මිනිසුන්ට ජීවත් වෙන්න මනුස්සකම තිබුණාම ඇති
චාන්දිනී දිසානායක
ඉන්දියානු ජාතික බ්‍රාහ්මණ වංශික දෙමළ ජාතික මවකට, ශ්‍රී ලාංකික දෙමළ ජාතික පියකුට දාව 1981 මෙරට දී උපන් සත්‍යවේල් හෙවත් ශිව කුමාර වර්තමානයේ අපට හමුවන්නේ,ථෙරවාදී බුදු දහමට අනුව මහණ උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේ නමක් ලෙස ලස්සේගම විමලරතන නමිනි.
” කාත් කවුරුත් නැතුව ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව, අසනීපයෙන් පෙළුණු මගේ ” අම්මා” රැක බලා ගත්තේ මේ ගමේ සිංහල මිනිස්සු. ඒ අය තමයි අම්මගේ අවසන් කටයුතු කළේ. ඇය වෙනුවෙන් පිං දහම් කළේ. එතැන දි මං තේරුම් ගත්තෙ මිනිසුන්ට ජීවත් වෙන්න මනුස්සකම තිබුණාම ඇති. මනුස්සකමට ජාතිය, ආගම, බාෂාව, කවදාවත් බාධාවක් වෙන්නෙ නෑ ..”යි පවසන්නේ
ඉන්දියානු ජාතික බ්‍රාහ්මණ වංශික දෙමළ ජාතික මවකට, ශ්‍රී ලාංකික දෙමළ ජාතික පියකුට දාව 1981 මෙරට දී උපන් සත්‍යවේල් හෙවත් ශිව කුමාර වර්තමානයේ අපට හමුවන්නේ,ථෙරවාදී බුදු දහමට අනුව මහණ උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේ නමක් ලෙස ලස්සේගම විමලරතන නමිනි.
සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ උපසම්පදාව ලැබූ ප්‍රථම දෙමළ ජාතික භික්ෂූන් වහන්සේ වන්නේ ද, උන් වහන්සේය. සත්‍යවේල් හෙවත් ශිව කුමාර, එක්දහස් නවසිය අනු හතර ( 1994 ) වසරේදී ලස්සේගම විමලරතන හිමි නමින් අලව්ව, කලල්පිටිය වළගම්බා රජ මහා විහාරස්ථානයේ දී පැවිදි දිවියට ඇතුළත් වූහ.
ශිවකුමාර්ගේ එකම බලාපොරොත්තුව වූයේ කවදා හෝ මහණ දම් පිරිය යුතුය යන්න ය.
දෙමළ දරුවකුට බුදු පිළිමයක් ලබා දෙමින්…
” මගේ ජීවිත කතාව මහ පුදුම එකක්. මගේ අම්මා සහ තාත්තා උතුරු පළාතේ, කිලිනොච්චියේ පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ. උතුරේ තිබුණු යුදමය තත්ත්වය නිසා යුද්ධය උත්සන්න කාලෙදි මගේ අම්මත්, තාත්තත් ඒ ප්‍රදේශයෙන් ඇවිත් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වෙලා තියෙනවා. මගේ අම්මට මං ලැබෙන්න හිටියේ ඒ දවස්වලයි.‘
ලස්සේගම විමලරතන හිමියන් සිය ජීවිත කතාව ගැළපුවේ සිංහල බසිනි. කෙදිනකවත් පාසල් නොගිය උන්වහන්සේ භාෂා හයක් කතා කරන, දෙමළ භාෂාවෙන් ධර්ම පොත් ලියමින්, දෙමළෙන් බණ කියන උන් වහන්සේ කුඩා අවධිය මෙලෙස විටින් විට අවදි කරති.
‘මගේ තාත්තා අවිස්සාවේල්ල ප්‍රදේශයේ තේ වත්තක වැඩ කළා. ඒ අතරතුර හදිසියේම ඔහු මිය ගිහින්. ඒ වෙද්දි මං ගොඩක් පුංචියි. ඊට පස්සේ මාව ලොකු මහත් කරගන්න අම්මා තේ දලු කඩන්න ගිහින් තියෙනවා. ඇය වැඩට ගිහින් තියෙන්නේ මාව විවිධ ගෙවල්වල නවත්තලා. මං ලොකු වෙද්දි මාව නතර කරපු ගෙවල්වලම මං වැඩ කළා. ඒ කාලෙදි මං මෙහෙකාර සේවය කළාට මගෙ වයසෙම හිටපු ඒ ගෙවල්වල ළමයි ඉගෙන ගත්තා. ඒ ගෙවල්වල අමතර පංති තියෙද්දි මං බිත්තියට කන තියාගෙන අහගෙන ඉන්නවා. එහෙම මං ආසාවෙන් ඉගෙන ගත්තේ ඉංග්‍රීසි භාෂාව තමයි. ඒ ගෙවල්වල සිංහල කතා කළ නිසා, මට සිංහල කතා කරන්නත් පුළුවන් වුණා ” යි උන්වහන්සේ පවසති. ජීවිතයට ඉලක්කයක් නොමැති වුවත්, ඒ ඒ අවස්ථාවට අනුව ජීවිතය ගොඩනඟා ගන්නට ශිවකුමාර් වෙහෙස මහන්සි විය. ඒ අතර ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ කවදා හෝ මහණ දම් පිරිය යුතුය යන්න ය.
“මං දෙමළ වුණාට චූටි කාලෙ ඉඳලම හැදුණෙ වැඩුණෙ සිංහල ගෙවලෙවල. එයාලා පන්සල් ගියා. එතකොට මං හැමදාම හිතුවේ මහණ වෙන්න පුළුවන් වෙන්නෙ සිංහල අයට විතරයි කියලයි.එක සිද්ධියක් නිසා මට බලාපොරොත්තුවක් ඇති වුණා. මාත් කවදා හරි මහණ වෙන්න ඕනේ කියලා දැඩිව හිතුවා. එක දවසක් මං වැඩ කරපු ගෙදර අය මාව පන්සලට එක්ක ගියා. එදා දානය පූජා කරන වෙලාවේ පන්සලේ හාමුදුරුවෝ සෝපාකගේ කතාව දේශනා කළා. ඒ කතාව අහගෙන හිටපු මට හිතුණා ඕනෙම කෙනෙකුට බුද්ධ සාසනේ මහණ වෙන්න පුළුවන් කියලා.‘ යි උන්වහන්සේ දැල්වුණු දෙනෙතින් යුතුව පවසති.
බුද්ධ ශාසනයේ සාමනේර වහන්සේ වහන්සේ කෙනකු වන්නට අධිෂ්ඨාන කරගත් ශිවකුමාර් එදා පටන් මහණ පිංකම සිදු කරන්නට අවශ්‍ය වියදම එකතු කළේ ය. ඒ අතරතුර, ඔහු බුද්ධ ශාසනයෙහි මහණවනවාට එරෙහිව විරෝධතා රැසක් ගොඩනැඟිණි. ඔහු බෞද්ධයකු නො වීමත්, මේ තීරණයට එරෙහිව දැඩි ලෙස පහරවැදීමට හේතු විය. මේ දෙකට අමතරව සිවකුමාර් මුහුණ දිය යුතු වූ අනෙක් බරපතළම ගැටලුව වුයේ තම මවගේ විරෝධතාවයි. ඔහු දෙමළ ජාතියත්, හින්දු ආගමත්, පසෙක දමා බෞද්ධ හිමි නමක් වීම පිළිබඳ ඇය දැඩි ලෙස විරෝධ වූවාය. ඒ නිසාම ශිවකුමාර් කෝවිලක පූජකවරයකු ලෙස කටයුතු කිරීමට පුරුදු පුහුණු කරවීමට කෝවිලක නතර කරනු ලැබුවේ ඇයගේ මැදිහත් වීමෙනි. ඉතාමත් කෙටි කාලයක් තුළ දී කෝවිලේ කටයුතු වලට හුරු වූ ශිවකුමාර් “අයියාර්” වරයෙකු වශයෙන් කටයුතු කළේය. නමුත් ඔහු කෝවිලෙන් පිටත්ව යන්නේ සිය අරමුණු ඉටු කර ගනු පිණිස ය. ඔහු දැඩි තීරණයක සිටියේ සාමනේර හිමිනමක්වීමට ය. ශිව කුමාර්ගේ එම ක්‍රියාකලාපය නො පිළිගත් ඔහුගේ මව වරෙක තමන් සිය දිවි නසා ගන්නා බව ද පවසා සිටියා ය. එහෙත් ඔහු තම අදහස අතනොහැර, සසුන් ගත වීමට තීරණය කළේය.
මේ රටේ මහණ පින්කමක් වෙනුවෙන් තමා ම මුදල් උපයා ගෙන මහණදම් පිරූ අයෙක් සිටීනම් ඒ ලස්සේගම විමලරතන හාමුදුරුවන් වහන්සේ පමණක් විය යුතුය.
කෝවිලක බණ දෙසන ලස්සේගම විමලරතන ස්වාමීන් වහන්සේ
මේ රටේ මහණ පින්කමක් වෙනුවෙන් තමා ම මුදල් උපයා ගෙන මහණදම් පිරූ අයෙක් සිටීනම් ඒ ලස්සේගම විමලරතන හාමුදුරුවන් වහන්සේ පමණක් විය යුතුය. පසු කලෙක දී උන්වහන්සේට අස්ගිරි මහා විහාරයට උරුමකම් ඇති කැකිරාව ඇලගමුව හෝරාපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කිරීමට අවස්ථාව සැලසිණි. තුන් පැත්තකින්ම මුස්ලිම් ගම්මානවලට මැදි කැලෑවට වැසුණු විහාරස්ථානයේ දී උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරණ කටයුතුවලට මුල පිරූහ. මුස්ලිම් ජනතාව සමඟ සහයෝගයෙන් වැඩ කරමින්, සිංහල දායකයන් එකතු කර ගනිමින්උන්වසන්සේ දෙමළ ජනතාවට ධර්මය දේශනා කළහ.
ඉතාමත් අමාරුවෙන් ලබාගත් මහණකම සුරක්ෂිත කර ගනිමින්, එයට වටිනාකම් එකතු කරමින්, බුදු දහමේ ආස්වාදය අනෙකුත් අයට ලබාදීම උන්වහන්සේගේ එකම අරමුණ වූහ.
මේ කාලය වනවිට අසනීප ව සිටි තම මව රැක බලා ගැනීම උන්වහන්සේ මුහුණ දුන් අභියෝගයක් විය. විහාරස්ථානයට ආසන්නයේ පිහිටි සිංහල දායකයෙකුගේ නිවසෙහි ඇය නවතා ගෙන ඇප උපස්ථාන කරන්නට උන්වහස්සේගේ දායකයෝ කටයුතු කළහ. මවට ඇප උපස්ථාන කරමින් දෙමළ ජාතියට මෙන්ම සමස්ත බෞද්ධ ජනතාවට සේවය කරන්නට උන්වහන්සේ උතුරු නැගෙනහිර පළාත්වල බණ දහම් දේශනා කළහ. උන්වහන්සේගේ දේශනවලට සවන් දුන් යුද්ධයෙන් අතරමං ව සිටින දමිළ ජාතික පවුල් දහසක් පමණ අඳුරින් එළියට ගන්නටත්, ඔවුන්ගේ පවුල්වල සනීපාරක්ෂක කටයුතු, විශේෂයෙන්ම වැසිකිළි පහසුකම්, ජල පහසුකම්, ලබා දෙමින් ඔවුන් ගේ මනස අවදි කරන්නට “ලස්සේගම විමලරතන” ස්වාමීන් වහන්සේ මූලික වූහ.
දෙමළ මාධ්‍ය පිරිවෙනක් ආරම්භ කිරීමට උන්වහන්සේ කටයුතු කරමින් සිටිති.
This article was originally published on the catamaran.com