරනු ලබයි. 2018 දක්වා ඉතිහාසගත කතාන්තර ඉදිරිපත් කරන මෙම කෘතියෙන් නිදහසට පසු වසර 70ක ඉතිහාසය හා සමෘද්ධිමත් බව වාර්තා කරනු ලබයි. ශ්‍රී ලංකාවේ […]
ටුසන්තන් වයිරමුතු-කේ.එම්.රාසුල් ආගම යනු ජීවත් වන ආකාරයකි. නමුත් මිනිසා නිර්මාණය වූයේ ආගම් සඳහා පමණක්ය යන්න සිතීම මගින් විවිධ අර්බුදයක් නිර්මාණය කරනු ලබයි. මෙලෙස ප්‍රකාශ කරන්නේ විශ්‍රාමික විදුහල්පතිවරයකු හා නුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු හින්දු කටයුතු අධ්‍යක්ෂ වන 71 හැවිරිදි මුතුකරුපන් සම්බන්ධන් ය. ඔහු උපතින් හින්දු වූ අතර වයස අවුරුදු තිස් එකේදි මුස්ලිම් කාන්තාවක් සමග
ජීවනී සින්නයියා මගේ මිත්තණිය වන වින්ෆ්‍රි ජේකෝබ්ස් අකා අත්තම්මා ඇයගේ සියලු දෙය ඇසුරුම් කර ගනිමින් දරුවන් අට දෙනා ද රැගෙන දකුණු ඉන්දියාවේ කේරළයේ සිට ශ්‍රී ලංකාවට නැව් මගින් යාත්‍රා කරනුයේ ඇයගේ සැමියා මියගිය විගසමය. වයස අවුරුදු දාහතරේ දී විවාහ වන ඇය සිය අටවන දරුවාට උපත ලබා දෙනු ලැබ ඇත්තේ වයස අවුරුදු 23 දී වන අතර […]














