සමාජ මාධ්‍ය අවකාශයේ ව්‍යාජ පුවත් ව්‍යාප්තිය හා දේශපාලන න්‍යාය පත්‍ර ගොඩනැංවීමේ ක්‍රියාවලිය
අයි. කේ ප්‍රභා
“සුනාථ, ධාරේථ චරාථ ධම්මේ – හොඳින් අසා ධාරණය කිරීමෙන් අනතුරුව ධර්මය අවබෝධ කරගත යුතුය” යන්න බුද්ධ භාෂිතයේ සඳහන්ව ඇත. එපමණක් නොව ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය’ යන්න එදිනෙදා බොහෝ දෙනා ජන වහරේ භාවිත කරන යෙදුමකි. කාලීන වශයෙන් දේශපාලන සන්නිවේදන ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කරන කල්හී සෘජුව හා වක්රවත් සත්‍ය පුවත් විකෘති කිරීමෙන් හා අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතිය තුළ මාධ්‍ය නියාමනයන් හා වාරණයන් ගැන කිසිදු තැකීමක් නොකොට දේශපාලනික වශයෙන් පුද්ගල හා පක්ෂයන්ගේ ප්රතිරූපයන් ගොඩනැංවීමට මෙන්ම ඒවා අඩපණ කිරීම සඳහා ද ව්‍යාජ පුවත් නිර්මාණය කරන ආකාරය දැක්ක හැකිය. පුද්ගලයෙකුගේ හෝ ජනවාර්ගික ජන කොට්ඨාසයක පවතින සත්‍ය නොවන තොරතුරු පුවත් ඇසුරින් ඉදිරිපත් කිරීම ව්‍යාජ පුවත් වාර්තාකරණයෙහි මූලික අරමුණයි.
“Sander Van der Linen” නම් වෛද්‍යවරයා විසින් බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය යටතේ පළ කරන ලද “Journal of Experimental Psychology” නම් කෘතියෙහි ‘Go Viral’ නම් සංකල්පය හඳුන්වාදී පෙන්වා දෙන්නේ ව්‍යාජ පුවත් සමාජයේ ව්‍යාප්ත වන්නේ වෛරසයක් ලෙසින් බවයි. තවද ව්‍යාජ පුවත් ව්‍යාප්තිය තොරතුරු වර්ගීකරණය කර ගැනීමට උපකාරී වන බවත්, ඒවා බහුතරයක් පුද්ගල හෝ ආයතන කීර්ති නාමයට අහිතකර ලෙස බලපාන බවත් උක්ත කෘතිය මගින් අනාවරණය කර ඇත. (https://blog.hubspot.com/marketing/viral-campaigns)
සමාජ මාධ්‍ය මගින් පතුරවා හරිනු ලබන ව්‍යාජ පුවත් පිළිබඳව ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී “ආමන්ත විජේසූරිය” මහතාගෙන් අදහස් විමසීමේදී ඔහු පවසා සිටියේ, වර්ෂ 1990 සිට ව්‍යාජ පුවත් නිර්මාණය ආරම්භ වූ බවත් වර්ෂ 2004 සිට ලාංකික සමාජය තුළ එය අධිකව ව්‍යප්තවී වර්තමානය වන විට සත්‍ය හා අසත්‍ය පුවත් වෙන්කර හඳුනාගැනීමට නොහැකි ලෙස අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය නමැති වාහකය හරහා පැතිරෙන බවයි. ප්‍රධාන මාධ්‍ය ප්රවාහයේ අග්‍රඵලයක් ලෙස බිහිවූ නව මාධ්‍ය යුරෝපය තුළ සමාජ මාධ්‍ය සංකල්පය පැතිරීමටත් කලින් ලාංකික සමාජය තුළ ව්‍යාප්ති වී ඇති බැවින් එය තවමත් ලාංකික ජනතාවට ඕලාරික මාධ්‍යයක් වන බවත් ඔහු පෙන්වා දෙයි. එහිදී දේශපාලන විෂය ක්ෂේත්රය සුවිශේෂී වන නිසා ඉතාමත් කුඩා තොරතුරකින් විශාල ඉඩ අවකාශයක් අවාරණය කළ හැකි බවත් ප්‍රධාන මාධ්‍ය ධාරාවෙන් උලුප්පා දැක්වීමට අපහසු බොහෝ දෑ උදාහරණ ලෙස ජාතිවාදී හා ආගම්වාදී ගැටලු සමාජ මාධ්‍ය මගින් ඉතාමත් ඉක්මනින් අවුලුවාලිය හැකි බවත් එය ජනමතය නිර්මාණය කිරීමට හා ජන අප්‍රසාදය ලගා කිරීමටත් භාවිත කළ හැකි බවත් ඔහු අවධාරණය කරයි.
මාධ්‍ය නියාමනය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳව අවධානය යොමු කිරීමේදී සමාජ මාධ්‍ය තුළ මාධ්‍ය නියාමනයට කිසිදු අයිතියක් නොමැති බවත් ප්‍රධාන ප්රවාහයේ මාධ්‍ය අවකාශය තුළ තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ අවකාශයක් නොමැති හා පරිනතභාවයක් නොමැති පිරිස් සමාජ මාධ්‍ය තුළ තම අදහස් ප්‍රකාශ කිරීමට යෑමෙන් සමාජ මාධ්‍යයේ වටිනාකම පහළ යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
සමාජ මාධ්‍ය යනු භූගෝලීය සීමාව ඉක්මවූ දෙයකි. චීනය, කියුබාව හා උතුරු කොරියාව වැනි රටවල් හැරෙන්නට සමාජ මාධ්‍ය මගින් ජපානය, එන්ගලන්තය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව සහ යුරෝපා රටවල වාසය කරන මෙරට ලාංකිකයන් ජාතිවාදය වැනි ප්‍රශ්න අවුලුවාලන බවත්, මෙරට ජීවත් වන දෙමළ හෝ සිංහල ජනතාවට ජාතිවාදය වැනි ප්‍රශ්න උලුප්පා දැක්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, ඔහු පෙන්වා දෙයි.
එවන් පසුබිමක 20 වන ව්‍යවස්ථා සංශෝධනය වැනි තීරණාත්මක කාරණාවලදී විවිධ පිරිස් සමාජ මාධ්‍ය මගින් තම අදහස් ඔහේ ප්‍රකාශ කිරීමට යෑමෙන් සමාජ මාධ්‍යයේ වටිනාකම හීන වන බවත් සෑම කෙනෙක්ම සෑම දෙයක් පිළිබඳව විශේෂයෙන් නොදන්නා දෑ පිළිබඳව අදහස් උදහස් දැක්වීම අනවශ්‍ය දෙයක් බවත් ඔහු ප්‍රකාශ කරයි. මෙහිදී ව්‍යාජ පුවත් පැතිරීම සීමා කිරීම සඳහා සමාජ ජාල මාර්ගෝපදේශ හා අචාර ධර්ම භාවිතයේ ප්‍රායෝගිකතාවය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ සමාජ මාධ්‍ය තුළ සියල්ල අදෘශ්‍යමානව සිදුවන ආකාරයක් පෙන්නුම් කරන බවයි. උදාහරණ ලෙස රුධිරය, මනුෂ්‍ය ඝාතන, මිනී මැරුම්, කැපුම් කෙටුම් වැනි දෑ මාධ්‍ය මගින් පෙන්වීම හා සිය දිවි හානිකර ගැනීම වැනි පුවත් මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ප්රවෘත්ති වාර්තා නොකල යුතු බව දක්වා ඇත. එවැනි පසුබිමක සමාජ මාධ්‍ය තුළ මෙම තත්ත්වය කිසි සේත්ම අපේක්ෂා කල නොහැකි බවත්, දෙමව්පියන්ට පවා තම දරුවාගේ සමාජ මාධ්‍ය භාවිතය පාලනය කල නොහැකි බවත්, තනි පුද්ගලයා සතු සමාජ මාධ්‍ය භාවිත සක්‍යතාව හෝ ස්වයං වාරණයකින් මිස සමාජ මාධ්‍ය තළ ආචාර ධර්ම හෝ මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීම යනු හුදෙක් විහිලුවක් පමණක් වන බවත් ඔහු පෙන්වා දෙයි.
සමාජ මාධ්‍ය මගින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාජ පුවත්, ලාංකික දේශපාලන සංස්කෘතිය හා දේශපාලන න්‍යාය පත්‍ර ගොඩනැංවීමේ ක්‍රියාවලියට සෘජුව හා වක්‍රව විශාල බලපෑමක් එල්ල කරන බවත්, පසුගිය වසර 06 ඇතුළත මෙරට බලයට පත්වූ දේශපාලන පක්ෂ දෙකම අඩු වැඩි වශයෙන් තම මැතිවරණ ප්‍රචාරණයන් දියත් කිරීම සඳහා ව්‍යාජ පුවත් නිර්මාණය කල බවත්, 2009 වර්ෂයේ සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමෙන් පසු මිනිසුන් අතර ඉතාමත් අවම ජන ආකර්ශනයක් දිනා ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා, විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට මුල් පුරවැසියා ලෙස 69 ලක්ෂයක ඡන්ද ලබාගෙන තේරීපත්වීමත් පිටු පස ගොඩනංවන ලද පරිසරය හා පසුබිම ඉතාමත් සූක්ෂමව හා ධනාත්මකව ගොඩනංවා ඇති ආකාරයත් එම අවස්ථාවේදී ද ව්‍යාජ පුවත්, දේශපාලන න්‍යාය පත්‍ර ගොඩනැංවීමේ ක්‍රියාවලියේ දී අදාළ කරගෙන ඇති බවත් ඔහු අවසන් වශයෙන් සඳහන් කරයි.
වර්ෂ 2017 ජනවාරි මස එක්සත් රාජධානි පාර්ලිමේන්තුව මඟින් පරීක්ෂණයක් පවත්වා ඔවුන් අනාවරණය කළේ ව්‍යාජව නිර්මාණය කරන ලද පුවතක ඇති ප්‍රබලත්වය නිසාවෙන්ම සත්‍ය පුවතේ ඇති වටිනාකම හීනවන බවයි. තවද තාක්ෂණයේ දියුණුවත් සමගම සමාජ මාධ්‍ය භාවිතය ජනතාව අතර පුළුල් වීම නිසාවෙන් සමාජ මාධ්‍ය අවකාශය තුළ නිර්ණාමිකව ව්‍යාජ පුවත් ව්‍යාප්ත කිරීමේ සම්භාවිතාව වැඩිවී ඇති බවත්, මෙහිදී මුදල් ඉපයීම ප්රමුඛ අරමුණ වී ඇති බවත් උක්ත අධ්‍යයනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන අතර එය හැම විටෙකම පවත්නා සමාජය සමග ගැටෙමින් ඔඩු දුවන ආකාරයත් නිරීක්ෂණය කල හැකිය. දේශපාලනයෙහි නිරත ලාංකිකයින් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මෙම තත්ත්වය අතිශය වෙනස් ස්වරූපයක් ගනී. එහිදී ඉහළ දේශපාලනාධිකාරියේ පටන් පහළ මට්ටමින් ඔවුනට සහය දක්වන්නන්, විශේෂයෙන් පුද්ගල නොහැකියාවන් මෙන්ම ඔවුන්ගේ පවුලේ උදවිය හා අසල්වාසීන් කරණකොටගෙනත් නිර්මාණාත්මකව ව්‍යාජ පුවත්, මඩ ප්‍රචාරණයන් ව්‍යාජව සැලසුම් කරන ආකාරයත්, එහිදී උක්ත පුවත් මවන මුල් අයිතිකරුවා පිළිබඳව නිවැරදි කරුණු අනාවරණය නොවන ආකාරයත් හඳුනාගත හැකිය. තොරතුරු සමාජයේ ජීවත් වන මිනිසුන්ට සත්‍ය හා අසත්‍ය තොරතුරු නිවැරදිව තෝරා බේරා ගැනීමට නොහැකි වීම අද දවසේ අභියෝගය බවට පත්ව ඇත. එම තත්ත්වය වෙනස් කිරීමට නම්, තොරතුරුවල පවත්නා සත්‍ය අසත්‍යතාව හදුනාගැනීමට පහසුවන ආකාරයේ විෂයන් පාසල් ළමුන්ගේ විෂය නිර්දේශයන්හී ඇතුලත් විය යුතුවා මෙන්ම ඒ පිළිබඳව ගුරුවරුන් පුහුණු කිරීම සඳහා පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කළ යුතුව ඇත. එපමනකින් සීමා නොවී සමස්ත සමාජයේ මාධ්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම සදහා අවශ්‍ය පියවර ගැනීම දේශපාලන, සිවිල් සහ මාධ්‍ය සමාජයේ බලධාරීන්ගේත් සමාජයේත් වගකීම වේ.