සම්පත් දේශප්‍රිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ගේ නවතම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එල්ල කෙරුණු චෝදනා වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ලංකාවේ ආණ්ඩුව මේ දිනවල ලක ලෑස්ති වෙමින් සිටී. අදාළ චෝදනාවලට වගඋත්තර බැදීම සදහා වූ පෙර සූදානමක් ලෙස මෙරට ආණ්ඩුවේ පළමු ප්‍රතිචාරය දක්නට ලැබුණේ ජනවාරි මාසයේදී ය. ජනවාරි විසි එක් වෙනි […]
නෙවිල් උදිත වීරසිංහ නැගෙනහිර වෙසෙන ජනවර්ග අතර සාමය හා සංහිදියාව සදහා අහිතකර ලෙස බලපා ඇති සාදක අතරින් එක් ප්‍රධාන සාදකයක් වශයෙන් නැගෙනහිර ප්‍රදේශයට ආවේනික වූ ඉඩම් ප්‍රශ්නය හදුනාගත හැකිය. රටේ කෘෂිකර්මාන්තය සදහා භාවිතා කරණු ලබන භූමියෙන් 43% භූමි ප්‍රමාණයක් අයත් වන්නේ නැගෙනහිර පලාතටය. මෙහි රටේ සමස්ථ වී නිශ්පාදනයෙන් ¼ ප්‍රමාණනයක් නිශ්පාදනය කරනු ලබයි. 2012 ජනගහන
නෙවිල් උදිත වීරසිංහ ලංකාවේ නැගෙනහිර ප්‍රදේශය යනු දෙමළ, මුස්ලිම් හා සිංහල යන ජනවර්ග තුනම විසිරී සිටින ජනවාර්ගික සංයුතිය අතින් සුවිශේෂ ප්‍රදේශයකි. මෙම ලිපිය තුළ කෙටියෙන් විමසා බැලීමට උත්සහ කරන්නේ නැගෙනහිර ප්‍රදේශය තුළ පවතින මෙම ජනවාර්ගික සංයුතිය අතීතයේ සිට වර්ථමානය දක්වා වාර්ගික ද්‍රැවීකරණයන්ට හා වාර්ගික ආතීත්ට බලපා ඇති ආකාරයයි. බොහෝ විට පහළොස්වන
ධනුෂ්ක සිල්වා මානව අයිතිවාසිකම් මානවයා සතුල මනුෂ්‍යත්වය නිසා ම ඔවුනට හිමිවන අයිතිවාසිකම් වේ . 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව මානව අයිතිවාසිකම් විශ්වීය, අන්සතු කළ නොහැකි, වෙන් කළ නොහැකි හා අන්‍යෝන්‍ය පරායත්ත අයිතිවාසිකම් වේ. මානව ආරක්ෂණ පරමාදර්ශයේ ජනප්‍රියත්වය විසින් මානව අයිතිවාසිකම් පිළිබඳ අදහස සහ අන් සියල්ලටමත් වඩා පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික
දිලිනි තන්තිරිමුදලිගේ සුරක්ෂිත අන්තර්ජාල දිනය (Safer Internet Day-SID) එහි 18 වැනි කලාපය ලොව පුරා සැමරුවේ 2021 වසරේ පෙබරවාරි මස 9 වැනිදා “වඩාත් හොඳ අන්තර්ජාලයක් සඳහා එක්වෙමු” යන තේමා පාඨය පදනම් කර ගනිමිනි. මෙහි අරමුණ වූයේ අන්තර්ජාලය විශේෂයෙන් ළමයින්, තරුණ තරුණියන් සහ කාන්තාවන් සඳහා සුරක්ෂිත ස්ථානයක් කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ට එක් වන ලෙස විවෘත ආරාධනයක් යැවීමය.
නතාලී සොයිසා අප මෙහිදී ‘තනි මව‘ යන හඳින්වීම සැහැල්ලුවෙන් යෙදුව ද එය භාවිත කරන්නන්ට මෙන්ම තවදුරටත් එහි ආවරණය ලබන්නන්ට එය වෙනස් අර්ථයන් ගෙන දෙයි. තනි මව යන්න දරුවකු හෝ දරුවන්ගේ ප්‍රාථමික භාරකාරත්වය සහිත දික්කසාද වූ මවක් ලෙස ගත හැකිය – එසේ වන්නේ සාමාන්‍යයෙන් යම් ආකාරයක ළමා රැකවරණය පිළිබඳ අනිවාර්ය අධිකරණ තීන්දුවක් මත හෝ ඇයගේ හිටපු […]
ධනුෂ්ක සිල්වා සමාජ ආයතනයන් පුළුල් වශයෙන් පුරුෂ ආධිපත්‍ය සහ පිතෘමුලික ස්වරූපයකින් යුතු වේ. එමනිසා, ඇතැම් ගැටළු සහිත අංශයන් සහ සිද්ධීන් උදෙසා කාන්තා සහභාගීත්වය පිළිබඳ සමාජ ප්‍රතිචාරයන් අධෛර්යමත් කරන සුළු ඒවා වේ. විවිධ කාර්යයන් සම්බන්ධයෙන් කාන්තාවන්ගේ හඬ විවිධ අවස්ථාවන් හි පුරුෂයන් මෙන්ම කාන්තාවන් විසින් ද අධෛර්යමත් කර තිබේ. නිදර්ශන ලෙස මුස්ලිම් කාන්තාවන්ගේ පර්යේෂණ සහ
ධනුෂ්ක සිල්වා යුධ සමයේ ශ්‍රී ලංකාව තුළ සාම සාකච්චාවන් සිදුවෙමින් තිබූ අතරතුර, සිවිල් සමාජය විවිධ එළඹුම් යොදාගනිමින් මෙම සාකච්චා මේසය මත ඔවුන්ගේ අපේක්ෂාවන් පවතින බව තහවුරු කරගැනීමට කටයුතු කළ අතර එමඟින් තෘණපත් මට්ටමේ බලපෑමට ලක්ව ඇති ප්‍රජාව වෙත අවධානය යොමුවී ය. ‘සූරිය’ කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය (මඩකලපුව); මුස්ලිම් කාන්තාවන්ගේ පර්යේෂණ සහ ක්‍රියාමාර්ග පිළිබඳ හමුව (කල්මුණේ සහ