අනාවරණ

රී ලංකාවේ කාන්තා නියෝජනය නිරාවරණය කිරීම

ශිෆානි රෆායි

හිජාබය, යමෙකුගේ හිස ආවරණය කිරීමට යොදා ගන්නා කුඩා රෙදි කැබැල්ලට වඩා වැඩි දෙයක් ලෙස හැඟීමක්ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන්‌ට නොවීය. අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාර මේ හිජාබය දේශපාලනික සංකේතයක් බව‌ට පෙරළීය. එය වර්ගවාදයට ඉලක්කයක් විය.

වසර 2000 සි‌ට මුස්ලිම් ඇඳුම් සහ ඉස්ලාමීය ජීවන රටාව ගිනිජාලාවකට හසුවෙමින් පවතිනුයේ, එක්සත් ජනපද- මැදපෙරදිග රැකියා පිළිබඳ මාධ්‍යාවරණය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ රටවල ඇති වූ ත්‍රස්ත ප්‍රහාර නිසාය. එදා පටන් විවිධ කල්ලි විසින් ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරනු ලැබූවද මියෙන්මාරයේ බෞද්ධ භික්ෂූන්ගේ සිට එක්සත් ජනපද  ‘හුදෙකලා සුදු වෙඩික්කරුවන්’ දක්වා මුස්ලිම්වරුන් වෙත විශේෂ අවධානයක් එල්ල වී තිබේ. ඕනෑම යුද්ධයකදී මෙන්ම මෙහි ද වැඩිම විඳවීමට ලක් වූයේ කාන්තාවන්ය. එහිදී ශ්‍රී ලාංකිකයෝ  ගැටුම් සහ වාර්ගික හැඳින්වීම පිළිබඳ සන්ධර්භයට අමුත්තෝ  නොවූහ.

හිජාබය, යමෙකුගේ හිස ආවරණය කිරීමට යොදා ගන්නා කුඩා රෙදි කැබැල්ලට වඩා දෙයක්  ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන්‌ට නොවීය. අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාර මේ හිජාබය දේශපාලනික සංකේතයක් බව‌ට පෙරළීය. වර්ගවාදයට ඉලක්කයක් විය. සමහරුන් විසින් හිජාබය භාවිත කරනු ලබන්නේ යටපත් කිරීමට හෝ අන්තගාමීත්වයට පත් කිරීමට බව කීමේ සත්‍යතාවක් ඇතුවා සේම එය දහස් ගණනක් දෙනා ආගමික ප්‍රකාශනය සඳහා උපායක් ලෙස තෝරාගන්නකි.  එසේම බහුල වශයෙන් කාන්තාවන් හෝ මුස්ලිම්වරුන් නොවන වාර්තාකරුවන් සහ පර්යේෂකයන්ගේ අදහස් දැක්වීමට නතු වූ කාන්තා ඇඳුමේ කොටසකි එය.  එනිසා අපි මෙතැන් සිට කථාව හරවමු කොළඹ සිටින විවිධ මුස්ලිම් කාන්තා කණ්ඩායම් සමඟ  සාකච්ඡා කරමින් මේ ආවරණය කිරීමේ ඇති සැබෑ අර්ථය පිළිබඳ අභ්‍යන්තරිකයන්ගේ දැක්ම  ඉදිරිපත් කරන්නට.

“අපි නිදහස්” යැයි 71ක් වියැති විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරියක් වන ෆරීදා යූසුෆ් රිෆායි පැවසුවාය. “ඒත් පාස්කුවෙන් පස්සේ මොකක්දෝ වෙනස් වෙලා. අපි හැමෝම ඉන්නේ දැඩි අවධානයකින්. මම වැඩිය එළියට ගියෙත් නැහැ. ඒ වගේම සියලුම බායන් (ඉස්ලාමීය පාඩම් සඳහා එකතුවීම්) නැවතුණා.  කවුරුහරි මුස්ලිම් වගේ පෙනුණත් සැකයට භාජනය වුණා.” ඇය තවදුරටත් කීවාය. “ඒත් බහුතරයක් මුස්ලිම් කාන්තාවක් තමයි ඉලක්කය තමන් පසුපසින්  වන බවට හෙළි කරගත්තේ. ” ක්‍රිස්තියානි අයට වුණ දේ ගැන දැනගත්තාම වේදනාවක් ඇතිවුණා. ජේසුතුමා  අපෙත් ශාස්තෘවරයෙක් වුණා. මේක හරි දෙයක් නෙවෙයි වගේම මෙය ඉස්ලාම් ආගමත් නොවෙයි.” ඇය තවදුරටත් පැවසුවාය.

කිසිවකුත් තමන්ගේ හිස් ආවරණය නොකළ ඇගේ තරුණ විය ඇය මෙනෙහි කළාය. පසුව, 1980දී ආගමික පුනරුදයක් ඇති විය – බොහෝ දෙනාට නිවාඩු මත විදෙස් රටවලට ගොස් රැකියා කිරීමේ හැකියාව ඉහළ ගියේය. මැද පෙරදිග ගිය පිරිස් ආපසු එන විට ඔවුහු එහිදී ලබාගත් පොතපත මෙන්ම ඇඳුම් පැලඳුම් මෙහි රැගෙන ආහ. හිජාබය පලඳින්නට ෆරීදා පටන්ගත්තේ වසර පහළොවකට ඉහත පටන් පමණි. හේතුව ඇය වැඩි වැඩියෙන් කියවීම ආරම්භ කිරීම සහ බායන් පන්තිවලට සහභාගී වීමය. “අපි හැදුණේ වැඩුණේ සාමාන්‍ය විදිහට ඇඳපැලඳගෙන, එය සියලුම ශ්‍රී ලාංකිකයන්ට සාමාන්‍ය දෙයක් වුණා. ඒ වගේම මම හිතනවා අසූව අනූව දශකවලින් පස්සේ අපි දැක්කා බොහොමයක් කාන්තාවන් ආවරණය කරනවා- මුස්ලිම් කාන්තාවන් තමන්ගේ ආගම පිළිබඳ දැනුම්වත්‌ වන්න පටන්ගත්තා.”

තිස් දෙහැවිරිදි ඡායාරූප ශිල්පිනියක වන ආමිනා නිසාර් ද කියවීම සහ ආවරණය අතර සබැඳියාව දිගහරින්නට වූවාය. අතීතයේ කාන්තාවන්ට තමන්ගේ පවුල තුළ ඇඳුම් පැලඳුම් සහ ජීවන රටාව පිළිබඳ පුරුෂ මූලික ආකෘතියක යැපෙන්නට සිදු වුවද, වර්තමාන කාන්තාවට මුද්‍රිත මාධ්‍ය සහ පරිගණකය (ඔන්ලයින්) ඔස්සේ ආගමික දැනුම සඳහා ප්‍රවේශයන් ඇත. “වයසින් වැඩෙද්දි මම දැකලා තියෙනවා මෙහෙ ගෑනු ළමයින්‌ට අධ්‍යාපනයේ සීමා කිරීම් සමඟ ගනුදෙනු කරන්න වන හැටි, බාහිර ලෝකයට යෑමේ නිදහස තවමත් පවතින්නේ ඔවුන්ගේ පියවරුන් මත. නැත්නම් විවාහයෙන් පසු පමණයි ‘නිදහස’ අත් කරගත හැක්කේ. ඇය එසේ පැවසුවේ ඇය සමඟ ඇගේ මිතුරියන් හිස් ආවරණ පැලඳගෙන සිටින අතර ඇත්තෙන්ම තනිවම අධ්‍යාපනය සඳහා විදෙස්ගත වී, උපාධි සහ රැකියාවන් ලබා සිටින අතරය. ඇයගේ ඥාති සොයුරිය හිස් ආවරණයක් නොපලඳින අතර මැය තරම් නිදහසක් නොලබන්නීය. “මම දැකලා තිබෙනවා ආවරණය කරන වගේම ආවරණය නොකරන කාන්තාවන්ගේ මේ වගේ ක්‍රමානුකූල බලරහිතවීම්.” ඇය පවසන්නට උත්සාහ කරන බව පෙනෙන්නේ එය ඇඳුමෙන් සිදුවන්නක් නොව – ප්‍රතිපත්තීන්ගේ මූලයන් කොතරම් ගැඹුරට විහිදෙන්නේද යන්න මත සිදුවන්නක් බවය.

ආමිනා අයත් වන්නේ තම හිස් ආවරණය කරගෙන විවෘතව ඉස්ලාම් ධර්මය අදහන අතර කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නඟන්නියක් ලෙස ලෝකයා සමඟ මුසුවන විශේෂිත මුස්ලිම් කාන්තා කණ්ඩායමකටය. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය විවාහ ක්‍රමය සහ දික්කසාද නීති ප්‍රතිසංස්කරණය කිරීමේ පනත  වෙනුවෙන් ඉදිරියෙන්ම ඇය පෙනී සිටින අතර මුස්ලිම් සහ ප්‍රජා ගැටලු සාකච්ඡා කිරීමේ යූටියුබ නාළිකාවක් පවත්වාගෙන යන්නීය. “මම මාව ආවරණය කරගෙන ඉන්නේ මට අන් අයට අරමුණු වීමට අවශ්‍ය නැති නිසා. (ආරම්මනයක් නොවිය යුතු නිසා). කවදාවත් ඔබ අහලා නෑනේ ‘විනීත පිරිමි ඇඳුම්’ ගැන මොකද ඒවා කොහොමත් නිකම්ම විනීතයි- ඇයි කාන්තා ඇඳුම්වලට එහෙම නැත්තේ? මම මේ විදිහට අඳින්න ගත්තේ ඇදහීමේ ක්‍රියාවේ කොටසක් විදිහට, ඒත් ඒකම මම කාන්තාවන් ලිංගිකකරණය කිරීමේ ප්‍රධාන ධාරාවේ ප්‍රමිතිය ප්‍රතික්ෂේප කිරීමේ මගේ ක්‍රමය හැටියටත් යොදා ගන්නවා.’

ගෘහණියක මෙන්ම දරුවන් සිවු දෙනකුගේ මවක වන 48 හැවිරිදි රිස්නා රසාක්ට නම් ආවරණය කිරීම යනු කවදත් ඇය දන්නා එකම දෙයයි. “මම තරුණ කාලේ ෂෝලයකින් ආවරණය කරගෙන ඉන්න පුරුදුවෙලා හිටියා. ඒත් මම ඇත්තෙන්ම හිජාබය සහ අබාය (දිග ලෝගුව) අඳින්න පටන් ගත්තේ මම බැන්දට පස්සේ නෑනලාගේ කීමට. මම ඒ ගැන ඉගෙන ගත්තාම ආවරණය කිරීමේ තේරුමක් ඇති බව දැනුණා. මම ඒ දේ කළ එක ගැන සතුටුයි” ඇය පවසන්නේ ආවරණය වූ ඇඳුම නිසා ඇයට වඩා සුරක්ෂිතබවක් දැනෙන බවයි. එසේම එය පොදු ස්ථානවලදී ඇයට වැඩි ගෞරවයක් ලබා දෙන බවයි.

“ආවරණය අඳින එක මට හිරිහැරයක් වන එකම අවස්ථාව, කාන්තාවන්ට සාරිය විතරක් අඳින්න දෙන දුවලාගේ ඉස්කෝලෙට මට යන්න වුණාමයි. ” ශ්‍රී ලංකාවේ රජයේ පාසල් ගොඩනැඟිලි තුළට ඇතුළු වන්නන්ගේ ඇඳුම් පිළිබඳ දැඩි නීති රීති පවතී, විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශ්වයේ අමුත්තන් සඳහා – සාරිය ප්‍රමිතිගත නිල ඇඳුම ලෙස නිර්දේශ කර ඇත. කෙටි අත් තහනම්ය, කොට සාය තහනම්ය, එහෙත් හිස් ආවරණයද තහනම්ය.

ඇගේ දියණියෝ සියලුදෙනාද හිජාබය සහ අබාය අඳිති. එහෙත් අප්‍රේල් 21 සිට ඔවුන් ඔවුන්ගේ ඇඳුමේ වෙනසකට යොමු වී ඇත. අවුරුදු 22ක් වූ ඇගේ දියණිය මෙසේ කරුණු එක් කළාය. “කළු අබාය අනෙක් සියලුම දේට වඩා පහසුයි- මට හැමදාම හිතන්න අවශ්‍ය නෑ මොනවද අද අඳින්නේ කියලා. එය කවදාවත් කිලිටි පාටට පෙනෙන්නෙ නැහැ. මම ඇඳගෙන ඉන්න ඕනම එකක් උඩින් ඒක දාගන්න පුළුවන්. මට ඇඳුම් ගළපන්න ඕනෙ නැහැ.” කෙසේ වුවත් පාස්කුවෙන් පසු කළු අබාය සහ කළු මුහුණු ආවරණයට ඇති වුණු සැකය රිසානාගේ දියණියන් වර්ණවත් අබායන් ඇඳීමට මෙහෙයවීය. “අපි පාට පාට ඒවා ඇන්දා අර වුණු සිද්ධියෙන් අපි ඒ අය නෙවෙයි කියලා අපව වෙන් කරලා පෙන්වන්න.” රිසානාගේ දියණිය පැහැදිලි කළාය. “අපි එහෙම කළාම සමහරු අපටම කියන්න ගත්තා ඒ අය කවදාවත් කළු අබායට කැමති වුණේ නැහැ කියලා. මට සමහර පරිහාසාත්මක ප්‍රතිචාරත් ලැබුණා ‘ අන්තවාදී මුස්ලිම් අය විතරයි කළු අබාය අඳින්නේ?’ වගේ. කෙනෙක්ව සියුම්ව  ප්‍රශ්න කිරීම්වලට ලක්වන්නේ හරියට එයා ආගමේ සංකේතකරුවා හැටියට සියලු දෙනාට පිළිතුරු සැපයිය යුතුයි වගේ… ඒත් වැඩි වශයෙන් ඒක හොඳ වෙනසක් වෙලා.” රිසානා අදහස් එක් කරන්නේ ශ්‍රී ලංකාවට ගැළපෙන මුස්ලිම් ජාතිකයකු ලෙස සිටීම අතීතයේ කිසිදු ගැටලුවක් ඇති නොකළ බවටය. “අවුරුදු සිය ගාණක් තිස්සේ අපිට කැමති- කැමති විදිහට අඳින්න පලඳින්න තිබුණු නිදහස අපි වින්දා. ඒත් දැන් ත්‍රස්තවාදීන් නිසා හැමදෙයක්ම වෙනස් වෙලා”

මාරියම් හමීඩ් (ඉල්ලීම මත නම වෙනස් කරන ලදී) ආවරණ නොපලඳින, අවුරුදු 29ක ගෘහාලංකරණ ශිල්පිණියකි. “ඒක හරිම විනෝදජනකයි මොකද මිනිස්සු අපට කියන්නේ මැලේ ජාතිකයන් ‘මුස්ලිම් ප්‍රජාවේ ලන්දේසීන්ගෙන් පැවතෙන්නන්’ කියලා මොකද අපි බොහොම සැහැල්ලුවෙන්, සරලව සංගීත නැටුම් ආදිය විඳිනවානේ. ඒක හරියට පෙනෙන්නේ මිත්‍රශීලී නිරීක්ෂණයක් වගේ, හැබැයි නිතරම ආවරණය නොකිරීම කියන දේ ආගමික නොවීම කියන දේට සම්බන්ධ වෙනවා. ඒක හැමතිස්සෙම සාධාරණ නැහැ.” එසේ කියූ ඇය තවදුරටත් පැවසුවේ රාමසාන් සමයේ ඇගේ පන්තියේ හිජාබය පලඳින මිතුරියන් කීපදෙනකු ඇයටද හිජාබයක් ඇඳ බලන ලෙස පැවසූ බැවින් ටික දිනකට එසේ කළ බවයි. “ඒත් මට ඒක දැනුනෙ හරි අසාමාන්‍ය විදිහට. මට මාව මම කියලා හිතුණේ නැහැ.” ඇය පවසන ආකාරයට, හිජාබය එකිනෙකාට පෞද්ගලිකය -අපි බොහෝ දෙනා ආගමට ගරු කළ හැකි ක්‍රම තෝරා බේරා ගන්නෙමු. “මම ආගම නිසා මත්පැන් හෝ දුම්වැටි පාවිච්චි නොකිරීම තෝරා ගත්තා. ඒත් මම ආවරණය නොවී සිටීමත් තෝරාගත්තා. මම හිතන්නේ නැහැ එය මම දෙවියන් සමඟ කෙතරම් බැඳීමක් තිබෙනවාද යන්නට මිනුම්දණ්ඩක් වෙයි කියලා”

හිජාබය නොපැලඳුවද, ආවරණය පලඳින ඥාති මිත්‍රාදීන් සිටින මාරියම්ට ඒ ක්‍රියාව පිළිබඳ දැඩි මත පවතී. “යමෙක් එය ඇඳිය යුත්තේ ඔවුන් සූදානම් වූ පසුවයි. ඒ වගේම මම විශ්වාස කරනවා බාහිර වශයෙන් කරන ආවරණය අභ්‍යන්තරික වෙනසකට පිබිදීමක් ඇති කරනවා කියලා. එය කිසිම හරයක් නැති දෙයක් නෙවෙයි.”

මේ කාන්තාවන් පස්දෙනා දෙස මුලින්ම දකින විට ඔවුන්ගේ කිසිදු පොදු සාම්‍යයක් නොපෙනුනද, පශ්චාත් පාස්කු, ඔවුන්ගේ වාර්ගික හා ආගමික ක්‍රියාවට බලපෑ හැකි බාහිර තත්ත්වයක්,  නිෂේධ කළ නොහැකි අයුරින් ඔවුන් එකසේ පීඩාවට පත් කර ඇත්තේ නුහුරු නුපුරුදු මංසන්ධියකට ඔවුන් අතහැර ඇති බැවිනි. කාලයක් තිස්සේ මේ කණ්ඩායම සඳහා වෙනසකට වූයේ, තෝරාගැනීමයි; ගවේශනයට ඇති බලය සහ යත්න දැරීම, වෙසෙසින්ම තාක්ෂණයේ සහ සමාජ මාධ්‍යවල සම්ප්‍රාප්තියත් සමඟ අද ඇසෙන ආකාරයට පෙර කවරදාටත් වඩා වැඩිය. මේ තෝරාගැනීම යොදා ගන්නේ කෙසේද – නිවෙසේදීද, පොදු සමාජයේදීද, ආණ්ඩුවට ප්‍රතිචාර දැක්වීමක් ලෙසද, ප්‍රජාව තුළ සිටින හෝ ඉන් පිට සිටින පිරිසට ප්‍රතිචාර වශයෙන්ද- යන්න අප්‍රේල් 21දා සිට සැම තැනකම සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් නිරතව සිටින කරුණකි. ඉදිරි වසර කීපය තුළදී මෙය කෙබඳු වේදැයි ඇසූ විට ආමිනා අවධාරණය කළේ, “අනාගතයේ ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවට බොහෝ විචක්ෂණශීලිබවකට නතුවන්නට වේවි. අප අතර සිටින පිරිමින්ට වඩා, ඇය සමස්ත ප්‍රජාවේ ධජය දරන්නිය ලෙස දක්නට ලැබේවි” යනුවෙනි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts