කොවිඩ් සමයේ පශ්චාත් මරණ පරීක්ෂණ
සදලි අමායා
මේ දවස්වල වැඩිම කතාබහ ඇත්තේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පිළිබදවයි. සමාජයේ මිනිසුන් බොහෝ දෙනා මේ වෛරසයෙන් වැලකී තමන්ගේ ජීවිතය රැක ගන්න නොයෙක් විදි උපක්‍රම යොදා තිබෙනවා. මේ අතරේ වැඩිපුර කතාවට ලක් නොවන කාරණයක් තමයි පශ්චාත් මරණ පරික්ෂණ. මේ ඔස්සේ සමාජයට ඇතැම් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වනු ඇත්ද යන්න තරමක ප්‍රශ්නයක්.
ඒ සම්බන්ධයෙන් මහනුවර රෝහලේ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා කරුණු දැක්වූයේ මෙසේයි.
“ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන්ගෙන් සියයට දහඅටක් විතර තදබල රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ.මේ අය සමහර විට වෙනත් රෝග තත්ත්වයන්ට ගොදුරුව හෝ හදිසි අනතුරුවලට භාජනය වී බොහෝ කල් ගත වීමේ හැකියාව තිබෙනවා .රෝහලකට ඇතුළු වන සියලුම පුද්ගලයන්ට පරීක්ෂණ සිදු කිරීමේ හැකියාවක් නැහැ.එලෙසම රෝහලේ සියලුම සෞඛ්‍ය සේවකයන්ට සේවා කාලය පුරාවට ම පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳ සිටිමේ හැකියාවකුත් නැහැ.රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී මීටරයක දුර පරතරය තබා ගැනීමට හැකි වන්නේත් නැහැ.මේ නිසා එවන් ආසාදිතයන් ගෙන් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට රෝගය පැතිරීමේ දැඩි අවදානමක් තිබෙනවා .
එවන් රෝගීන් මිය ගිය හොත් සමහර විට පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම අවශ්‍ය වනවා.ඒ සඳහා මළ සිරුර විච්ඡේදනය කිරීම සිදු කරනු ලබනවා.මෙහි දී විශේෂයෙන් මෘත ශරීරයේ ස්වසන පද්ධතිය විච්චේදනය කරන විට විශාල වෛරස ප්‍රමාණයක් නිකුත් වීමේ හැකියාව තිබෙනවා .විශේෂයෙන්ම මෘත ශරීරාගාරවල සවිකර ඇති වාතය ඉවත් කරන විදුලි පංකා මගින් වාතය ඉවත් කරන විට ඒ සමගම මෘත ශරීරය නිරාවරණය වී ඇති ස්වසන පද්ධති වල ඇති වෛරස ඒ සමග එයින් ඉවත් ව වාතයට මුසු වීමේ හැකියාව තිබෙනවා .ඒ වගේ ම මෘත ශරීරාගාර වායු සමීකරණය කොට තිබේ නම් වෛරසය නොනැසී පැතිරීමේ හැකියාව තිබෙනවා. එපමණක් නොව මෙම වෛරසය සිරුරේ බොහෝ අවයව වලට ඇතුළු වන බව මේ වන විට සොයාගෙන තිබෙනවා ඒ අනුව හදවත ,මොළය, ආහාර මාර්ගය, වකුගඩු,මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතවත් මෙම වයිරසය පවතින බව තමයි සොයාගෙන තිබෙන්නේ.ඒ අනුව මේවා විච්ඡේදනය කිරීමේ දී සිරුරෙන් බැහැරට එය පැතිර යෑමේ හැකියාව තිබෙනවා.
මීට අමතරව මෙම මෘත ශරීර එම්බාම් කිරීම සඳහා මල් ශාලාවට ගෙන ගොස් එම කාර්යය සිදු කරන විට දී එම කාර්යයන් ඉටු කරන සිදුකරන පුද්ගලයන්ට ද මෙම රෝගය ආසාදනය වීමේ ඉඩ කඩ තිබෙනවා .
ඉන්දුනීසියාවේ මෘතශරීර භුමිදානය කරන පුද්ගලයන්ට රෝගය බෝවීමේ විශාල අවදානමක් ඇති බව මේ වන විට ප්‍රකාශ වී තිබෙනවා.මෙම වෛරසය ලෝකයේ කිසිදු දිනෙක දක්නට නොලැබුනු ආකාරයේ වයිරස් එකක් .එහි හැසිරීම මේ වන තෙක් නිවැරැදිව සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වෙලා නැහැ.එම නිසා මෙය මෘත ශරීර වලින් අනෙකුත් පුද්ගලයන්ට කවර ආකාරයෙන් බෝ වන්නේද යන්න තවමත් නිශ්චිත නැහැ .ඒ වගේම තමා මෘත ශරීර වල අඩංගු වෛරස පස තුල කොතරම් කාලයක් නොනැසී පැවතිය හැකි ද ,ජල මූලාශ්‍රවලට එක්වීමෙන් රෝගය පැතිර යා හැකි ද ? යන්න තාම නිශ්චිතවම හදුනා ගෙන නැහැ.මේ නිසා මෙවන් මරණ ආදාහනය කිරීම වඩා සුදුසු වනවා .