සාමය

ත්‍රස්තවාදය සහ සාමය තුල කාන්තාව (3 කොටස)

ධනුෂ්ක සිල්වා

යුධ සමයේ ශ්‍රී ලංකාව තුළ සාම සාකච්චාවන් සිදුවෙමින් තිබූ අතරතුර, සිවිල් සමාජය විවිධ එළඹුම් යොදාගනිමින් මෙම සාකච්චා මේසය මත ඔවුන්ගේ අපේක්ෂාවන් පවතින බව තහවුරු කරගැනීමට කටයුතු කළ අතර එමඟින් තෘණපත් මට්ටමේ බලපෑමට ලක්ව ඇති ප්‍රජාව වෙත අවධානය යොමුවී ය. ‘සූරිය’ කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය (මඩකලපුව); මුස්ලිම් කාන්තාවන්ගේ පර්යේෂණ සහ ක්‍රියාමාර්ග පිළිබඳ හමුව (කල්මුණේ සහ කොළඹ) සහ සර්වෝදය යන ව්‍යාපාරයන් මෙහි වැදගත් පාර්ශවකරුවන් විය. බොහෝ කාන්තාවන්ට ඉදිරියට පැමිණ යුද්ධය පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීම සඳහාත්, යුද්ධය නිමා කිරීමට හඬක් නැගීමටත්, සාමය ප්‍රචාරණයට අවශ්‍ය ප්‍රතිපත්තීන් ගොඩනැගීමටත්, ගෞරව දැක්වීමටත් සහ ගැටුම් සහිත ප්‍රදේශවල සිටින ඕනෑම ආගමකට හෝ ජනවර්ගයකට සම්බන්ධ ප්‍රජාවන් හි කාන්තාවන් බලාත්මක කිරීමටත්  අවශ්‍ය සවිබලගැන්වීම මෙම සහභාගීත්ව සංවිධානයන් මඟින් සිදුකරනු ලැබී ය. 

පශ්චාත් යුධ අවධිය 

2009 යුද්ධයේ අවසානයත් සමඟ, පෙරනොවූ විරූ අන්දමින් අභ්‍යන්තර අවතැන් වූවන් 300,000කට ආසන්න ප්‍රමාණයක් රජය විසින් නඩත්තු කළ සුබසාධන මධ්‍යස්ථානවලින් පිට වූ අතර, කාන්තාවන් සහ ගැහැණු දරුවන්ට අදාළ ගැටළු සම්බන්ධයෙන් අඛණ්ඩ අවධානයකින් පසු වූ සිවිල් සමාජ ප්‍රධාන භූමිකාවක් මෙහි දී රඟදක්වන ලදී. පශ්චාත් යුධ පරිසරය තුළ කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව රජය ද නිරන්තර අවධානයන් පසුවි ය. 2011-2016 මානව හිමිකම් ආරක්ෂණය සහ ප්‍රචාරණය සඳහා වන ජාතික ක්‍රියා සැළැස්ම (NHRAP) සැකසීමේ දී, රජය ඉලක්ක දෙකක් සකසන ලදී:

  1. හිටපු කාන්තා සොල්දාදුවන් කාර්යක්ෂමතාවයකින් යුතුව සමාජය තුළට නැවත අනුකලනය කිරීම සහතික කිරීම. 
  2. යුද වැන්දඹුවන් සඳහා ප්‍රතිපත්ති සහ වැඩසටහන් වර්ධනය සහතික කිරීම.

රජය විසින් පිහිටවනු ලැබූ උගත් පාඩම් ප්‍රතිසංධාන කොමිසමේ (LLRC) නිර්දේශයන්ට අනුව, පශ්චාත් යුද සමය තුළ ඉතා සූක්ෂමව අනතුරට භාජනය වියහැකි කණ්ඩායමක් ලෙස කාන්තාවන් හා දරුවන් කෙරෙහි සැළකිලිමත් විය යුතු බව කතාබහට ලක්විය. යුද්ධයේ නිමාවත් සමඟ හිටපු LTTE අණදෙන්නෙකුගේ බිරිඳ වන ආනන්දි සසිධරන් වැනි කාන්තාවන්, ක්‍රියාකාරිනියක් සහ උතුරු පළාත් සභාවේ සාමාජිකාවක් ලෙස උතුරේ බලපෑමට ලක් වූ ප්‍රදේශයන් හි විශිෂ්ට භූමිකාවක් රඟදක්වන ලදී. ලාංකීය කාන්තාවන් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව ව්‍යාපාරයන් දියත් කිරීම, අතුරුදන්වීම්වලට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීම, ඔවුන්ගේ ආදරණියන්ට වන්දි ලබාගැනීම ආදී ගැටළු තත්ත්වයන් ජාත්‍යන්තර සංවාදයක් කරා ගෙන එනු ලැබී ය.

2015 යහපාලන ආණ්ඩු සමයේ උදාවත් සමඟ සාමය ගොඩනැගීම පිළිබඳ ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය වෙනසෙ හි  විශිෂ්ට අන්දමේ වර්ධනයක් සිදු වූ අතර: ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කාන්තා සහ ළමා අපයෝජනයන් වැළක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගතයුතු බව අවධාරණය කර තිබුණි. මේ සමඟ, ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය ප්‍රචණ්ඩත්වය උදෙසා ආමන්ත්‍රණය කරන රජයේ කේන්ද්‍රීය සාධකය වශයෙන් ක්‍රියා කිරීමට ප්‍රාදේශීය සභාවල “කාන්තා සංවර්ධන නිලධාරීන්” පත්කිරීමට රජය කටයුතු කරන ලදී. රටේ සාමය සහ සංහිඳියාව ආරක්ෂා කිරීමේ පුළුල් රාමුවක් තුළ මෙම ක්‍රියාවන් ස්ථාපිත කරන ලදී. මෙම ක්‍රියාමාර්ගයන් අනුව විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකය තුළ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීම, UNDP හි තාක්ෂණික සහාය යටතේ පාර්ලිමේන්තු නවීකරණ ව්‍යාපෘතිය පිහිටුවීම ආදිය සිදුවිය. එපමණක් නොව, නීති-සැකසීමේ සංවිධානයන් හි ග්‍රහණයට ලක්ව කාන්තාවන් මුහුණදෙන බාධක අවම කිරීමත්, එසේම UNSC යෝජනාවන් 1325 උදෙසා ලංකාවේ කැපවීම ශක්තිමත් කිරීම මෙන්ම CEDAW යටතේ ‘ගැටුම වැළක්වීම, ගැටුම සහ පශ්චාත්-ගැටුම් වාතාවරණයන් තුළ කාන්තාව’ නම් වූ 2013 ඔක්තෝබර් මස සකසා ගත් පොදු නිර්දේශයන් 30 සමඟ කටයුතු කිරීම සඳහා කැපවීම මෙයට අදාළ වේ. 

ලංකාවේ වර්ගවාදී දැල තුළ ත්‍රස්තවාදී කාන්තා සොල්දාදුවන් පිළිබඳ අදහස ගැඹුරින් මුල්බැසගෙන ඇති බව පැහැදිලි වේ. කාන්තා සහභාගීත්වය පෙරට ගැනීම සඳහා පවතින අභියෝගයන් පූර්ණ වශයෙන් අවම කළ බව මෙයින් සඳහන් කළ නොහැක. පසුගිය දශක තිහක යුද්ධයේ ගමන්පථය තුළ දිගහැරෙන පාඩම් මඟින් පෙන්නුම් කෙරෙන්නේ, ත්‍රස්තවාදයට එරෙහිවීම සහ සාමය ගොඩනැගීම තුළ කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය සහතික කිරීම සඳහා වැදගත් ක්‍රියාමාර්ගයන් තවමත් ගැනීමට පවතින බව යි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts