මනා පරිපාලන ව්‍යූහයක් පැවතීම වාර්ගික සහජීවනයට රුකුලක්
ඉසෙඩ්. ඒ. රහුමාන්
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති, ආරක්ෂක අංශ හා අධිකරණ පද්ධතිය නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නම් වාර්ගික සහජීවනය මැනවින් දැකගත හැකි‘යයි කල්මුණේ මානව හිමිකම් සම්බන්ධීකාරක ඉසදීන් ලතීෆ් කියයි.
ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ලංකාවේ මානව හිමිකම් හි වත්මන් ස්වභාවය කෙබඳු ද?
මෙම ක්‍රියාව සමඟ, ඇතැම් ජාතිවාදී පුද්ගලයින් සහ කණ්ඩායම් සමස්ත මුස්ලිම් ප්‍රජාවම ත්රස්තවාදීන් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන හෙයින් ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් අහිමිවීමක් සිදුවෙනවා. මෙය රට තුළ බරපතල ප්‍රතිඵල ඇති කිරීමට හේතුවී තිබෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් මුස්ලිම් ප්‍රජාවගේ ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය, සංස්කෘතිය, ආර්ථිකය, හා දේශපාලනය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල වී තිබෙනවා. මෙය මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීමක්.
පසුගිය කාලයේ දෙමළ ප්‍රජාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝණය වීම සම්බන්ධයෙන් හඬ නැඟුණා. වර්තමානයේ මුස්ලිම් ජනතාවට එරෙහිව මානව අයිතිවාසිකම් කඩවීම් සිදුවෙන බවට චෝදනා කෙරෙනවා. මේ පිළිබඳ ඔබගේ මතය කුමක් ද?
යුද්ධ කාලසීමාව තුළ සෑම ප්රජාවක්ම විවිධ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දුන්නා. එහිදී ප්‍රබල ලෙස බලපෑම්වලට ලක්වුණේ දෙමළ ජනතාව. ඔවුන්ගේ මානව හිමිකම් පමණක් නොව මූලික අයිතිවාසිකම් ද උල්ලංඝණය වුණා. ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය, ආර්ථික අයිතිවාසිකම් සහ අධ්‍යාපන අයිතිවාසිකම්වලට දැඩි බලපෑම් එල්ල වුණා. එයට හොඳම නිදර්ශනය තමයි 1983 කළු ජූලිය. දෙමළ විමුක්ති කොටි සංවිධානය ශ්‍රී ලංකා සොල්දාදුවන් 9දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව මූලධර්මවාදී කණ්ඩායම් විසින් බොහෝ දෙමළ ජනතාවක් ඝාතනය කළ අතරම ඔවුන්ගේ දේපළ ද විනාශ කරනු ලැබුවා.
අද මුස්ලිම් ජනතාව පීඩනයට ලක්වෙමින් සිටිනවා. පසුගිය කාලයේ දෙමළ ප්‍රජාව ත්රස්තවාදීන් ලෙස නම් කළ ආකාරයටම අද මුස්ලිම් ජනතාව ත්රස්තවාදීන් ලෙස වර්ගීකරණය කරනවා. කෙසේවෙතත්, වර්ගවාදී පාර්ශවයන් විසින් සමස්ත මුස්ලිම් ප්‍රජාව පිළිබඳ අවිශ්වාසයක් අනෙකුත් ජනවාර්ගික ප්‍රජාවන් අතර ඇතිකර තිබෙන නිසා මෙම තත්ත්වය තරමක් වෙනස් වූවක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මේ දිනවල අපට ලැබෙන පැමිණිලි අනුව අපට පැහැදිලිවෙනවා, දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාව පිළිබඳ දැඩි සැකයකින් පසුවෙන බව. බහුතරයක් ජනතාව කාන්තා යටඇඳුම්වලට වඳ බෙහෙත් අඩංගුකර ඇති බවට පවතින සැකය හේතුවෙන් මුස්ලිම් වෙළෙඳුන්ගෙන් ඒවා මිලදීගැනීම ප්‍රතික්ෂේප කරනවා. බෞද්ධ ජනයාගේ මංගල්‍යවලට සහභාගීවන්නන් මුස්ලිම් කෝකිවරුන් විසින් පිසින ලද ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මෙසේ, සැකය හා වෛර සහගතබවින් පිරුණු සමාජයක් අදවනවිට ගොඩනැගිල තියෙනවා. මෙම තත්ත්වය රටෙ හි සංහිඳියාව කෙරෙ හි ප්‍රබල තර්ජනයක්වන අතරම ප්‍රජාවගේ මානව හිමිකම් කෙරෙ හි අතිවිශාල බලපෑමක් කරනවා.
මානව අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට පැමිණිලි කෙතරම් ප්‍රමාණයක් ඔබගේ ප්‍රාදේශීය කාර්යාලයට ලැබී තිබෙනවා ද?
බොහෝ පැමිණිලි ලැබෙන්නෙ රාජ්‍ය ආයතනවලින් හා අනෙකුත් පොදු ස්ථානවලින් සේවාවන් ලබාගැනීමට ගිය මුස්ලිම් කාන්තාවන්ගෙන්. මෙම ආයතනවල සේවය කරන මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් ද ඔවුන් පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා. අපට නීතිවිරෝධී සිරභාරයේ තබාගැනීම් 5ක් ඇතුළුව තවත් ලිඛිත පැමිණිලි 700කට වඩා ලැබී තියෙනවා. මේ කාලය තුළ, හමුදාව විසින් මුස්ලිම් ජනතාවගේ නිවාස අවිධිමත් වැටලීම්වලට ලක්කර තියෙනවා. මෙම පැමිණිලි ලැබීමෙන් පසු, අපි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සමඟ සාකච්ඡාකොට එවැනි මෙහෙයුම්වල දී කාන්තා නිලධාරීන් හා දෙමළ බස කතාකළ හැකි නිලධාරීන් යොදවාගන්න ලෙස ඉල්ලීම් කළා.
ලැබුණ පැමිණිලි අනුව, මානව අයිතිවාසිකම් උල්ලංඝණය කෙරෙහි වඩාත් වගකිවයුතු වන්නේ කවුරුන් ද?
ඇතැම් පැමිණිලි අන්තවාදීන් ගැන, නමුත් බොහෝ පැමිණිලිවලින් කියවුණේ රාජ්‍ය ආයතන තුළ දී සිදුවුණ මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳව. නිදසුනක් ලෙස, මුස්ලිම් ජාතිකයන්ට දෙමළ සහ සිංහල ප්‍රදේශවල තම ව්‍යාපාර කටයුතු සිදුකිරීම ප්‍රාදේශීය සභාව තහනම් කර තිබුණා.
රාජ්‍ය පරිපාලන හා නිවාස කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් 2019 මැයි 19වන දින නිකුත් කරන ලද චක්‍රලේඛය මඟින් රාජ්‍ය ආයතනවල සේවය කරන මුස්ලිම් කාන්තාවන්ගේ සංස්කෘතික අයිතීන්වලට ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලැබුවා.
ඇතැම් පාසල්වලින් හා රෝහල්වලින් මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුමට එරෙහි විරෝධතා එල්ල වුණා. රජයේ ආයතනවලින් සේවා ලබාගැනීමට සාම්ප්‍රදායික මුස්ලිම් ඇඳුමෙන් පැමිණෙන කාන්තාවන්ට එම සේවාවන් ලබාගැනීමට නොහැකි වුණා. රජයේ ගැසට් පත්‍රයට අනුව කාන්තාවන් මුහුණු ආවරණය පැළඳිය යුතු නෑ. එහි කොතනකවත් කියල නෑ අබායා ඇඳුම නොඇඳිය යුතුබව. බොහෝ ආයතන තමන්ගේ පෞද්ගලික අභිමතය පරිදි තම ආයතන තුළ මුස්ලිම් කාන්තාවන්ට අබායා ඇඳීමට අවකාශය ලබාදෙන්නේ නෑ. මෙම ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවලට එරෙහිව බොහොමයක් පැමිණිලි ලැබිල තියෙනවා.
අපේ රට බහු-සංස්කෘතික රටක්. එනිසා, සියලු දෙනාටම එකට ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු නොවෙයිද? මෙවැනි සමාජ සහජීවනයක් ඇති කිරීමට පවතින අභියෝග ලෙස ඔබ දකින්නේ මොනවා ද?
පසුගිය කාලයේ ඇතැම් විප්ලවවාදී මූලධර්මවාදීන් සංහිඳියාවට එරෙහිව කටයුතු කළා. අද බොහෝ ආගමික නායකයන්, විද්‍යාර්ථීන්, දේශපාලනඥයන්, සමාජීය නායකයන්, ධනවත් හා සාමාන්‍ය මිනිසුන් පවා විවෘතව හා වක්‍රාකාරව ජනවාර්ගික සංහිඳියාවට එරෙහි ක්‍රියාකාරකම්වලට සහභාගිවෙනවා.
අනෙක් අභියෝගය වෙන්නෙ සමාජ මාධ්‍ය. මෙමඟින්, ඉතා කුඩා ගැටලු පවා විශාල ලෙස හුවා දැක්වීම හේතුවෙන් පවතින තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනවා. වාර්තාකරණයේ දී ඔවුන් මාධ්‍ය සදාචාරය සම්පූර්ණයෙන්ම බැහැරකර තිබෙනවා. ජනතාවට වඩාත් විශ්වාසදායක අන්දමින් මෙවන් පුවත් වාර්තාකිරීම හරහා ඔවුන් තම මාධ්‍ය ජනප්‍රිය කරගැනීමේ ප්රයත්නයක නිරත වුව ද එමඟින් සුවිශේෂ ප්‍රජාවට තවදුරටත් අභියෝගයන්ට මුහුණ දීමට සිදුවෙනවා.
මෙම අභියෝග සමඟ අනාගත සංහිඳියාවක් ඇතිකිරීමට කළ යුත්තේ කුමක් ද?
සෑම ප්රජාවක්ම අන්‍යෝන්‍ය බැඳීමකින් රටක් තුළ ජීවත්විය යුතු වෙනවා. එක් ප්රජාවකට යම් බලපෑමක් සිදුවුවහොත් අනෙක් ප්‍රජාවන් ද යම් ආකාරයේ බලපෑමකට ලක්වෙනවා. වසර 30ක් පැවති යුද්ධය එයට හොඳම නිදර්ශන සපයනවා. අප වසර 10ක් පුරා ගොඩනගන ලද ජනවාර්ගික සංහිඳියාව තුළින් ජනවාර්ගික සහජීවනය රට තුළ ප්‍රතිෂ්ඨාපනය කරන්නට හැකිවුණා. එය තවදුරටත් වර්ධනය කිරීමට රටේ සියලු පාර්ශවයන් ගේ වගකීමයි.
This article was originally published on the catamaran.com