ත්‍රස්තවාදය සහ සාමය තුල කාන්තාව (4 කොටස)
ධනුෂ්ක සිල්වා
සමාජ ආයතනයන් පුළුල් වශයෙන් පුරුෂ ආධිපත්‍ය සහ පිතෘමුලික ස්වරූපයකින් යුතු වේ. එමනිසා, ඇතැම් ගැටළු සහිත අංශයන් සහ සිද්ධීන් උදෙසා කාන්තා සහභාගීත්වය පිළිබඳ සමාජ ප්රතිචාරයන් අධෛර්යමත් කරන සුළු ඒවා වේ. විවිධ කාර්යයන් සම්බන්ධයෙන් කාන්තාවන්ගේ හඬ විවිධ අවස්ථාවන් හි පුරුෂයන් මෙන්ම කාන්තාවන් විසින් ද අධෛර්යමත් කර තිබේ. නිදර්ශන ලෙස මුස්ලිම් කාන්තාවන්ගේ පර්යේෂණ සහ ක්‍රියාකාරී සංගමය මඟින් පෙන්වා දෙනුයේ, සාමයේ අවශ්‍යතාවය වැනි දේශපාලන මාතෘකාවන් පිළිබඳව කාන්තාවන් ප්‍රසිද්ධියේ කතාකිරීමේ දී (විශේෂයෙන් අනෙකුත් පුරුෂයන්ට) මූලික වශයෙන් පුරුෂයන් විරුද්ධ වන බව යි.
එසේවුව ද, ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ස්ත්‍රී දේශපාලන සහභාගිත්වය ඉහල මට්ටමක පැවති අතර, ජාතික නීති-සැකසීමේ ක්‍රියාවලියේ දී 10%කට අවම ප්‍රමාණයක් පෙරකී ක්‍රියාව සඳහා දායක වී තිබේ.
ඊට අමතරව, සමානාත්මතාවයකින් යුතු පසුබිමක් පැවතිය යුතු අවස්ථාවක ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය අගතීන්ගේ ප්‍රතිඵල ලෙස නීතිය තුළ ද කිසියම් අඩුපාඩුවක් පවතින අයුරු විද්‍යමාන වේ. දූෂණ අපරාධය පිළිබඳ අසතුටුදායක ලෙස නිර්වචනය කර ඇති අතර වෛවාහක දූෂණය පිළිබඳ පැහැදිලි ඌණතාවයක් නීතිය තුළ පවතී. සඳහන් නොකළ ද ‘ගෘහස්ත ප්රචණ්ඩත්වය වැළක්වීමේ පනත’ තවමත් නිසිලෙස ක්‍රියාත්මක නොවේ. විවාදයට තුඩු දී ඇති නීතීන් එනම්, පාරම්පරික අයිතීන් සහ ප්‍රාදේශීය ප්‍රජාවන් හි සිදුවන අඩුවයස් විවාහ ආදියේ නිශ්චිත ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම අවශ්‍ය වේ.
හිටපු මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ 2014 මාර්තු මස පැවැත් වූ මානව හිමිකම් කොමිසමේ 25 වන සැසියට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන්නේ, කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනයන් සහ ලිංගික ප්රචණ්ඩත්වයන් පිළිබඳ චෝදනාවන් සඳහා වහා ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වන බව යි.
ලංකාව තුළ එක් දෙයක් සම්බන්ධයෙන් දැනුවත් විය යුතු යි. එනම්, අනෙකුත් පිතෘමුලික සමාජයන් මෙන් සමාජ-සංස්කෘතික දෘෂ්ටීන් හා සම්බන්ධවෙමින් ගැටළු සහගත අංශයන් හි වෙනසක් සිදුකිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු අතර පාර්ලිමේන්තු පනත් හෝ ව්‍යවස්ථාදායක ඛණ්ඩ මඟින් වේගවත් වෙනසක් ඇතිකිරීමට ගොස් පීඩනයන්ට ලක් නොකළ යුතු යි. ත්රස්තවාදයට එරෙහිව ක්‍රියාකිරීම, සාමය ගොඩනැගීම සහ සංහිඳියාවට අදාළව ස්ත්රීන්ගේ කැපකිරීම ආදිය, ආයතනික එළඹුමක් සහ “ක්‍රීඩාවේ නීතීන්” වෙනස් කිරීම අරමුණු කරගෙන සිදුකළ යුතු යි. සාමය සහ ස්ථාවර සමාජයක් ගොඩනැගීමට කාන්තාව විසින් ස්ථිරසාර දායකත්වයක් ලබාදීම මඟින් මහා පරිමාණ මට්ටමේ සමාජ-දේශපාලන ස්ත්‍රී සහභාගිත්වයේ වර්ධනය ධෛර්යමත් කිරීමට හැකියාව ලැබේ. සහභාගිත්වය යනු, හැකියාවන් ගොඩනැගීමේ දී අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීන ලෙස කාන්තාවන් ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් සවිබලගැන්වීම යි.
සමාලෝචන අදහස්
සංහිඳියාව පිළිබඳ ප්‍රධාන ගැටළු උදෙසා ප්රමුඛ හඬක් නගන කාන්තාවන් සාක්ෂි දරන්නේ, ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ක්‍රියාකාරීන්ගේ උද්දීපනය වන කතා වස්තුව යි. මෙමඟින්, අපගේ ඉතිහාසයේ පශ්චාත්-යුධ සමය තුළ සාමය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන බලාපොරොත්තුවේ හරය පිළිබිඹු කරනු ලබයි. නැවත නැවතත් කිවයුතු වන්නේ, ජාතික සංහිඳියා ව්‍යායාමය තුළ නායකත්වය ගැනීමට කාන්තාවන් සවිබලගැන්විය යුතු අතර විශේෂයෙන් සාමය ගොඩනැගීමේ උත්සාහයන් සහ දේශපාලන විපරිවර්තනය, තිරසාර සාමය සහ ආරක්ෂාව ළඟා කරගැනීමේ ප්රමුඛ සාධකයන් වන බව යි. සියල්ලට පසුව, තොටිල්ල පදවන දෑත්, ලෝකය ද පාලනය කර යි.