නීතිය හා සාමය
විශ්වජිත් කොඩිකාර
බොහෝ ශ්‍රී ලාංකිකයන් මැයි මාසය හදුන්වන්නේ වෙසක් මාසය ලෙසයි. ඒ බුදුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන වෙසක් මංගල්‍යය මැයි මාසයට යෙදී ඇති බැවිනි. එම මාසයේ දී බෞද්ධ බැතිමතුන් ප්‍රතිපත්ති පූජාවට මෙන්ම ආමිස පූජාවට ප්‍රමුඛතාව දී කටයුතු කිරීම සම්ප්රදාය වේ. ඊට අමතරව එම මාසයේදී සක්‍රීය වන නිරිතදිග මෝසම් වර්ෂාව ද බොහෝ ලාංකිකයෝ බලාපොරොත්තුවෙන් සිටිති.
පහතින් පළවන්නේ එසේ බලාපොරොත්තු නොවුණු එහෙත් එම මැයි මාසය තුළදී ම සිදුවූ සිදුවීම් කිහිපයක් පුවත්පත්වල වාර්තාවී තිබුණු ආකාරයයි. පුවත්පත්වල පළවූ එම සිරස්තල සහ ඊට අදාළ ප්රවෘත්ති වාර්තාවන් හි සාරාංශයන් කිහිපයක් පහතින් පළ වේ. ඒ මෙසේය.
විස්තරය අංක 01 – ‘කප්පම් ගනිමින් මිනී මරමින් කඩුවෙල යකා නැටූ ඌරුජුවාගේ අන්තිම ගමන’ මැයි 13 දින එක්තරා පුවත්පතක මුල් පිටුවේ තිබූ පුවතකි. මෙලන් මබූලා හෙවත් ඌරුජුවා නමැත්තාගේ සිදුවීමට අදාළ කතාව මෙසේය. වසර ගණනාවක් බන්ධනාගාර ගතව සිටි පාතාල සාමාජිකයෙකු වන ඔහු මැයි මස 10 දා ඇප මත නිදහ ලබා ඇත. තවත් අපරාධ රැසක සැකකරුවෙකු වූ ඔහුව එදිනම පස්වරුවේ නවගමුව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඔහුගෙන කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී ලැබුණු තොරතුරු අනුව සගවා තිබූ ගිනි අවි සෙවීම සදහා පොලීසියත් සමග වදුරම්මුල්ල ප්‍රදේශයේ පාලු නිවසකට ගිය අවස්ථාවේදී එහි තිබූ අත් බෝම්බයක් ගෙන පොලීසිය වෙත දමා ගැසීමට තැත් කළ අවස්ථාවේදී ජීවිතාරක්ෂාව පිණිස පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමේදී ඔහු මියගොස් ඇත. පුවත පිළිබ විස්තර මෙම දිගුව ඔස්සේ…. https://www.hirunews.lk/english/271122/police-investigate-reagrding-urujuwas-death-while-in-police-custody-video
විස්තරය අංක 02 – ‘කොස්ගොඩ තාරක වෙඩි කා නසී’ එය මැයි මස 14 වන සිතුරාදා එක්තරා පුවත්පතක තිබූ සිරස්තලයකි. එහි කතාව මෙසේය. පුවතේ වැඩි දුරටත් පවසන ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි ධර්ම කීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක (අවු34) මැයි 12 දින පෑලියගොඩ අපරාධ විමර්ෂණ කොට්ඨාශයට භාර දී තිබේ. මිනී මැරීම් සහ ගිනි අවි ළග තබාගැනීම් සම්බන්ධයෙන් චෝදනා පැවති සැකකරුගෙන් වැඩිදුරටත් කර ඇති ප්‍රශ්න කිරීම් වලදී ලැබුණු තොරතුරු අනුව මීරිගම රේන්දපොළ වලව්ව වත්ත ප්‍රදේශයේ සගවා ඇති ගිනි අවි පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගැනීමට තැත් කළ අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරකින් මරුමුවට පත්ව ඇත. එම පුවත පිළිබද විස්තර මෙතැනින්…. https://www.facebook.com/adaderana/videos/225507642247652/
විස්තරය අංක 03 – ‘වෙලේ සුදා හිරගෙදරින් පිටතට රැගෙන යාම උසාවියෙන් තහනම් කරයි, ඝාතන සැලසුමක් ඇතැයි මවගෙන් පෙත්සමක්’ එහි විස්තරය සාරාංශව මෙසේය. ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු යයි කියන ගම්පල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තාව ලබන 24 දා දක්වා බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමෙන් වළකින ලෙස අභියාචනාධිකරණය පසුගිය මැයි 17 දා එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කර ඇත. සිය පුතාව බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බවට සැකයක් මතුව ඇති බැවින් ඔහුව පොලීසිය භාරයට පත් කිරීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අදාළ පුද්ගලයාගේ මව වන ආර් ජී මාලනී නමැත්තිය විසින් අභියාචනාධිකරණය ඉදිරියේ ගොනුකළ පෙත්සමක් සලකා බලමින් අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත. එම විස්තරය මෙතැනින්.. https://www.dailynews.lk/2021/05/18/local/249570/ca-orders-not-remove-wele-suda-boossa-prison
විස්තරය අංක 04 – පුවතේ සිරස්තලය මෙසේය ‘පොඩි ලැසීගේ ආරක්ෂාව තහවුරුකරන්න නීතිපති එකග වෙයි’ එහි අන්තර්ගතය වන්නේ… මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා තබාගෙන සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී සිය ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස අභියාචනාධිකරණය වෙත ගොනු කළ පෙත්සමක් අධිකරණය විසින් සලකා බැලූ අවස්ථාවේදී එම තැනැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත දැනුම් දීමට මැයි 20 දින නීතිපතිවරයා අභියාචනාධිකරණය ඉදිරියේ එකගතාවයක් ඇති කර ගත් බවය. වැඩි විස්තරය සදහා බලන්න…. https://www.dailynews.lk/2021/05/18/local/249570/ca-orders-not-remove-wele-suda-boossa-prison
.
ඉහත දෙවන විස්තරයේ සදහන් කොස්ගොඩ තාරක සිදුවීමට පෙර දින රාත්‍රියේ දී ඔහුට පවත්නා ජීවිත අනතුරක් පිළිබදව ඔහුගේ නීතීඥවරයා විසින් ඊමේල් පණිවුඩයක් මගින් පොලිස්පතිවරයාගේ අවධානය යොමු කළ බව ද සදහන් වෙයි.
මෙම ලිපියේ අරමුණ එම මාධ්‍ය වාර්තා පිළිබද සමාලෝචනයක් කිරීම නොව. උක්ත සිදුවීම් මාලාව විසින් නීතියේ ආධිපත්‍ය වෙත එල්ල කරන අභියෝගය සහ රටක නීතියේ හා සාමයේ පැවැත්මට එමගින් එල්ලවන අනතුර පිළිබදව විමසා බැලීමය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් විසින් සමාජයට කරන හානිය පිළිබදවත් එය මර්දනය කිරීමට තිබෙන්නාවූ අවශ්‍යතාවය පිළිබදවත් විවාදයක් නොමැත. කිසිඳු කල්ලි කණ්ඩායම් භේදයකින් තොරව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාලය මර්ධනය කළ යුතුව ඇත. එය කැළෑ නීතියට අනුව නොව රටක පවත්නා නීතියට අනුව කළ යුතු බව සිහි බුද්ධිය ඇති ශිෂ්ඨ සම්පන්න මිනිසාගේ පිළිගැනීමය. අධිකරණය විසින්, රටක නීතිය ක්‍රියාත්මක කිරීමට තිබෙන්නාවූ පොලීසිය වෙත ලබා දෙන උක්ත ආකාරයේ නියෝග දෙස බැලීමේදී යම් හාස්‍යෝත්පාදක තත්ත්වයක් ඇතිවුවත් එමගින් පොලීසිය පිළිබදව ලබා දෙන චිත්‍රය මෙන්ම රටක නීතිය ක්‍රියාත්මක කිරීමට තිබෙන ආයතනයක් සම්බන්ධයෙන් ඇතිවන ආකල්පය මෙහි විශේෂයෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත.
පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය නීතියේ ආධිපත්‍යයට පටහැනි උක්ත සිදුවීම් දෙක අධිකරණමය නොවන ඝාතනවල (Extra Judicial Killings) ලක්ෂණ ඇති බැවින් සිය භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. නීතීඥ සංගමයේ සම්පූර්ණ ප්‍රකාශය මෙම දිගුව ඔස්සේ .. https://basl.lk/statement-by-the-executive-committee-of-the-bar-association-of-sri-lanka-on-killing-of-suspects-in-custody-of-the-police/ .. රටක නීතිය පිළිබදව කතා කිරීමෙ දී බොහෝවිට ව්‍යාවහාරයට ගැනෙන්නේ නීතිය හා සාමය යනුවෙනි. මන්ද රටක නීතියත් සාමයත් අතර පවතිනුයේ අනවරත සම්බන්ධයක් වන බැවිනි. එමෙන්ම රටක නීතියක් ක්‍රියාත්මක වීමේදී එය සැමට සමසේ ක්‍රියාත්මක වියයුතුවා පමනක් නොව එය එසේ වන බවට පෙනෙන්නට ද තිබිය යුතුය යනුවෙන් වූ සංකල්පයන්, නීතිය සහ ප්රජාතන්ත්රවාදය පිළිබදව කතාබහ කිරීමේදී නිතර වර නැගෙයි. නීතියට ඉහළින් කිසිවෙක් නොමැති යනුවෙන් කීමට උත්සාහ කරන්නේ ද එයමය උක්ත සංකල්පයන් වෙන්ව ගෙන කතිකා කළ නොහැකි තරමට එකිනෙකට සම්බන්ධය. එම එක් සංකල්පයකින් තවත් සංකල්පයක් පෝෂණය වේ. එයම වෙනස් ආකාරයකට පවසතොත් වල්වැදුනු නීතියකින් සාමයක් බලාපොරෙත්තු විය නොහැක. එය සංහිදියාවේ ප්‍රමුඛතම රීතියකි.
ප්රශ්නය තවත් බැරෑරුම් වන්නේ මෙම සිදුවීම් හුදෙකලාකොට ගැනීමේදී නොව, ජිනීවා මානව හිමිකම් සැසිවාර, යුද අපරාධ චෝදනා වැනි කාරණාවන් සමග සසදා බැලීමේදීය. මන්ද මෙවන් කටයුතු සිදුවන්නේ ශ්‍රී ලංකාවේ යුදමය, ගැටුම්කාරී හෝ අවිනිශ්චිත වාතාවරණයක් යටතේ නොව සාමාන්‍ය සමාජ දේශපාලන තත්වයක් යටතේය. එය ලෝකය ඉදිරියේ ලංකාවේ පාලන තන්ත්රය පිළිබදවත් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් වශයෙන් රටක ප්‍රතිරූපයටත් කෙසේනම් බලපානු ඇත්ද ? එය සිතාගැනීම ඔබට භාරය.
சட்டத்தின் ஆட்சி அனைவருக்கும் சமமாக உள்ளதா?