Srimal DC තොරතුරු දැනගැනීමේ අයිතිය හෝ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය මූලික මානව අයිතිවාසිකමක් ලෙස ගෝලීය වශයෙන් පිළිගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ද ඒ සඳහා සහාය දක්වයි. එය රටක පාලනයේ විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කරයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 19 වැනි
වසන්ති චතුරාණි සංවිධානාත්මක සමාජයක ජීවත්වන පුරවැසියන්ට රටේ මූලික අංග පිළිබඳ අවබෝධය තිබීම අත්‍යවශ්‍යය. මූලික අංග, එනම් ආණ්ඩුකරණ ක්‍රමය, අයිතීන්, ආර්ථික ප්‍රතිපත්ති, නීති, සහ සමාජීය අරමුණු වැනි මූලික තොරතුරු පිළිබඳ ජනතාව දැනුවත් වීම රටක ආරක්ෂාව, සමස්ත පරිසරය සහ ජනතා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමට මූලික වේ. නමුත්, ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල ජනතාව තම රටට අයත් හෝ […]
කසුන් කුමාරගේ ‘’මම ව්‍යාපාරිකයෙක්. මම මූල්‍ය කටයුත්තක් සඳහා පෞද්ගලික මූල්‍ය ආයතනයක් සමඟ සම්බන්ධ වුණා. ඒකට මට මගේ ආදායම් පිළිබඳ විස්තර ලබාදෙන්න සිදුවුණා. එම ගනුදෙණුවෙන් පස්සේ මට ලිපි මගිනුත් දූරකථන හරහාත් විවිධ ව්‍යාපාර සඳහා ආයෝජනය කරන ලෙස ඉල්ලීම් ලැබෙන්න පටන් ගත්තා. ඉල්ලීම් දෙක තුනක් නෙවෙයි; ප්‍රමාණයෙන් ගත්තාම මට මහ වදයක් වෙන තරමටම. මට කතා කරන අය […]
වත්සලා සමරසිංහ “ඇයි නිර්මාණයක් විදිහට සමාජය භාරගන්නැති වෙයිද? නැත්නම් අපායේ යයිද?” සිගරැට්ටුවක් දල්වාගත් ලොයිඩ් අයියාගේ මුවගෙහි වූයේ සරදම් සිනාවකි. දුම් රැල්ලක් නිදහසේ බෝඩිං කාමරය තුළ පියාසලන්නට විය. “මේක සිංහල බෞද්ධ රටක්…” මට කියවුණේ ඉබේම ය. ශක්තික සත්කුමාර සිදුවීමට පාදක වූ ‘අර්ධ’ කෙටිකතාවේ එන ඉහත උධෘතය එම කෙටිකතාවෙහිම ඉරණම වනු ඇතැයි කතුවර
කමණී හෙට්ටිආරච්චි කොළඹ නගරයේ පිටකොටුව අතිශයින් ජනාකීර්ණ පෙදෙසකි. විවිධ අවශ්‍යතා සඳහා කොළඹ නගරයට පැමිණෙන සහ කොළඹ නගරයෙන් පිට පළාත් බලා යන ජනතාව සිය ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පසුගිය මැයි මස 30 වෙනි දින කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි බස් නැවතුම්පොළේ රැඳී සිටියේ සිය බස් රථය පැමිණෙන තෙක් ය. මහ දවාලේ එක්වරම ඇසුණු ‘රතිඤ්ඤා පුපුරනවා‘ […]
කමණී හෙටිටිආරච්චි “හොඳම දේ දරුවන්ට” යන ප්‍රකට කියමන නිතරම පාහේ දේශපාලන වේදිකාවලත් මාධ්‍ය හරහාත් නිතරම අසන්නට ලැබෙන්නකි. සමස්ත ලෝකයේම වෙසෙන දරුවන් වෙනුවෙන් නිර්මාණය වී ඇති මෙම කියමනට අදාළව කටයුතු සිදුවිය යුතු නමුත්, එය එසේ නොවන බව ලංකාවේ පාලකයින්ට සහ මෙරට වැඩිහිටි පරම්පරාවට පසක් වූයේ නොබෝදාය. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය විසින් ලංකාව සම්බන්ධයෙන් […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු රනිල් ගෝඨා ආණ්ඩුව පත්වී මාස එකහාමාරකට ආසන්නය. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කළයුතු දීර්ඝ කාලීන වැඩ පිළිවෙල මේ මාස එකහාමාරක කාලය තුළ යම් ආකාරයකින් ඉදිරියට යමින් තිබුනද ජනතාව බලාපොරොත්තුවූ ඇඟට දැනෙනා සහන කිසිත් තවම ලැබී නැත. අනෙක් පසින් බැලූවද එවැනි සහනයක් ලබාදීමට රනිල් වික්‍රමසිංහට නොව විශ්වකර්මයාටවත් රටේ පවතින දැවන්ත
කමණී හෙට්ටිආරච්චි විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. රටේ ජනතාව මුහුණ දෙන අනේක විධ ගැටළු සඳහා ඉන් සෙතක් සැලසේ ද යන කාරණය ඇතැමුන් මතු කරන ප්‍රශ්නයකි.මතුපිටින් යමෙකුට පැහැදිලි නොවන නමුදු බලය අනිසි ලෙස කේන්ද්‍රගතවිම රට මේ මොහොතේ මුහුණ දි සිටින ගැටළු රැසක මූලාරම්භය බව පැහදිලිය. කෙසේ නමුත් […]
අරුණ ලක්ෂ්මන් ප්‍රනන්දු හිටපු අගමැතිවරයෙක් වු රනිල් වික්‍රමසිංහ මහතා යලිත් වරක් එම ධුරයට පත්ව සිටී. ඔහු මීට පෙර පස් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය හොබවා ඇත්තෙකි. එහෙත් ඒ සැම අවස්ථාවකම ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළේ මැතිවරණයකින් ජයගත් මන්ත්‍රිවරයෙකු ලෙසිනි. මෙවර ඔහු අගමැති ලෙස පත්වනුයේ මැතිවරණයක් ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙක් ලෙස නොව 2019 වසරේ පැවති මහ
(ජුනි මස 04 වෙනිදාට යෙදුන ප්‍රචණ්ඩත්වය නිසා පීඩාවිදින දරුවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙනි) ජූඩ් ආර්. මුතුකුඩ ලාංකිය සමාජයේ එදිනෙදා ජිවිතය සලකා බැලිමේදි දරුවන් තරම් පීඩාවිදින පිරිසක් අද නොමැති තරම්ය.දෛනිකව අසන්නට දකින්නට ලැබෙන ප්‍රවෘත්ති වාර්තා අනුව අප රට ළමා අපයෝජනයේ කේන්ද්‍රස්ථානයක් වී තිබේ. නිවසේදි දෙමාපියන්ගේ කෘර වදහිංසාවලට ලක්වන දරුවන්,දෙමාපියන්ගේ නිත්‍යනුකුල නොවන