Home Archive by category සාමය (Page 4)
සාමය

භාෂාව ජාතීන් අතර පාලමකි

ගයාන් යද්දෙහිගේ භාෂාවේ උපත පිළිබඳ විවිධ මතිමතාන්තර පැවතියද සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පමණක් නොව සංස්කෘතික ශිෂ්ටාචාරයන් ගොඩනැංවීම සඳහා දැනුම පරම්පරාවෙන් පරම්පරාවට දායාද කිරීම සඳහාද අනාදිමත් කාලයක සිට මානවයෝ එය උපයෝගි කර ගත්හ.මුලින් සංඥා මගින්  සිදුකළ සන්නිවේදනය මානවයාගේ විකාශනයත් සමඟ වචන හා
සමාජ සාමය

ත්‍රිමලේ දෙමළ ස්පා විරෝධය සහ සිංහල වෙළද ආධිපත්‍ය

නෙවිල් උදිත 2009 වර්ශයේ ලංකාව  තුළ පැවති සිවිල් යුද්ධය අවසන් වීමත් සමග ත්‍රිකුණාමලයේ උප්පුවේලි මුහුදු තීරයට සංචාරක අවධානය විශාල වශයෙන් යොමුවන්නට විය. උප්පුවේලී මුහුදු තීරය වෙතට විදේශීය සංචාරකයින්ගේ  අවධානය වැඩිවීමත් සමග උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි ඇලස් වත්ත ප්‍රදේශය තුළ පහුගිය වසර කිහිපය තුළ විදේශීය සංචාරකයන් සදහා නවාතැන් පහසුකම් සැපයීමට නිවාඩු නිකේතන හා හෝටල්
සාමය

දශක තුනක්ම සාමය ළඟට විත් පලා යනු බලා සිටියෙමි

එම්.එස්.එම්. අයුබ් සිරිත් පරිදි ප්‍රවෘත්තියක් දෙකක් ලිවීමේ අරමුණෙන් උතුරේ දේශපාලනයේ අලුත් තත්ත්වයන් සොයා බැලීම සඳහා මම 1990 මාර්තු පළමවැනිදා උදෑසන 10ට පමණ එකල පැවැති ඒකාබද්ධ උතුරු නැඟෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිව සිටි වරදරාජ පෙරුමාල් මහතාගේ ප්‍රවෘත්ති නිලධාරියා වූ නෙල්සන්හට දුරකථන  ඇමතුමක් දුන්නෙමි. එය දේශපාලනික වශයෙන් උණුසුම් කාල පරිච්ඡේදයක් විය. 1987 දී අත්සන් කරන ලද
සාමය

යුද බිම, පන්හිද හා මිනිසත්කම

කපිලකුමාර කාලිංග අපේ පත්තර භාෂාවේ “රසට ලිවීම” යනුවෙන් යෙදුමක් ඇත. ඉන් අදහස් කෙරෙනුයේ පාඨකයාගේ සිත් බැඳ ගන්නා ලෙසටත් , එක හුස්මට කියැවිය හැකි ආකාරයටත් ලිවීමේ කලාවය. රසට ලිවීම, සරළ සුමට බස් වහරින් මෙන් ම, ඊට වඩා පොහොසත්, තරමක් විදග්ධ භාෂාවෙන්ද කළ හැකිය. එහිදි, එක්වරම මගේ සිතට නැඟෙන නම් අතරින් බි.ඒ.සිරිවර්ධන (“ඇත්ත සිරා”) , ඩී.එස්. කාරියකරවන […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

නීතිය හා සාමය

විශ්වජිත් කොඩිකාර බොහෝ ශ්‍රී ලාංකිකයන් මැයි මාසය හදුන්වන්නේ වෙසක් මාසය ලෙසයි. ඒ බුදුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන වෙසක් මංගල්‍යය මැයි මාසයට යෙදී ඇති බැවිනි. එම මාසයේ දී බෞද්ධ බැතිමතුන් ප්‍රතිපත්ති පූජාවට මෙන්ම ආමිස පූජාවට ප්‍රමුඛතාව දී කටයුතු කිරීම සම්ප්‍රදාය වේ. ඊට අමතරව එම මාසයේදී සක්‍රීය වන නිරිතදිග මෝසම් වර්ෂාව ද බොහෝ ලාංකිකයෝ බලාපොරොත්තුවෙන් සිටිති. පහතින් […]
සාමය

ආරවුලක්? බහුත්වවාදය? වල්ලිගුහාව!

කලාවර්ෂිනි කනකරත්නම් කිසිදු ආගම් භේදයකින් තොරව විවිධ ජනවර්ගවල ජනයා එක්රැස් වන සුප්‍රසිද්ධ කතරගම දෙවොල පිහිටා ඇත්තේ ඌව පළාතේ මො‌නරාගල දිස්ත්‍රික්කයේ කතරගම කොට්ඨාසයේය. මේ කොට්ඨාසයේ ප්‍රධාන ජනවර්ග තුනට අයත් වූ 26000ක පමණ ජන ගහනයක් වෙයි. දෙවියන් දෙමළ, හින්දු දේවයෙකි. එහෙත් බෞද්ධයෝ මෙන්ම ඇතැම් ඉස්ලාම් භක්තිකයෝ ද මේ දෙවියන් අදහන බැවින් වැඳ පුදා ගැනීමට රාශි වශයෙන් එති. […]
සාමය

බරකරත්ත දැක්කීම හා බැඳුණු මිනිසුන්ගේ සම්ප්‍රදාය සමඟ යාපනය

සුදර්ශිනී මුතුලිංගම් ඒ ඉරිදා දිවා ආහාරයට පසුවය, එයින් අදහස් වන්නේ එය වේගවත්ව ගෙවෙන දින අතරින් එකක් නොවන නිසා මම දුරකථනයෙන් අන්තර්ජාලය පිරික්සමින් සිටින අතර මට  ඇමතුමක් ආවේය. “වඩුකෝට්ටෙයිවල බර කරත්ත (ගොන්කරත්ත) තරගය බලන්න යමුද?”  සුපුරුදු හඬකින් කළ විමසීමට මම කිසිදු පැකිළීමකින් තොරව එකඟ වීමි. එසේ අපේ හවස් යාමය ඇරඹිණි. අපි යාපනයේ දෙමළ වීරත්වය ගැන කතා
සාමය

වාර්ගික ප්‍රචන්ඩත්වයෙන් බැට කන ළමා මනස

සම්පත් දේශප්‍රිය සමස්ත රටම මුහුණදී සිටින කොවිඩ් වසංගතය හේතුවෙන්  මේ රටේ ළමා පරපුර පත්ව සිටින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබේ .පාසල් වසා දැමීම ,දරුවන් නිවෙස් වලට කොටු වීම ,ඔන්ලයින් අධ්‍යාපනය හේතුවෙන් ළමයින් මුහුණ දී සිටින දුෂ්කරතාවය ,මේ අතරින් සමහරකි .එමෙන්ම නවතම වාර්ථා වලට අනුව කොවිඩ් වසංගතය සමයේ ළමා අපයෝජන 40% කින් ඉහළ […]
සාමය

තල් කවන්ධ අතරින් නැවත දකින නන්දිකඩාල්

කපිල කුමාර කාලිංග ක්‍රිස්තු පූර්ව 10 වන සියවසේ දි පර්සියාවේ විසු ෆිර්දෝසි නමැති මහා කවියා විසින් ලියන ලද ‘ෂහ්න මේහ් ‘ (  Shahana meh)  වර්තමාන‌යේ පවා ඒරට (නූතන ඉරානය) ජාතික වීර කාව්‍යය ලෙස සැළකේ. පිටු 1500කින් පමණ සමන්විත මෙය තනි පුද්ගලයෙකු විසින් ලියා ඇති, දීර්ඝතම කාව්‍යය ලෙස ද ඇගැයේ. ‘ෂහ්න මේහ් ’ , රජවරුන් පිළිබඳ […]
සාමය

පළාත් සභා කොවිඩ් වසංගතය සහ ජනතාව

සී ජේ අමරතුංග කොවිඩ් 19 වසංගතයට රට මුහුණ දී දැන් වසරකට වැඩි කලක් ගෙවී ගොස් ඇත. මේ ලියන මොහොත වන විට රට තිබෙන්නේ ඉතා බැරෑරුම් අර්බුදකාරී අවස්ථාවක ය. රට වසා තබමින්, සංචරණ සීමා ක්‍රියාත්මක කරන්නට සිදු වී තිබේ. ඒ අතර ජන ජීවිතය බොහෝ දුරට නැවතිලා ය. එදිනෙදා ජීවනෝපාය කරගත් අයට එම කටයුතු කර ගන්නට බැරි […]