සාමය

අන්තවාදය පරදන මග ජසින්ඩාගෙන් ඉගෙනගනිමු!

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ඕක්ලන්ඩ් හී සුපිරි වෙලඳ සැලකට ඇතුළුවූ තරුණයෙකු හය දෙනෙකුට පිහියකින් ඇන තුවාල සිදුකිරීමේ සිද්ධීය සාමකාමී දේශයක් වූ නවසීලන්තය මහත්සේ කම්පාවට පත් කරන්නට සමත්ව විය. එකී සාහසික ක්‍රියාව කළ තරුණයා ඉස්ලාමීය මූලධර්මවාදී සංවිධානයක්වූ අයි.එස්.අයි.එස් සංවිධානය සමග සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකිකයෙක් බව නවසීලන්ත ආරක්ෂක අංශ විසින් තහවුරු කිරීමත් සමග ලංකාවේ බොහෝදෙනෙක් ඒ පිළිබඳ උනන්දු වන්නට පටන් ගෙන තිබුනි.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු ජාතිය ඇමතූ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩ්න් කියා සිටියේ සාහසිකයා ශ්රීලාංකිකයෙක් වුවත් මෙය හුදකළා ත්‍රස්ථ ක්‍රියාවක් බවයි. එමතුදු නොව එය නින්දා සහගත වැරදි ක්‍රියාවක් බවත් එය ඇඳහිල්ලක් නිසා නොව එක පුද්ගලයෙක් විසින් කරනා ලද වැරදි ක්රියාවක් බවද ඇය අවධාරණය කළාය. ඉන්ද නොනැවතුන නවසීලන්ත අගමැතිනිය කියා සිටියේ ඔහුගේ ( සාහසිකයාගේ) ජාතිය හෝ සංස්කෘතිය මේ ක්‍රියාවට වගකිවයුතු නැති බවය. එක් පුද්ගලයෙකු කරනා වරදකට ඔහු නියෝජනය කරනා ජනවර්ගය හෝ ආගමික නිකාය වග කිවයුතු නැති බව ඇගේ ප්‍රකාශයේ සමස්ත අදහස විය. මෙවැනි හැඟීම් ශ්රීලාංකිකයන් තුළට කාවද්දනට මෙරට දේශපාලන නායකත්වයට උවමනාවක් තිබුනේනම් 83 කළු ජූලියේ සිට මෑතකදී මිණුවන්ගොඩදී සිදුවූ මුස්ලිම් විරෝධි  ප්‍රචන්ඩ ක්‍රියා වැනි  අවාසනාවන්ත සිදුවීම් ඇති නොවන්නට ඕනෑතරම් ඉඩ තිබුනි. 

මේ පුද්ගලයා පිළිබඳ නවසීලන්ත පොලීසිය කලක සිට සැලකිල්ලෙන් සිට ඇත .වාර්තාවන ආකාරයට ඔහු පසුපස නිරන්තරයෙන් පොලිසිය ලුහුබැඳ ඇත. ප්රහාරය අරඹා තත්පර 60 තුළ ඔහු මරාදැමීමට එරට පොලීසියට හැකිවන්නේ එකී සුපරික්ෂාව නිසාමය. ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කිරීමේ වරදට වරක් නවසීලන්ත පොලීසියට කොටුවූ ඔහු ඉන්ගැලවෙන්නේ නවසීලන්තය තුළ එය වරදක් නොවීම නිසාය. එහෙත් 2017 වසරේ සිට නවසීලන්ත පොලිසිය ඔහු පසුපස නිරන්තරයෙන් හඹා ගොස් ඇත. මෙකී තොරතුරු අනුව මේ ප්රහාරය සැළසුම් සහගත ත්‍රස්ත ක්‍රියාවක් බව පැහැදිලි වේ . 

එකී තත්ත්වයද සැලකිල්ලට ගැනීමේදී නවසීලන්ත අගමැතිනිය ජාතිය ඇමාතීමේදී විදහාපෑ පරිණත භාවය අපටද ආදර්ශයක් නොවේද. එමෙන්ම එකී කතාව එරට දිවි ගෙවනා මුසල්මානු ප්රජාවට මතු නොව ශ්රීලංකිකයනටදා කදීම අස්වැසිල්ලක් වූ බව සැක නැත. සිය රාජ්‍ය තාන්ත්‍රික භාවය කදිමට විඳහා පාමින් අගමැතිනිය ජාතිය අමතා කළ කරන ලද කතාව මගින් අප තේරුම් ගත යුතුව ඇත්තේ ශ්රීලංකාව තුළ භාෂාව,සහ ආගම පදනම්වූ ජාතිකත්වයක් කරපින්නා ගෙන හිටියද ජාත්යනතරය ඉදිරියේ ශ්රීලංකාවේ සියළු පුරවැසියෝ ශ්රීලාංකිකයන් ලෙස පමණක් සලකන බවය. භාෂාව, ආගම මත ජාතිකත්ව ගොඩනැගීමට යත්න දරනා ලාංකේය දේශපාලන සහ ආගමික නායකයනට නවසීල්න්ත අගමැතිනියගෙන් බොහෝදේ ඉගෙන ගන්නට හැකි නොවේද.

ජසින්ඩා ආඩ්න්ගේ ප්‍රකාශය එරට සාමාන්‍ය ජනයාද අනුමත කොට තිබේ. ප්රහාරයට පසු එරට පවතින සාමකාමී වාතාවරණය ඊට නිදසුනකි. වෙනකක් තබා එරට මාධ්ය පවා සාහසිකයාගේ පූර්ණ  අනන්‍යතාවය නිරාවරණය කළේ ඉතා ප්රවේසම් සහගතවය. එහෙත් සහසිකයා කත්තන්කුඩිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බව දැනගත් සැනින් ලංකාව්වේ සමාජ මාධ්ය පරිශීලකයන්ගෙන් සැලකිවයුතු ප්රමාණයක් මහත් ආවේග ශීලීව හැසිරෙන්නට පටන් ගත් අතර ඔවුන් තුළ නිධන්ගතව තිබූ මුසල්මානු විරෝධී ආකල්ප එමගින් ඉස්මතු විය . ඉන්ද නොනැවතුන් ඇතැම්හූ “මුසල්මානුවනට සලකන නවසීලන්තයට හොඳ වැඩේ” වැනි අරුත් පලකරනා පෝස්ටු පලකරන්නට වූහ. 

නවසීලන්තය මින්පෙරද ඉස්ලාමීය අන්තවාදයෙන් බැටකෑ රටකි. 2019 දී ක්රයිස්ට්චර්ච් හීදී සාහසිකයෙකුගේ වෙඩි ප්රහාරයකින් 51 දෙනෙකු මියගිය අතර  එනිසා මුසල්මානු විරෝධි බලවේග සමාජයේ සක්‍රියවිමේ අවධානමක්ද මතුවිය. ඒ අවස්තාවේදී නවසීලන්ත් අගමැතිනියගේ බුද්ධිමත් හැසිරීම් රටට දැවැන්ත ආදර්ශයක් ගෙන දෙන්නට සමත්වූ අතර රටේ සාමකාමී වාතාවරණයක් ඇතිකරන්නටද එය මහත් බලපෑමක් කරනා ලදි. මුසල්මානු විරෝධය යටපත් කරනු වස් අගමැතිණිය හිජාබයක් පැළැඳ ජනතාව හමුවට පැමිණි අතර මුසල්මානුවන් වැළඳ ගනිමින් ඔවුන් නවසීලන්තයේ වෛරක්කරුවන් නොවනා බව ඇය ලෝකයට පෙන්නූවාය.

 

ඉන්ද නොනැවතී එරට පදිංචි සහ සංක්රමණික මුසල්මානුවන්ගේ ආරක්ෂාව සහ සුබ සාධනය වෙනුවෙන් ඇය කැපවූ අතර එය නිසි ලෙස තේරුම් ගැනීමට තරම් විඥ්ඥානයකින් එරට සමාජය පොහොසත්වීම නිසා සාමකාමී දේශයක් ලෙස නවසිලන්තයට තව දුරටත් ලෝකය ඉදිරියේ නැගී සිටින්නට හැකි විය. නවසීලන්ත සමාජය තුළ මුසල්මානුවන් කිසිසෙත් අව වරප්‍රසාදිත ජනකොටසක් නොවනා අතර මේවන විට හිජාබය එරට පොලිස් නිළ ඇඳුමට  පවා එක්වීම ඊට නිදසුනකි.ාඅන්තවාදය පරාජය කළ හැක්කේ ඊට එරෙහි සාමාන්‍ය ජනතාව දිනා ගැනීමෙන් මිස එම ජනතාව අන්තවාදින්ගේ ගොඩට තල්ලු කිරීමෙන් නොවන බව ඇය ලෝකයාට පසක් කර ඇත.

දෑවසරක් තුළ අනතවාදී ප්රහාර දෙකකට මුහුණ දීමෙන් පසු අදටද එරට වාර්ගික සහයෝගීතාවය බිඳලන්නට කිසිදු අන්තවාදී මත දරණා කණ්ඩායමකට හැකිව නැත. ඊට ප්රධනතම හෙතුව ජනතාව වාර්ගිකව සහ ආගමිකව බේදභින්නකර බලය පවත්වාගෙනයාමට එරට දේශපාලනඥයන් උත්සහ නොගැනීමය. එහෙයින් නවසීලන්තය යනු සැබැවින්ම අන්තවාදය පරාජය කරන ලද රටක් ලෙස නම්කිරීම යුක්ති සහගතය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts