සාමය හා සංහිදියාව නොමැති ආර්ථික සංවර්ධනයක් තිබේද?
ප්‍රියන්ත කරුණාරත්න
රී ලංකාව මේ වන විට බරපතල ආර්ථික කඩා වැටිමකට ලක්ව තිබේ.මෙම තත්වයෙන් ගොඩ ඒම සදහා දේශපාලන අධිකාරිය විවිධ උපාය මාර්ගයන් ගනිමින් සිටිති.නමුත් ජනවර්ගයන් අතර සාමය හා සංහිදියාව ගොඩ නැගිම,සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරිම වැනි කාරනා අමතක වි ඇති බවක් පෙනෙන්නට තිබේ.සංවර්ධන ඉලක්ක වෙත යාමේදි රටක සාමය හා සංහිදියාව බැහැර කළ නොහැය.
දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා රජය හා එල්.ට්.ට්.ඊ ත්රස්තවාදීන් අතර පැවති සිවිල් යුද්ධය යුධ ඉතිහාසය අධ්‍යනය කරන්නෙකුට එය ආසියාවේ පැවති දිගුකාලින සිවිල් යුද්ධයක් ලෙස හඳුනා ගත හැකිය. ගැටුමෙහි ප්‍රධානතම මූල හේතුව ලෙස ජනවාර්ගික ආතතින් හඳුනා ගතහැක. ඒ නිසා සමහරෙකු විසින් එය ජනවාර්ගික යුද්ධයක් ලෙස අර්ථකථනය කරනු දක්නට ලැබේ. යටත්විජිතකරණයට ලක්වූ බොහෝ රටවල අභ්‍යන්තර ජනවාර්ගික වියවුල්කාරී තත්වයන් ඇතිවීම ඉන්දියාව මලයාසියාව සිංගප්පූරූව හා දකුණු අප්‍රිකාව වැනි රටවල පශ්චාත් යුධ සමයන් අධ්‍යන කරන්නෙකුට පහසුවෙන් හදුනාගත හැකිය. ඒ අනුව යමින්. යටත්විජිතකරණයට ලක්වූ බොහෝ ජනවාර්ගිකයන් සිටින රටවල්හි ඇතිවන වාර්ගික ඝට්ටනයක් නිදහසෙන් පසු ශ්‍රී ලංකාව අභ්‍යන්තරයෙහි ද නිර්මාණ විය. සංඛ්‍යාත්මකව බහුතර සිංහල හා සුළුතර දමිළ ජනයා අතර මතභේදයන් වාර්ගික ආරවුල් ක්‍රමයෙන් උද්ගත විය. රට අභ්‍යන්තරයේ ඇතිවන වාර්ගික ව්‍යාකූලතාවන්ට කල්පවතින විසදුම් දීමේ කාර්යයේදී රටේ දේශපාලන නායකත්වය දැඩිව අසාර්ථක වීම හේතුවෙන් වාර්ගික ආතතීන් පසුව දිග්ගැස්සුණු ප්‍රචණ්ඩකාරී සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය විය.
මෙම මූලයන් පදනම් කොට එල්,ට්.ට්.ඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඊලාම් රාජ්‍යයක අවශ්‍යතාවය දෙමළ ජනයා තුළ ඇති කරවීය. ශ්‍රී ලංකා රජය ද ත්රස්තවාදයට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර දියත් කළේය මෙහි ප්‍රතිඵලයක් ලෙස දශක තුනකට ආසන්න කාලයක් බිහිසුණු ත්‍රස්ත ක්‍රියා මෙරට අහිංසක සිවිල් වැසියන්ට අත්විඳීමට සිදු විය. ජාතිහේද නොමැතිව බොහෝ අහිංසක සිවිල් වැසියන්ගේ නිදහස සාමය හා මානව හිමිකම් උල්ලංඝනය විය. දේශපාලන විසදුම් ලෙස යුධමය කාල පරිච්ඡේදය තුළ වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස ද්විපාර්ශවය අතර සාම සාකච්ඡා පැවැත්වූ ද ඒවා සාර්ථක අවසානයක් කරා ගෙනයාමට දෙපාර්ශවයටම නොහැකි විය. අවසානයේ ශ්‍රී ලංකා රජය ඇතුළු හමුදාව විසින් මානුෂික මෙහෙයුම දියත් කරමින් 2009 මැයි 19 වන දිනෙල්.ට්.ට්.ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඝාතනය කරමින් නිල වශයෙන් තිස්වසරක යුද්ධය අවසන් බව නිවේදනය කළේය.
යුධ ඉතිහාසයේ දුෂ්කරතා
වාර්ගික අර්බූදයකට මුහුණ දුන් රටකට ඇති මීළඟ ප්‍රධානතම අභියෝගය වන්නේ පශ්චාත් යුධ තත්ත්වයට මුහුණ දීමයි. ගැටුම් ඉතිහාසය දෙස බලන විට පශ්චාත් යුධ තත්ත්වයක් යනු ප්‍රචණ්ඩකාරී ගැටුමකට පසුව හටගන්නා තත්ත්වයකි. එසේම පශ්චාත් යුධ තත්වයක් යනු ආර්ථිකය වැඩිදියුණු කිරීම යටිතල පහසුකම් සැපයීම හා බිදුනු සංස්කෘතික සම්බන්ධතා නැවත ගොඩනැගීම සදහා වූ අවධියකි. 2019 වසරේ යුද්ධය අවසන් වන විට භෞතික ආර්ථික මානසික සමාජීය හා සංස්කෘතික වශයෙන් රට පිරිහි පැවතිනි ලංකා රජය සිවිල් යුද්ධ සදහා දැරූ මුළු පිරිවැය ඩොලර් බිලියන 200 ක් ලෙස ගණනය කොට ඇත. 2009 මුල් භාගය වන විට උතුරු ප්‍රදේශයේ ලක්ෂ දෙකහමාරකට අධික පිරිසක් උතුරු නැගෙනහිර දෙපළාත තුළ අභ්‍යන්තර වශයෙන් අවතැන් වී සිටියේය. විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල වැසියන් මහත් සේ පීඩා වින්දහ. යුද්ධය හේතුවෙන් මානසික ආතතීන්ට කම්පනයට පත් වීම. සනීපාරක්ෂක පහසුකම් නොමැති වීමල අනාරක්ෂිත තත්ත්වයකට පත්වීම. සංහිඳියාව බිඳවැටීම සරණාගත තත්ත්වයට පත්වීම යන දුෂ්කරතාවයන්ට උතුරු නැගෙනහිර දෙපළාත්වාසීන් මුහුණදුන්නේයග
සංක්‍රාන්තික යුක්තිය
රජය විසින් සාමය ගොඩනැංවීම උදෙසා භෞතික සංවර්ධන ව්‍යාපෘතින් පශ්චාත් යුධ සමයේ මුල් භාගය තුළ කඩිනමින් ක්‍රියාත්මක කළේය. උදාහරණයක් ලෙස 2009 වසරෙන් පසු මහින්ද රාජපක්ෂ රජය දියත් කල උතුරු වසන්තය හා නැගෙනහිර නවෝදය හැදින්විය හැක. නමුදු නැවත බියෙන් තොරව ජීවත් වීම අවශ්‍යතාවයන්ගෙන් නිදහස් වීම හා ගෞරවයෙන් ජීවත් වීම මඟින් මානව සුරක්ෂණ තහවුරු කිරීමට සංහිදියාව ඇති කිරීමට රජය අපොහොසත් වු අතර ව්‍යුහාත්මක මූල හේතූන්ට ආමන්ත්‍රණය කොට සංහිඳියාව හා ධනාත්මක සාමය ස්ථාපිත කිරීමට උත්සහ කළේය. ඒ සදහා 2012 වසරේදී උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසම පත් කර එහි අවසන් වාර්තාවේ නිර්දේශ මත උතුරු නැගෙනගිරට හා දකුණට සාධාරණ දේශපාලන විසදුමක් දීමට උත්සහ දැරීය. ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව ඇතිකිරීමේදී කිසිදු රජයකට විසදුම් නොදී මගහැර යා නොහැකි කඩඉමකි යුක්තිය. අතුරුදහන් වූ පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල හිමිකම් හා අවශ්‍යතා ආරක්ෂා කිරීම වන්දි ගෙවීමට අදාළ ආයතනික ව්‍යුහයක් : උදාහණ අතුරුදහන් වූවන් පිළිබද කාර්යාලයල හානිපූර්ණය සදහා වන කාර්යාලය * ගොඩනගා තිබේග එහෙත් සංක්‍රාන්ති යුක්තියට අදාළ කරුණු ඵලදායී ලෙස සාමය හා ජාතික සංවර්ධන මාවත එළි පෙහෙළි කරගැනීම සදහා තවමත් යොදාගෙන තිබේද යන්න ප්රශ්නසහගතය. එයට පදනම් වූ හේතුව නම් සාමාන්‍ය ජනතාව අතර සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ පොදු වැරදි වැටහීම් ඇති කරමින් තම තමන්ගේ න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාම සඳහා බලයට පත් වූ රජයන් සහ දේශපාලනඥයින් විසින් එය තමන්ට අවශ්‍ය පරිදි අර්ථකථනය නිර්මාණය කර ඇති ආකාරය පමණක් නොව මාධ්‍ය විසින් එය සන්නිවේදනය කර ඇති ආකාරය ද වේ.
වැරදි වැටහීම්
විශේෂයෙන් සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ අදහසට සහ ඒ සමඟ එන .අන්තර්ජාතික ඇඟිලි ගැසීම්. යන සංකල්පයන්ට රාජ්‍ය හා අන්ත ජාතිකවාදී කණ්ඩායම් විරුද්ධ වන බවට පෙනී ගොස් තිබේ. ඔවුන්ට අනුව එය ශ්‍රී ලංකාවට අයිති නොවන ක්‍රියාවලියකි. එය ශ්‍රී ලංකාව මත බලහත්කාරයෙන් පටවනු ලබන අතර එමඟින් ජාතියේ ස්වෛරීභාවයට බලපෑමක් ඇති වේ. සංක්‍රාන්ති යුක්තියට එරෙහි තවත් තර්කයක් නම් පැරණි තුවාල ඉවත් කිරීමට එය උපකාරී නොවන බවත් අප අතීතය අමතක කර ඉදිරියට යා යුතු බවත් ය. මෙහිදී සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ සංකල්පයක් වශයෙන් ඇති ප්‍රධාන වැරදි වැටහීම් සමහරක් ඉවත් කිරීම පමණක් නොව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය ද වෙනස් කළ යුතුවේ. ඇත්තෙන්ම රටට ඉදිරියට යාමට සහ සංහිඳියාව ඇති තැනකට ළඟාවීමට හැකි වීම සඳහා එවැනි යාන්ත්‍රණයක අවශ්‍යතාව පිළිගැනීමට අපව සමීප කරවන ලෙස අපගේ මානසිකත්වයන් වෙනස් කිරීම අත්‍යවශ්‍ය යග යුක්තිය නොමැතිව සාමයක් පැවතිය නොහැකි අතර ජාතියක් වශයෙන් අපි මෙය බැරෑරුම් ලෙස සලකන තුරු ගැටුම් විවිධ ස්වරූපවලින් සිදුවන බව අපට දැකිය හැකිය. මෙය රටේ ආරක්ෂාව සහ සමගියට පමණක් නොව රටේ ආර්ථික සංවර්ධන ඉලක්ක වෙත යාමේදි දැඩි ලෙස බලපෑම් කරනු ලබයි.